මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/25/12

-200- මැජෙස්ටික් සිටිය නත්තල් සිරි



දිස්නෙ විහිදෙන, එළිය පැතිරෙන
සොඳුරු සිර කූඩුවක නැගලා...
වහලෙ එල්ලී....බිම ගලා යන
හුදී ජන ගඟ දිහා බලලා.....
කඩල ගොටුවක් තරම් සුඟ වූ
තෑගි මල්ලක් කිහිලි ගන්නා...
මුවින් ගොලුවී දෙනෙත් අතරින්
කතන්දරයක් කියයි සීයා........


මුව පැටවු දඩ මසට විකිණී
දැන් උනුත් නැහැ ආයෙ එන්නේ....
පිළිරුවක් වී අතින් අත යමි
ලොකු කුඩා පොඩි වෙළෙන්දන්ගේ....
තෑගි ගන්නත් කාසි නැහැ මට
මිනිස් කම් මිල කළ සමාජේ....
කඩේ නත්තල දැකලා සැනසෙන.
මමයි නත්තල් සීයා පුතුනේ..

14 comments:

  1. aththamai dan hamadema wanijakaranaya wela..

    Boho dewal wala niyama arutha sagawila gihin..

    Moka unath kamak na wikuna gena kannai godak denek uthsaha kranne...

    Postuwa ela..

    Jayama wewa !!! Akke...

    ReplyDelete
  2. ඇත්ත කතාව.
    ඒක නෙවි අනිත් පින්තූර ටික කෝ?

    ReplyDelete
  3. හ්ම් ඇත්ත තමා

    ReplyDelete
    Replies
    1. ඇති යන්තං...........මං හිතුවෙ, කවි ලිව්වාම කට්ටිය නොබලාවි කියලා

      Delete
  4. ලස්සන කවියක්!!
    ජයවේවා!!

    ReplyDelete
  5. හ්ම්ම්.
    මොනව කියන්නද, මොනව කරන්නද....

    ReplyDelete
  6. පුරාණ සාන්ත නිකලස් තුමා ඇඳපු යකලිසමක් වුනත් මේ කාලෙ ඩොලර් දාස් ගානකට වෙන්දේසි වේවි...ආගම කියන්නෙ වැරදිකාර සල්ලිකාරයො තමුන්ගේ වැරදි වහගන්න තමුන්ට මානසික සැනසීම ගන්න කරන බොරු මවාපෑමක්..

    ReplyDelete
  7. හැමදේම වාණිජකරණය වෙලා.

    ReplyDelete
  8. මමත් ගියා MC. සල්ලි තියනව නම් තමා එහෙ නත්තල්.

    ReplyDelete
  9. හැමදේටම දැන් වෙනස් වෙලා..

    ReplyDelete
  10. අලුත්ම කවි කාරියට සුබපැතුම්

    ReplyDelete
  11. නලීන් අයියා - මම හෙන පරණ කවි කාරියක්. අවුල කවි නොලිවීම....
    දූපත් වැසියා - ඒක ලස්සනයි බලා ඉන්න විතරක්
    අමිල ඔයා හරියටම හරි
    ස්තූතියි නිපුන
    ඔව් මාධව අයියෙ........ඔයාගෙ ලිපිය කියවන්නත් ඕනෙ...අද දවසම මම එක දිගට වැඩ. දැනුයි ආවෙ.
    වාණිජකරණය නම් එපා වෙලා තියෙන්නෙ. නේද මධුරංග
    ඔව් දිනේශ් අයියෙ.. ලෝකෙම වෙනස් වෙලා..

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.