මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/19/11

ප්‍රේමය පාරිශුද්ධ ද??




මම අද කියන්න හිතුවෙ මම ආසම ගීතයක් ගැන.මේ ගීය ගැන ඔබත් එක්ක කියන්න හිතුණෙ මින් පෙර .
ඒත් අද නම් වෙලාවක් ලැබුණා.ඒ නිසාම මම හිතුවා යමක් ලියන්න. මේ ගීය තු‍ළ ඇහෙන හැම වචනයක් තුළ ම තියෙනවා හරිම සුන්දර රසයක්..හදවතට දැනෙන අමුතුම ගතියක් වගේ දෙයක්.
ඒ වගේම ගීයේ සංගීතය පවා පපුවට ලස්සනට වදින ගතියක් තියෙනවා.මේ ගීයෙ හඬ හිමිකාරිය වන නන්දාමාලනී ගුරුතුමිය මගේ ප්‍රියතම ගායිකාවන්ගෙන් මුදුනෙ සිටින නමුත් ඒකම නෙවී..මේ ගීයෙ ලස්සනට හේතුව..ඇගේ හඬේ පවතින අමුතු  ආවේණික බව. මොකද්ද මේ ගීය???

ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි.පාරිශුද්ධයි....සුරම්‍යයි

ඔව් ඔබ අහලා ඇති....අහලා නැති නම් අහන්න ඇත්තටම සඳ කියන්නෙ මොකද්ද? සඳ කියන්නෙ එක එක අයට,එක එක විදියට බලපාන පුදුමාකාර ආකාශ වස්තුවක්. එහෙම කීවාට තේරුම් ගන්න බෑනේ..

මෙන්න මෙහෙමයි.

සඳ

හොරෙක්ට = හතුරෙක්
හතුරෙක්ට = මගපෙන්වන්නෙක්
මග පෙන්වන්නෙකුට = හිතවතෙක්
පෙම්වතෙක්ට = කවියක්
කවියෙකුට = පෙම්වතියක්
ආච්චි අම්මාට = ඔරලෝසුවක්
පොඩි දරුවෙකුට = මාමා කෙනෙක්
ධීවරයෙක්ට = මිත්‍රෙයක්
ගුරුවරයෙක්ට = නිදර්ශකයක්
ගෝත්‍රයකට = දෙවියෙක්
හිරුට = හොරෙක් ( ආදරණීය හොරෙක්)තරුවට = ඇණයක්
විද්‍යාඥයෙකුට = උපග්‍රහයෙක්.

සඳ ,වන්ද්‍රයා,සිසි,සොමි,තාරපති,සසංක,තුසරකර,සසදර,හිමකර,සිසිකර,සේකර,සසිකර එකී.. මෙකී නොකී හැම නමකින්ම හඳුන්වන සඳ ට ඉංග්‍රිසි භාෂාවෙන් මා දන්නා තරමින් ඇති එකම වචනය moon .

ඒ කොහොම වුණත් හැම සාහිත්‍යකම අඩු වැඩි වශයෙන්සඳට සුවිශේෂී තැනක් ලැබී තියෙනවා. විශේෂයෙන්ම ආසියානු සාහිත්‍ය තුළ හඳට තියෙන්නෙ සුවිසල් වේදිකාවක්!...

මේ සඳ කියන ආකාශ වස්තුව ප්‍රසිද්ධ සරාගික හැඟීම් ජනනය කරවන්න. කවි වලදි සඳ වැඩි වශයෙන් යෙදී තියෙන්නෙ ආදරය,රාගය,රමණය,සම්භෝගය වැනි දේ හඳුන්වන්න.

ඒ කාලෙ “පෙදෙන් බුදු සිරිතැ“ ම කියලා කියූ ලියු උදවිය නම් සඳ හරහා යම් ආගමික සන්නිවේදනයක් කළා.පොහොය ගැන ලියද්දි සඳ කියන්නෙ මාර චරිතයක් බවට පත් වුණා. එහෙත් සඳ එළිය කියන්නෙ ඇත්තටම කීවොත් සොබාදහමෙ පුංචි පුරුකක්. සඳ අපිට පෘථිවිය එක්ක නොමිලේම ලැබුණු අග්‍රගන්‍යයස්වභාවික වස්තුවක් කීවොත් නිවැරදියි. හරියට සන්ලයිට් කැටේ එක්ක නොමිලේ සන්ලයිට් ම සේදුම් කුඩු පැකට් එකක් දෙනවා වගේ.

