මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/25/10

මඩ පහර,කොමෙන්ටු දෝෂ සහ නත්තල් තැග්ග

මේ දිනවල දහ නවය පැවති සුහද හමුව ගැන බොහෝ මඩ ප්‍රහාර පළ වේ. ඇතැම් ඒවාට එකඟ විය හැකි අතර සමහරක් දේට ඉඳුරාම මම එකඟ නොවෙමි..ඕනෑම දෙයක් සිදුවී අවසන් වූ පසු සිදු කරනු ලබන පශ්චාත් පරීක්ෂණ වලදී වැරදි හසු වීම වැඩි වීම සාමාන්‍ය කරුණකි.ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යාමට හැකියාවක් ඊළඟ වර තිබෙන්නෙ නම් ඒ පිළිබඳව කවුරුත් සිත් රිදවා ගත නොයුතුය.

කෙසේ වෙතත් කිරි කළයේ වූ ගොම බින්දු ෆිල්ටර් කර දමා කිරි පමණක් ගන්නා සේ  අපි අපි ට හමු වීමට ලැබීමම කෙතරම් සතුටක්දැයි සිතා හිත හදා ගන්නා ලෙස මම සහෘද ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.කලයට ගොමද කිරිද දෙකම වැටෙන්නේ එක කිට්ටුවෙනි..නැවත නැවත ප්‍රැක්ටිස් කිරීමෙන් පමණයි අපට නිවැරැද්ද කරා ළඟා විය හැක්කේ.ඔබ වැරදි සඳහා නිරන්තරයෙන් මඩ ගැසීමෙන් වෙන්නේ වැරැද්ද ප්‍රමෝට් කිරීම මිස නිවැරැද්ද කරා ළඟා නොවීම බවද මෙහිදී කණගාටුවෙන් කියා සිටිමි.

ඒ කිසිවකට එකම කොමෙන්ටුවක් හෝ නොදැමීම නිසාවෙනි,මගේ සටහනේ මෙවන් යමක් ලියා තබන්නට තීරණය කළේ.

සුහද හමුව ගැන මගේ පුද්ගලික හැඟීම- 
දේශණ පොඩ්ඩක් අඩු වුණා නම්,කට්ටියට කැෂුවල් කතා කරන්න ලැබෙන ඉඩ ටිකක් වැඩි වුණා නම් වටිනාකම ඉහළයි යන්නයි.කුමක් හෝ දෙයක් කිරීමට ඉදිරිපත් වීමම වටිනා දෙයක් හෙයින් මා ඒ දෝෂ ද ඉවත් කරමි. ව්‍යාපෘතිය විශාල වෙන්න විශාල වෙන්න වැරදි අඩුපාඩු විමේ සම්භාවිතාව වැඩි බව අපට පාසලේදී ජීවන නිපුණතා වලට කියා දී තිබේ.

මම දෙවනුවට කතා කරන්නේ කොමෙන්ටු ගැනය..නිර්නාමිකව පෙනීහිඳ අසැබි වදන් වලින් කොමෙන්ටු දැමීම තුළ කිසිම හරයක් නැත.මම පුද්ගලිකව සලකන පරිදී ලෝකයේ අසැබි යැයි කිසිවක් නැත.අසැබි බව තීරණය කරන්නේ සංස්කෘතියයි.එහෙත් අසැබි යැයි සම්මත දෙයක් මගේ බ්ලොගයට දමා ගැනීමට මම අසතුටු හෙයින් එවන් දේ කරන අයගෙන් එසේ නොකරන්නැයි කාරුණික ඉල්ලීමක් කරමි.කොමෙන්ටු මොඩරේට් කිරීම පසුව සලකා බලමි.ඒ මට ඒවා ඇක්සෙප්ට් කිරීමට කාලය මදි හෙයිනි.එන කොමෙන්ටු ටිකද මොඩරේට් කිරීමෙන් සංවාදයට බාධා සලසා කොමෙන්ටු අඩු කරගැනීමට මම අකමැත්තෙමි.ඒ කොමෙන්ටු ගොඩක් දැකීම මට සතුටක් හෙයිනි.

