මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/31/12

-201- හැපි නිව් ඉයර්!!! යාලුවනේ!



වසර අවසානය වෙනුවෙන් ලිපියක් ලියන්නැයි යතුරු පුවරුව මෙන්ම හිතද බල කරයි. නමුත් ලියන්නේ කුමක් දැයි මම නොදනිමි. මේ වසරේ මා ලද ප්‍රගතියද මා මේ ලියන්නේ... සමහර විට එය විය හැකිය.

2012 වසර ආරම්භයේ මම රැකියාවෙන් ඉවත් වීමි. ඉවත් වීමට බල කෙරිණි. ඒ ඔවුන්ගේ අභ්‍යන්තර ආරවුල්ය.

එහෙත් මම රැකියාවෙන් ඉවත් වීම, මගේ අධ්‍යාපනයට මා හැඟි ලෙස බලපෑවේය. විශ්ව විද්‍යාල නිබන්ධනය ලෙස සාර්ථක ඩොකියුමන්ට්‍රියක් කරන්නට හැකි වූයේ ඒ නිසාය. මම ඒ ගැන ආඩම්බර වෙමි. එය බොහෝ සාර්ථක බව බලන අය කියති. එය නුඹට දක්වන්නට නොහැක්කේ තවම ප්‍රතිඵල දී නොමැති හෙයිනි. විභාගයද සාර්ථක ව නිම කළා යැයි සිතමි. ලබන වසරේදී කෝට් ඇඳ බම්බු ගෙන පින්තූර ගැනීමට හැකි වෙනු ඇත.

මේ වසරේ මම බ්ලොග් එක ලිව්වෙමි. යහමින් ලිව්වෙමි. එහෙත් දිලිෂාරා අක්කා කියන විදියට මම ලියන දේ හරය මදිය. එය මමද පිළි ගනිමි. මා අතින් ලියවුණේ ඩොමැස්ටික් ලිපිය. මම මේ දවස් වල ගවේෂණ ගොඩක් කළ නිසාම ඒවා සරලව සටහන් කර තැබීමට බ්ලොග් එක තෝරා ගත්තා කීවොත් නිවැරදිය. මගෙ අතින් ඉදිරියටත් එවන් ලිපි ලියවේවි. කොහොමත් වෙඩි ලිපි ටික හරි ජනප්‍රියයි නේද? ඒ අතර වෙනස් ලිපිත් ලියන්න මම 2013 දි උත්සාහ කරනවා. ගිය වසරෙ චිත්‍රපටිත් හුඟක් බැලුවා..ඔක්කොම ඉංග්‍රීසි චිත්‍රපට.. 3ක් උපසිරැසි ගැන්නුවා..4 වෙනි එකභාර අරගෙන විවිධ හේතු මත අත පහු වෙලා..එයත් ඉවර කරන්න ඕනෙ....හොඳ චිත්‍රපටි පොත් වාගෙ තමයි..

තව භාර ගත්ත වීඩියෝවක් තියෙනවා.. ඒක කරන්න කරන්න.. ඒ මනුස්සයාට වෙනස් කරන්න ආසා හිතෙනවා..මේ අවුරුද්දටත් ඒක ඇදිලා තියෙන්නෙ...

මේ වසරෙ මම පොත් කියවන්න වෙනදාට වඩා නැඹුරු වුණා. ඒකෙන් මට හැම මොහොතෙම හොඳක් සිදුවුණා. මගේ ශරීරයේ සුවපහසුව අඩු වුණ වසරක් තමයි 2012. ඒක වෙනස් වෙලා.......මම ඉක්මනින්ම සුවපත්වෙයි 2013 දි. මම එහෙම හිතනවා...

ඒ වාගෙම මම බස් රේඩියෝ සම්මාන උළෙලට ඉදිරිපත් වුණා. මම නිර්දේශ නාම අතරටත් පත් වුණා. ඒත් හිතනලන්තය දින්නා... ඒත් මම ඉන් පස්සෙ බස් රේඩියෝ සාමාජිකාවක් වුණා. අලුත් කියන හැඟීම නම් නෑ මට!! මොකද බස් රේඩියෝ පටන් ගත්ත දවස් වල ඉඳන් මම වොයිස් දුන්නානෙ...ඒත් දැන් නිතරම ඉන්නවා.. ඉතින් බස් රේඩියෝ නිසා දැන් මට යාලුවො ගොඩයි... අයේෂා..ජේඩී..දුලා..උෂාන් සිහින.. ඒ හැමෝම... (සිහින ගෙ මඟපෙන්වීම නිසා තමයි, මම බස් රේඩියෝවට ඒ කාලෙ වොයිස් දුන්නෙ..) ළඟදි බ්ලොග් අවෝර්ඩ්ස් එහෙමත් තිබ්බා...පින්තූර ෆේස් බුක් ඇති.

බ්ලොග් එකට කමෙන්ට් දාන්න ෂෙයර් කරන්න...මගේ  ෆේස් බුක් ප්‍රොෆයිල් එකේ කවි කියවලා ඒවාට කමෙන්ට් කරන්න ආපු හැමෝටම හුඟක් ස්තූතියි. ඉදිරියටත් මා එක්කම ඉන්න...

