මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/19/10

කට්ටියම සෙට් වෙලා| SBU 2nd g2g




අද වැඩ අධික දවසක් ...ඒත් අද කියන්න ඕනේ හැම දෙයක්ම අද කියන තරමට නිවුස් එකේ වටිනාකම වැඩියි....අද උදේ පාන්දර ඉඳන් කට්ටියම ලෑස්ති වුණේ බ්ලොග් සුහද හමුවට කියන එක ගැන බ්ලොග් ලියන කියවන අයට මම කියන්න ඕනේ නැහැනෙ...ඕන්න උදේ හතයි හතළිහ වගේ වෙද්දි මට අන්තිමයා හා පූසා මුණ ගැහුණා..දෙන්නාම පරාටා කනවා...ඒ කඩේ ඇතුළට වෙලා ඉන්න කම්මැලි නිසා මම එළියට ආවා.ඔන්න එයාලා එනකන් විනාඩි දහයක විතර කටුවක් කෑවා.ඔන්න අපි එකසිය පනහෙ නැග්ගා නවම් මාවතට ගෙනියන්න කියලා පූසා ටිකට් ගත්තට අපිව ඒ මිනිස්සු වැව ළඟින් බැස්සුවා..පුසා ගොඩාක් ඩ්‍රයිවර් මාමාට පින් දුන්නා..ඔන්න අපි නවම් මාවත් දිගේ එනකොට..."මේ ඔයාලා යන්නේ බ්ලොග් මීටිමටද?" කියලා කෙනෙක් අපෙන් ඇහුවා..ඔන්න ඒ තමයි කණිශ්ක..(අපේ පුරුදු කණියා නෙවෙයි... ඔන්න එයාවත් එක්ක අපි ඉදිරියටම ගියා.ඔන්න බිල්ඩිම.ගෙහාන් අයියා ඒක ඇතුළෙ ඉඳන් කට්ටියටම අත වනනවා.ඔන්න අපි හැමෝම
වත් අක්කලාත් ආවාට පස්සෙ,උඩට ගියා...අපිට කටාර් වල ග්‍රැෆික් අයියා කෙනෙක් හම්බුණා...එයාට මාරෙට සින්දු කියන්න පුළුවන්..(පස්සෙ එයා බැඳපු අක්කවත් ගෙන්නලා පෙන්නුවා.)

කොහොම කොහොම හරි අඳුරන්නෙ නැති අය ගොඩාක් කතා කළා...අත හෝදන තැනදි තමයි මාධව අයියාව දැක්කෙ...මාරයා අයියා අපේ පින්තූර හැම එකේම සුන්දරම චරිතෙ වුණා....මම හිටපු පින්තූර ගොඩක් තාම අප්ලෝඩ් වෙලා නැහැ....

කාලිංග අයියා සහ ඒන්ජල් අනූ අක්කා මේ වෙලාවේ සිහිපත් කළ යුතුමයි....තාක්ෂණය ගැන මම ගොඩාක් දේ දැන ගෙත්තා. ( වෙලාවට දැන් මතක නැහැ.) ඒකට මොකද නීනු කියලා කියපු ගමන් එන්ට්‍රන්ස් එකේදි ඉන්දරේ අයියා නම් හෙන පල් හිනාවක් දැම්මා...තමීර ආපු නැති එක නම් අතක් කැඩුණා වගේ..අපරාදේ...මම ගුටි කන්න හිතා ගෙනමයි ආවේ...ගයන්ත නම් මම හිතුවට වඩා කෙට්ටුයි....සුපුන් මල්ලිත් ඇවිල්ලා හිටියා.. ලස්සන ලස්සන සිද්ධිත් වුණා...ඒවා මුහුණු පොතට සීමා නොකර හෙමින් හෙමින් අපි ලියමු....අද නම් එක එක්කෙනාව ලින්ක් කරන්න වෙලා නැහැ...වෙන පෝස්ට් එකක තනිකර ඒ වැඩේම කරනවා...මගේ මුහුණු පොතේ තමයි ඉස්සෙල්ලාම දෙවෙනි සුහද හමුවෙ පින්තූර පළ වුණේ...(කට්ටිය කියන හැටියට )

