මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

11/1/13

-231- මට හමුවූ සුන්දරම යුවතිය



ඇයව මට හමුවුණේ කොහුවලදි, නිල් මල් ඉහුණු සුදු වන් රෙද්දකින් දෙදණ තෙක් වැසුණු ගැමි පන්නයෙ ගවුමකින් ඈ සැරසී සිටියා. එහෙත් ඈ අගනුවර යුවතියක් විය යුතුයැයි මට සිතුණා. සැකසු ඇහිබැමත්, ලේයර් හැඩැති හිස කෙසුත් නිසා.

මා සමඟම ඇය බසයට ගොඩ වුණා. බසයේ කොණකට ඇති ආසාවෙන් ඇය ඉක්මන් වුවත්, පුංචි දරුවෙක් ඇයව තල්ලු කළා. ඇය සුන්දරව සිනාසුනා. මේ අපූරු යුවතිය මේ දරුවාට බසයේ පෙම් මුල්ල දුන්නා. දැන් ඔවුන් බර කතාවක. අපූර්වත්වය නම් ඒ කුඩා දරුවා භාෂාවක් කතා නොකිරීමයි. ඇය කිසිම අපහසුවකින් තොරව හදිසියේ හමුවූ ඔහු හා කතා කරන විලාසය මාද ඇතුළුව බසයේ හැමෝම බලා සිටියා. ඇය එයින් අපහසු තාවයට පත් වූ බවක් දැක්කෙ නැහැ.

ඇය ගොළු යුවතියක නොවූ බව බසයම දැන ගත්තෙ, පාර වැරදුණු මිත්තණියක් බසයෙන් බස්සවන්න ඇය කොන් දොස්තරට කතා කළ වෙලාවෙ. ඒ හඬ එතරම්ම ගීතවත්.

ඇය ඉන්පසු නැවතුමෙන් බැස්සා. මේ අපූරු යුවතිය යන මඟ ගැන සොයාගන්න ආශාවක් මට තිබුණා. පාර හදන තැනකින් බැසගත් ඇය, වැඩකරන මිනිස්සු දෙස බැලුවෙ දන්නා හඳුනන අය දෙස බලනවා වගේ.

කාන්තාවක් ඇය අඳුරලා වගේ මල් දහයක් තෝරා ඇය අතට දුන්නා. නිල් මහනෙල් මල් පොකුර අතට ගත් ඇය හීන් හිනාවක් මටත් දුන්නා. මමත් මල් දෙකක් අරන් ඇය එක්කම කතාවට වැටෙන්න ඇය ළඟින් ගමන් කළා. මම කතා නොකරම ඇය කතා කරනවා.

“ පටන් ගන්න තැනම අයට බිස්නස් අඩුයි. පන්සල ගාවට වෙන්න වැඩියි. මෙතන රස්නෙ නිසා මල් ඉක්මනින් පර වෙනවා. “

මගෙන් උත්තරයක්වත් තව අලුත් කතාවක් වත් ලැබෙන්නට පෙර, ඇය දිගු පාර අසබල වෙලක ලියැද්ද ළඟ නැවතුනා. පොරි පැකට් එකක් දමාගෙන දැන් ඇය මාලු එක්ක කතා කරනවා. එතැනින් පසු ඇය කිසිම කෙනෙක් නොදුටු ගාණට තමන්ටම මුමුණමින් පන්සලට ගියා.

මේ අපූරු යුවතිය හොයන්නෙ මල් අඩු බුදුවරු. ඇය මල් තිබ්බෙ එවන් පිළිම ළඟ. මඳක් තම පිළිවෙතෙහි යෙදුණු ඇය එන්න පිටවුණා. මල් ආසනයක වියළි මල් පර වෙලා. ඇය තම ගමන පසෙක තබා මල් අසුන පිරිසිදු කරන්න පටන් ගත්තා. තරුණයො කිහිප දෙනෙක් තනි ඇයට උසුළු විසුලු කරනවා. ඇයට ඒ දෙස බලන්නටවත් වෙලාවක් නැහැ. ඇගේ කාන්සියට පැමිණි පුංචි හිතවතෙක් ඇය සමඟ ලොකු කතාවක. පුංචි පූස් හිතවතාට කන්නට දෙයක් දෙන්නට නැතිවීම ගැන නම් ඇය උන්නෙ දුකින්.