මේ සඳ අපිට වැඩක් වෙන්නෙ ඇයි? හඳ අපිට දෙන එළිය තමා සැබවින්ම වැදගත්.සඳ එළියට අපි නොයෙක් අර්ථකථන දුන්නාට.. හඳහරිම පුදුම දෙයක්.දැන් ඔබට ඒක තෙරුම් ගියානෙ. ප්‍රේමයත් ඒ වගේමයි. අර්ථයක් කෙනෙක්ට හිතාගන්න බැහැ...

ඒ නිසාම හඳ එළිය ප්‍රේමයට සමාන කරනවා ඇත්තෙ.

හඳ මේ ලෝභ නැතිව බෙදාගෙන යන්නෙ හඳට උරුම එළියක් නෙවී. හිරු එළිය. බලන්න...අපි ආදරය කියලා ලෝකයටම බෙදන්නෙ අපටත් ලැබෙන දෙයක් නේද?ඒක තේරුම් කරන්න අමාරුයි... ඒක තමා අචින්ත්‍ය කියන්නෙ. ඒ වගේම හඳ කිරණ තරම්ම ප්‍රේමය ලස්සනයි. සුරම්‍යයි.. ඒවාගේම පිරිසිදුයි.

හඳත් පොළවත් අතර එතෙක් මෙතෙක් සිදුවන කිසිම සංසිද්ධියකින් සඳ සළිය කිලිටි වෙලා නෑ.

කොයි තරම් අපූරුද?

ප්‍රභාමත් වූ වත මඬල ඇත
තවුස් දැහැනක නිශ්චලත්වය
නයන යුග්මේ රැඳී ඇත්තේ භාවනවක කාන්තියයි

නියම ප්‍රේමයක් ඉදිරිපිට...කිසි විටෙකත් කිසිවෙකුගෙ මුහුණ මැලවී නොයයි..මුහුණ අතිශයින්ම එළිය වැටේවි.ඔබට මහා සතුටක් දැනෙන්නෙ කොයි මොහොතේද ?එය නියම ප්‍රේමය ඔබ අසලට පත් වූ මොහොතයි..නිරපේක්ෂ වශයෙන් සතුට විදින ඔබ ට මට එයඇත්තටම නොදැනුණාට, නියම ප්‍රේමය අපට හඳුනාගැනීමට නොහැකි වූවාට එය අප අතරම තිබේ... නියම ප්‍රේමය ඉදිරිපිට සියල්ල නිශ්චලය.මන්ද නියම ප්‍රේමයක් තුළ රාගය අංශු මාත්‍රයක් හෝ නොමැති බැවිනි.

ඒ ප්‍රේමනීය මුහනතක සැබවින්ම භාවනාවක් අවසන පියාගෙන සිට හරින ඇස් වල ඇති දීප්තිමත් බව විහිදෙනවා ඇත. ඒ හැඟීම කොයිතරම් පූජනීයද?? කොයි තරම් ලස්සනද??

දොඩන වදනින් ඇසෙයි නිරතුරු
වනන්තරයක සකුණ මියැසිය
දෙතොල් අතරින් ගලා එන්නේ
ගීතිකාවක ශාන්තියයි.