ඉතින් මා එක්ක කතා කරපු හැමෝටමත් මම කියපු දේවල් අහන් හිටපු අයටත් ස්තූතියි...කණියා අයියල, මාධව අයියලා ,මාරයා අයියලා ....හැමතැනම අයියලා...අක්කලා නංගිලා නම් දැක්කෙ හරිම අඩුවෙන්...වත් අක්ක, ෆා ද බ්ලොගී, අහිංසකී සහ මම ඇරුණු කොට බ්ලොග් ලියන ගැහැණු ළමයි ආවෙ අඩුවෙන් කියලා හිතෙනවා....ඕක වෙනම මාතෘකාවක්.......කොහොම වුණත් මට සතුටුයි....

මට එන්න ලෑස්ති වෙලා කහ පාට ටී ෂර්ට් එකාක් ඇඳපු අයියා කෙනෙක් විජේසේකර හොදට කී බෝර්ඩ් එකේ තදට බෝල්ඩ් වෙච්චි ඉස්ටිකරයක් දුන්නා.එයාටත් ස්තූතියි...


ගයන්ත,මලින්ත,තාරක ආදී ඔහොම ගොඩක් අය උන්නා... අනේ හැමෝගෙම නම් මතක නැහැ... කට්ටියම ඇවිත් හිටියා...

එන්න බැරිවුණු අයත් අපි ආදරෙන් මතක් කරනවා....

ඉතුරු ගොඩක් දේ පස්සෙ ලියන්නම්....




27 comments:

  1. ඔය මතක නෑ කිව්වට කියල තියෙන්නෙ ගොඩක් අයගෙ නම්. :)
    මමත් ඉතින් ඕකට එන්න ඉස්සෙල්ල ඔය හිටපු කට්ටියගෙන් හොඳින්ම දැනන් හිටියෙ 3,4 දෙනයි. නමින් දන්න මූණ නොදන්න තව කට්ටියක් හිටියා,, නමින් දන්න මූණත් දන්න කතා කරල නැති අයත් හිටියා (ඔයා එක්කෙනෙක්නෙ.)
    ඊලඟට දන්නෙම නැති ගොඩාක් අය හිටියා.
    ඒත් අනේ වැඩේ කියන්නෙ මාව නම් දන්නවනෙ මම කතා කරපු හුඟක් උන්. හැම එකාම කතාකරගෙන ඇවිල්ල "මාව දන්නවද දෙන්නෙ නෑ, ඔයා මාධව නේද?" කියන කොට ඉතින් මට නිකං මොකද්ද වගේ. ඇයි ඉතින් මම උන්ව දන්නෙ නෑ නෙ. :(
    හරි ඉතින් උන් මූණක්වත් පෙන්නන් ඉන්න උන්යෑ, මම ඉතින් මගෙ මූණ හතර වටේම දානවනෙව. :)

    ඔව් ඔව් ඔයා තමයි මුලින්ම ෆොටෝ දැම්මෙ, මමත් දන්න විදිහට. :)
    ඔයාවත් හඳුනා ගැනීම සතුටක්.

    ප.ලි. අර අලුත් ප්‍රොජෙක්ට් එක ගැන පොඩ්ඩක් හිතල බලන්නකෝ. (බ්ලොග්කරණය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීම) (මිතුරුකුගේ අදහසකි. :) )

    ReplyDelete
  2. අපිත් ආව නෙව.. ගොඩක් අය අඳුර ගත්ත.. උදේ එද්දි නම් දැන ගෙන හිටියෙ ටික දෙනයි.. ඒත් හවස යද්දි නම් ගොඩක් අය අඳුරගෙන.. කොහොම හරි නියම දවස.. වෙලාව යනව තේරුනෙත් නැ.. කොහොම හරි ආපහු බ්ලොග් එකේ මොනා හරි ලියන්නත් හිතුන.. :)