ඇය දැන් යළිත් ඇගේ ගමනේ ඇවිද යනවා. මේ අපූරු යුවතිය නිතරම කළ එකම එක දෙයක් තිබුණා. ගවුමෙ රැලි සාක්කුවෙන් දුරකථනයක් ගෙන ඇමතුමක් හෝ යමක් බලාපොරොත්තු වුනා. පුදුමය නම් එය එතෙක් වේලා නොලැබීම නොවෙයි. ඇගේ ඇස් වල දිගින් දිගටම කාන්තිය එකතු වීමයි. ඇයගේ පාර ගොඩක් දුර ඇති. එහෙත් ඇගේ ළඟ ජීවිතය තිබුණා. අපූරු ඇස් දෙකක් සහ සිනහවක් තිබුණා.

වෙහෙසට පත් නොවන දෙපයක් තිබුණා. ඇය අවසන අතරමඟ සිටි බර කිරන්නෙකුට කියා තම බර කිරවා ගත්තා.

පුංචි නෝනා 65 යි.. ඔහු කීවා..

අංකල්ට කියන්නෙ BMI එක තියෙන්නෙ නූලෙන්. 58 ට බැස්ස දාට මම අංකල්ට උළුඳු වඩේ අරන් දෙනවා..

කලු පැහැ මුහුණ තුළ රූ රාජිණියකගේ පෙනුම නැතත්, දීප්තිමත් ඇස් සහ සුන්දර හිනාව අනික් අය අතරින් ඇය ඉහළට ගෙනාවා. බර කිරන දුප්පත් මිනිසා අපිරිසිදු දත් එළියට දමා පිරිසිදු සිනාවක් පා කළා. සමහර විට ඒ දවසටම ඒ මිනිසා සිනා සුණු පළවන වතාව විය නොහැකිද?

කඩයක කූඩුවක සිටි මයිනෙකුට කතා කළ ඇයට කතා කළ අත්තම්මා කෙනෙක් පිරිත් නූලක් නිවස තුළින් ගෙනැවිත් ඇයට ගැට ගැහුවා. ඇය දකින සැම කෙනෙකු සමඟම සිනා සුනා. ඇය පසුකරමින් බුම්මාගෙන ගියෙක් නැති තරම්. සිනාසෙන මුහුණ ඇගේ ස්වාභාවයදැයි මට හිතුණා. ඇය ඈතට ගියා. අපූරු සිංදු කිරිල්ලියක්. සුන්දර යුවතියක්.
ඇයට කවදාහරි ඇය වටා සිටිනා ලෝකයටම සතුට ගෙනෙන්නට හැකි වේවා කියා මම බෝධිය දෙස බලා ප්‍රර්ථනා කළා..

අද මම ඇය ගැන ලියන බව ඇය නොදන්නවා ඇති. මට දුක නුඹට කියන්නට අවාසනාවකට ඇගේ නම අසාගන්නට බැරි වීම ගැනයි.

40 comments:

  1. ඇය මෙය දැක්කොත් මදෑ !

    ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අපරාදෙ

      Delete
  2. harima lassanai.. godak asawen kiyawanna puluwan una... gd jb sis! kp it up!

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ඩියර්

      Delete
  3. මම ජීවිතේටම දැක්ක ලස්සනම කෙල්ල දැක්කෙ අපේ ගමට අල්ලපු ගමේදි...කොහේදො ඉදලා අවුරුද්ද කිට්ටු දවසක විශාල බෑග් එකකුත් අරගෙනයි ඇය ආවෙ...දණහිසට මදක් පහලට වෙන්න දිග කොණ්ඩ කරලකුත් ඇයට තිබුනා මට මතකයි...ඇයගෙ දසුනින් මන් මත් වෙලා ආයෙමත් වතාවක් ඒ පැත්තෙ කරක් ගැහුවට ඒ රුව ආයෙ දැක්කෙම නැ...

    ReplyDelete
    Replies
    1. මෙයා ලස්සන නෑ කලුයි.. ඒත් !!! හරි සුන්දරයි

      Delete
    2. // ලස්සන නෑ කලුයි..//
      ලස්සන හැමෝම සුදු නැත. සුදු හැමෝම ලස්සන ත් නැත. කලු හැමෝම කැත ත් නැත.
      සුදු, කලු, සහ ලස්සන කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක කුළක නෙවෙයිද?

