මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

8/30/12

බස් රේඩියෝ සහ තරඟ කරුවෝ වෙනුවෙන් චුට්ටි ඔවා!!


මුලින්ම කියන්න ඕනෙ කමෙන්ට් මම මොඩරේට් කළා. ඒ වගේම කොන්ද පණ නැති ඇනෝ කමෙන්ට් දාන්න එපා. කමෙන්ට් දානවා නම් නමකින් එන්න. අහ් මම කතා කරන්න යන්නෙ බස් රේඩියෝ එකේ තරඟ කරුවො ගැන.

මේ දවස් වල බස් රේඩියෝ තරඟයක් තියෙනවානෙ. අපි ඒකෙ තරඟ කරුවො! සමහර විට ඔබත් ! සයිබරයෙ පහු ගිය කාලෙ හුඟක් තරඟ තිබ්බා. ඒ වගේම. ඊට වඩා මඳ වෙනස්කමක් ඇති මේකත් තවත් තරඟයක් ! මේකට කට්ටිය ඉදිරිපත් වෙනවා. දැන් තරඟයට ඉදිරිපත් විය හැකි කාලය ඉවරයිද කොහෙද? මේ දවස් වල තරඟය පැවැත්වෙනවා.

බස් රේඩියෝ එකෙන් මේ තරඟෙ තියන්නෙ අසන්නො තවත් වැඩි කරගන්න. ඒක ඉන්ටර් නෙට් රේඩියෝවක්නෙ. ඇඩ් මුකුත් නැහැ. ඒ ළමයි කරන්නෙ සේවාවක් නෙ. මං දන්න තරමින් ඒක නොමිලේ කෙරෙන දෙයක්. ඉතිං අඩු පාඩුවෙන්න පුළුවන්. ඒත් දෙයක් කරනකොට ඒ අඩු පාඩු අවම වුණොත් සාර්ථක කර ගන්න පුළුවන්. මම මේ බස් රේඩියෝ එකට කඩේ යනවා නෙවෙයි. මොකද මම බස් රේඩියෝ අහන වෙලාවටත් මගේ රසයට ගැළපෙන ගීතයක් යන්නෙ හරිම කලාතුරකින් !

තරඟ කරුවෙක් විදියට මට ආසා මේකට සහභාගි වෙන්න විතරයි. මොකද මට පස් රේඩියෝ මේ බැනර් එක සදාකාලිකව උණත් එල්ලා තියන් පුළුවන්. මම කොහොමත් බස් රේඩියෝ පටං ගත්ත දා ඉඳලා ඒකට ලින්ක් එකක් දුන්නා. ඒ කඩේ ගියා නෙවෙයි. අපි වගේම තරුණ සෙට් එකක් එකතු වෙලා කරන ප්‍රජා සත්කාරයකට ගරු කරන්න ඕනෙ නිසා. කොටින්ම වාණිජ අරමුණක් නැති බව මට අනුව දැණුන නිසා. (මාර්කටිං පිළිබඳ ප්‍රමාණික දැනුමක් තිබේ.) . ඒක ප්‍රමෝට් කරන්න ඕනෙ නෑ! අපි හොඳ තැනක ඉන්නවා කියලා දැං බස් උන් ටික මට බැණ අඬගහයිද දන්නෙ නෑ. තවම ඔයාලා ඉන්නෙ වර්ධන අවධියේ නිසා ප්‍රමෝෂන් නොකළොත් පරිණත වීමට පෙර අවනති අවධියට ළඟා විය හැකි බැවින් සෑහෙන ප්‍රවර්ධනයක් ඕනෙ කරනවා. :D. ඒ නිසා මේ වගේ වැඩ කරන එක මරු!

