මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/14/13

-203- අනේ මට අයියා කෙනෙක් හිටියා නම්



හැමදාම රෑට අහසෙ හඳ පායනවා. එතකොට අහස හරි එළියයි. පැත්තම දිලිසෙන්න ගන්නවා. හරිම පින් පාටයි. වැස්ස දවසට නෑ. එතකොට හරි මූසලයි. පාලුයි. උදේට හඳ බැහැගෙන යද්දි ඉර පායනවා.. එකම දවසක් හරි ඉර උදේට නාවොත්, අහස කොයිතරම් අඳුරු වෙයිද? මහ පොළවම පාලුවෙයි. මල් පිපෙන්නෙත් නැති වෙයි. තෙත හිඳෙන්නෙත් නැති වෙයි. අනේ එතකොට දූවිලි සුවඳත් නැතිව යයි... ඒ වාගෙ තැනක ජීවත් වෙන්න කොයිතරම් අමාරුද? මට සමහර වෙලාවට අපේ ගෙදරත් ඒ වාගේ. මහ පාළුයි. සිරියාව තිබ්බාට මහ ලොකු අඩුපාඩුවක් ගේ පුරාම තියෙනවා.

චූටි කාලෙ ඉඳන් මම හිතුවා මටත් අයියෙක් හිටියා නම්, කියලා. ඒත් මල්ලියෙක් නංගියෙක් තියා අක්කෙක්වත් නෑනෙ අපේ ගෙදර. මම පවුලෙ එකම ළමයා. සමහර වෙලාවට මට හරිම තරහයි ඒ ගැන.. ඇයි මට විතරක් කවුරුවත් නැත්තෙ කියලා. ඉතින් ඊයෙ, සිහිනය දිගේ කරන කොට, අයියලාගෙ ආදරය ගැන කියවෙන තිසර ගෙ ලිපිය කියවද්දි... මට හිතුණා මටත්  අයියා කෙනෙක් හිටියා නම් කියලා. එතකොට කොහොම වෙයිද කියලා.

අපේ ගෙදර අයියෙක් උන්නා නම්, එයා චූටි කාලෙ ඉඳන් ම උදේම නැගිටීවි. මොකද එයාගෙ නංගි ඉපදුණාට පස්සෙ, එයාට නංගිව බලා ගන්න තියෙනවානෙ. මොකද අම්මා උදේම ඉස්කෝලෙ යන්න එපැයි. එතකොට අම්මාට උයන්න තියෙනවානෙ. අයියාට මාව බලා ගන්න වෙයි. පස්සෙ අයියාත් අම්මා එක්ක ඉස්කෝලෙ යයි. මට හොරෙන් හොරෙන් අකුරු කියා දෙන්න අයියා පටන් ගනී. එතකොට අම්මලා බය වෙලා අකුරු කියවන්න ලෑස්ති වෙයි. අයියාම කියයි නංගිට අකුරු කියවන්න එයාට ඕනෙ කියලා. එතකොට ඔන්න වෙන කවුරු කලින් කියෙව්වත්, මාව අයියාගෙ උකුලෙ ඉන්දවලා මට අකුරු කියවවයි. අයියාට එතකොට හරි ආස හිතෙයි. මම සිංදු කියනකොට පොඩි කැසට් පීස් වලට අයියා ඒවා රෙකෝඩ් කරයි.

දැන් අයියාගෙ පොත් අදින්න නංගි පටන් ගන්න කාලෙ. ඒත් අයියා මට බනින එකක් නෑ. මං ඉස්කෝලෙ යන්න ගත්තාම මාව එක්කන් යයි. මා එක්ක සෙල්ලම් කරයි. මට කතන්දරත් කියලා දෙයි. අයියාට යාලුවො ගොඩක් ඉන්නවානෙ... ඒ අය අපේ ගෙදර ආවාම ගෙදර හරි සද්ද වෙයි..
නංගි ඒවට තරහ ගන්නෙ නෑ. අම්මා බනිද්දි ෂේප් කරවන්න එතකොට නංගිට පුළුවන්. අයියා ට්‍රිප් යයි. නංගි ගැහැණු ළමයෙක් නිසා යවන්නෙ නෑනෙ.. ඒත් අයියා ගෙදර ආපු ගමන් නංගිව බයිසිකලේ තියන් කොහෙ හරි එක්ක යයි.