ප්‍රේමය නිරන්තරයෙන් දොඩමලුය. නේපාලයේ ප්‍රසිද්ධ ම කියමනක් මට සිහි වේ. “ ඔබ ප්‍රේම කළ යුත්තේ ඔබ සමඟ වැඩියෙන්ම කතාකිරීමට කැමති පුද්ගලයා නොවේද? “ .......... නියම ප්‍රේමය සැබවින්ම කතාබහෙන් පිරීයයි.ඔවුන්ට කතා කිරීමට සැබවින්ම බොහෝ දේ තිබිය යුතුයි.බොහෝ දේ වෙයි....අරාබි නිසොල්ලාසයේ කතන්දර සියල්ලම ප්‍රේමය නිසා උපන් ඒවා මිස මරණ බිය නිසා උපන්

ඒවා නොවන බව ඔබ අදහනු ඇතැයි සිතමි. ප්‍රේමය නියමාකාරයෙන් විඳීමට ගොළු පුද්ගලයෙක්ට බැරිද?
ඔබගේ සිත දැන් අසනු ඇත. දොඩමුළුවිය යුත්තේ හදවත මිස මුව නොවේ යැයි.. මම කියමි.
ගොළු නැති හදවත් සියල්ලටම ප්‍රේමය විඳිය හැක. ප්‍රේමය ඇති තැන සැබවින්ම දුකක් නැත. එය ගීතිකාවක් බඳු වූ ශාන්තියක් හදවතට ගෙනඑයි. ප්‍රේමය තිබෙන දෙවියන් වැඩසිටින්නේ ඒ නිසා විය යුතුය...
ප්‍රේමය මේ තරම් සුන්දර නම්, අපි කිසි කෙනෙක් ප්‍රේම කර නැති බව මට දැන් හැගී යයි.
සමහර විට අපට එම ප්‍රේමය හමූ වී තිබෙන්නත්...මඟහැරෙන්නත්...ඇති...!! සමහර විට අප විසින්ම නැති කරගන්න ඇති... කොහොම වුණත් එය අති පිරිසිදු දෙයක් බව පමණක්...දැන ගතයුතුය....

ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි.
පාරිශුද්ධයි....සුරම්‍යයි
ප්‍රභාමත් වූ වත මඬල ඇත

තවුස් දැහැනක නිශ්චලත්වය
නයන යුග්මේ රැඳී ඇත්තේ
භාවනවක කාන්තියයි
දොඩන වදනින් ඇසෙයි නිරතුරු

වනන්තරයක සකුණ මියැසිය
දෙතොල් අතරින් ගලා එන්නේ
ගීතිකාවක ශාන්තියයි.

ගායනය - නන්දා මාලනී
රචනය- (දන්න කෙනෙක් කියන්න)
සංගීතය- (දන්න කෙනෙක් කියන්න)

හරි දැන් ඉතින් ........ඕක සිදුවක ඉතරක් තිබිලා කොහොමත් වැඩක් නෑනෙ...හා හා...දැන් කට්ටිය ප්‍රේම කරන්න.... 1 2 3...... go

ප.ලි

ඒ කතන්දර කොයි හැටි වෙතත්, අද මගේ ආදරයටත් අවුරුද්දක් වෙනවා!!!!

මෙන්න මෙහෙමයි ඇරඹුම-

නිල් තොප්පි -ඇයි ඔයා ඔච්චර ආඩම්බර?

නීනු -මම?

නිල් තොප්පි - ඔව්..ඔයා තමයි..අපිව ගණන් ගත්තෙවත් නෑ.

නීනු - ඔයා කවුද? නිල් පාට තොප්පියක්නෙ


නිල් තොප්පි - හා එහෙමද හිතා ඉන්නෙ? ....එහෙනම් මේකෙන් මාව හොයලා පෙන්නන්න. මම නම් දන්නවා ඔයා කවුද කියලා.
පින්තූර වලටමනෙ හිටියෙ.

(ඇටෑච් කළ පින්තූරය)

නීනු -අහ්...මේ හන්තාන ඇඳන් ඉන්නෙ ඔයා නේද?

නිල් තොප්පි - ෂා හරියටම කීවානෙ...ඒ කොහොමද?

නීනු - ඇත්තම කියනවනං....මම ඔය පොටෝ එකේ ඉන්න බෝයිස්ලා ඔක්කොම දන්නවා. නොදන්නෙ එක්කෙනයි..එහෙනම් ඒ තමා ඔයා!!!

තාරක අයියාගෙයි මගෙයි පුංචි ආදර කතාවටත් අදට අවුරුද්දයි!!!!

