මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

6/10/11

සින්ඩි සහ අපේ මල්ලිලා

පෝස්ට් එකක් ලියනවාද නැද්ද කියලා කල්පනාවෙ හිටියෙ.වෙන වැඩත් තියෙනවා. ඒත් මට හිතුණා ලියන්න ඕනේ කියලා.. ඒකට හේතුව අද බුකියෙ ගිය චැට් එකක්..මම අතරින් පතර සම්බන්ධ වුණත් මේක කරගෙන ගියෙ අපේ මල්ලිලා.. (මල්ලිලාද දන්නෙත් නැහැ. මුන් 21 ට අඩු ඇති..)[ ටිමෝන් නම් නංගී ද විය... ]මේ කතාව ගියේ සින්ඩි ගැන. සින්ඩි ගොඩක් ඕනෙද කියන ගැටළුව එතනදි සාකච්ඡා වුණා..

ඒ කිට්ටුවෙන්ම යසන්ත කියලා මල්ලි කෙනෙක් සියලු සින්ඩි එකක් කිරීම වගේ අදහසක් ගැනත් කිව්වා..

දැන් මම කියන්නෙ මගේ අදහස.මේක අම්බානක වැරදි ඇති.බනින්න ඇවිත් ඕනේ කෙනෙක්.මොකද මම ඇනෝ ඩිසෙබල් කළේ කට්ටියට නම කියලා බනින්න ඉඩ දෙන්නමයිනෙ.

ඉස්සෙල්ලාම මම දන්න තරමින් ඇති වුණු සින්ඩිය කොත්තු ..එහෙම තමා කට්ටිය කියන්නෙ.නමුත් මම ඉස්සෙල්ලම දැන ගත්තෙ සිංහල බ්ලොග් කියවනය.මම ඒකෙ රෙජිස්ටර් වුණේ මීට වසර දෙකකමාරකට විතර ඉස්සර.එතකොට ඒකෙ හිටිය ගණන 285 ක් වගේ.( බ්ලොගී ලා නම් හුඟාක් අඩුයි. )ඔන්න ඉන් ටිකක් කල් යනකොට සහන් වීරසිංහ කියලා මිත්‍රයෙක් මට ලාංකීය එක ගැන කිව්වා.ඉන් පස්සෙ කාලය තුළා සින්ඩිකේටර් ගොඩාක් ඇති වුණා.උඹේ බ්ලොග් එක මගේ බ්ලොග් එක වෙනුවට උඹේ සින්ඩිය මගේ සින්ඩිය වෙන තරමට සින්ඩිකේටර් වැහි වහින්න පටන් ගත්තත්, පස්සෙ උචිතෝන්නතිය සමඟ සමහර ඒවා ජනප්‍රිය වුණා.සමහර ඒවා පසු බැස්සා. හරියට රියැලිටි තරඟ වගේ මේ නිසා බ්ලොග් ලියන්න කට්ටිය ටික ටික වැඩි වුණා.යාළුවන්ගෙ සින්ඩියට තව යළුවො ඇදිලා ආවා .අද වෙන කොට ලංකාවෙ බ්ලොග් කලාව සැලකිය යුතු මට්ටමක තියෙනවා.

මුල් කාලෙ කාටත් වුවමනා වුණේ.බ්ලොග් ජනප්‍රිය කරන්න නෙවෙයි.සිංහල යුනිකේත සමාජ ගත කරන්න.ඇත්තට සිංහල බ්ලොග් කියවනයේ මූලික අරමුණ වුණේ ඒක කියලා මට හිතෙනවා. අද වෙද්දි ඒක වෙලා ඉවරයි.දැන් බස් එකේ බුකියේ සිංහල යුනිකෝඩ් තියෙනවා. ඒකියන්නෙ පරිගණක  බහුතරය මේ ගැන දන්නවා. සෙට් ඩෙකෝ එක නිසා කොහොමත් ගැටළුවක් නැහැනෙ.දැන් වෙන්න ඕනේ එහෙම කොහොම හරි මේ ලියපුවා කියවන එක..

ඉතින් දැන් අපිට බ්ලොග් කියවන්න සින්ඩි ඕනේ...සින්ඩි 150ක් තිබ්බාත් මිනිස්සු බලන්නෙ තමන් කැමති එක. රූපවාහිනිය තිබ්බා කියලා ,සිරස ආරම්භ නොකර හිටියාද? චැනල් 8ක් 9ක් තීද්දි දෙරණ ඇවිත් ජනප්‍රිය වුණා නේද? (මිනිස්සු බලනවානේ ....අනික මේ ඔක්කොම තිබ්බා කියලා තව චැනල් හදන්නෙ ඔය )...

