මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/4/10

ඇස් වහ+ Blog එක


ඔය නිනූ නිනූ කියලා කිව්වට මොකද මගේ නම නෙරංජි...නෙරංජි සුලක්ඛනා...ඕ ලෙවල් කාලෙ ඉඳන් මගේ සමහර යාලුවෝ ර යන්න සද්ද කරන්න බෑ කියලා..මහප්‍රාණ කියන්න බෑ කියලා වදේ ගහන්න ගත්තා... එයාලා මට දාපු නමක් ඕක...බ්ලොග් ලියන්නත්
මම දිගටම ඒ නම තමා භාවිතා කළේ....ඒත් දැන් ළඟදී අපේ බ්ලොග් උත්සවයත් තියෙන එකේ...ඔය නිකම් එහෙ මෙහෙ තියෙන නම් කෑලි අයින් කරලා ඇත්ත නම භාවිතා කරන්ට පටන් ගන්න ඕනේ කියලා හිතුණා...

මම ඉතින් අයි ඩී එක හංගලා මහලොකුවට දේශපාලන කතා ලියන්නෙත් නැහැනෙ....ඔන්න මම නෙරංජි...ඕනේ නමකින් කතා කලාට කිසි කේස් එකක් නැහැ...

බ්ලොග් එක දියුණු කරලා ගන්න ඕනේ....මේකට කොමෙන්ට් වැටෙනවා මදි........දැන් බලන්න අපේ තමීර අයියා...මැයි මාසෙට පස්සෙ මේ ඊයෙ පෙරදා ලියලාත්  කොමෙන්ට් තියෙනවා...

මම හිතන්නෙ කවුරුහරි මගෙ බ්ලොග් එකට ගුලි අඹරලා...වෙන එකෙක් නෙවෙයි..තමීරයියා ම තමයි....මං ගාව සාක්කි තියෙනවා..

දැන් ඔක්කොම තියලා මගේ බ්ලොග් එකට ඇස් වහ පුච්චන්න ඕනේ.... හික් හික්

24 comments:

  1. බ්ලොග් එක නම් ලෝඩ් වෙනවා බොහොම හොරයි. Popup ads අයින් කරන්න.

    ReplyDelete
  2. මේ බ්ලොග් එකට මම කලිං ආවම popup ad වැටෙන්න ගත්තා. දැං නං නැ වගේ.

    ReplyDelete
  3. මම නම් කවදාවත් බ්ලොග් එකට ඇඩ් දැම්මෙ නෑ..:)

    ReplyDelete
  4. අනේ අම්මප මටනං මෙව්ව තේරෙන්නෙ නෑ.
    ඒත් ඇස්වහ පුච්චනකොට ඇස් වගේම නාහෙත් වහගන්ට
    නැත්තන් ඔය දෙකම දනව මිරිස් සැරට.
    මට තාම මතකයි අපේ ආත්තම්ම අපි පොඩි කාලෙ ඇස්වහ පුච්චන්න ලෑස්ති වෙනකොට අපි පැය ගනං කැලේ පැනල උන්නු හැටි.
    හිකිස්.

    ReplyDelete
  5. මේකයි, කොමෙන්ට් වැටෙනවා කියන එක නීනු හිතන තරම් සරල දෙයක් නෙමෙයි. පාතාලෙත් එක්ක කනෙක්ෂන් තියෙන්න ඕනා. මැර ගැංසි එක්ක ගනුදෙනු තියෙන්න ඕනා. ඔයා මට පාට් දාන්න එන්නෙ මේව නොදැන. එදාට හම්බවුණාම ටිකක් මේව ගැන කතා කරමුකො :)

    ReplyDelete
  6. මෙයාට හැමදාම කියනවා අනම් මනං කෑලි දාන්න එපා කියලා. කොහෙද පණ්ඩිතයා කියන එකක් ගණන් ගන්නෙ නෑනෙ.. ඒ මදිවට දැන් තරහත් වෙලා... :'(

    ReplyDelete
  7. @ raala
    මේක ඩෙස්ක් ටොප් එකක් නිසා බය නැහැ..ලප්ටොප් එකක් නම් කැලේ පනිවි..ඔයාගෙ අත්ත්ම්මාව මගෙ වැඩේට සෙට් කරලා දෙන්නකෝ

    @ Thameera
    ඉතින් අනේ මම මරු සිරියාවතීව ළගින්ම ආශ්‍රය කරනවානෙ..අනික ඔයා වුණත් පාතාලෙනෙ....