මම දන්න විදිහට මගේ නංගිලා, මල්ලිලා, අයියලා , අක්කලා මේ තරඟේ ඉන්නවා... මට නොවැරදීම කමෙන්ට් කරන හිරුහිමාවි නංගියා. තරියා අබේ මල්ලි කඹේ.... අනේ නම් කියන්න බැරි තරම් හුඟක් අය. උන් කා එක්කවත් මට තරඟයක් නෑ. ඒ කියන්නෙ මං ආසයි උන් දිනනවාට !! මොකද මම මම අප්පුඩි ගහන්න හරිම කැමති කෙනෙක්.

මං අවුරුදු හතරක් බ්ලොග් ලියනවා. බ්ලොග්ස්පොට් තියෙනකං සහ මම ජීවත් වෙනකං මම බ්ලොග් ලියනවා. මම ජීවත් ව ඉන්න කාලෙදි නිකං දෙන මෙහෙම බ්ලොග් නැති වුණොත් මම සල්ලි වලට ඩොමේන් එකක් අරං තාරක අයියාට කියලා වෙබ් සයිට් එකක් හදලා හෝස්ට් කරං කිසිම ඇඩ් එකක් නොදා....පෝසට් විතරක් දානවා. (යාළුවන්ගෙ ඇඩ් දානවා.. යම් ප්‍රමාණයකට.... කලාව සම්බන්ධ, මිනිසුන්ට වැදගත්  හෝ ජීවනාර්ථ තියන කැටගරි තුන යටතේ ආවොත් - හැබැයි සතයක්වත් නොගෙන)

මම මේ ලියන අකුරක් ගානෙ රසවිඳිනවා. සල්ලි බලං සයිට් කරන අයගෙ කිසි වරදක් මම දකින්නෙ නෑ. ඒත් එහෙම අයට තරඟෙකට බැනර් එකක් වුණත් ඕනෑවට වඩා එල්ලගෙන ඉන්න කාලයක් නෑ. ඒ වෙලාවට අනිවාර්යයෙන්ම මුදල කියන දේ ඉස්සරහට එනවා. ඒක ඇත්ත. ඒ මිනිස්සු කන්න බොන්න එපැයි. ඒත් ඒ අය බොරුවට කෑ නොගහ මේ වගේ තරඟ වලට එන්නෙ නැතිව හිටියා නම් ඉවරයි කියලා මට පුද්ගලිකව හිතෙනවා.

ඒවගේම මේ තරඟ වල ගැහැණු පිරිමි බේදය නැතත් සමාජයේ අපි දෙගොල්ලා දෙගොල්ලක්! ගැහැණු ළමයින්ගෙ බ්ලොග් වල හැකි තරම් විනයානුකූල වීම වටිනවා. මොකද සමහර භාර දූර වචන නිසා සමහර ගැහැණු ළමයි තරඟ වලින් විතරක් නෙවෙයි බ්ලොග්කරණයෙනුත් ඉවත් වී තියෙනවා. ඒත් දැන් කෙනෙක් කියයි. ඔහොම හොටු බබාලා මොකටද සයිබර් එකට කියලා. මිනිස්සුන්ගෙ විවිධ කම තුළින් තමා ලෝකෙ ලස්සන වෙන්නෙ. අයිසා යි, හිරු හිමාවියි, හිරූ යි, මමයි, ඩීප්සුයි, කවින්ද්‍යායි, ෆා යි මේ සෙට් එකම එකම ජාතියෙ කෙල්ලො වුණා නම් අපි ලියන්නෙ එකම බ්ලොග් එකයි නේද? ඉතිං අපි තැනේ හැටියට ඇණේ ගහන්න ඕනෙ. ( ඒක කීවේ කොල්ලන්ට)

