ඇයි කවදාවත් බඳින්නෙ නෑ කියලා ඔයා හිතාගෙන ඉන්නෙ?
මම ඇය ගෙන් ඇහුවා. ඇයගෙ හිනාවෙ තිබුණෙ උපහාසයක්. ඈ මගෙ යෙහෙළික්. එදා නම් ජීවිතේ ගැන අනේක විධ බලාපොරොත්තු පොදි බැඳගත්ත සුන්දර යෙහෙළියක්. පසුව ජීවිතය දිහා උපහාසෙන් හිනාවුණු යෙහෙළියක්. අද ඒ සියල්ලටම වෙනස්.. එහෙත් සමහර වැරදීම් වලින් අන්තයටම වැටුණාම, ඇයට විවාහ වෙන්න හිතෙන්නෙ නැතිව ඇති කියලා මට හිතුණා.
ජීවිතය කියන්නෙ පතන දේම නොවෙයි. ලැබෙන දේ. ඒත් ඒ දේවල් ලැබෙන්නෙ, අපේ යම්කිසි කර්ම ශක්තියකට. ඇත්තම කතාව තියෙන්නෙ එතැන. ඇය අපූරුවට ආදරය කරන්න දැන ගෙන හිටියා. ඒ නිසාමයි ඇය මේ තරම් ම ආදරය කළේ. අවසානෙදි ඒ ආදරේ ඇයට දුකක්ම වෙලා. ඉතින් ඇය බොහොම දරදඬු තීරණයක් ගත්තා.
ඇගේ මවු පියො , යහළු යහෙළියො කෙතරම් ඇවිටිලි කළත්, ඇය තෝරාගත්තෙ අනගාරික ජීවිතයක්. ඒත් අපි බලාගෙන හිටියා ඒක කවදාම හරි වෙනස් වෙයි කියලා. රූපෙන් හුඟක් ලස්සන ඇය මනාලියක් විදියට කුල ගෙදරින් නික්ම යායුතු බව අපි ඇදහුවා.
ඔහු ආවේ ඒ වගේ කාලෙක. ඇයට නම් ඒක හරි අපූරු කාලයක්. ඔහු ඇගේ මුළු ජීවිතේම වෙනස් කළා. ඇයගෙ සිතිවිලි වලට පියාපත් දුන්නා. මුලු වසන්තයම සිතිවිලි සිරගත කරගෙන සිටි ඇය, හේමන්තයේ සිය සිතිවිලි මුදා හැරියා. එහෙත්, අපි සිහින දුටු දේ එයද?
ඇයි කවදාවත් බඳින්නෙ නෑ කියලා ඔයා තවමත් හිතාගෙන ඉන්නෙ?
මේ දැන් මම නැවත ඇයගෙන් ඇහුවා.
එය විතරාගී ප්‍රේමයක්. ඇය මට කිව්වා. දැන් ඈ ප්‍රේම කරන වයස සංස්කෘතියට අනුකූලව පහු කර ඇති නිසා, ඇය සියතින් සංස්කෘතිය නැමති බාධකය ජීවිතයට බලහත්කාරයෙන් වෙලාගන්වමින් හිටියා. සැමවිටම සංස්කෘතිය මෙසේ කාන්තාවට බාධා කරන්නේ කුමක් නිසා දැයි තවමත් මට පුදුමයක්.
එහෙත් හොඳම දේ දැන් ඇය ආදරය කරනවා. කඩදාසි කොළයක නම් සටහන් නොවුණත්, සුදු සාරි තැළි පැළඳ පෝරු මස්තකාරූඪ නොවුණත් ඇය දැන් ආදරය කරනවා.
මේ සිතිවිලි එක්කම මම ඈත සුළඟේ දිව යන දහස් ගණනක් දූවිලි අංශු දෙස, බස් රථයේ ජනේලයෙන් බලා සිටිනවා. ඒ මොහොතේම නන්දා මාලනියගේ මියුරු හඬ ඝෝෂාකාරී නගරයේ කඨෝර හඬ පරදමින්, මගේ සවන හරහා හදවත දැවටෙනවා. ගයන ඇගෙත් මගේ යෙහෙළියගෙත් විශාල වෙනසක් ඇද්දැයි මගේ සිතිවිලි මා හා තර්ක කරමින් ගමනාන්තයට යනවා.
වසන්තේ නිදා උන්...යොවුන් කොකිලාවන්...
ගයන්නේ සුපෙම් ගීත..හේමන්තයේදී...
වසන්තේ ලපල්ලෙන් වැසී උන් කුසුම් කැන්...
නටන්නෙ පිපී දැන් හේමන්තයේදී....
විලාපෙන් විඩා වි..රැදී මංතලාවේ...
වැසී අන්ධකාරෙන්..වැටී මංමුලාවේ...
වලාවක් ලෙසින් මා.. ඇදෙද්දී අයාලේ...
ඔබෙන් නෙත් ලැබුවේ...හේමන්ත කාලේ...
සුසුම් ලා දිවා රෑ...වෙලී හුදකලාවේ...
එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ...
තුෂාරෙන් උදා වූ..සඳක් සේ නිශාවේ..
ඔබයි නෙත් සැදූවේ හේමන්ත කාලේ...
නංගො මේ නම් ලියල තියෙන්නෙ මං ගැනමයි... ඇත්තමයි...
ReplyDeleteතව කීයක් මෙහෙම කියාවිද මන්දා
Deleteවීතරාඟී ප්‍රේමයක් කිව්වේ මොකද්ද ?
