මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

3/8/13

-210- අපි අපි ගැන නොලියා ඔබ ගැන ලියන්නෙමු


අද අපේ දිනය යැයි, එක්සත් ජාතින් ගේ සංවිධානය නම් කළ නිසාද, අපි අපූර්වයැයි කියන නිසාද, අද කාන්තා සංවිධාන වෙනුවෙන් බොහෝ දෙනා පෙළපාලි උත්සව පවත්වමින් කාන්තාවන් ගැනම කියන නිසාද, දවස් තුන්සිය හැට හතරේදී අයිතිවාසිකම් නොපතන ඔබ ගැන ලිවිය යුතුයයි මම සිතමි.

ලොව සියලු පිරිමින් වෙනුවෙන්, මෙසේ කාන්තා දිනය දා ලියා තබමි.

කඳුලු දෑසින් පිරී ඉතිරී
ගිලී යලි හදවතට පැන නැග
ළය පලා සුසුමකින් වෙර ගෙන
අවට ලොව වෙත සිනා සෙන සඳ

අතීතය සහ අනාගතයක
සරණ දෙනෙතක බර දරා
වර්තමානය දිවි ගෙවයි ඔබ
සහක් දොස් කන්දක් ආසා..

පැතුමකට ඉඩ නොමැති දිවියක
හීන කන්දක් වල දමා
සද්දන්ත ජීවිතය මිරිකා
විඳියි සහසක් වේදනා...

වටාපත මත කඩුව සඟවා
පවුල රට දැය සමය රකිනා
සහක් පරපුර ලොවට දෙන්නට
මුල් අණුව ගැහැණියට පුදනා

නොලද විවරණ නොදුටු පැසසුම්
අතර පරපුර හිසින් දරනා
ලොවක කරුමය ලොවක උරුමය
සැණයකින් දෙනෙතකින් කියනා

විනිසුරෙකි ඔහු,

පියෙකි.. සැමියෙකි.. සොහොයුරෙකි... පුතෙකි
සතුට දුක සම හදැති මිත්‍රයෙකි...

27 comments:

  1. කාන්තා දිනේයේ මෙහෙම එකක් දැක්කමයි... ලෝක පිරිමි දිනයක් වේවා!!
    වටාපත මත කඩුව සඟවා
    පවුල රට දැය සමය රකිනා
    සහක් පරපුර ලොවට දෙන්නට
    මුල් අණුව ගැහැණියට පුදනා

    ReplyDelete
    Replies
    1. පිරිමින්ට කවි අඩුනෙ... පවුනෙ.. කවදාවත් උද්ඝෝෂණය නොකර අපිටම කවි ලියනවානෙ.. මම ඒ නිසා මම එයාලාට ලිව්වා...

      Delete
    2. මොකක්ද මේ වටාපොත මත කඩුව සඟවා කියන එකේ අරුත?

      Delete
    3. කකා මොකද මේ ගෙවල් වල කරන්නේ ? තිබහක්වත් හැදුන ද ?
      යන් යන් යන් අපේ පොට් එකට යන් !!
      යං සර් අපේ පොට් එකට !

      Delete
  2. ලස්සනයි....

    ReplyDelete
  3. කාන්තා දිනේ දවසේ....
    හොදයි ..
    හොදයි...

    ReplyDelete
  4. හිතට හුගක් දැනුනා නෙරංජි.....

    සමහරු හිතන්නේ පිරිමි කියන්නේ හැගීම් දැනීම් නැති,සංවේදී නැති ජාතියක් කියලා..එත් එහෙම නෑ...පිරිමි කියන්නේ ගෑනුන්ටත් වඩා දුක් උනත් ඒකනොපෙන්වන ජාතියක්....ගැනු දුකට අඩනවා...පිරිමි අඩනවා ගෑනුන්ටවඩා හිතින්.....

    පිරිමි කියන්නේ සංවේදී,සමහර වෙලාවට ඕනෙවටත් වඩා....

    ReplyDelete
    Replies
    1. පිරිමින්ට ගරු කරන්න ඕනෙත් ඒකයි.. :D

      Delete
  5. තමන්ට දින 364ක් තියාගෙන කාන්තාවන්ට එකම එක දිනයන් විතරක් වෙන් කරපු පිරිමින්ට හිතන්නට යමක් මෙහි ගැබ්වෙලා තියෙනවා...
    සොයුරිය ඔබට මාගේ ආචාරය..
    එසේම ඔබට මෙසේ සිතෙන්නට තරම් දයාබර වූ ඔහුටද මාගේ හදපිරි ගෞරවය..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. මෙහෙම හිතන්නට පෙළඹුණෙ, මගෙ අප්පච්චි, සහ මගෙ හොඳම යහලුවන් නිසා!!!

      Delete
  6. කාන්තාව කියන්නෙ පරාල ඇනයක් නම් පිරිමියා යනු බිත්තියෙ ගහපු ඒ පරාල ඇනේ එල්ලිලා තියෙන සොපින් බෑක් එකක් වගේ එකක්...

    ReplyDelete
  7. මගේ උත්තමාචාරය

    ReplyDelete
  8. ගොඩාක් ලස්සන අර්ථවත් නිර්මාණයක් නීනු..කාන්තා දිනයේදි කාන්තාවක් පිරිමින් ගැන කතා කරනවා දකින්න ලැබිම විශේෂත්වයක්..මම පෞද්ගලිකව එක එක දේවල් වලට දින වෙන්කරනවාට තදින්ම විරුද්ධයි..නිනු කාන්තා දිනයේදි පිරිමින් ගැන කතා කිරිම තුලින් මම දකින්නේ යම් පාර්ශවයක් අලලා එක එක දින වෙන්කරගන්නවට වඩා සෑම දිනයක් තුලම සෑම කොටඨාශයක් ගැනම අවධානය යොමු කිරිම වඩා වටින බවයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. ඔයාද ගවේෂක? :-o

      Delete
  9. වෙනස් විදියට හිතලා නෙ නෙරංජි ඔයා, අපි කවුරුත් කාන්තාවන්ගෙ දිනය කිව්වාම කාන්තාවන්ව අගය කරනවා මිසක් ගැහැනියන් පුරුෂ පක්ෂයත් අගය කරනවා කියන එක ඉතාමත්ම ලස්සන තේරුමක් ඇතිව (කවියකින්) කියලා

    ReplyDelete
  10. පුදුමයි... ඒත් ඇත්තයි!

    ReplyDelete
  11. සැලියුට් යූ...))))

    කමලා දාස්ගෙ කතාව මතක් වුණා,"පිරිමින්ගෙන් විනිර්මුක්ත විමුක්තියක් කාන්තාවන්ට නැත"

    ReplyDelete
  12. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
    Replies
    1. ඇයි බන් මේක මගෙ ඔරිජිනල් ප්‍රොෆයිල් එකට කනෙක්ට් නොවෙන්නේ,,,,

      Delete
    2. හොරු දෙන්නයි !!

      හොර ප්‍රොෆයිල් එකක් හදාගත්තු එක හොරෙකුයි.
      ණයට අරගෙන පොල්ල තියපු හොරෙකුයි.

      Delete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.