කෙනෙක්ගෙ පෝස්ට් එකකට මඩ ගහන එක සමහර වෙලාවට සුන්දරයි. සයිබර් යායෙ බුද්ධි මලයාගෙ කාටුන්, මාරයා අයියාගෙ හෝරාව, අභී අයියාගෙ බ්ලොග් එක වගේ  කතන්දර ලා සඳරුලා වගේ හුදෙක් සිනාසීමට හරි, රස විඳින්න හරි ගහන මඩ නෙවෙයි මම කතා කරන්නෙ... කොමෙන්ට් මඩ ගැන. පෝස්ට් එකකට කමෙන්ට් කර කර කුණු හරප වලින් බනින අය ගැන , මට හිතෙන්නෙ, මට ඒ අයව පේන්නෙ අනුන්ගෙ ගෙදර ගිහින් ඉස්තෝප්පුවෙ කක්කා කරන සෙට් එකක් විදිහට. කෙල්ලන්ට එහෙමයි පේන්නෙ. ( වීරයෝ වගේ කියලා හිතනවා කියලා හිතනවා නම් වැරදියි.)

හොඳ හැමෝම ඉස්සරහ කිව්වාට කැත වචනයෙන් බනින්න අත්‍යාවශ්‍ය නම්, චුට්ටක් පුද්ගලිකව බනින්න. මට අහන්න ලැබුණු විදියට මේ තරඟයෙදි සෑහෙන්න එළිපිට සාහසික දොස් පැවරීම් වෙලා තියෙනවා. ඇනොනිමස් කමෙන්ට් වලින් වෙන කෙනෙක්ගෙ ආත්ම ගරුත්වය නැති කරන්න ටිකක් අමාරුයි. උසාවිය වුණත් පිළි ගන්නෙ කූඩුවට පැමිණ හෝ (බිය නම්)  ජූරිය ඉදිරියේ පමණක් හරි මුහුණ පෙන්විය හැකි සාක්කි විතරයි. (නීතිය ගැන ප්‍රාමාණික දැනුමක් ඇත.)

කොහොම හරි මට කියන්න ඕනෙ වුණේ, අනික් අයගෙ බ්ලොග් වල ඇනෝ කමෙන්ට් දාලා, කුණු වචන දාලා, මඩ ගහලා, කෙනෙක් වෙනුවෙන් කතා කරන තව කෙනෙක්ට ඒ කෙනා සම්බන්ධ කරලා පද හදලා, ගැහැණු ළමයෙක්ට අපහාස කරලා (කොටින්ම හිරු හිමාවි නංගි වගේ හොඳට ලියන කෙල්ලන්ගෙ හිත් බිඳින්න එපා.) ගොන් ආතල් ගන්න එපා!

ඒ වෙලාවෙ කොල්ලො දෙතුන් දෙනෙක් ඔබේ සහයට ඒවි. ඒත් ඔබ දන්නෙත් නෑ. උන් ඔයට මඩ ගහන දවස.

මුළු ජීවිතයම තරඟයක්! ජය ගන්න ඕනෙ අපි. ඒත් එක තරඟයකින් හැමෝටම ජය ගන්න බැහැ. වාසනාව හැකියාව ඔක්කොම ඕනෙ. අපිට සතයක් වත් ගියෙ නෑනෙ මේ තරඟෙට සහභාගි වෙන්න. අපි බලා ඉමු. තරඟයෙ අවසානය. එක්කො ඔබ දිනයි. නැත්තම් වෙන කෙනෙක් දිනයි. ඒක තමා තරඟයෙ හැටි. අවසානයේ උපරිම සතුට. ඔබට ලැබේවි.

හොඳ හොඳම වේය ලොව කිසිම තැනක නැහැ නොහොඳ නරක දිනුවේ
සිත ඊර්ෂ්‍යා මාන ගති නැති නිසාම අපි මේ තරඟෙත්             දිනුවේ ............

 තියලා ඔබට පස්සෙ සතුටු වෙන්න පුළුවන්!! කවුරු දිනුවත්, කවුරුත් පරාද වෙන්නෙ නැති නිසා. මං වැරදිද ඔබ කියන්න!!

