මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/3/11

නිදහසේ Freedom එකට අපිත් free වෙමු....| රටේ සංවර්ධනය අපියි

ලෝකයේ සජීවී සෑම ජීවියෙක්ම කැමතිම දේ නිදහස...මිනිස්සු වෙච්චි අපි විතරක් නෙවෙයි.....සතා සීපාවාට ගහට කොළට මේ නිදහස හොඳට දැනෙනවා...හිර කරලා හැදෙන ගස් වැල් විකෘතියි...හිර වෙලා හැදෙන සතා එක්කො හරිම නපුරුයි... නැත්තම් බියගුලුයි.... මිනිස්සුත් ඒ වගෙයි....

බසයක නැග්ගාම අපි තනි සීට් එකක ඉඳ ගන්නෙ ඇයි?.. තව මොහොතකින් කප්පරක් පිරෙන බව දැනගෙන තනි අසුනක ඉඳ ගන්නෙ ඇයි? ඒ මොහොතක නිදහසටත් අපි හරිම ආසා නිසා...

පෙබරවාරි හතර...අපි නාමික නිදහසක් සුද්දාගෙන් ලබනවා.. ඒත් අපි නිදහස් ද කියලා ප්‍රශ්නයක් තියෙනවා....අපිට නව සංස්කෘතියත් එක්ක යුරෝපීයන්ගෙන් මිදෙන්න බැහැ...ඒත් තාම යටි හිත් වල කැකෑරෙන අදීන අපේ තියනවා... අන්න ඒක රටේ සංවර්ධනයට යොදා ගත්තොත්, අපිට හෙට දවසෙ කතා කරන්න රටක් තියේවි....

අද දවසෙ වැඩියෙන්ම කතා බහට ලක් වෙන දේශප්‍රේමියොයි...ඔවුන් ඊනියා දේශ්ප්‍රේමීන් යැයි...හංවඩු ගසනා සැබෑ දේශප්‍රේමියොයි...දෙගොල්ලොම කට කියවිලි නවත්තලා රට හැදුවොත් 2011 අවුරුද්දවත් සාර්තකයි කියලා අපිට හිතන්න පුලුවන්.. ඉතින් එදාට නිදහසේ හීනය සැබෑ වේවි.... ඔබ හැමෝගෙම.. අපි හැමෝගෙම


3 comments:

  1. අදහස හොඳයි,ලස්සනයි.අපි හැමෝම බලාපොරොත්තු වෙන්නෙත් ඒකමයි.හැබැයි මට තේරෙන කාලෙ ඉඳල ඕක ඇහෙනවා.
    දැන්නම් හිතෙනව නිදහස නොලැබී යටත් විජිතයක්ව තිබුනනම් කොච්චර හොඳද කියල.

    ReplyDelete
  2. මටනම් අදත් වැඩ ..නිදහසක් නෑ ..රජයේ රැකියාවක් හොයාගන්න පින නෑ මට ..අයියෝ !

    ReplyDelete
  3. අහ් අද නම් නිදහස් වගේ

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.