ප.ප.ලි

අද දවස 19. මතකද SBU හමුව???? මඩ කාපු! මඩ නාපු! මඩ ගහපු.... :D

19 comments:

  1. හ්ම්ම් දෙන්නගෙම අවුරුද්දේ ඇනිවසරි එකට සුභ පැතුම්. ඒ වගේමයි සද ගැන ගොඩාක් දේවලුත් දැනගත්තා, ප්‍රේමය ගැන දීපි අර්ථකථනය නම කදිමයි..

    ReplyDelete
  2. අද හරි වාසනාවන්ත දවසක් නේ !!
    ඒක තමා උදේ හිටන් වැස්ස ලැබෙන්නේ.වැස්ස කියන්නෙත් සුබ දෙයක් නේ. ඔන්න එහෙනම් නංගිගේයි තාරක අයියෑගෙයි (මෙයත් මට මල්ලි වෙන්ටෑ) ආදර කතාවට සුබ පතනවා.

    ReplyDelete
  3. ස්තූතියි.............ඔබ දෙන්නාටම!

    ReplyDelete
  4. සඳටම නේ lunar කියන්නේ. moon විරතක් නෙවි.
    moon is a satellite of earth.

    සඳ ගැන ගොඩක් කරුණු හොයල තියෙනව වගේ.

    මට එකක් නම් කියතැහැකි. මෙතන රචනය නම් නෙරංජිගේ

    ReplyDelete
  5. ලස්සනයි,ජය වේවා!සාර්ථක උත්සහයක්.

    ReplyDelete
  6. akkio,oyatath tharaka aiyatath ithama aadarayen,niduk nirogeeva, kisima karadarayakin duk vedanavakin thorava jeevithe hema pethumakma itu karaganna lebeva!

    'premaya nam'geethaya mamath godak aasa sinduvak.ee geethaya ehena kota mata mama godak aadaraya karana kenek mathak venava.ohu mage aadaraya gena danne nehe.ee vunath me geethayen mata ithama pivithuru hegeemak ethi venava.

    nevathath oba depalata suba pethum!

    ReplyDelete
  7. ස්තූතියි.......නැවතත්... සියලුදෙනාටම. කවුද මේ ඇනොනිමස් නංගි?? ස්තූතියි නංගියෙ

    ReplyDelete
  8. සඳරුත් ඔන්න ආපි මේ කතාව බලාල යන්ඩ

    ඔයා කපල් වෙලා කියලා මම දැනං උන්නේ නෑ නේ . එහෙනම් දෙන්නටම සුබපැතුම් .

    ReplyDelete
  9. ස්තූතියි...... සඳරු.....

    ReplyDelete
  10. සුභ පැතුම් මගෙනුත්!

    ReplyDelete
  11. සදරු කිවුවත් වෙගේ නංගි කපල් වෙලා කියලා මාත් දැංනේ දන්නේ.. ඔන්න එහෙනම් මගෙනුත් සුභ පැතුම්...

    ReplyDelete
  12. අනේ..............හැමෝටම ස්තූතියි.... තාරකගේ සටහන් පිටුව ලියන්නෙ එයා...සමහර විට දන්නවා ඇති

    ReplyDelete
  13. අහ්හ් ලස්සනට ලියලා අක්කෙ.. හරිම ලස්සන සිතුවිලි...:)
    ඔයාගෙ ආදරේට ඔන්න හිතුවක්කරිත් මුළු හදවතින්ම සුභ පතනවා!!! :)

    ReplyDelete
  14. ස්තූතියි හිතුවක්කාරී

    ReplyDelete
  15. දෙන්නටම සුභ පැතුම් :)

    ReplyDelete
  16. ස්තූතියි..........පූසා

    ReplyDelete
  17. meka livve Prof.Sunil Ariyarathna...

    Sure nehe.hariyatama balala kiyannam.

    ReplyDelete
  18. Pissu hadena sanda neda neranji nago. ...maru..digtama liyahan nangiye,,,good luck..

    ReplyDelete
  19. මට මේක මග ඇරිලානෙ.කමක් නෑ දැන් සුභ පතන්නම්කෝ...

    චිරාත් කාලයක් සතුටෙන්,සමගියෙන් එකාවන්ව ජීවත් වීමට ලැබේවා.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.