 ඉතින් ඒ සියල්ලට පසුව මට ප්‍රීති දායක පුවතක් ඇත.එනම් 2010 නත්තල් උදාවේදී රෝස වලාකුළට ලැබුණු තෑග්ගය.මාධව අයියා විසින් රෝස වලාකුළට අළුත් ඇඳුමක් සැපයීය.පෝස්ට් ගණනටත් වඩා විශාල ටෙම්ප්ලේට් ගණනක් මාරු කිරීම තුළින් අප්‍රසාදයට පත් රෝස වලාකුළට දැන් ලබන වසර අවසානය තෙක් අලුත් ඇඳුමක් ඕනෑ වෙන එකක් නැත.හේඩර් එක වෙනස් කිරීමෙන් පමණක් චිරාත් කාලයක් මෙය පාවිච්චි කළ හැකි වීම රෝස වලාකුළ ලද සුවිසල් භාග්‍යකි.

රෝස වලාකුළ නත්තල් පණිවිඩය-
මේ දිනවල බොහෝ වී අයි පී අය නත්තල් පණිවිඩ නිකුත් කරති. රෝස වලාකුළටද නත්තල් පණිවිඩයක් ඇත.

බ්ලොග් නත්තල් පණිවිඩය
ගහන මඩ හැරවී නෝන,මඩට මඩ කැපෙන,කූල් ප්‍රීතියක් පිරි නත්තලකට සියලු බ්ලොග් කරුවන්ට ආසිරි....

සමස්ත නත්තල් පණිවිඩය-

හැම මනුස්සයෙක්ම,මනුස්ස කමට හිනාවෙන,අනික් එවුන්ගෙ වැරදි හදා ගන්න ඉඩ දෙන,වැරදි කරලා නිවැරදි වුණු අයට සමාජයේ ගැටෙන්න ඉඩක් දෙන..කරපු නරකට වඩා කළ හොඳ ගැන හිතන..හිත් වල පිරිච්ච මිදුණු කඳුළු වලට අයිති හැම හේතුවක්ම සතුටට හැරවෙන...ආදරය සාමය සතුට පිරුණු සුබම සුබ නත්තලක්.....

14 comments:

  1. මටත් ඔයා කිව්ව එක පස්සේ තමයි තෙරුම් ගියේ. ඒ මඩ ගහන අයගේ පෝස්ට් බලන්න වැඩිය කට්ටිය එන්නේ නෑ. එයාලා ගැන අපි පෝස්ට් ලියලා ලින්ක් දැම්මාම තමයි ඒවාට කට්ටිය යන්නේ. මොකද ඒ අයගේ බ්ලොග් සින්ඩියේ නැති නිසා. නැත්තම් එයාල කරන්නේ ගොඩාක් කට්ටිය බ්ලන බ්ලොග් වල කමෙන්ට් එකක් දාන්වා එයාලගේ පෝස්ට් එකට.
    ඔව් සුහද හමුවේ අඩු පාඩු තිබ්බා. ඒත් අපිට මුකුත් කියන්න බෑ. ඒවා ඔක්කෝම කළේ කීප දෙනෙක් නිසා.

    ඔයාටත් කරදර ජරමර වලින් තොර සුභ නත්තලක් වේවා!!!!!

    ReplyDelete
  2. හික්.. ඔයාගෙ බ්ලොග් එකට ආවොත් මගේ internet connection එකට මොනවා හරි වෙනවා. ආවා විතරයි disconnect උනා.. ෂෙහ්.. මේ මාධව අයියට අපි කිව්වොත් තමා වෙලාව නැත්තේ. ඕකා අහු වෙයි‍නේ :D

    ReplyDelete
  3. ඔන්න මුකුත් කියන්න එපා කිසි ගැජට් එකක් දැන් මෙකේ නෑ...අර කට්ටිය ගණන් කරන එක ඇරෙන්න....ඔයාගෙ කෑගැහිල්ල හින්දමයි මම මේවා අයින් කළේ..

