මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/13/10

එතෙරින් ආ පොඩි දුව

ස්වීඩන් යුවලගේ දරු කමට පත් වූ දියණියට වසර විසි හතරකට පසු ශ්‍රී ලාංකික මව හමුවෙයි.
 

_______පුවත්පත් වාර්තාවක්_______

අයියලා අක්කලා
නුඹෙ ඇකයේ නොමඳ
සුන්දර සිනා පා
හුරතල් වෙන කළට
මා නොරටක
දරු පල නැති යුවලකට
දුන් පින ඔබට
දෙව් ලොව
යන්නට ඇතිද?

දෙන්නට කිරි බිඳක්
දෙතනේ නැති වුණිද?
මා උන් හටම දෙන්නට
හිත ඇති වුණිද?
කහවනු කොපමණක
ගනුදෙනුවක් වීද?
මා ගිය දිනේ ඔබ
කෙතරම් හැඬුවාද?

ගං ඇළ වේල්ලේ

දුව පැන ඇවිදින්ට...
වෙල් එළි කමත් වල
කව් ගී මුමුනන්ට....
උණුසුම සිහිල රස
ඇති දෙස පහස මට
අහිමි කෙළේ අම්මද?
ඉපදුණු බිමද?

නදී , ජෙනී වී ජාතිය
මාරු වුණත්...
ඇඳුමින් පැළන්දුමින්
සංකර බව දැණුනත්
සුදු යුවලකට
අයිතිව වෙනතක විසුවත්
මම නුඹගේ පොඩි දුව
දුර ඈත ගියත්

උපන් ගමන් නොමරා
දිවි දුන්නාට
කොහේ හෝ හැදෙන්නට
සැලසෙව්වාට
එ පිනෙන් පතමි අම්මේ
ඔබ බුදු වෙන්ට
යන්නට අවසරයි
දෙවනුවටත් නොරට.......

4 comments:

  1. ලස්සනයි මේ පද ගැල පිල්ල !!!! මමත් ඔය ප්‍රවෘත්තිය ඉස්සර අහලා තිබ්බ වගේ මතකයි. !!!! ආහ් ඒක නෙමෙයි රෝස වලාකුලු, බ්ලොග් එකේ ඇස්වහ කටවහ පිච්චුවාද ????

    ReplyDelete
  2. තමන්ගෙ ඇත්ත අම්ම තාත්තගෙන් වෙන් වෙලා දුර ඈත රටවලට ගෙන යන පුංචි දරැවො ලොකු වෙලා අම්ම තාත්ත හොයාගෙන ආපු කථා ගොඩක් පහුගිය ටිකේ දැනගන්න ලැබුණා. ඇත්තටම ඒක මොන තරම් සතුටු දායක මොහොතක්ද කියල හිතාගන්නත් අමාරැයි. හරිම ලස්සන නිර්මාණයක් නංගියේ................

    ReplyDelete
  3. අඩුගාෙන් දුව ෙහාදින් ෙහාද තැනක හිටියෙන. අමමට එ්කම සැනසිල්ලක් ෙවන්න අැති.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.