දැන් අයියා ඉස්කෝලෙ ලොකු පන්තියක. ටිකක් කැපී පෙනෙන චරිතයක් වෙයි. එතකොට මට මොන දෙයක් වුණත් අයියා ඉන්නවා කියලා බයක් නැති වෙයි. අයියාට තියෙන බයට මම කොල්ලො දිහා බලන එකක්වත් නෑ. මොකද මගෙ අයියා කොච්චර මට ආදරේ වුණත්, ගොඩක් සැර කෙනෙක් වෙයිනෙ. එයා එක පාරක් එරෙව්වොත් ඒ ඇතිවෙයි මට දවසක් අඬන්න.

හෝම් සයන්ස් වලට කෑම හැදුවාම, නංගි අයියාට අරන් එයි. කෙල්ලො මට වැඩිපුර දෙයි. ඇයි උන් මගෙ අයියාට ලයින් වෙයි.. ලස්සන නිසා... අයියාට මං ඕවා කියන්නෙ නෑ. ආඩම්බර වෙන නිසා..

පොඩි කාලෙ ගොරවද්දි බය නැති කළා වාගෙම, මේ ලෝකෙටත් අයියා මට බය නැති කරයි.
හැබැයි හැම වෙලාවෙම හෙවනැල්ලක් වාගෙ ඉඳගෙන, මං ගැන බලයි. මට හොඳ නරක කියා දෙයි. අප්පච්චි නැති වෙලාවට අම්මාටයි මටයි, හයියක් වෙයි.

අයියාට මට කන්න ආස දෙයක් ගෙනත් දෙයි. ඇඳුම් ගනිද්දි නම් හරියට නීති දායි. නංගි.. ඕක කොට නැද්ද? නංගි ඕක ඇඟට හිර නැද්ද? ඔය වාගෙ අහයි. අයියා අකමැති දේවල් මම අඳින්නෙ නෑ අයියෙ.. දැන් මම තරුණයි. මම සාරියක් ඇන්දාම දුවගෙන එයි අයියා ළඟට, අයියෙ මං ලස්සනද කියලා මං අහයි. එතකොට අයියා.. ෂික් වැඳිරි පැටියෙක් වාගේ කියලා හිනාවෙයි. එතකොට මං කේන්ති අරන් බොරුවට ගස්සලා යයි.

ඒත් හොරෙන් ඇවිත් ඔයා අම්මාට කියයි.. අම්මෙ නංගියාගෙ පොටෝ එකක් ගමු නේද කියලා. අම්මාට ඇස් වලට කඳුලු එයි. ඔයා නංගිට කොයිතරම් ආදරේද කියලා දැනෙද්දි.

ඔයා රස්සාවක් කරයි. පළයෙනි පඩියෙන්, අම්මාටයි අප්පච්චිටයි ඔයා මොනාවත් ගෙනෙයි. නංගිට මුකුත් නෑ. ඔන්න නංගිට දුක හිතිලා... නෑ.. අයියා නංගිව එක්ක යන්නයි හදන්නෙ.. සරසවි එකට ගිහින් ෂර්ලොක් හෝම්ස් ගෙ පොතක් දෙකක් අරන් දෙයි. නවකතා පොතක් එහෙමත් අරන් දෙයි. නංගි පොත් පිස්සිනෙ. නංගිට වෙන දෙයක් ඕනෙ නෑ.. හැබැයි රෑට කොත්තුවක් අරන් දෙයි. ඒ නංගි ආසම කෑම නිසා.

