මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/21/12

ලෝක විනාසය කල් ඉකුත් වෙයි


අද මේ ගෙවී යන්නේ බොහෝම සුවිශේෂ දවසකි. වසර දහස් ගණනාවක සිට, බලාපොරොත්තු වූ දවසකි. විද්‍යාව තුළ බොහෝ විද්වතුන්ගේ කතා බහට ලක්වූ දවසකි. ජ්‍යෝතිර්වේදීන් නැකත් බලමින්, තරු දකිමින්, වසර දහස් ගණනක් පුරා අනාවැකි පළ කළ දවසකි. කලා කරුවන් මසැසින් දකිමින්, විවිධ තතු සොයමින් බොහෝ නිර්මාණ කළ එළි කරවීමට මඟ පෑදු දවසකි. දේශපාලනඥයන් තුළ අනපේක්ෂිත භාවය රජ කළ දවසකි. සංස්කෘතිය විසින් බොහෝ මත නිර්මාණයට තුඩු දුන් දවසකි. සියලු ආගම් පුදුමාකාර වින්තන පළ කිරීමට ඉවහල් කරගත් දවසකි. මේ සියලු දේ ආරම්භ වුණේ, මායා වරුන් නිර්මාණය කළ දින දසුනෙනි. රෝමය නිර්මාණය කළ රජුන්ගේ නම් උද්දීපනය වන කැලැන්ඩරයට වඩා මායා වරුන්ගේ කැලැන්ඩරය වර්තමාන සාමාන්‍ය දින දර්ශනයට බෙහෙව්න්ම අංග සම විය.

මේ දිනය බොහොම සාමකාමීව ගෙවුණු බවත් එදින මම ශ්‍රී ලංකාවේ, බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල මහනගර සභවට අයත් නිවසක ජීවත් වුණ බවත් මතු යම් දිනෙක මම මගේ දරුවන්ට කියමි.

සමස්ත ලෝකයම පෙර කලාකරුවන් කර පෙන්වූ චිත්‍රපට වල පරිද්දෙන්, සැණෙකින් විනාස නොවුණද, විනාශය ඇරඹී ඇති වග මට මෙන්ම ඔබට ද නොදැනෙනවා නම් එය පුදුමයකි. දැනටමත් ගං වතුරෙන් අපේ කුඩා රට තුළ පමණක් දහස් ගණනක් අනාථ බව අමතක නොකළ යුතුය. අපරාධ රැල්ල, රිය අනතුරු සහ වෙනත් හදිසි අනතුරු ද අඩුවක් නැත.

මෙය මගේ පුංචි රටට විතරක් බලපාන දෙයක් නොව, මුලු ලොවටම දැනටමත් බලපා ඇති දෙයකි. ඇමරිකාව සහ රුසියාව යන බලවතුන්ගේ සිට චීනය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ආදී ප්‍රධාන පෙළේ සියලු රටවල් වක්‍ර විනාශයකට මුහුණ දෙමින් සිටී.. දැනටමත් සමහර රටවල් යුද වදිති. අවි තනති. බෝම්බ නිශ්පාදනය කරති. සටන් අරඹති.

ගිනි දලු කන්දරාවක් හෝ අඩු ගණනක් උස ජල කඳ පමණක් ලෝකය සමස්තව විනාශ කරතියි සිතමින් අපි බලා හිඳින්නෝ වෙමු. පිට සක්වල ප්‍රහාරයක්, හෝ ඇස්ට්‍රොයිඩයක් කඩා වැටී සමස්ත ලෝකය විනාශ වීම අපි බලාපොරොත්තුව සිටිමු.

නමුත් විනාශය ටිකෙන් ටික වීම පිළිබඳව අපි තවමත් නොදැනුවත්ය. දැන් ලෝකයම සම්මා සතිය මෙහෙයවිය යුතු කාලය එළඹී ඇත. නැතිනම් අනාගත දරුවන්ට හුස්ම ගත හැකි ලෝකයක්වත් ඉතිරි කිරීමට අප අපොහොසත් වනු ඇත.

ලංකාවේ සාමන්‍ය මිනිසා හිස කෙළින් කර ඉතිහාසයට ගරු කරන ජාතියක් ලෙස පිබිදීමේ අවශ්‍යතාවය දැන් තිබේ. සක්වල තවත් ජීවයක් බලාපොරොත්තු වීමේ කාලයද පැමිණ තිබේ.. බල සම්පන්න 80 දශකයේ උපන් දරුවන්ගේ තාරුණ්‍යය ශක්තිය 90 දශකයේ නව යොවුන් දරුවන් හරහා බලාත්මක කරවීමට දැන් නිසි කල පැමිණ තිබේ.. කොටින්ම රටක් ලෙස සොබා දහම ජීව සංහතිය රැක ගත් සංරක්ෂිත සමාජයකට අපි පා නොතැබුවහොත් දෙසැම්බර් 21 විහිලුවට ගත් ලෝක විනාශය 2045 දී සැබෑවටම සිදුවනු ඇත.


11 comments:

  1. හ්ම්ම්. කතාව නම් හරි. :(

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම් ඇත්ත තමයි..
    ඒත් විනාසයා මහා චපලයා.. අවේ නෑ නේ
    ජය වේවා!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  3. දැං ඉතින් ඉන්න ඉතිරි කාලය ගෙවන හැටියක් බලමු නේද නිනුවෝ...

    ReplyDelete
  4. ඔයා කියන්නේ ලෝක විනාශය ගැන නොවේ ජාතික විනාශය ගැන නේ.

    ReplyDelete
  5. ලෝක විනාශය ගැනමනෙ හැමෝම ලියලා තියෙන්නෙ... කියවලා ඇතිවෙලා දැන්නම්...

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් ලෝකෙ අවුරුදු දහස් ගණනක් කති වුණ දේනෙ සිරා...ඔව් සුදීක අයියෙ

      Delete
  6. මේ මාසේ පඩි පැකැට්ටුව අතට ගත්තා. දැන් නං ලෝක විනාසේ උනත් කමන් නෑ. :)

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.