පින්තූරය ගත්තේ Asian Mirror අඩවියෙනි. |
නමින් “කෙටි“ යන වචනය දුන්නාට, ඒවාට ගැළපෙන්නට තරම් “කෙටි කවි“ අඩු යැයි මට සිතේ. නමුත් බොහෝ කවි කලබලෙන් ලියා ඇති බව නම් දැනෙයි. සමහර කවි කූඨප්‍රාප්තියෙන් එහා බොහෝ දුර යාම නිසා කවියේ රසය අඩු වී තිබේ. හැඟීම් වලට ලෝබ වීමෙන්, කවි අනවශ්‍ය තරමට ගලාගෙන යාමට ඉඩ දීම බොහෝ හොඳ කවියෝ කරන වරදක් යැයි මම සිතමි. කවිය ලියන්නේ ඔබ නම්, නරක ලෙස, දරුණු ලෙස ඔබේ කවියට විරුද්ධ වී කවිය නතර කරන්නට කවි කාරයන්ට බැරි ඇයිදැයි මම අසමි. කවියන් වචන වලට බය විය යුතු නැත. කවියන් හැම විටම තාලය ගැන සිතා වද විය යුතු නැතැයි මම සිතමි. කවි ලස්සන වන්නේ හොඳම පිළිවෙලට වචන යෙදීමෙන් මිස, තාලය අල්ලා ගැනීමට අකුරු හා සක්ක පද යෙදීම තුළින් නොවේ. බස්සි ලස්සනට ලියයි. එහෙත් මෙවැනි දේ මට අනුව ඒ ලස්සන මඳක් නතර කරයි.
උපුටා ගැනීම 1 - (පිටුව 24)
පෙරදිගම මුතු ඇටය මේකය.
උපුටා ගැනීම 2 - (පිටුව 23)
මහත කොන්දොස්තරා වරක් දෙවරක් උඩ පැන
“මුතු ඇටේ දැන් කාකි පාටය“ කවිය, මම බස්සිගේ ඉතා කැමති කවි අතර වෙයි. එහෙත් ඒ කවිය ඉවර විය යුතු තැනින් එහාට බස්සි දන්නා සම්පූර්ණ සිද්ධිය කවියෙන් කියන්නට යෑමේ වරද බස්සි කරයි. සමහර වචන වලින් ඒ වචන වලින් දනවන තරම් දෙයක් හදවතට නොදැනෙයි.
උපුටා ගැනීම 3 -(පිටුව 25)
“ අන්න ඒක (ලු) ලොකුම පාපය“
මෙහි “ලොකුම“ යන වචනය නැති වුණා නම්, මාගේ හදවත මීට වඩා රිද්මයානු කූලව කම්පනය වනු ඇත. මේ සෑම දෙයක්ම මා පවසන්නේ මට අනුවය. එය තව කෙනෙකුට වෙනස් විය හැක. “පාපය“ යන වචනය බයිබලය ආශ්‍රය කරගෙන වර නැගෙන ආකාරය තුළ මට “බට්ටී“ ගෙන් කුසලානය දරන මේරි මැග්ලන්ඩ් ව පෙනෙයි. මට පුදුම අපේ බස්සී රිද්මය නිසඟයෙන් එන තැන් බලහත්කාරයෙන් විනාස කර, රිද්මයක් නැති තැන් වලට බලයෙන් රිද්මය ඔබ්බවන්නේ ඇයි කියා ය. ඒ බස්සිගේ හුරුබුහුටි කම විය හැකිය.
“කොමන්ඩෝ පෙම්වතා ගේ සුරතාන්තය “ ගැන බසු ඇස දකින වෛරයට මම අකමැත්තෙමි. එහෙත් බස්සී කැමති ලෙස දකින්නට බස්සීට හැකිය. මම වෛරයට අකමැති, වෛරී කවි වලට අකමැති කෙනෙක් නොවෙමි. මේ මොහොතේ මම වෛරයට අකමැති වෛරය විසින් එකී කවියේ කවිත්වය යටපත් කරන නිසයි. මේ කවිය වෛරය පසෙක දා ලිව්වා නම්, බස්සී මීට වඩා වෙනස් ප්‍රවේශයක් සහිතව ලියන බව මට සහතිකය.