ඔන්න දැන් අයියාගෙ මුහුණෙ පෙම් පාටක් තියෙනවා. නංගිට තමා ඕක මුලින්ම අහුවෙන්නෙ, නංගිට දුක හිතෙන්නෙ නෑ. නංගි දන්නවා අයියා කාටත් වඩා නංගිට ආදරේ වග. ඔන්න දැන් ගෑණු ළමයා ගැන විස්තර දැන ගත්තාම ගෙදරට කියන්න බාර ගන්නෙත් නංගිම තමා. මොකද අයියා ට අප්පච්චි එක්ක ලේසි නෑ. ඒත් අප්පච්චිගෙත් පණ නංගිනෙ. අයියාට නංගි කොයි තරම් සපෝට් කළත්, නංගි කොල්ලෙක් එක්ක යාලු වුණා කියලා දැන ගත්තොත් අයියා කන්නෙත් නැතිව කල්පනා කරයි. ප්‍රශ්න කෝටියක් අහයි. සමහරවිට රණ්ඩුවටත් යයි. ඒත් ඒ කොල්ලා නංගිට තමන් කිට්ටුටම ආදරෙයි කියලා දැනුණොත්, අයියා කෙනෙක් තරම්, සතුටු වෙන වෙනත් කෙනෙක් ලෝකෙ නෑ. මොකද අම්මෙක්, තාත්තෙක් දෙන්නාගෙම ආදරේ එකතු කරන්න පුළුවන් කෙනෙක් තමා සහෝදරයෙක් කියන්නෙ. සහෝදරියකට ඒ දේ කරන්න බෑ...අම්මෙක් වෙන්න හැකි වුණත් තාත්තෙක් වෙන්න බෑ. ඒත් අයියෙක්ට දෙකම පුළුවන්.

අයියලාගෙ ආදරෙයි තාත්තලාගෙ ආදරෙයි එක වාගෙ. පේන්නෙ නෑ. මහ ගොඩයි. නංගි මනමාලියෙක් වුණාම ඒකෙ සතුට වැඩියෙන්මත් අයියාට.. මේ ලෝකෙ ලස්සනම නංගි ඉන්නෙ තමන්ට කියලා එයාට හිතෙනවා. නංගි කොයිතරම් කැත වුණත් අයියා නංගි ලස්සනයි. ලෝකෙම කැතයි කියලා හිනා වුණත්, එදාට මේ ලෝකෙ තාත්තෙක් ගානට තමන්ගෙ නංගි ලස්සනයි කියලා හිතේ කිලුටක් නැතිව කියන්නෙ, අයියා විතරයි. හොඳ අයියෙක් ඉන්නවා නම්, නංගියෙක් කවදාවත් වැරදි ආදරයකට පටලැවෙන්නෙ නෑ.

රැවටෙන ආදරේකට ගිය දවසකට හරි වරදක් කළ දාට හරි , කනට ගහලා කාමරේට දාලා දොර වහලා දැම්මත්, මම මගේ අයියා එක්ක තරහ වෙන එකක් නෑ.. මම දන්නවා එදා රෑට මටත් වඩා  අයියා මට හොරෙන් අඬන විත්තිය. මට අසනීප වුණාම, මං ළඟ අයියා ඉඳීවි. ඒ වාගෙම අයියා අසනීප වුණාම නංගි ගොඩක් බය වෙයි. අම්මයි නංගියි මුලු රෑම අයියණ්ඩි ළඟ ඇහැරිලා ඉඳීවි.
සමහරවිට අයියාගෙ ගෑණු ළමයාත් එතකොට මට කතා කරයි.. අයියාට කෝමද කියලා අහන්න. මම ඒ අක්කාට අයියා තරම්ම ආදරෙයි. ඇයි ඉතින් එයා මගෙ අයියාගෙ පුංචි ආදරවන්තියනෙ.

අයියාව කෙල්ල දාලා ගියොත්, මගෙ අයියාට එයා දුකක් දුන්නොත්, මම එයා එක්ක තරහ වෙයි. ඒත් මගෙ අයියා මනමාලයෙක් වෙලා ඉන්නවා දකිද්දි, මේ ලෝකෙ ලස්සනම කොල්ලා මගෙ අයියා කියලා, මට හිතෙයි.

තවත් අයියා එක්ක හීනෙම ඉන්න මට විදිහක් නෑ.. ඒත් මගෙ හදවතේ අයියා ඉන්නවා. මට මේ ජීවිතේ නොලැබුණ අයියාව ලබන ආත්මෙක මට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා. සමහර විට ගිය ආත්මෙ මම අයියාගෙ හිත රිද්දන්න ඇති. ඒකයි මේ ආත්මෙ අයියා වෙන තැනක උපදින්න ඇත්තෙ. ලබන ආත්මෙ නම්, නංගියාව දාලා යන්න එපා. චූටියා පව්!! අයියාට රස කෑමත් හදා දෙන්නම්, රෙදිත් හෝදලා දෙන්නම්, කාමරෙත් අස් කරලා දෙන්නම්, අම්මාගෙන් වැරදි වලින් බේර ගන්නම්.. මට අයියා නැතිව හරි පාලුයි. මේ ලෝකෙ ප්‍රශ්න ගොඩක්. මට දුක් විඳින්න බයයි. අම්මා අප්පච්චි නැති දාක මට හයියක් ඕනෙ.. කසාද බැන්දත් පිට පිරිමි කෙනෙක් උපරිමෙන් කොහොම විශ්වාස කරන්නද? අනේ මගෙ අයියෙ ලබන ආත්මෙවත් එනවා නේද?






