මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

3/14/11

නයි ගොඩක් සමඟ නීනුගේ ඉන්ටර්වීව්


තමීර අයියාගෙ බ්ලොග් එකට මඩ චුට්ටක් ගහලා මගේ එකට ආවමයි දන්නේ..මමත් සෑහෙන කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් ලියලා නැහැ...
ඒ නිසාම මම හිතුවා මම ලියන දේකට වඩා වෙන කෙනෙක් ලියන දේට ඔයාලා කැමති වෙයි කියලා...මේ මං ගැන සුප්‍රසිද්ද පත්තරේක ලබන ඉරිදා පළ වෙන ඉන්ටව් එකක්...කාටවත් කියන්නෙපා.. හොරෙන් බලන්න...



" අද අපිත් එක්ක බ්ලොග් චරිත පිටුවට එකතු වෙන්නෙ බ්ලොග් කාරිණියක්.වසර දෙකකට සෑහෙන්න කාලයක් බ්ලොග් ලෝකයේ රැඳී සිටි ඇය.. මේ වන විට පෝස්ට් 100කට කිට්ටු ප්‍රමාණයක් ලියා තිබෙනවා..ඉතින් නෙරංජි හෙවත් අපි නික් නේම් විදිහට නීනු කියන ඇයගෙන් රසිකයන් අපෙන්
අහන ප්‍රශ්න කිහිපයක් ඇගෙන් අහන්න සූදානම් කළා...

වසර දෙකකට ආසන්න කාලයක් බ්ලොග් ක්ෂේත්‍රයේ රැඳී සිටීම ගැන ඔබ මොකද හිතන්නෙ?..

ඉන්ටර් නෙටුයි..එතකොට කොම්පියුටරය
කුයි තියෙනවා නම් බ්ලොග් කරණය කියන්නෙ මහ ලොකු දෙයක් නෙවෙයි.ඒත් මේ අනික් ක්ෂේත්‍රයන් වගේම වගකීමෙන් කළොත් මේකෙත් හොඳ අනාගතයක් තියෙනවා.

බ්ලොග් කරණයට කාන්තා දායකත්වය අඩුයි නේද?..

මීට වසර දෙකකට කලින් මම එද්දි, ඇත්තට හුඟක් කාන්තා නියෝජනය අඩුයි..ඇත්තටම මේ ෆී
ල්ඩ් එකේ කාන්තාවන් බොහොම ප්‍රවේසමෙන් ඉන්න ඕනේ..ඕනේම වෙලා වක දරුණු තත්ව ඇති වෙන්න පුළුවන්.ගොඩාක් වෙලාට කොල්ලම තමයි කෙල්ලගෙ බ්ලොග් එකත් ලියන්නෙ..බ්ලොග් වල වුණත් මේ සිදුවන කාන්තා ප්‍රචණ්ඩකාරීත්වයට එරෙහිව පාර්ලිමේන්තුවත් ඉදිරියේදි කතා කරාවි.පබා ඉන්නවානේ

ඔබ ගැනත් නොයෙක් කට කතා පැතිරෙනවා නේද?ඔබ පසුගිය බ්ලොග් මැරතන් එක
දි සෑහෙන්න මඩ වලට මුහුණ දුන්න කියා රාවයක් තිබෙනවා..

තමන්ගෙ පරාජය ඉවසගන්න බැරි වෙච්චි අය තමයි ඔය වගේ කතා පතුරන්නෙ.මට මඩ පහරවල් එල්ල වුණත් මගේ නොසැලෙන දිරියෙන් මම ඒවා ජය ගත්තා..මගේ පෝ
ස්ට් වල අන්තර්ගතය තුළ හර බර දේ නැහැයි කියලා පුද්ගලයෙක් ප්‍රසිද්ධියේ කිව්වා.මල බද්ධයේදී ඔහොම දේවල් වෙනවා..බර මයි හොයන්නේ.

මෙවර බ්ලොග් මැරතන් එකක් පැවැත්වෙනවාද?