      Delete
    3. නිරෝෂනීගෙ කථාව ඇත්ත...කලු සුදු තුල අපි අඩු වැඩි වශයෙන් දකින සුන්දරත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි...ඇතැම් අයෙකුට ලස්සන තැනැත්තියක් මට අවලස්සන වෙන්න පුලුවන් නමුත් ඇගේ හිතේ තියෙන ලස්සනත් එක්ක අර අවලස්සන විස්ථාපනය වෙන්නත් පුලුවන්.. ලස්සන මනින්න මීටරයක් නෑනෙ...අන්න ඒ නිසා හැමදේම ලස්සනයි...

      Delete
    4. ඒකත් වෙන්න පුළුවන් තමයි

      Delete
    5. නෙරංජි අක්කා අදහස් කළේ බාහිර සුන්දරත්වය නෙවෙයි මං හිතන්නේ..

      Delete
    6. මම අදහස් කළේ අභ්‍යන්තර දීප්තියක්

      Delete
  4. කියන්න බෑ නිරංජියෝ මේක පොඩි අවකාශයක්නේ.. අහම්බෙන් හරි මේක කියවාවි කියලා අපි ප්‍රාර්ථනා කරමු..

    ReplyDelete
  5. සමහර අය ගොඩක් ලස්සන නෑ. නමුත් හරිම ප්‍රියමනාපයි. එහෙම වෙන්නේ එයාලා ගොඩක් උද්යෝගිමත් නිසා. ඒ වගේ අය එක්ක ඉන්නකොට ඒ සතුට උද්යෝගය බෝ වෙනවා.

    ReplyDelete
  6. ඒයි නීනු... සුබ උපන් දිනයක් වේවා..... !!!

    සොරි ඈ... ඊයේ දවසම ගෙදර හිටියේ නෑ....

    ලස්සන තියෙන්නේ මූණෙ නෙවේනෙ නීනු... ලස්සන තියෙන්නේ මූණෙ තියෙන හිනාවෙ... බුම්මගෙන ඉන්න මූණු කවදාවත් ලස්සනයි කියලා හිතෙනවද පොඩි ළමයෙක්ගේ ඇරෙන්න... නෑනේ...

    ReplyDelete
  7. මට හිතෙනවා මේ ලියලා තියෙන්නේ ඔයා ඇතුළෙම ඉන්න ගෑනු ළමයෙක් ගැනද කියලත්. සමහර විට මෙහෙම අය අපි හැමෝම ඇතුලේ ඇති. ඒත් එළියට එන්නේ කලාතුරකින්.

    ReplyDelete
    Replies
    1. නිරෝෂිනි ට ඇයව තවම දකින්න ලැබිලා නෑ

      Delete
  8. ලස්සන තිබිය යුත්තේ මුහුණේ නොව හදවතේ කිය්ස්නවනෙ.
    මට‍ත් හිතෙනවා මේක හිතේ මැවිච්ච චරිතයක්ද කියලත් මොකද ඇය ඒ තරමටම සුහදයි.

    ReplyDelete
    Replies
    1. චතුරංගට තවමත් ඇයව දකින්න ලැබුණෙ නෑ.. දකින්න ලැබුණ දවසක :) ඇය හිතේ මැවුන කෙනෙක් නොවෙන වග හිතෙයි

      Delete
  9. ලස්සන කතාවක්. මෙහෙම කෙනෙක් හැබෑවටම ඉන්න පුළුවන්ද?.. ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. මට හැබෑවටම හමුවෙලා තියෙනවා

      Delete
  10. හැමෝම මේ ලිපිය ශෙයා කරමු. එතකොට කොහෙන් හරි දකින්න තියෙන චාන්ස් එක ටිකක් හරි වැඩි වෙනවනෙ. :)

    ReplyDelete
    Replies
    1. එයා අන්තර්ජාලයෙ නැති වෙන්න බෑ

      Delete
  11. සුන්දර යුවතියක් කියලා හිතෙනවා...ඇයට මෙය ඇස ගැටේවා....!

