ස්ත්‍රීවාදය නම් වචනය දේශපාලනික වන ප්‍රමාණයටම ගැහැණුකම යන්න බායාදු වන වචනයකි. මේ කොයි වචනයෙනුත් හඳුන්වන්නේ ස්ත්‍රීත්වයට හිමි වටිනාකමේ වපසරියයි. සයිබර් ලෝකය තුළ පිරිමි අනන්තවත් අපහාසයට ලක්වුවද ඒ අපහාස මත එල්ලි එල්ලී සිටිමින් එය ඉදිරියට රැගෙන යාමට පිරිමින් සැමවිටම මැලි වෙයි. එහෙත් ස්ත්‍රියකට යම් අපහාසයක් වේ නම් එය නැවත නැවතත් සිහිකරමින්, විඳිමින් කාමුක ප්‍රචණ්ඩත්වයටම යන තෙක් අපහාස කිරීමට සයිබර් ලෝලීහු කිසිවිටකත් මැලි නොවෙති. සරලවම එය විරුද්ද ලිංගික ආකර්ෂණයෙන් මඩනා සිතිවිලි පරම්පරාව නිසා සහ ලිංගික ඉරිසියාව නිසා ඇතිවන්නක් බව බොහෝ මනෝවිද්‍යාඥවරුන්ගේ මතයයි.
සයිබර් ප්‍රචණ්ඩත්වය යනු අලුත් දෙයක් නොවන්නේ සයිබරය හරහා ගනුදෙනු කරන සියල්ලෝම මිනිසුන් වන නිසාය. සාමාන්‍ය සමාජය තුළ වුවද ප්‍රචණ්ඩත්වය සෑමකාලයකදීම දක්නට ලැබෙයි. යම් සිදුවීම පුවතක්ව පැතිර යන උපරිම ප්‍රදේශය දක්වා එහි උපහාසය ද අපහාසය ද පැතිර යයි. එය කාන්තාවක් කෙරේ බැඳෙන්නේ නම් පැතිරයාමේ වේගය සහ ප්‍රදේශය ඉතා වැඩි වේ. එයට හේතුව පිරිමින් පුවතට දෙන තටු රැගෙන වේගයෙන් ඉගිලීමට අනෙක් කාන්තාවෝ ද බොහෝ විට බලා සිටින බැවිනි.
කාන්තාවකට සිදුවන යම් ගැටලුවකදී, ඒ වෙනුවෙන් පෙනී සිටීමට කාන්තාවෝද බොහෝ විට මැලිවෙති. මන්ද යත් ඒ සාමුහික අපහාසයට ඇති බිය සහ සිය වර්ගයා කෙරෙහිම ඇති තද බල ඉරිසියාව නිසාය.
කාන්තාවකට සිදුවන යම් ගැටලුවකදී, ඒ වෙනුවෙන් පෙනී සිටීමට කාන්තාවෝද බොහෝ විට මැලිවෙති. මන්ද යත් ඒ සාමුහික අපහාසයට ඇති බිය සහ සිය වර්ගයා කෙරෙහිම ඇති තද බල ඉරිසියාව නිසාය.
පවතින සමාජ උපනතියට ගෝචර නොවන යමක් යම් මිනිසෙක් හෝ ගැහැණියක් විසින් සිදු කිරීම අනෙකුත් ජනසමාජයේ උපහාසයට මෙන්ම අපහාසයටද ලක්වීම ස්වභාවිකයැයි සැවොම සිතති. එය වැරදිද නිවැරදිද යන්නට වඩා එය අපූර්ව බවකින් යුක්ත වීම මූලික ගැටලුව විය හැකිය. මේ දින වල නිරන්තරයෙන් කතාබහට ලක්වන සමාජ සිද්ධි බොහෝමයක් මින්පෙර නොදුටු විරූ නිසා සහ ප්‍රථමයෙන් පුවත් බවට පත් වී දෙවැනුව එක් එක් සමාජ මට්ටම් අතරට ගොස් වෛරසයක් මෙන් ව්‍යාප්ත වී ගිය නිසා එම සිද්ධි වලට අනන්‍ය වටිනකම් එක් විය. එවිට සමාජ ශෝධනීය අරමුණ නැමති අයිසිං තට්ටුවෙන් වසා ගත් වෛරය සහ අනියත භාවය නැමති ගොම පිඬ ගඳ ගස්සනු ලබන්නේ සමාජයේ මානවයාට ඇති හිමිකම් සමූහයයි.