44 comments:

  1. Replies
    1. මෙන්න මූව අයියා කරගනින්කො...

      Delete
    2. මේත් මගෙ අයියෙක් තමා මේ!! ඒත් වැඩක් නෑ.. ළඟ පාතක නෑ!! නැත්තං හොඳ අයියෙක්

      Delete
  2. මට නංගියෙක් හිටිය නම්....

    ReplyDelete
  3. ලස්සනට ලියල තියෙනවා..
    මටත් අයියලා අක්කලා, නංගිලා මල්ලිලා නෑ :(

    ReplyDelete
  4. අයියෝ අක්කියෝ මටත් ඔය කියපු කිසිම කෙනෙක් නෑ...ඒත් මටනම් හිතෙන්නේ නෑ එහෙම එකෙක් උවමනා කර තිබේ කියලා...මොකද එහෙම උනොත් අම්මා ගේන ඒවා ඌත් එක්ක බෙදා ගන්න වෙනවනේ.....ඒක මහා එපා කරපු වැඩක්...ඒත් චූච්චන් නංගියෙක් හිටියනම් ආසයි....එයාව ඉස්කෝලේ එක්කන් යන්න ආසයි....ඇයි දන්නවද එතකොට ලොකු නංගිලාව බලන්න පුළුවන්නේ.....නේද?

    ReplyDelete
  5. නියමයි අක්කේ.... නියම කතාවක්....!

    ReplyDelete
  6. හරිම සංවේදී... වෙන මොනවා කියන්නද? අයිය කෙනෙක් ලැබේවා කියන්නය. :p ලබන ආත්මෙදි අයිය කෙනෙක් ලැබේවා.... ජය...!

    ReplyDelete
    Replies
    1. අපෝ මෙයා කීවොත් නං ලැබෙන එකක්ම නෑ

      Delete
  7. හම්බෙන්න තිබ්බේ මං වගේ අයියෙක්ව..
    අපේ නංගි ලොකු වෙලා මං ගැන මොන භාසාවෙං කොහොම ලියයිද කියලා මට හිතාගන්න බෑ....
    මොනා ලිවුවත් ඒ හොදක්නං වෙන්න බෑ...

    ReplyDelete
    Replies
    1. තරියා ගැන පරම්පරාවෙ කෙනෙක් හොඳ ලියන්නෙ නෑ

      Delete
  8. අන්තිම වැකිය කියවන කොට නම් මට දුක හිතුණා...

    ReplyDelete
  9. ඔන්න ඉතිං අයිය කෙනෙක් හොයාගන්න කාලේ ඇවිල්ලයි කියල කෑ ගාන කොළුවා
    (එළාම් එක) මතක්කොරනවා.. ඒකයි..

    ReplyDelete
    Replies
    1. හෙහ් විහිළුවක් වත් තේරෙන්නේ නැද්ද අනේ.. සංවේදි කතාව...

      Delete
  10. ඔය නැති හින්දා ඔහොම කියන්නේ.. හිටිය නම් උගෙ රෙදිත් නෑ.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාට කට්ටිය වල් රජා කියන්නෙ?

      Delete
  11. කොහොමද අයියාගෙන් ටොකු කනකොට තියෙන සනීපේ.. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. ටොක්කක් අනිනවත් හිටියා නම් හොඳයි අනේ.. රහට කෑම හැදුවාම දුකේ බෑ... එකෙක් හිටියා නම් අම්මයි මමයි කවනවානෙ... මල්ලියෙක් වත් හිටියානම් බෝලෙ වාගෙ ඉඳී..