    ReplyDelete
  4. පල ඇති රුකටනෙ ගල් ගහන්නෙ. මේක නීනුට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි. Anonymous comments disable කරොත් මොකද?

    ReplyDelete
  5. අන්න හරි... කොහොමෙයි කරන්නෙ?

    ReplyDelete
  6. Blogger Settings වලට ගිහින් Comments tab එකේ Who can comment? වල Anyone නැතුව Registered users දෙන්න

    ReplyDelete
  7. දැන් හරි....තැන්කූ තැන්කූ ..ඉඳලා ඉඳලා තමීරයියා මෙහෙම හොඳ වැඩකුත් කරනවා...හොඳ කොල්ලා කියලා පන්සලේ හාමුදුරුවොත් කිව්වා.

    ReplyDelete
  8. කුණුහරුපෙන් හරි කොමෙන්ට් දාන එක ගැන ආඩම්බර වෙන්න ඔනෑ. ඒ එහෙම මන්ද මානසිකයෙක් හරි බ්ලොගේ කියෙව්වා කියල දැනෙන හින්ද. සාමාන්‍යයෙන් මගේ දැනීමේ හැටියට බ්ලොග් කියනව ප්‍රතිශතය හරි අඩුයි. ඒකට කොමෙන්ට් දාන අය ඊටත් අඩුයි..!! හොඳ කොමෙන්ට් දාන අය ඊටත් අඩුයි..!! හොඳට ලියන අය ඊටත් අඩුයි...!!!!!

    ReplyDelete
  9. මෙන්න ඉන්ද්‍රනාථ අන්කල් යටින් මඩ එවනෝ

    ReplyDelete
  10. සාමට සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා කියලා මමත් මගේ මුළු හදවතින්ම සුභ පතනවා....

    මඩ කේස් එක අපිටත් එක්කමද මන්දා කිව්වේ....හික්ස්...

    ReplyDelete
  11. එව්වත් මඩ අනේ...එව්වා සුන්දර මඩනෙ

    ReplyDelete
  12. Anomous Commnet නවත්තන එක අවාසි මම හිතන්නේ Bloger Account or Google Account නැති කෙනකුට එයාගේ ප්‍රතිචාරය කියන්න විදියක් නැ. මම හිතන්නේ

    ReplyDelete
  13. එල එල, ලිපිය හොඳයි. කතාව හරි, මඩ කියන්නෙත් තවත් බ්ලොග් කියවන්නෙක් කියන එකනෙ. :) ඒත් ඒකගෙ හිතේ තියෙන්නෙ වැරදි/නරක අදහසක්. එතනයි වැරැද්ද.
    මම නම් ඇනෝ කොමෙන්ට් ඇක්ටිව් කරල තියෙන්නෙ, ඒත් එක්කම comment moderationත් ඇක්ටිව් කරල.
    මටත් ඇවිල්ල තිබෙනවා අසභ්‍ය කොමෙන්ට්, මොඩරේශන් වලට පිං සිද්ද වෙන්න, කිසිමාවුලක් වෙලා නෑ.

    @කණියා: උඹත් උදව්වක් ඉල්ලුවොත් නොකර ඉන්නෙ නෑ, වෙන්න පුළුවන්, කාලය අනුව වෙලාව නැති වෙන්නත් පුළුවන්, නමුත් මේ කාලෙ නිදහස් නෙ.

    තීම් එකේ පොඩි අවුලක් මම මේ දැන් දැක්ක. මගෙ අතින් පොඩි අතපසුවීමක් වෙලා. එතරම්ම ලොකු දෙයක් නෙමෙයි. කොහොම හරි තීම් එක හොඳ නම් එච්චරයිනෙ. :)
    සුභ නත්තලක්!!!

    ReplyDelete
  14. ඒකට නේ open ID තියෙන්නෙ :)

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.