23 comments:

  1. සහතික ඇත්ත. අපි බ්ලොග් ලියන්නෙ අපේ තෘප්තියට. එතනදි ස්වයං වාරණයක් දා ගන්න එක යුතුකමක්. එක එයාලට අනන්‍ය ක්‍රමේකට වැඩ කරනවා. එතනදි තමන්ව ප්‍රමෝට් වෙන්න මොනවද කරන්නෙ කියන එක එයාලට අයිති දෙයක්. තරගයට ඉදිරිපත් වෙන එක බ්ලොග් ලියන අයගෙ වැඩක්. නැතුව එයාලට බනින එක නෙමේ යුතුකම. ජය...!

    ReplyDelete
  2. eththatama agaya karanawa oba weni youn aya karana mewan dewal. digu gamanak yannata heki wewa.B.S

    ReplyDelete
  3. ස්තූතියි මතූකලයුතූ දෙයක් මතූ කලාට,

    ReplyDelete
  4. ඔය හිරුවට මඩ ගහපු සහ අද කෑ ගහපු පුද්ගලයා කොල්ලෙක් විදිහට හදුන්වනවට මමනං කොහෙත්ම කැමති නෑ...
    කොල්ලෙක් කියන්නේ හොද පෞරුෂයක් (කොන්දක්) තියෙන ස්ත්‍රීන්ට ගරු කරන විවෘතව කතා කරන කෙනෙක්ට...
    නමුත් අර පුද්ගලයා එහෙම කෙනෙක් නෙමේ...
    එයා ගැන ඇති... එයා සමාජය තුල අනුකම්පාවට ලක්කල යුතු මානසික රෝගෙකිං පෙලෙන කෙනෙක්..
    අනේ මන්දා ඉතිං මමනං බස් එකට මුකුත් කියන්නෑ..
    අන්න තරගෙට ඉදිරිපත් වෙනවට හරි සංවිධාන කටයුතු වලට කියලා හරි අපෙං මුදලක් අය කලානං අපිට බනින්න අයිතියක් තියෙනවා...
    ඒත් මේ නිකං දෙන දේට කෑ ගහන එක මොන ලැජ්ජ නැති වැඩක්ද..
    ඊයා කක්කා...

    ReplyDelete
  5. කොහම ෑනත් කතාව ඇත්ත.වැඩි දෙයක් කියන්න නෑ.මොකද මාත් ඔය මතයම දරන නිසා...

    ReplyDelete
  6. අපට, ලංකාවට, මෙම සයිබර කලාව, බ්ලොග කලාව අලුත්ය.
    එහෙත් අපි වැටි වැටී හෝ එහි ඇවිදින්නට ඉගෙන ගත්තෙමු.
    ඔබත්, සරු ගමනක්, බොහෝ දුර යන ලකුණු පෙන්වයි සොයුරි,
    ඔබටද ජය පතමු...!!!

    ReplyDelete
  7. ඇත්ත කතාව ! සහතික ඇත්ත !

    ReplyDelete
  8. ගොඩක් ස්තූතියි ඔබ සියලුදෙනාටම!!

    ReplyDelete
  9. මම කැමති අක්කා අපේ පැත්තෙත් එනවා නම්.. :)
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  10. හ්ම්ම්..ඊයේ උනු හැමදෙයක්ම හරි හිනා යන සුළු දේවල්.එයාලගේ තරම සෑහෙන අපුර්වත්වයෙන් අපට දැකගන්න පුළුවන් උනා ඊයේ අර කතාබහෙන්.මෙතන වෙන්නෙ අක්කෙ තමන්ගේ බ්ලොගය රී ෆ්‍රෙෂ් කරගන්න වෙලාවේ අනුන්ගේ බ්ලොග් රී ෆ්‍රෙෂ් කරන්න යනවා වගේ වැඩක්.කොහොම උනත් අවසානයේ හොඳ අපිට.මොකද උන් දමාගෙන , කාලෙ කාගෙන බනින්න එන්නෙ අපේ ලිපි කියව කියවා.ඔයිට සම්බන්ධ දෙයක් අදත් මගේ පේජ් එකේ උනා.හැමෝටම දැනගන්න මේ වගේ ලිපියක් ලියවුනු එක අපූරුයි.මේකේ සෑහෙන ප්‍රමාණයකට මගේ නමත් ලියවී ඇති නිසා ඔබේ කැමැත්ත දෙනවා නම් මෙය මගේ අඩවියේ 'මා වෙනුවෙන් ලියවුනු ලිපි' යටතේ ප්‍රදර්ශනය කරන්න හිතෙනවා.කොහොමත් මම මේක දැන් පේජ් එකේ නම් දානවා.

