මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/6/10

ටෙම්ප්ලේට් නිසා නිතරම අවුල් යන රෝස වලාකුළු

මට හරියන්ම ටෙම්ප්ලේට් එකක් ලොව තිබේදැයි තවමත් සැක සහිතය....මට ගැළපෙන ටෙම්ප්ලේට් එකක් සෙවීමේ මෝඩ චාරිකාවට මම ප්‍රබල බ්ලොග් කරුවන් පවා ඇඳා ගත් බව මතකයේ ඇත...බ්ලොග් ටෙම්ප්ලේට් වෙනස් කිරීමට ගොස් නිරන්තරයෙන්  මුහුණ පාන්නට සිදුවූ ගැටළු බොහෝය..

විජට් අවුල් ඇති වීම.බ්ලොග් පෝස්ට් එකක් දෙවරක් බැගින් පෙන්වීමේ සිට,බ්ලොග් එක ඩිසේබල් වීම දක්වා සුන්දර අත්දැකීම් වලට මා මුහුණ පෑවෙමි...ඉන්දරේ අයියාගේ ෆේස් බුක් එකවුන්ට් එකටද,ශාකුන්තල අයියාගේ ගූගල් චැට් වලට ද පින් සිද්ධ වන්නට මා ඒ බොහෝ ගැටළු විසඳා ගත්තෙමි..මා හට බ්ලොග් සම්බන්ධයෙන් සමහර අවස්ථා වල පැන නැගපු ගැටළු ගූගල් ගෲප් එකට වත් දැමීමට සුදුසු නැතැයි, ඒ දුටු අන්තිමයා වරක් තරයේ කියා සිටිය..


කෙසේ වෙත්ත දැන් ටෙම්ප්ලේට් එකට මම කැමැතියි..නමුත් එය රෝස වලාකුළට කෙතරම් දුරට ගැළපේදැයි මම නොදනිමි...හොඳ ටෙම්ප්ලේට් තිබ්බොත් මට කියනු මැනවි..වර්තමාන ටෙම්ප්ලේට් එක සොයා ගත්තේ මගේ තරහකාරයෙකුගේ ලින්ක් එකක් මාර්ගයෙනි.ඔහු මේ බව දැන ගතහොත් ලොකු ගැටළුවක් සිදු වී මට පොලිස් සහය පැතීමට සිදු වනු ඇතැයි...අල්ලපු ගෙදර ඇන්ටි පැවසීය...

5 comments:

  1. මොනවා? මේ මගේ ලින්ක් එකකින්? :O

    ReplyDelete
  2. ඔව්... ඔයාගෙ ටෙම්ප්ලේට් සයිට් එක ක්ලික් කලාම තමා ආවේ..........

    ReplyDelete
  3. මම නම් පුද්ගලිකව, Pooh bearට කැමති වුවද, මේ template එකට නම් අකමැතිය.
    ඒ මදිවට මගුල් tool bar එකකුත් දාගෙනය. :( ඒක hide වෙන්නෙත් නැතිය. :( මගේ අවුලක්ද නොදනිමි.

    (බ්ලොග්කරුවන්ගේ සංසදයේ රූපයේ width එක අඩු කරන්න.)

    ReplyDelete
  4. @ gamindaකටේ යමක් සිරවී ඇති සෙයකි.

    @ Madhava අහෝ මම එය ඉවත් කළෙමි.මේ ඇයි මේකට අකමැති.ලස්සන එකක් කියනවකො

    ReplyDelete
  5. නිල් පාටට මම කැමති වුවද මේ වර්ණ සංකලනය සවුත්තුය. :(
    http://www.premiumbloggertemplates.com/
    මෙන්න මේකෙ මට හොඳ ටිකක් තියෙනව. (මගෙ බ්ලොග් එකේ තියෙන්නෙත් මේකෙන් ගත්තු එකක්)

    http://www.ourblogtemplates.com/
    http://www.mytemplatez.com/products/index/Blogger-Templates/2
    http://blogger-templates.anshuldudeja.com/
    මෙන්න මෙව්වයෙත් පොඩ්ඩක් බලන්නකො.
    හැබැයි ඉතින් fancy එව නම් ඕවයෙ අඩුයි. :)

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.