හැබැයි හැම එකේම එකම නාට්‍ය යන එකේ නම් ගැටළුවක් තියෙනවා තමයි.මම කිව්වෙ සින්ඩි 1000ක් හැදුවත් යන්නෙ අපේ අයගෙම බ්ලොග් නේ....ඒත් කමක් නැහැනෙ..ඕවා එච්චර ප්‍රශ්න නෙවෙයි..ඔයිට වඩා ගැටළු තියෙනවා.මේ ලෝකෙ

මම සින්ඩි ගැන මෙහෙම කියන්නෙ..මට කවුරුත් එකයි නිසා..ලාංකීයයි සිංහල බ්ලොග් කියවනයයි විතරක් මම ඇඩ් දාලා තිබ්බාට මම අනික් ඒවාටත් යනවා එනවා...
හොඳ සේවයක් සපයද්දි නිකම්ම රසිකයො වැඩිවෙයි කියලා කවුද ත් කිව්වා.

ෆේස් බුක්..සහ බ්ලොග් සුසංයෝගය අනාගතයේ සින්ඩි වලට බලපෑමක් ඇති කරයිද කියන්න නම් තවම බැහැ.ඒත් එහෙම ගතියක් නැත්තෙ නැහැ.අදටත් ලංකාවෙ වැඩියෙන්ම පරිශීලනය වන සයිට් එක ෆේස් බුක් නෙ... අපි ඒක එදාට බලමු.

28 comments:

  1. අනුමතයි මටනම්...

    ReplyDelete
  2. සින්ඩි ගැන ෆේස් බුක් ගැන මේ වයසක මනුස්සයට වැඩි තේරුමක් නං නැහැ, ඒ වුනාට වෙලාව තියෙන විධියට අහුවෙන හැම වෙඩිමක්ම කියෝනව, කොමෙන්ට් දැම්මත් නැතත්

    ReplyDelete
  3. ඔබ්සවර් අංකල්ගෙ කතාව තමයි හරි. මමත් මුල් හරිය හිතට වදින හැම පෝස්ට් එකක්ම දිගටම කියවනව බ්ලොග් එ‍ක ගැන නොහිතා. කමෙන්ට් එකක් දැමීම වටිනවයි කියල හිතුනොත් දානව. ඔය හැම සින්ඩියක්ම මම කියවනව. හොඳ බ්ලොග් එකක් එක්කො ෆලෝ කරනව නැත්තං ගුගල් රීඩරේට දාගන්නව.

    මම හිතන්නෙ ගුගල් රීඩරේ තමයි මම බ්ලොග් වලට යොමු වෙන ප්‍රධාන කියවනය. ඒක අතිශය පුද්ගලික එකතුවක්නේ... අපි කියවන්න කැමති දේවල් විතරක් තියෙන පිරිසිදු කියවනයක්!

    ReplyDelete
  4. වැලේ ගෙඩි වැලට බර නොවෙන තාක් අපි සින්ඩි සමගයි

    ReplyDelete
  5. අනේ මන්දා අපිට සින්ඩි නැතුව බෑ..

    ReplyDelete
  6. හැක් හැක්... අනේ මං ඔවුවට කතා කොරන්න එන්නෙ නෑ. මං පොඩි එකානෙ.. :D :D(21ට අඩුයි) කොක වෙතත් මං වැඩිය සිංඩි යුස් කොරන්නෙ නෑ. වැඩිය කියන්නෙ කොහොමත්ම නෑ වගේ..

    ReplyDelete
  7. @hare :-) මසුරං කායමන
    ස්තූතියි

    ReplyDelete
  8. සින්ඩි කොච්චර තිබ්බත් කමක් නෑ කියල තමා මට නම් හිතෙන්නේ. කවුරු කොහොම මොන සින්ඩියෙන් කියෙව්වත් කියවන්නේ සිංහල බ්ලොග් එකක් නේ. ඒ නිසා ඒක වටිනවා.

    තව එකක්.අපිට නැගී හිටින්න උදව් කරපු සිංඩි ටික අමතක කරන්න හොද නෑ.

    ReplyDelete
  9. සින්ඩි 1000ක් තිබ්බත්.අපි ඒ හැම එහෙකම හිටියොත් අපෙ බ්ලොගියට හොදයි කියලයි මට හිතෙන්නෙ,අනේ මන්දා මාත් තාම පොඩි එකා

    ReplyDelete
  10. @මධු - මේ කොල්ලො වලි දාන්නෙ බොරුවට අප්පා

    ReplyDelete
  11. සින්ඩි කොච්චර තිබ්බත් අපි ලියන බ්ලොග් පෝස්ට් ලියන ලියන ගානෙ ඒවයෙ පලවුනත්....... බ්ලොග්පෝස්ට් එකක් ලියන්න එපැයි සින්ඩියෙ වැටෙන්න. කොයින්ද වෙලාවක් ඒකට. (මම මේ දවස්වල වෙලාවක් හොයනවා)
    ඒක නෙමේ සතුටුයි මාත් මේකෙ කෙලවරක ඉන්න එක ගැන.