    ReplyDelete
  3. ඔන්න ඉතිං බොරු ලියලා. අපි පරාටා නෙමෙයි කෑවේ. අනික අපිට කන්න විනාඩි 5යි ගියේ.
    කිව්වනේ ඔයාට වාඩි වෙන්න කියලා කොහෙද කලබලයක් වගේ දිව්වේ එළියට. අපේ අන්තිමයා නැත්තම් ඔයා පාර දන්නෙත් නෑනේ. හප්පේ මග දිගට කෝල් කර කර ඒ මනුස්පයාට දුන්නු වදයක් :/

    ReplyDelete
  4. මේ හොර පූසෝ....මම එයාට වද දුන් නෑ හරිද? එයා තමයි රෑ ජාමෙ සොකරි බලන්න ගිහින් නිදි මතේ උන්නෙ...මම මග දිගට කෝල් නොනලා නම් නින්ද ගිහින් කොහෙ යයිද දන්නෙ නෑ.

    ReplyDelete
  5. ශැහ් මතක නෑ කිව්වට ආව අයගෙන් 1/2කගේ නම් දාලා !මමත් අවිල්ලා හීයට කතා කරන්න තරම් වෙලාවක් තිබ්බේ නෑ :( එනිවේ නීනු තමා මමත් හිතන්නේ මුලින්ම ෆොටොස් දාලා තියෙන්නේ

    හදුනා ගන්න ලැබීම සන්තොසයි

    ReplyDelete
  6. මම නං ආවෙ නැත්තෙම නීනු එන හින්ද. ඒ වුණාට පස්සෙ අපරාදෙ කියල හිතුණ. ලබන සැරේ නං අනිවා එනව.

    ReplyDelete
  7. මාධව....කාන්තා නියෝජනේ වැඩි කරන්න ඕනේ...
    අනෙක් අයටත් ස්තූතියි...
    මම හෙට හෙමිහිට ලියනවා..අත්තම්මගෙ දානෙ ඉවර වෙලා..

    ReplyDelete
  8. @ thameera...
    අනේ යනවා යන්න.. බොරු නොකියා....අපි දන්නවා මොකද්ද පුද්ගලික එකක්නෙ හේතුව... හූ හූ

    ReplyDelete
  9. මොන පෞද්ගලික හේතුද හලෝ මට?

    ReplyDelete
  10. අඩේ මමත් ඉන්නවා.. :D හ්ම් ඒත් මේ ලිපියේ අන්තර්ගතයෙ මගෙ නම සඳහන් වෙලා මදි. හ්ම් පැමිණිලි කොරන්න වෙනවා... :P

    ReplyDelete
  11. ඒක තමයි මටත් පැමිණිල්ලක් දාන්ඩ වෙනව. අනවසරයෙන් ෆොටෝ පල කිරීම ගැන.. ඕකට ලොකු අයනම් මොකක්ද කොපිරයිට් කතාවක් තමයි කියන්නෙ, මොකක් උනත් ඒ ජාතියෙ නඩුවක් දාන්න වෙනව..:p

    ReplyDelete
  12. අපිට වාසනාවක් නෑනේ...............ඊලඟ සැරේවත් ට්‍රයි කරණවා..........

    ReplyDelete
  13. නීනු මමත් එන්න හිටියට එන්න බැරිවෙනානෙ. වැඩේ හොඳට ගිහින් තියෙනවා. සතු‍ටුයි.. කවිරංග

    ReplyDelete
  14. @නීනු: ඔව් ඔව් වැඩිකරගන්න මොනා හරි කරන්න. :) (ඒක නෙමෙයි, තවත් ඉස්පෙලිං මිස්ටේක් එකක් තියෙනවලු. :) )

    @පූස: පූසො කවද්ද බන් පරාට කෑවෙ. :D

    @තමීර: අනේ තොගෙ බොරු.

    @කවිරංග: මමත් ආපු ගමන් උඹව හෙව්ව. :(

    ReplyDelete
  15. ලබන සැරෙවත් සෙට් වෙමුකෝ..කට්ටිය සෙට් වුන පින්තූර දකින්න තියන එකත් සතුටක්..