    @ Chadhika ayya..
    ආ... මම කා එක්කද තරහ?

    ReplyDelete
  8. ඔන්න මමත් ඔයාට ශක්තියක් වෙන්න ඔයාගෙ "සහෘදයෝ" ගේන් කෙනෙක් උනා :)

    ReplyDelete
  9. ඔන්න මමත් comment එකක් දැම්මා.

    ReplyDelete
  10. ඒ කියන්නෙ ඔයාලා ඔක්කොම මගෙ පැත්තෙනේ... මම තමීරට නඩු දාන්න ඉන්නෙ...මොකෝ ඔයාලා ඒ ගැන කියන්නේ?...

    ReplyDelete
  11. මේ... නයාට ගහල පොල්ල වරද්ද ගන්න එපා කියල කියනව නේද? නෑ මං මේ නිකමට මතක් කළේ.

    ReplyDelete
  12. මේ ඇත්තට මට දැනුයි මතක් වුණේ...අර ඩිස්කවරි එකේ වගේ ගහල බැලුවා නම් ඉවරයි......

    ReplyDelete
  13. දවළූත් හදිසියේ වගේ එක පාරක් ඇවිත් ගියා..
    ඒත් ඉතින් තල්ලුවක් දෙන්න උනේ නැහැ.
    ආයෙමත් මතක ඇතුව ආවෙ තල්ලුවක් දෙන්න...

    මම බ්ලොග් ලියන්න කළින් නිතරම කියෙව්ව එකක් නෙව නගාගේ අඩවිය..
    ඉතිං ජෙෂ්ඨ උත්තමාවියන්ට අපි ගරු කොරන්ට එපැයි නැද්ද මං අහන්නේ...

    ReplyDelete
  14. මොනාද මාරයා අයියෙ? ජෙෂ්ඨ කිව්වාම වයසයි වගේ නේ දැන් බලන්න ඔය ජේෂ්ට ඇමතිකම් දුන්නෙත් මැරෙන්න ඔන්න මෙන්න අයටනෙ..

    ReplyDelete
  15. ඕං අපිත් ආවා කමෙන්ට් කොරන්න :D

    ReplyDelete
  16. හා නේ ඇඩ්මින් කෙනෙකුත් මට කමෙන්ට් දාලා..........අඳුරන්නෙත් නැහැ....

    ReplyDelete
  17. හිහ් හිහ්. මේ තියෙන්නෙ කොමෙන්ට් හොඳට. මෙහෙම ලිපි දැම්මම තමා කොමෙන්ට් එන්නෙ. මතක නැද්ද මමත් මෙහෙම අඳෝනා කියල දාපු ලිපි. :)
    http://mysinhalablog.blogspot.com/2010/11/blog-post.html
    http://mysinhalablog.blogspot.com/2010/02/blog-post_16.html

    ReplyDelete
  18. පුච්චමු පුච්චමු මාත් කැමතියි ඇස්වහ පුච්චන්න hehe :D

    ReplyDelete
  19. @ Madhawa Habarakada

    කමෙන්ට් එන්න කාට හරි බනින්නම ඕනේ....මම දැන් දන්නව..

    @ pasan
    ඔයාවත් දාන්නද ඇතිලියට

    ReplyDelete
  20. හිහ්..හිහ්..ගනන් ගන්ට එපා ඉතිං..අනික ඉතිං ඔයාගේ වයස කවුරුත් දැන ගනී කීයලා හිතලනේ මම නංගි කියලා කිව්වෙත් නැත්තං ඉතිං ඔයා මට අක්කා නෙව වෙන්නේ...

    ඔහොම තමා ඉතිං..ගෑනූ දැරිවියෝ කව්රුත් කැමති නැහැ නොවැ වයස කියන්ට.
    මෙන්න මං ගියෝ..බනින ඒවානං මට ඇහෙන්නෙම නැතෝ...

    ReplyDelete
  21. වරකො එදාට....... තාම විසි එකයි.............25 න් පස්සෙ තමයි වයස හංගන්නෙ... තව හතරක් තියෙනවා

    ReplyDelete
  22. hi Sri lankan friends
    ඔබ සම ලන්කවෙ ෆෙස්බුක් වෙත අරදනා කරමු.
    lankawe ayata pamanai
    www.teenlanka.net

    ReplyDelete
  23. බයවෙන්න එපා කොමෙන්ට් වැටෙයි. ඔයාට තියෙන්නේ ලියන එක විතරයි. කොමෙන්ට් දාන්නේ අපි නේ.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.