    ඔබේ අදහස් වලට මම ගරු කරනවා.
    බොහොමත්ම ස්තුතියි!
    ඔබට ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. අනේ දාගන්ට.. ලින්ක් එකක්!! හදිස්සියෙ නොදැම්මත් මට කමක් නෑ!! නගා

      Delete
  11. Replies
    1. ඔයාගෙ සර්නේම් එක ද? නගා

      Delete
    2. :) :) හී හී/// ඔව් අලෝ..මේ දවස්වල නම් එහෙමයි :)

      Delete
  12. හිරුහිමා සහෝදරිය fb එකේ දාලා තිබ්බ ලින්ක් එකක් ඔස්සේ ආවේ. කලින් මේ පැත්තේ ඇවිල්ල තිබුනට දැන් ටික කාලෙකින් එන්න බැරි උනා නෙ, පෝස්ට් එකේ කරුණුත් එක්ක එකඟයි මාත්.

    …ජය!!

    ReplyDelete
  13. බස් රේඩියෝ ගැන නම් මෙලෝ දෙයක් මගේ මලකඩ මොලේට තාම වැටිලා නෑ...

    හැබැයි මෙන්න මේ කියපු කතාව නම් සම්පූර්ණ ඇත්ත..
    //මිනිස්සුන්ගෙ විවිධ කම තුළින් තමා ලෝකෙ ලස්සන වෙන්නෙ. අයිසා යි, හිරු හිමාවියි, හිරූ යි, මමයි, ඩීප්සුයි, කවින්ද්‍යායි, ෆා යි මේ සෙට් එකම එකම ජාතියෙ කෙල්ලො වුණා නම් අපි ලියන්නෙ එකම බ්ලොග් එකයි නේද? //

    ReplyDelete
  14. :)
    සුළඟක් හැමුවාට මහ කඳු සෙල වෙයිද
    බල්ලෙක් බිරුවාට පුන් සඳ බය වෙයිද
    විරුවෙක් මලත් ඔහුගේ නම නැති වෙයිද
    ඇනොවෙක් කැස්සාට මේ අපි ලෙඩ වෙයිද

    ReplyDelete
  15. මමත් දැක්ක මොකක්ද සිද්ද වුනේ කියලා මොන වුනත් කව්රු හරි විරුද්දව හිටියේ නැත්නම් වැඩේ නැගලා යන් නැනේ දැන් වැඩේට පොඩි ක්ලික් එකක් තියනවා .........
    ජය

    ReplyDelete
  16. අලුතෙන්ම බ්ලොග් කලාවට ආව මට මේවා ග්‍රික් වගේ.

    ReplyDelete
  17. බ්ලොග් කලාවට අලුතෙන්ම ආපු මට මේ කියන කිසිදෙයක් තේරෙන්නේ නෑ.මමත් කමෙන්ට්ස් දානවා හැබැයි නියම නමින්ම විතරයි.ඒව රිදෙන තැන්වලට රිදෙන්නත් පුලුවන්.සැනසෙන්නත් පුලුවන්.
    http://samakayawate.blogspot.com/

    ReplyDelete
  18. අඩේ මේක ලියන කාලේ මේ කෙලී එළියේ ද උන්නේ?
    මම ගමයා...

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.