මම බස් රේඩියෝ ජනවාරි 2 වෙනිදා ඉඳන් පටන් ගන්න හදන “සිහිනය දිගේ“ වැඩසටහනටත්, ඔයාලා හැමෝම එකතු වෙයි කියලා මම හිතනවා. මම ආරාධනා කරනවා.. හැම බදාදාම රෑ 8 ට ගෙදර ඉඳලා... බස් රේඩියෝ අහන්න...

තාම අලුත් අවුරුද්ද ලොකුවට සැලසුම් කරලා නෑ. එකම පැතුම නිරෝගී වෙන්න. සතුටින් ඉන්න කියන දෙක තමයි. කුඩා දරුවන්ගෙ අධ්‍යාපනය පිළිබඳ වැඩි දුර හදාරලා ගුරුවරියක් වෙන්න හිතේ කොනක බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම වුණොත් මාධ්‍ය හීනය අතහැරෙයි.. ඒත් බස් රේඩියෝ නිසා ඒක වෙන්නෙත් නෑ... ඒ එක්ක ඉඩ හදා ගන්න හැකි වුණොත් ඇඟ හැකි තරම් කෙට්ටු කරගන්න නර්තනය නැවත ආරම්භ කරන්න හිතා ඉන්නවා...

කොහොමත් 2014 ලබන්නෙ මට සිකුරු අරන්ලු....!!!

2012 වගෙම 2013 ත් වේගෙන් අවසන් වේවි.... මට සතුටු වෙන්න පුලුවන් වසරක් උදා වේවා!! කියලා මම පතනවා.. ඒ වාගෙම ඔයාටත් එහෙමම වෙන්න කියලා පතනවා!! මම ඇත්තටම මම ලියන ඒවා කියවන..කියන ඒවා අහන අයට හරිම ආදරෙයි. මේ අවුරුද්දෙදිවත් පට්ට නියමයි අපූරුයි නොකියා වැරදි කියා දෙන්න... මට ඉදිරියටම යන්න පුලුවන් එතකොට..

මේ වසරෙදි සිද්ධ වෙන ඕනෙ දෙයක් වුණාවෙ... මම ඒ විදියට හැඩ ගැහෙනවා...

අහ්!! අන්තිමට කියන්න තියෙන්නෙ.......මේ වසරෙදිත් මගේ යාලුවො ලිස්ට් එකේ අංක එක උෂාන් ට ලැබිලා තියෙනවා...වසර 8ක් පළවෙනි ස්ථානෙ ඉඳලාත් තාම මූට මහන්සි නෑ!! :D .......... යකොව් හැපි නිව් ඉයර්!!!

දැන් සංජිට තද වෙයිද?? නෑ... සංජි උෂාන්ටත් ඉහලින්..ඒ කියන්නෙ.. 0 ඉන්නෙ........හැපි නිව් ඉයර් සංජී මං නෙරංජි

ඉතින් ඔයාලා හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක්!!! ඔයාලා හැමෝම මට උදව් කරලා ඇති මේ සංසාරෙදි!!

21 comments:

  1. සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කියෝ....

    ReplyDelete
  2. HAPPY NEW YEAR NEENU !!!!!!!!!!!!

    ReplyDelete
  3. HAPPY NEW YEAR NEENU !!!!!!!!!!!!

    ReplyDelete
  4. ලොකු මිස්ටත් කිරි පැණි උතුරන 2013ක් ලැබේවා!!!

    ReplyDelete
  5. කිරි එපා!! පැණි ඇති!!!! තැන්කූ අයිස්! තැන්කූ ශම්මියෝ

    ReplyDelete
  6. ඔයාට නිරෝගිමත් නව වසරක් වේවා!!

    ReplyDelete
  7. සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා..!

    ReplyDelete
  8. 2013 වසර සුභ වේවා!
    නව වසරේවත් අපේ පැත්තට එන්න...

    ReplyDelete
  9. 2013 අවුරුද්ද වාසනාවන්ත,සුබම සුබ,කිරි ඉතිරෙන වසරක් වේවා!

    ReplyDelete
  10. ස්තූතියි......... කට්ටියටම ඔබටත් එසේම වේවා!!

    ReplyDelete
  11. සියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....

    ReplyDelete
  12. අපි කෝට් අඳින කල බස් එක ගොස් තිබේවි යාලු..සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!

    ReplyDelete
  13. ඔයාටත් සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  14. ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා...

    ReplyDelete
  15. දයාබර සිතුම් පැතුම් සියල්ල මල්ඵල ගැන්වෙන සුබ නව වසරක් වේවා නංගී..

    ReplyDelete
  16. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නවවසරක් වේවා

    ReplyDelete
  17. Happy New Year Neenu...

    කෝට් ඇඳලා බම්බු ගන්න ඉක්මණට ලැබේවා... හි හි

    ReplyDelete
  18. සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  19. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. කතන්දර අයියාට අපේ බ්ලොගුත් පේනවා.. එහෙනං අනේ වාසනාවන්!!

      Delete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.