      Delete
  12. //තවත් අයියා එක්ක හීනෙම ඉන්න මට විදිහක් නෑ.. ඒත් මගෙ හදවතේ අයියා ඉන්නවා. මට මේ ජීවිතේ නොලැබුණ අයියාව ලබන ආත්මෙක මට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා. සමහර විට ගිය ආත්මෙ මම අයියාගෙ හිත රිද්දන්න ඇති. ඒකයි මේ ආත්මෙ අයියා වෙන තැනක උපදින්න ඇත්තෙ. ලබන ආත්මෙ නම්, නංගියාව දාලා යන්න එපා.//

    //අනේ මගෙ අයියෙ ලබන ආත්මෙවත් එනවා නේද?//

    මේ ටික කියවද්දී ඇස් වලට කඳුලුත් ආවා.
    දවසක් මන් අම්මා එක්ක කියද්දී අනේ මටත් අයියෙක් හිටියානම් කියලා.. "ඔයාටත් අයියෙක් හිටියා පුතේ.." කියලා අම්මා කියනකොට මට ඊට වඩා දුක හිතුනා. එදා ඉඳලා මන් කියන්න ගියේ නෑ අම්මට එහෙම. ඒත් හිතෙන් තාම හිතනවා...

    ReplyDelete
    Replies
    1. මම ලබන ආත්මෙ මගෙම අයියලා වෙනවනං ආස අයියලා දෙන්නෙක් ඉන්නවා.. එක්කෙනෙක් තමා උඩම ඉන්න චන්දික අයියා..අනික් එක්කෙනා තිසර.. එයා මගෙ වයසෙ මට වඩා මාස දෙක තුනයි වැඩිමල්...ඒත් අවවාද දෙද්දි අයියෙක් වාගෙමයි....

      Delete
    2. මට එහෙම අයියෙක් වත් නෑ නේ :(

      Delete
    3. ඔයාට මන් ඉන්නවා :(

      Delete

  13. මාත් අද ගොඩක් තැන් වලදී හිතනවා
    මට නංගි කෙනෙක් හියනම් මොන තරම්
    දෙයක්ද කියල..ඒ උනාට මිනී මරා ගන්න
    අයත් දැකල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. අනේ මේ බොලා නැති ඒවට නොඅඩ ඉදිල්ලා...

      Delete
  14. හිටියා නම් ඔහොම කියන එකක් නැහැ අද

    ReplyDelete
  15. මටත් ඔහොම හිතෙනවා හැමවෙලේම ... මටත් නංගියෙක් හිටියනං ..

    ReplyDelete
  16. මට නම් අක්කා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා , අවුරුද්දකට වගේ කලින් අපේ බැච් එකේ නංගි කෙනෙක් මගේම නංගි කෙනෙක් වගේ මට සමීප උනා . . ඊට පස්සේ නංගි කෙනෙක් ගේ අඩුවත් මට දන්නෙම නැතුව මග ඇරිලා ගියා , ලබන ආත්මේ එයා මගේම නංගි වෙනවනම් මං හරි ආසයි ... :)
    ඒ වගේම ඔයාටත් ලබන ආත්මෙදි අයියා කෙනෙක් ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ..

    ReplyDelete
  17. හිතේ මැවුන දෙයක් උනත් හරිම සිත ගන්නා විදියට ලියල තියෙනවා. කියන්න ලජ්ජා නෑ මේක කියවගෙන යනකොට මට හිතුන එකම දේ තමයි අනේ මේ වගේ හොඳ නංගියෙක් මට හිටියනම් කියලා. ඇත්තටම ලස්සනයි.

    ReplyDelete
  18. අතරමග තැන්වල වගේම අන්තිම පේලිටිකේ ගොඩාක් දුක හිතුනා.
    අනේ මටත් අයියෙක් මල්ලියෙක් අක්කෙක් කුක්කෙක් මොකෙක් හරි හිටියනම්...
    ඊලඟ ආත්මේ අක්කිට වැඩිමල් සහෝදරයෙක් ලැබෙන්නම කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. ඔයා එන්න.. ලඉන ආත්මෙ මට නංගි වෙලා... මං හරි ආදරෙයි නංගියා ඔයාට

      Delete
  19. මට නම් නංගි කෙනෙක් ඉන්නව නමට විතරක්..මට අක්ක කෙනෙක් හිටියනම් හොදයි කියල හිතෙනව.එහෙම උනානම් මගේ හුගක් ප්‍රශණ වලට ලේසියෙනම උත්තර හොයා ගන්න තිබ්බා.

    ReplyDelete
  20. Mageth hithe thiyenne me adahasama thmi...lassanatama hithata danena de liyala thiyenawa...

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.