මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

7/4/11

බ්ලොග් වලට අකමැති අය

අද හරිම සන්තෝත දවසක්... ඊයේ අවසානය හරිම සතුටක් දැනුනා ... ඒ නිසා ඉතින් අදත් සතුටුයි... ඒත් ඒ සතුට දෙගුණ තෙගුණ වුණා.. ඉලෙක්සිටි බෝඩ් එක ගස් කැපීමේ ප්‍රීතිය නිමිත්තෙන් අද අපිට කරන්ට්  කපනවා. විදුලිය නැතිව මගේ අද ෆ්‍රී දවසෙ දින චර්යාවම අකර්මන්‍ය වෙන්න ඉඩ තියෙනවා...අද මගේ නිදහස් දවස...[මේ නිදහස කොයි තරම් කල් තියේද දන්නෙ නැහැ ]

ආ මම මේ කාලෙකින් බ්ලොග් එක ලියන්නෙ ඇහ්තටම මේ දවස් වල බ්ලොග් ලියන්නවත් වෙලාවක් නැහැ. අපි හරි බිසී කස්ටියනෙ අප්පා..ඇත්තටම බ්ලොග් කලාව මේ වෙද්දි මාරම ජනප්‍රියයි නේද ? බ්ලොග් ගැන අපේ පැත්තෙ නොදන්න පොඩි එකෙක් නැහැ... අපේ ආච්චිලා  කහින්නෙත් බො[ලො]ග් බො[ලො]ග් ගාලා.. {මොන පිස්සුද අනේ මෙලෝ යකෙක් දන්නෙ නැහැ.. }

බ්ලොග් සංස්කෘතිය අපේ රට තුළ මුල් බසින්න කලින් ජනප්‍රියත්වය අඩුවෙලා යනවා වගේ...සිංහල බ්ලොග් කියවනයත් දැන් මොකද්ද එකක් කරන්න යනවලුනෙ .. කොහොම හරි කමක් නැහැ.. ඔක්කොම එකතුවෙලා මේ බ්ලොග් කලාවට හොඳක් වෙනවා නම්. දැන් බ්ලොගී ආගමනයත් මද වැඩි වීමක් තියෙනවා . ඒක නම් මාර සතුටක් අප්පා.. [ 2010 මැරතන් එකේදී හොඳටම දැනුණා.]

ඇත්තටම අපේ බ්ලොග් නොලියන යාලුවො අතරෙත් මේ බ්ලොග් කරණය ජනප්‍රිය කරන්න පුලුවන්නම් මරු.. බුකිය හරහා දැන් මේක වේගයෙන් සිද්ධ වෙනවා වගේ පෙනුණත් අනේ මන්දා..

දැන් අද මළ කෙළියයි ජූලි හතරෙදි වෙන දේ බලා ගන්නත් කට්ටිය උනන්දු නැතැයි... තව පැය කීපයනෙ... ඉමු ඉමු....

එහෙනම් ඔන්න මම ගියා තව ටිකකින් කරන්ට් යනවා . මගේ ෆ්‍රී දවස අල පාත්තියක් වෙනවා..ඒ ආදී යනාදී වශයෙන් ගත් කළ හවස් වෙන තුරු ක්‍රියාවලිය ඇණ හිටිනවා.

ඉතින් මම ආයෙ එනතුරු කට්ටියම කියන්න.. බ්ලොග් නොදන්න , බ්ලොග් වලට අකමැති අය අතරෙ බ්ලොග් ජනප්‍රිය කරන්න විදිහක්...

12 comments:

  1. අලුත් බ්ලොග් නම් හිටු කියලා එනවා. හැබැයි සමහර ඒවයේ පැවැත්මක් නෑ. තවත් සමහර ඒවයේ අන්තර්ගතය ෆුල් අප්සට්!

    ReplyDelete
  2. කොහොමින් කොහොම හරි ඉතින් බ්ලොග් ජනප්‍රිය වෙනවනම් එච්චරයි..මම හිතන්නේ බ්ලොග් ජනප්‍රිය කරන්න පුළුවන් සරල සහ පහසුම විදිය තමයි බුකිය.මොකද අපි දන්න/නොදන්න හැමෝම බුකියේ ඉන්නවනේ...

    ReplyDelete
  3. අල පාත්තියක් උනා නම් නියමයි. දවල්ට උයන්න හරි බැරුව යෑ.

    ReplyDelete
  4. බ්ලොග්කරනය ජනප්‍රිය කරවන්න නම් ඉතිං බිසී බිසී කියලා හරියන්නෑ.. ඔහේලා වගේ කට්ටිය ලිව්වොත් තමයි ඒක පවතින්නේ...

