මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/19/11

normal අපායෙන් වෙන්වන blog අපාය | Part 2



දැන් කට්ටියම සෑහෙන්න පින් දහම් කරන්න ඇති ... ඇයි ඉතින් අපායෙ යන්න වෙනවා කියන්නෙ සුළු පටු දෙයක්ද? හැබැයි ඉතින් අද බ්ලොග් අපායේ  part 2  අරගෙන මම ආවේ ඉතාම සුභ ආරංචියක් අරගෙන...ඉතින් මේ ලිපිය කලින් නොදන්න අයට පුළුවන් මෙතෙන්ට ගිහින් ඒ ලිපියෙ පළවෙනි කොටස දැන ගන්න...
  
බ්ලොග් වල බොරු ලියපු එවුන්... අනුන්ගෙ පෝස්ට් කොපි කරපු එවුන් ,සින්ඩි වලට මරා ගත්ත එවුන්,අනුන්ගෙ සින්ඩි වලට මඩ ගහපු එවුන්,අනුන්ගෙ සයිට් හැක් කරපු එවුන්,ඊ මනී වලින් සල්ලි ගහපු එවුන්,ෆේස් බූක් වලින් බ්ලැක් මේල් කරපු එවුන්,බාර්න් බඩී වල අනුන්ගෙ වත්තෙ එළවලු කඩපු එවුන්,චැට් ලයින් වලදී කෙල්ලන්ට කැත කතා කියපු එවුන්, ගූගල් buzz එකේදී කැත වචන කියපු එවුන්,  ඔක්කොම දැන් බලාගෙන ඇති තමන් ට නියමිත' දඬුවම දැන ගන්න ඇත්තටම.....


ලස්සනම සිදුවීම තමයි මේ දඬුවම් කලාව පිළිබඳ අපායෙ පොතේ තියෙන පොඩි පොඩි අවුල්..... ඔන්න කවුරුත් දනවානෙ මම ගියෙ බුද්ධාගමේ අපායට.....ඉතින් මේකේ දඬුවම් තීරණය වෙන්නෙත් බුද්ධාගමේ ක්‍රමයට .....බ්ලොග් වල බොරු ලියපු එවුන්... චැට් ලයින් වලදී කෙල්ලන්ට කැත කතා කියපු එවුන්, 
ගූගල් buzz එකේදී කැත වචන කියපු එවුන්, ඔක්කොම මෙහෙ දඬුවමක යටත් කරන්න බැහැ .... ඒ ඇයි දන්නවාද? දස අකුසල් වලින් පරුෂා වාචා, එතකොට මුසා වාදා අයිති වෙන්නෙ වචනයෙන් කෙරෙන අකුසල් ගොඩට ...වචනයෙන් වන මේ අකුසල් යන්නෙ කටෙන් කෙරෙන ගොඩට..මෙයාලා කිසි දෙයක් කටින් කරලා නැ...ඔක්කොම ලියලා ...

ඉතින් යම රජ්ජුරුවන්ට හරිම කේස්.... කොටින්ම මුන් කුණු හරප කියලා නැහැ.. තියෙන කුප්ප කමට රත් ගමයා වගේ එවුන් එහෙම කියන්නේ ඩබල් මීනින් කතා විතරනෙ.....ඉතින් යම රජතුමත් අප්සෙට්.... සින්ඩි වලට මරා ගත්ත එවුන්,අනුන්ගෙ සින්ඩි වලට මඩ ගහපු එවුන්,අනුන්ගෙ සයිට් හැක් කරපු එවුන්, ඊ මනී වලින් සල්ලි ගහපු එවුන්, කාටවටත් දඬුවම් දෙන්න යම රජතුමාට අප්සෙට්....ඒකට හේතුව නියම දඬුවමක් දෙන්න බැහැ.....එයට හේතුව ඒ හැමෝම මානසික උම්මන්තකයො..........


බාර්න් බඩී හොරකමත් නීතියෙන් අනුමතයි.... හරියට අපේ රටේ සූදුව අනුමතයි වගේ..


.......


ඉතුරු ටික පස්සෙ ලියනවෝ....part 3 බලාපොරොත්තු වන්න.

9 comments:

  1. දැක්කම බයත් හිතෙනවා අලේ...........අනික් වැරදි නොකලට බ්ලොග් එකේ අනන්තවත් බොරුනම් ලියලා තියනවා.....යමයට පගාවක් දීලා දඬුවම ලිහිල් කොරගන්ට බැරි වෙයිද..........????

    ReplyDelete
  2. අම්බෝ මට එහෙනම් බය වෙන්න දෙයක් නෑ.හොඳයි හොඳයි අනිත් එකත් ලියන්නකො

    ReplyDelete
  3. ලස්සනට පාස් කොලා නේද හින්ට් එක...:පී අනේ අපේ රත්ගමයා හිහ් හිහ්

    ReplyDelete
  4. අනේ නීනු නගා..ඔයා කොහොමද අප්පා මෙහෙම ලියන්ට පුරුදු උනේ...
    ඇත්ත කියන්න..අපි කාටවත් කියන්නේ නැහැ..ඔයා අපායේ ගියානේද..? මං කියන්නේ හීනේන් නෙවෙයි ඇත්තටම ගියා නේද..?
    හැබැයි නගේ මේ කියන පට්ටපල් බොරුවල හැටියටනං කොහොමටත් ඊ ලග පාර ගියහමනං ආයේ සෑහෙන කාලෙකට එන්ට වෙන එකක් නැහැ..
    මාත් යමව මතක් කොලා කියහං...
    යක්කල මාරයා කිව්වම මාව දන්නවා..

    ReplyDelete
  5. අනේ රත්ගමය ඔය ඉඳල හිටල පොඩි විහිළුවක් කරාට අපායෙ යන්නෙ නෑ කියා සිතුවිල්ල නිල වශයෙන් සිතමි.... :D

    ReplyDelete
  6. යම රජාට කියන්න අක්කේ ඔය ඔහොම බොරු කරාට කට්ටියගේ කොම්පුතර වලට භයානක වයිරස් දෙන්න කියන්න..ඉවරනේ වැඩේ... :D

    ඊලග එකත් බලන් ඉන්නෝ... :)

    ReplyDelete
  7. යම රජාත් අමාරුවේ වැටිලා වගේ ..

    ඉතුරුවත් ලියමුකෝ බලන්ට

    ReplyDelete
  8. ලියපු අයට කොමෙන්ටු තන්කූ

    ReplyDelete
  9. දැන් අනිත් කෑල්ල බලන්න මාස දෙකක් විතර ඉන්ට වෙයි වගේ...

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.