    ReplyDelete
  16. මේ සැරේ නම් ගිය සැරේට වැඩිය කාන්තාවන් වැඩියෙන් හිටියා. ඒක හොද දෙයක්.

    ReplyDelete
  17. ආවේ නැති උනාට .මම හැම පිතූරයක්ම හොය හොයා බැළුවා කස්ටිය කොයි වගේද කියලා .. මේ ඉන්නේ බැබලි බැබලි

    නෙරංජි අක්කට තෑන්කුයි ...පින්තූර ටික දැම්මට

    ජයවේවා !!

    ReplyDelete
  18. ආච්චි අම්මාගේ දානය ඉවර වෙලා ගෙදර ආවෙ දැන්....ඒකයි පිළිතුරු ප්‍රමාද..


    @ thameera-එහෙනම් අර බ්ලොග් එකේ ලියලා තිබ්බෙ....
    @Gehan ayya-ඇපිල් කරලා තියන්න.. ඊළඟ පෝස්ට් එකේ ලියන්නම්
    @blog gadol-ඔයාගෙ පින්තූරෙට කිසි දෙයක් වෙන්නෙ නෑ.. මෙතන වැදගත් පින්තූර තව තියෙනවා..
    @dinesh-වාසනාව ගැන හිතන්න එපා....අපිත් අනේකවිධ ජිල්මාට් දාලයි අනේ අවේ..
    @kaviranga-ඇයි නාවෙ...කට්ටියම ඔයාව හෙව්වා.....
    @nipu-@pabalu-හොඳට බලන්න.. fb එකේත් තියෙනවා..
    @amila-ඔව් ඔව් සූ ගාලා හත් අට දෙනෙක්
    @ madhava-තෑන්ක්ස් අනේ මම නැති ටිකට කට්ටියට reply කලාට

    ReplyDelete
  19. ආලෝ අපිත් රෝස වලාකුළු දැක්කා.. තමීරය ආපු නැති එක නං අපරාදෙ තමා.. පොඩියක් හිටු මාත් පොස්ට්ටෙකක් දාන්ට. පුසන් ටිකත් දැකගත්තා.. හික් හික් පුරු පුරුව නං කියපු සයිස්ම තමා.. හෙහෙ.

    අර තමයි බ්ලොග් ගඩොල් ගහන පූසෝ..!

    ReplyDelete
  20. මම හිතුවා මම විතරයි නොගියෙ කියලා
    මම හැමදාම වගේ මේ පරත් පසුතැවිලි උනා
    නෑ ගොඩක් අයට සෙට් වෙන්න බැරිවෙලා
    කියලා පොඩ්ඩක් පොසිටිව් වුනා මම දැන් ඔන්න
    දුකයිනම් තමයි
    ඒත් ලබන පාර ඔක්කොමලා සෙට් වෙමුකෝ
    මම අනිවා එතන ඇති

    ReplyDelete
  21. මේ පැත්තේ ආවේ අදම තමා අක්කන්ඩියේ...
    මටත් ආසා හිතුනානේ ඔය හමුවට එන්න..
    ඊළඟ පාරනම් අනිවා මමත් එනවා...

    ReplyDelete
  22. මමත් ආව ඔන්න අක්කි... ඔයාව දැක්ක මම. මම බ්ලොග් එකක් ලියන්නෙ නැති උනාට දැන් ලියනව ඔන්න... හි හි ස්තූතියි..

    ReplyDelete
  23. එන්න බැරි උන අයට දැනගන්නත් එක්ක ඔය පිංතූර වල ඉන්න අය හඳුනවල දුන්න නම්

    ReplyDelete
  24. මේ දැන් මම කොමෙන්ටුවක් ඩිලීට් කළා... එයට හේතුව....එහි නොගැළපෙන නරක වදනක් ලියවී තිබීම...මෙසේ කරන්නන්ට අනුකම්පා කිරීම මිසෙක කළ හැකි අන් දෙයක් නැත.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.