මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/20/13

-206- ආදරණීය හදවත් ඇති මිනිසුනේ

           සිනාසෙනකොට වළ ගැසෙන කම්මුල් හිමි ඈ වාසනාවන්තියකි. පිටට මුදහල කෙහෙ රොඳක් සුළග ඇවිදින් සිඹින විට ඉලිප්පී යද්දී ඈ රුවැත්තියකි. මලක් වගේ මුදු හිතක් ඇත්තිය හසරැල් පිරුණු මුවඟින් නිතරම සිටින බව මට විශ්වාසය. මේ ජීවිත ගමන් මගේ ඈ හමු වූවා තමයි. ඒ සයිබර් ලෝකයේදී.. කවමදාවත් හැබැහින් නොදැක්කත් ඒ සොඳුරු වත ඡායාරූප වලින් දකින මට ඇගේ ගැන කොහොම නම් කියන්නද... එක දිගට රණුඩු කෙක්කක් වගේ මා එල්ලේ ඈ සමඟය.. සමහර විට හිත රිදෙයිද දන්නෙත් නැහැ නේද කියල හිතුනත් ඇයත් මං වගේම රණුඩු කර සතුටු වන සිතක් ඇත්තියක නිසා විරසක නොවන බව පැහැදිලිව මා තේරුම් ගත්තාය...

                දහස් ගණන් මිනිසුන් හමුවන අන්තර්ජාලයේදී නංගියෙක් නැති මට ඇයත් මගේම නංගියෙක් විය. මේ ඒ සොඳුරු රුවැත්තියයි..
                                සිංහල භාෂාවේ මොන තරම් ලස්සන වචන තිබුණත් ලියාගන්නට බැරි තරම් හිත හිරවෙන එක අමුතුවෙන් කිව යුතු නැත. ඒ අතීතය එක්ක හිත හූරල හන්දාමය. එහෙත් ඔබට මෙය කිව යුතුමය. මේ පුංචි නංගි කොළඹ විශ්ව විද්‍යාලය අධ්‍යාපනය හදාරන්නියකි. හැමදාම ඔලුව කැක්කුමයි කිය කියා හිටිය ඇය මිග්‍රෙන් වලට ප්‍රතිකාර ගත්තත් දිනෙන් දින වැඩි වුන හිස රදය නිසා ඇය MRI පරීක්ෂාවකට ලක්විය. එතනිදී තහවුරු වුනේ ඇයට පිටියුටරි ග්‍රන්ථියේ ඉඳිමුවක් බවය.  එහෙම පිටියුටරි ග්‍රන්ධිය ඉඳිමුවක් ඇතිවීම සම්බන්ධව සහ ඒ පිළිබද අවධානම් තත්වය ඔබට මෙතනින් කියවා දැන ගත හැක.
http://goo.gl/V8L0u

ඉතින් විස්තර කියවල ආව නේද...තේරෙනව නේද මේ නංගි ගැන ඔයාලට... ඇයවත් ශල්‍යකර්මයකට භාජනය කළ යුතුයි කියල තමයි වෛද්‍ය නිර්දේශය. ඒ සදහා අපට තියෙන්නෙ මාසයක් වගේ කාලයක්...

              මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි අත්වැල් බැදගමු... සන්තක වත්කමම අපි ඉල්ලෙන්නෙ නැහැ. දවසට වියදම් කරන රී ලෝඩ් එකකට දාන රුපියල් 100 ක්... එහෙම නැත්නම් ඔබ චොක්ලට් එකක් අයිස් එකක් කන මුලදක් වගේ දෙයක් විතරයි. එක දවසකට ඔය දෙයක් නැති වුනාට ඔබට පාඩුවක් නැහැ නේද.. එයින් තව කෙනෙක්ගෙ ජීවිතයක් බේරෙනව නම්.... මං දන්නව ඔයාලට බැරි නැහැ කියල....පුලුවන්.. කොයිතරම් සමාජය නරකයි..කුහකයි..විෂමයි කිවුවත්... තවමත් දුකේදී විපතකදී උණුවෙන...පිහිට වෙන හදවත් අපේ මිනිස්සුන්ට ඉතුරවෙලා තියෙනව... මේක කියවල අහක බලාගෙන වෙන පිටුවකට යන්න එපා... ඇය වෙනුවෙන් එකම එක රුපියල් සියයක් දෙන්න කියල මං ඉල්ලනව..
 කවමදාවත් සයිබර් අහසෙදි මම ඔයාලගෙන් කිසිම විදිහකින් මෙහෙම දෙයක් ඉල්ලල නැහැ. එහෙත් ඈ වෙනුවෙන් මම ඉල්ලනව. ආදරණීය මිනිසුනේ අපි ඇයව රැකගමු... අපිට පුලුවන් ඒ දේ කරන්න...

මේ පිළිබද වැඩි විස්තර මෙතන තියෙනව බැංකු ගිණුම් සහ සියල්ලම.


ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009
  

 
නිමේෂ් ගමගේ https://www.facebook.com/NimeshGamage
Nimesh - 0773444819 / 0725226516
හෝ
අසංක හෙන්දහේවා https://www.facebook.com/asankahendahewa
Asanka - 0717757855
හෝ
අසන්ත මෙන්ඩිස්https://www.facebook.com/asanthachristina
සම්බන්ධ කරගත හැක.


ලිපිය අයිති දිනිති අක්කාට

7 comments:

  1. ඉක්මනින් සියල්ල යහපත් අතට හැරෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...ඒ වගේම මේ අක්කව සනීපකරගන්න අපිට පුළුවන්..

    ReplyDelete
  2. මේ මගේ නංගි ... හැකි උපකාරයක් කරන්න .. බොහෝ පිං ..

    ReplyDelete
  3. මම අතේ තිබ්බ ගාන දැම්මා... පුළුවන් තරම් කට්ටියට කියමු!

    ReplyDelete
  4. අනිවර්යෙන්ම උදව්වක් කරන්නම්.

    ReplyDelete
  5. හොදට ලියල තියනවා නෙරංජි අක්කේ.මමත් මට පුලුවන් විදියට උදව්වක් දෙන්නම්.

    ReplyDelete
  6. හොද ලිපියක් නෙරංජි අක්කේ.මමත් මට පුලුවන් විදියට උදව්වක් කරන්න බලන්නම්

    ReplyDelete
  7. පුලූවන් උදව්වක් කරන්නම්. ඒත් අපිත් මේ දවස්වල ලොකූ අමාරුවක වැටිලා ඉන්නේ.. අපේ බැජ් එකේ හොඳම යාළුවෙක්ගෙ අම්මගෙ මොළයේ හදිසි සැත්කමක් කරන්න වෙලා..
    දවසකට බෙහෙත්වල වියදම රු;3000/- ඒ බෙහෙත මාස 6ක් දෙන්න වෙනවා.. දැනට අපි ඒක බෙදාගෙන දරනවා.ඒත් දිගටම කරන්න අමාරුයි..

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.