    ReplyDelete
  12. මම නම් ලියන්න ආවේ ලියන්න ආස හින්දා...ඊට පස්සේ සඳරු තමා මට කීවේ බ්ලොග් එක සින්ඩියකට දාපන් කියලා.මම සිංහල බ්ලොගර්ස් එකට සෙට් වුනේ එහෙම....සින්ඩි තියෙන්න ඕනේ.....සින්ඩි නැත්තම් බ්ලොග් මේච්චර ජනප්‍රිය වෙන එකක් නෑ නේද අක්කේ?

    ReplyDelete
  13. සිංඩි වැඩි වෙන තරමට බ්ලොයට එන ටැපික් එක වැඩි. එක නිසා සිංඩිකේටර් හොදා.

    ReplyDelete
  14. ඉතින් අඩේ මම කියන්නෙත් සින්ඩි වැඩි වුණාට කමක් නැහැ කියලා තමයි...අපිට එතකොට හැම එකේම රෙජිස්ටර් වෙත හැකි.

    ReplyDelete
  15. සින්ඩිකේටර් තියන එක හොඳයි.ඒ ආශ්‍රිතව එතකොට සමාජයක් බිහිවෙනවා.ඒ සමාජය ආශ්‍රයෙන් එතකොට තව තව දේවල් කරන්න පුලුවන්.හොඳම උදාහරණ තමයි සිංහල බ්ලොග් කරුවන්ගේ සුහද හමුව,
    ඉලංදාරියා වෙනුවෙන් කට්ටිය එක්කාසු වීම,සයිබර් අවුරුදු උලෙල,අක්ෂරය සෙට් එක වගේ දේවල්.
    බ්ලොග් එකක් හිට් වෙන්ඩ සින්ඩිකේටර් අවශ්‍යම නෑ කියල කියන්නත් පුලුවන්.මතකනෙ ටැබූට කොච්චර ඩේලි හිට්ස් තිබුනද එක සින්ඩිකේටරයක් වත් නැතිව.

    ReplyDelete
  16. සාකච්ඡාවට බදුන් කල යුතු මාතෘකාවක්.
    බ්ලෝග් ලියන අපි හැමෝගේම පැවැත්ම රදා පවනින්න නම් සින්ඩි තියෙන්නම ඕන.

    ReplyDelete
  17. අක්කි කියන විදියට සින්ඩිකේටර 150ක් විතර තිබ්බ කියමුකෝ.. ඒ උනාට අක්කි යන්නෙ අක්කි ආස එකකට දෙකකට විතරයි.. වැද්ගත් ලිපි ලියන කාගේ හරි බ්ලොග අක්ක යන සින්ඩි වල නැතුව අනිත් සින්ඩි වල තිබ්බ නම් අක්කිට ඒවා මග හැරෙනවා.. අන්න එතනයි වරද... සින්ඩි ගාන අඩු වෙන්න අඩු වෙන්න අක්කට වටිනා ලිපියක් කියවන්න ලැබෙන චාන්ස් එක වැඩි වෙනවා.. මං කියන්නෙ ඒක ගැන..

    ReplyDelete
  18. අහ්... මල්ලි දා ගන්න ගූගල් රීඩරේ ට....එතකොට හරි

    ReplyDelete
  19. මේක මගේ බ්ලොග් එක ගැන තියෙන ප්‍රශ්නයක් වත් මට කියවන්න බැරිවෙන එක ගැන ප්‍රශ්නයක් වත් නම් නෙමේ.. මං මේ කතාව මෙතනින් නවත්තන්නම්

    ReplyDelete
  20. අන්න තද වුණි....සන්සුන් වන්න මල්ලී...

    ReplyDelete
  21. අක්කෙ බොරු වාචාල කාතා කියවන්නෙ නෑතුව හොදන් ඉන්න පරිස්සමෙන් !!!!!!!!!!!!බොලොග් ලියාගෙන !!!!!!!!!!!!!

    ReplyDelete
  22. ane akko monawa kiyannada manda..man hithanne syndi thiyena eka godak hodai kiyala.

    ReplyDelete
  23. මට තද නොවුනි අක්කියෝ.. හැමොගෙම අදහස් එක වගේ නෑනේ.. :ඩී

    ReplyDelete
  24. sohan.... අපි බ්ලොග් කියවන හුගක් තියෙනවාට ආසයි...ඒක වරදක්ද?

    ReplyDelete
  25. වැඩියෙන්ම බ්ලොග් බලන්නේ බ්ලොග් ලියන අයමයි මට තේරෙන විදියට.
    අපි උත්සහ කරන්න ඕනෑ, බ්ලොග් නොලියන අය අතරට මීට වඩා යන්න.
    මං නං විසිටින් කාඩ් එකක් ගහලා දන්න නොදන්න අයට බෙදනවා.

    ReplyDelete
  26. FB වලට වඩා සෙනග එන්නෙ සින්ඩි වලින්..

    ReplyDelete
  27. කතන්දරගෙ වැඩේ මරුනෙ

    ReplyDelete
  28. ඇත්තට..... එහෙමද? බනී

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.