ReplyDeleteඒ කියන්නෙ ශාරිරික රාගයක් නෑ.. විරාගිකත් නෑ.. ඒකියන්නෙ රාගයක් නැත්තෙත් නෑ. විත කියලා කියන්නෙ මුවටනෙ.. කතා බස් කරන ප්‍රේමයක් ගැන
Deleteමමත් අදයි එකේ තෙරැම දැනගත්තේ අක්කෝ :)
Deleteමම හිතන විදිහ ඔය.. හරියටම නිර්වචන දන්න කෙනෙක් කියන්න.
Deleteඒ වැඩේ හරියන් නෑ !!
ReplyDeleteඅපිත් කිව්වා
Deleteවිතරාගී ප්‍රේමයෙත් වරදක් නෑ වගේ..
ReplyDeleteඅපෝ කිසි ප්‍රේමයක වරදක් නෑ.. දිනේෂ් අයියා.. ගොඩක් පෙම්වතුන් ගැන වෙන මිනිස්සු ට නෙ ප්‍රශ්න තියෙන්නෙ ^_^
Deleteනෙරාංජි අක්කාට මගෙන් මොනවද ඕනේ? කිවුව කතාවට ඕනේ දෙයක් දෙනවා අෆ්ෆා ඇත්තමයි. ^_^ අපි අපේ ස්පැම් කමෙන්ට් ටික පෙන්නුවොත් අක්කේ පිස්සු වැටෙනවා. හික් හික්....
Deleteවීතරාගි ප්‍රේමය යනු රාගයෙන් තොර ප්‍රේමයක්. පෙම්වතුන් දෙදෙනෙකු අතර නම් එවැන්නක් පැවතීම එතරම් හොඳ නැහැ. මහාචාර්ය සුචරිත ගම්ලත්ට අනුව නම් ඒක රෝගයක්. ඔහු එසේ පැවසුවේ සුනිල් ආරියරත්නට, "ප්‍රේමය නම් රාගයෙන් තොර.." ගීතය ගැන.
ReplyDeleteමේක කිව්වා කියලා මාත් එක්ක තරහා වෙන්න එපා
ඔව්!! ඔව්!! ඒක හොඳ නෑ තමයි. ප්‍රේමයේ base එක රාගය කියලා කවුදෝ මට කියා දීලා තියනවා
Deleteප්‍රේමයත් එක එක විදියයි, රාගයත් එක එක විදියයි.. ඕක නිර්වචනය කරන්න හරි අමාරුයි.. විශේෂයෙන් මේ අපේ ඔලුවෙ ඇතුලෙ හැදිලා තියෙන සංස්කාතික රාමුව ඇතුලෙ..
ReplyDeleteසමහර වෙලාවට අවුරදු තිස් හතලිස් ගනං කසාද බැඳලා, ළමයි හදලා, ළමයින්ගෙත් ළමයි හදලා, ඊටත් පස්සෙ ප්‍රේමයෙන් වෙලෙන අය ඉන්නෙ... ප්‍රේමයට කාල සීමා නෑ.. ඔතන වැඩිපුර බලපාන්නෙ හිත... එක්කෙනෙක්ගෙ හිත තව කෙනෙක්ගෙ හිතකට සමාන වෙන්නෙ බොහොම කළාතුරකින්.. එහෙම දෙන්නෙක් හමු උනාම හරි ලේසියි ප්‍රේමයක් ඇති වෙන්න... සාමාන්‍යයෙන් අවුරුදු 17 - 20 ගනං වලදි ගොඩක් අයගෙ හිත් එක සමානයි.. ජීවිතේ ඉදිරිය ගැන වැඩිය හිතන කොට... බොහෝ දුරට අවංකයි.. ජීවිතේ වරද්දගත්ත තැනක් කියලා තියෙන්නෙ බොහොම ටිකයි.. දිගෑරපු පොතක් වගේ ජීවිතේ විවෘතයි... විසි ගනං මැද වෙනකොට ඔය තත්වෙ වෙනස්.. එතෙකාට වැරදෙන්න හරි, හරියන්න හරි ජීවිතේ තීරණ අරං ඉවරයි.. ඊටත් පහු වෙනකොට තමයි ඔය වගේ සංකීර්ණ ප්‍රේමයන් ඇති වෙන්නෙ .. මොකද එතෙකාට බොහෝ දුරට ජීවිතේ විඳින්න තියෙන අනිත් හැම දේම විඳලා තියෙන්නෙ.. ඒ වෙනකොට තමන්ගෙ හිතට හරියනම කෙනා හම්බුවෙලා තිබ්බොත් ප්‍රේමයත් විඳලා.. නැත්තං තව දුරටත් හොයන්න සිද්ධ වෙනව.. හම්බුනොත් විතරාගිකව හෝ හිතෙන් විඳින ප්‍රේමයත් සතුටක්.. නැති උනොත් මහ හිස්කමක්.... ඒත් ජීවිතේ ගෙවිල යනව හිමීට...
ඔන්න ඔහොමයි මට හිතෙන්නෙ...
නියම විග්‍රහයක් අක්කෙ.
Deleteඇත්තටම රාගයෙන් තොරව ප්‍රේමයක් පැවතිය හැකිද? මං නම් පෞද්ගලික අදහස එහෙම ප්‍රේමයක් පැවතිය නොහැකියි. (රාගය යනු 'වනචර'කම නොවේ.)
ReplyDelete