මානවයා වහල් සමාජයෙන්ද වැඩවසම් සමාජයටද , ඉන් ධනේෂ්වරය සමාජයට පිවිසි අතර නීතිය යන්න බිහි කරගත්තේ සත්වයාට වඩා තමා ඉහළින් සිටින නිසාය. යම් වරදක් වේ නම් එයට දඬුවමක් තිබිය යුතුය. ප්‍රසිද්ධ ස්ථානයක නොහොබියැයි සම්මත වචනයකින් හෝ හැසිරීමකින් යමෙක් අපහසුවට ලක්වේ නම් එයට ක්‍රියාත්මක විය යුත්තේ නීතියයි. එහෙත් අද එය වීඩායෝවක් ලෙස අප්ලෝඩ් වන අතර, සයිබර් සමාජ ශෝධක සුදු රෙඳි හැඳගත් ඉච්ඡා භංග චරිත මහා විරුවන් සේ ඒවාට එරෙහිව නැගී සිටිති
මත ප්‍රකාශ කිරීම හා සංවාදය යනු සැබැවින්ම මානවීය ගුණ ඉස්මතු කරන, මානව සබඳතා ඇති කරන සහ තර කරන සංසිද්ධියක් වුවද ඒ හරහා පීඩාවට පත් කිරීම්, පහර ගැසීම් කොයිතරම් දුරට ගරු කටයුතු සමාජයකට උචිතදැයි කල්පනා කළ යුතුය.
අද වන විට සයිබර් අවකාශය මිනිසුන් විසින් සීමා විරහිතව සිය නිවස්න කරගෙන ඇති බැවින් එදාට වැඩි වේගයෙන්, සීමා මායිම් රහිතව පුවතක් පැතිර යාමේ වේගයක් පවතී. මෙකී ප්‍රදර්ශනාත්මක සමාජය තුළ අනෙකාගේ වින්දනය සහ පුද්ගලිකත්වය සයිබර් ප්‍රේක්ෂකයන් බොහෝ විට ගරු නොකරයි. එයට හේතුව තමාට වෙනත් පෞරුෂයක් දැරීමට මෙකී අවකාශය තුළ ඇති හැකියාවයි. මෙහිදී එවන්නන්නට ඇනොනිමස් හෝ සුඩොනිමස් ආදී භාවයන්ගෙන් පෙනීසිටීමින් සැබෑ ලොවේ තමන් තුළ වෙසෙන, එහෙත් සියත්ව යටපත් කරගත් තිරස්චීන සිතිවිලි එළිදක්වා ගැනීමද හැකියාව පවතී.
සයිබරය තුළ දේවල් උපදින්නේ නැත. ඒවා ගෙනත් දමන ලද ඒවාය. ඒවා ගෙනත් දමන අයගෙන් මුලින්ම මානව හිමිකම් ප්‍රශ්න කළ යුතුය. තමාගේ කෙනෙක්ට මෙනැන්නක් වන විට එරෙහිවීම කෑගැසීම මෙන්ම අනෙකාටද ඒ වේදනාව ඒ හා සමානවම දැනෙන බව තේරුම් ගැනීමට තරම් අපට බුද්ධිමත් විය යුතුය. අවසානයේ මැක්කාගේ කතාව මෙන් දිගු කාලීනව යුද්ධයක් පැවති රටකට මෙය තරමක් අපහසුය. මන්ද යත් ප්‍රචණ්ඩත්වය තුළම ජීවත් වූ මිනිසුන් එකී ප්‍රචණ්ඩත්වය නැති තැන කරකියාගත නොහැකි තැනට පත්වී සිටී. ලංකාවේ මාධ්‍ය කලාව තුළද මෙවැනි දේ අලවි වන්නේ ඒ හේතුව නිසාම විය යුතුය. කෙසේ වෙතත් සයිබර් ප්‍රචණ්ඩත්වය අවම කිරීමට නම් සමාජ සාමුහික තුළ පවතින ප්‍රචණ්ඩත්වය මුලින්ම අවම කළ යුතු බව සහ ස්ත්‍රීය පුරුෂයාටද, පුරුෂයා ස්ත්‍රියටද, ස්ත්‍රීය ස්ත්‍රියට සහ පුරුෂයා පුරුෂයාටද අධ්‍යාත්මීයව ගරු කරන සමාජයක් නිර්මාණය කිරීම අත්තිවාරමේ සිට ඇරඹිමට සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු බව විශ්වාස කරමි.
ගුඩ් වන්.. මම නං කියන්නේ ගෑනුන්ට මොන සම අයිතිවාසිකම්ද කියලයි.. උන්ට දෙන්න ඕන නිසි තැන. නැතිව පිරිමින්ට ඕන කරන “සම තැන“ නෙමෙයි..
ReplyDeleteහොඳ ලිපියක්, හැමෝම තමන්ට "හිමි" තැන තේරුන් ගන්න උත්හස කලා නම් ගොඩක් ප්‍රශ්න අඩු වේවි.. ඒත් එක්කම නිදහස වල් බූරුවිදිහට භාවිතා කරන එකත් අඩු වේවි..
ReplyDelete