    ReplyDelete
    Replies
    1. ඔව් රෙහානි.. ස්තූතියි ආවාට

      Delete
  12. බ්ලොග් කියවන කෙල්ලෙක් උනොත්නම් ............... ගොඩම තමයි

    ReplyDelete
  13. නෙරෙංජි කෙල්ලේ .. ස්තූතියි උඹ මට ලියන්න දෙයක් මතක් කෙරුවා .. මට හම්බුවෙච්චි ලස්සනම කෙල්ල ගැන මමත් ලියන්නවා හෙට අනිද්දාම ඒක පබ්ලිෂ් කරන්නම් ..නෙරංජි උඹ මේ දැකපු ලස්සන කෙල්ල ගැන බ්ලොග් එකේ ලස්සන ලිපියක් ලීවා ඒත් මම බං අඳුන ගත්තු ලස්සනම කෙල්ලට මම සවලකින් ගහන්ඩ ගියා ..

    ReplyDelete
    Replies
    1. ඇහ්!!! ඒ තරම් දරුණු වුණේ ඇයි?

      Delete
  14. හීනාව තමයි මෙතන දැකපු සුවිශේෂ දේ. මටත් හිතේනවා ඇය අහාම්බෙන් හරි මේ ලිපිය දකි කියලා. එහෙම වුණොත් හොදයි :)

    ReplyDelete
    Replies
    1. හම්!! ඇත්ත තමයි

      Delete
  15. මං තාම ලස්සනම කෙල්ලෙක් දැකල නෑ... හැම තිස්සෙම දකින කෙනාට වැඩිය තවත් කෙනෙක් ලස්සනයි... ඉතිං කවදාවත් ලස්සනම කියල එක්කෙනෙක් වෙන් කරන්න ලැබෙන්නෙ නෑ

    ReplyDelete
  16. උපන්දිනේට ලියපු පෝස්ට් එකදෑ මේ ?
    සුබ උපන්දිනයක් වේවා නිනූ / නෙරංජි !!!
    එයා මේ ලියමන දැක්කා නං හරි...

    ReplyDelete
  17. නෙරා උඹත් මාර සීන් නේ දකින්නේ. උඹේ ඇස් දෙක පින් කරලා තියෙනවා

    ReplyDelete
  18. මම කතාව කියෙව්වා. හරිම ලස්සනයි. ගැහැණු ලමයින්ගේ ලස්සන බාහිරව හා අභ්‍යන්තර යන දෙකින්ම දැක ගත හැකියි. සමහරු බාහිරන් හරිම ලස්සනයි. හැබැයි ඇතුලත හරිම අවලස්සනයි. සමහරු අභ්‍යන්තර වශයෙන් ලස්සනයි. බාහිර වශයෙන් ප්‍රිය මනාපයි. කලු අය අතර වැඩිපුරම ඉන්නේ මේ විදිහේ අය. කලු ලස්සන නැහැ. සුදු විතරයි ලස්සන කියලා කියන්නේ අපි වැරදි සංකල්පයක් හදා ගෙන ඉන්නවා. මේ මිණුම නැති අයට අපි කැතයි කියලා කියනවා. ඒක වැරදි සංකල්පයක් බව අපි මොහොතකටවත් අමතක කරන්නේ නැහැ. හැම වෙලාවේදීම අර වැරදි සංකල්පයෙහි එල්ලිලා ඒ අනුව කටයුතු කරනවා. මම හිතන්නේ සුදු කියන එක උඩට උස්සලා කලු කියන එක පහළට ඇදලා දාලා අපි මේ හිතන ක්‍රමය වෙනසක් කරන්න පුලුවන් නම් අපි වටා ඉන්න ගොඩාක් ලස්සන අය අපිට දැකගත හැකියි. ඒ වගේම සුදුයි කියලා හිතාගෙන අපි ආශ්‍රයට අරගෙන ඉන්න ගොඩාක් අයගේ හිත්වල තියෙන කැත ගතිය බොහෝම ඉක්මනට අපිට තේරුම් යාවී. නිරංජි ඒකනායක මම හිතන්නේ ඔයා මේ කතාවේ කියපු යුවතිය ඔයාමයි කියලයි. තමන්ට හරිම අපුරුවට තමන්වම ප්‍රතිනිර්මාණය කරන්න පුලුවන් බව ඔයා දන්නවාද?මම ඔයාගේ ෆොටෝ එක ටිකක් ලොකු කරලා බැලුවා. හත් දෙයියනේ මේ කතාවේ කියවෙන ගෑනු ලමයි ඔයා නෙවෙන්නම්...

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.