    ReplyDelete
  5. බ්ලොග් ජනප්‍රිය කරවන්නට නම් සමතුලිත බ්ලොග් පරිසරයක් තිබිය යුතුමයි ..විනෝදය , ආදරය,කුතුහලය , තාක්ෂණය , නව දැනුම පිරිනු බ්ලොග් කළාවක් වෙත සියළු දෙනා ඇදී ඒවි ...නමුත් මෙය නිකම් හිස් තැනක් යයි වැටහුන හොත් චිවෙක් එය කසළ බැහැරලන ප්‍රදේශයක්ම වේවි ...ඒ නිසා මෙම බ්ලොග් කළාවට ජනතාව රැස් වන්නට නම් ඊට සරිලන තුලිත බවක් පවත්වාගත යුත්තේ අප විසින්මයි ...අනෙක් මෙම බ්ලොග් කළාවට වැඩිහිටි , තරුණ , පාසල් දරු වැනි විවධ මට්ටම් වගේම විවිධ වෘත්තිකයනුත් ඒකවීමයි වඩා වටින්නේ ...
    මෙය මගේ පුද්ගලික මතයක් පමණක් වන අතර ඔබ සැමගේ සක්‍රිය දායකත්වය ඉතා වටිනා බව කිව යුතුමය ..

    කැමතිනම් මගේ සටහනටත් ඇවිත බලන්න www.sonduru.tk

    ReplyDelete
  6. ස්තූතියි ඇත්තටම අදහස් ප්‍රකාශයට

    ReplyDelete
  7. ගිය අවුරුද්දක විතර කාලේ බ්ලොග් ලියන අය වැඩි උනා කියලයි මගේ නම් අදහස.. ඒක ඇත්තෙන්ම හොද දෙයක්.. ඉතින් අළුත් අයට වැටෙන්න නොදි අපේ ප්‍රවින බ්ලොග් කරුවන් ලොකු උදව්වක් දෙන නිසා අනාගතය හොද වේවී...

    ReplyDelete
  8. හොදයි ඉතින් ප්‍රව්නයෝ........... අපිට පෙලෙස් එකක් නැනේ එකනේ............ මොකෙන් අපිව ගත්තත්.............. එකෙන් අපි මාස ගනන් ලිපි එවුවත් ගත්තෙ නැති එකෙන් හිතා ගන්න පුලුවන්........... හොද කම .................අපේම කරුමේ තමයි......

    රෙස්ලින්.lk team

    ReplyDelete
  9. බ්ලොග් අවකාශයේ පැවැත්ම බ්ලොග් ලියන්නන්ගේ ක්‍රියා කලාපය මත රැදී පවතිනු ඇත. එබැවින් එය රැක ගැනිම අප සැමගේ යුතුකමයි.

    ReplyDelete
  10. මම නම් හිතන්නෙ නෑ බ්ලොග් වලට අකමැති අය ඉන්නවා කියලා. නොදන්න අය නම් ඉන්නවා තමයි. කියවන්න පටන්ගත්තාට පස්සෙ නම් බ්ලොග් වලට අකමැති වෙන්නෙ නෑ කවුරුත්.

    ReplyDelete
  11. ස්තූතියි ඇත්තටම අදහස් ප්‍රකාශයවලට

    ReplyDelete
  12. නීනු නංගී,
    ඇත්තටම මං නම් හිතන්නේ බ්ලොග්වලට අකමැති අය කියල පිරිසක් නැහැ... මෙතන තියෙන ගැටළුව බ්ලොග් පිළිබඳවත්, යුනිකේත පිළිබඳවත් ඇති නොදැනුවත්කම...

    කොහොමටත් අද ලියැවෙන බ්ලොග් වර්ගීකරණය කරන්න පුළුවන් කියල මං නම් හිතන්නේ නැහැ... මොකද අද දේශපාලනය ගැන ලිපියක් පළවෙන බ්ලොග් එකක හෙට සාහිත්‍යාංගයක් පළවෙන්න පුළුවන් හින්දා.. ඒ හන්දා හොඳම දේ බ්ලොග් වර්ගීකරණය නොකර ලිපි වර්ගීකරණය කරන්න පුළුවන් ක්‍රමයක් සින්ඩිවලට හඳුන්වා දෙන එක.. එතකොට අර කැටගරියට මේ කැටගරියට ගරහන්නේ නැතුව තමන් කැමති කැටගරි වලට විතරක් ගිහින් ලිපි කියැවීමේ හැකියාව ලැබෙනව නෙව...

    අනෙක් කාරණය තමා දැන් යුනිකේත පිළිබඳ දැනුවත්භාවය ඒ තරම් ගැටළුවක් නොවීම. ධනිකටත් SETTdeco විජෙට්ටුවටත් පින් සිද්ධවෙන්ඩ දැන් මේ ගැටළුවට සාර්ථක විසඳුමක් ලැබිල තියෙන්නේ.. මේ විජේට්ටුව දා ගත්ත බ්ලොග් අඩවියක් දැන් යුනිකේත සහය නැති පරිගණකයකදි වුවත් ඉතාම පහසුවෙන් කියවිය හැකියි.... ඒ හන්දා වෙනදා බ්ලොග් කියවන්නට එක් නොවුණු තවත් විශාල පිරිසක් බ්ලොග් අඩවි වටා එක් රොක් කරගැනිමේ අවස්ථාව අපට උදාවී තියෙන බවයි මගේ නම් අදහස....

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.