රබන් තලන ආච්චිලාගේ කවි නිමිත්ත, මම බස්සි ගැන ආඩම්බර වන කවි නිමිත්තකි. එහෙත් ඒ වචන පිළිබඳව මීට වඩා කල්පනා කාරී විණි නම්, බස්සි අනර්ඝ කවියක් බිහි කරනු ඇතැයි මම විශ්වාස කරමි. බස්සි තවත් බොහෝ මුවහත් විය යුතුය. බස්සිට මට වඩා සිහින ඉපදෙන්නට තරම් වාසනාවන්ත නිසා බස්සි අක්කා මුවහත් විය යුතුය. බස්සිගේ කවි වල වෙන කවියන්ගේ සුවඳ මට සමහර තැන් වලදී දැනුණත් එය මම ගණනකට නොගනිමි. කවියන් ආභාසය ලද පමණින් කුකවියන් යැයි කිව හැකි නොවේ. අපි දොහොත් මුදුන් තබන කවියන් පවා, සිය මුල් කවි වලදී තමන් අදහන කවියන්ගේ ආදරය කවි තුළට එබීමට ලෝබ වෙයි. මම එය කවියන්ගෙන් කවියන්ට ආත්මීයව ප්‍රේරණය වන ආදරය යැයි අදහමි.
බස්සි අක්කා තාමත් හත් පෙති මල අදහයි. සමනළයන් විශ්වාස කරයි. එබැවින් ඇයගේ ලෝකය ට බර සාර විචාරයන්ට වඩා සහෘද විචාර ඕනෑ කරයි. බස්සිට නිතර තර්ජනය කරන, බනින මෙන්ම ආදරේ කරන මම කියූ දේ බස්සිගේ කවි ලෝකයට හොඳක් කරත්වායි මම පතමි. බස්සි තව බොහෝ දුර යන්නට නම්, බොහෝ කවි කියවිය යුතුය. බස්සිගේ ආත්ම ප්‍රකාශනය කවිය නම්, කවි ලියන්න බස්සි උගත යුතුය.
හදිසි සුන්දරත්වයකින් එකවරක් හෝ ඔබ මුසපත් කිරීමට තරම් බසු කවියට හැකියාව ඇති බව ඔබ තේරුම් ගත යුතුයි . එය හරියටම පුම්බන ලද සබන් බෝලයක් වැනිය. ඔබ වටා දෝලනය වෙමින්, ඔබව ඒ තුළට ගනිමින් පවතින ලෝකය පුංචි සුන්දරත්වයකින් පෙන්වා අවසානයේ පුපුරා යයි. බසු කවිය කියවන්න. සුබ අනාගතයක් බස්සි අක්කේ.
මීට,
ස්ටෝබේරි කිරි සහ කෝන් ෆැලැක්ස් සමඟ
රෝස වලාකුළු වල සිටින මම
2015-12-21
කවි ගැන මට කිසිදු ඇල්මක් නැති නිසාත් ඒ ගැන මොනවත් නොදන්න නිසාත් කවි කියවිමට ආසාවක් නැති නිසාත් බස්සිගේ කවි කියවා නැති නිසාත් අදහසක් ඉදිරිපත් කල නොහැකිය කෙසේ නමුත් කලගට පසු ෙහාද විෙව්චනයක්
ReplyDeleteබසු කවිටික තාම කියවන්න ලැබුනේ නෑ. පොත ලැබුන ගමන් බලන්න ඕන.
ReplyDeleteමෙැවැනි කියවීම් තමා වැදගත්.. ජය වේවා.. ස්තුතියි නෙරංජි
ReplyDeleteඋන්දැගෙ කවි සබන් බෝල තමා. වෙර දාලා පබ්ලිසිටිය දීලා එව්ව පුම්බල දෙන්නෙ උන්දැගෙ යාලුමිත්තරයො ටික. ඇතුලත් හිස් පිටත් හිස්. නම දැම්මොත් තරහ වෙන හින්දා ඕං ඇනෝ ඇවිත් ඇත්ත කියලා දැම්මා.
ReplyDeleteMamath asawen kiyewwa
ReplyDelete