ඇත්තටම මට නම් තාම ආරංචි වෙලා නැහැ.බ්ලොග් මැරතන් පටන් ගත්තෙ යු
නිකෝඩ් අලුත් කාලෙ..දැන් එය හුඟාක් පුරුදු දෙයක් නිසා මම හිතන්නෙ ඇඩ්මින් වරු මෙවර මැරතන් එක ගැන දෙවරක් හිතාවි...ඒ වගේම මෙවර අවුරුදු උත්සවයක් තියෙනවානෙ...

ඔබ ඔබේ බ්ලොග් මිතුරන් ගැන මොකද හිතන්නෙ?
ඇත්තටම අජ සවුත්තුයි.මුන් කවදාවත් වැදගත් දේකට කොමෙන්ට් කරන්නෙ නෑ.කමෙන්
ට් ගන්න ඕනේ නම් නයි අරින්නම ඕනේ.ඒත් හිත නම් හරි හොඳයි..කිසිම වරදක් මතක තියා ගන්නෙ නැහැ...මේ තරම් දිගු ගමනක් එන්න ඔවුන් තමයි රුකුලක් වුණේ..අවුරුදු 2ට පෝස්ට් අනූ අටක් කියන්නෙ සෙල්ලමක් නෙවෙයි...අනෙක් අය අවුරුද්දකටම ලියන්නෙත් 250ක් විතර ප්‍රමාණයක්නෙ....
ඔබේ හොඳම බ්ලොග් මිතුරා තමීර කියලා කියන්නෙ ඇත්තද?

ඔව් මැරතන් එකේදි තමයි මම ඔහුව අඳුන ගත්තෙ. කවදාවත් බ්ලොග් ලෝකයේදි මාව
අපහසුතාවයට පත් කරපු නැති හොඳ මිත්‍රයෙක්..ඒ නිසාම ඉදිරියටත් ඔහුගේ ලිපි සඳහා හොඳම ප්‍රතිචාරය මගෙන් ලැබේවි..මේ වගේ තවත් මිතුරන් ඇති කර ගැනීමයි මාගේ අරමුණ.

ඔබේ අනාගත බලාපොරොත්තුව කුමක්ද?
බ්ලොග් ක්ෂේත්‍රයට එන ආධුනිකයන්ට මේ කෙරුවාව
එපා වෙනවා දවස දෙකෙන්.අපි ඒක නැති කරන්න ඇත්තටම උත්සාහ කරනවා..ඒ සඳහා ව්‍යපෘතියක් විදිහට ඔවුන්ව දිරිමත් කරන්න...මුහුණු පොත හරහා බ්ලොග් මිතුරන් ක්‍රියාත්මකයි...

එහෙත්
ඔබට තීම් එකක් වත් දාගන්න බැහැ කියලා ඔබේ මිත්‍රයෙක් ප්‍රසිද්ධියේ කියලා තියෙනවා කියලා ඔබ දන්නවාද?

අපොයි ඔව් ..ඒක ඇත්ත.. මට තීම් දාන එක කාලයක් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා.ඒත් දැන් නම්
නැහැ.මම දැන් පාවිච්චි කරන්නෙ නැනෝවික් ආයතනයේ මාධව හබරකඩ මහතා හදා දුන් ටෙම්ප්ලේට් එකක්...

සියවෙනි ලිපියෙන් පසුව ඔබේ බ්ලොග් එකට කුමක් සිදු වෙයිද?

මාස තුනක් යන්න ඉස්සර මම එකසිය එක් වෙනි ලිපිය ලියයි...

අවසානයේ ඔබ බ්ලොග් ලෝකයට දෙන පණිවිඩය කුමක්ද?
හොඳ හිතින් මගේ බ්ලොග් එකට එන හැමෝටම මම කියන්නෙ ක
මෙන්ට් එකක් දාලා..ෆලෝ පාරක් දාලා යන්න කියලා...

12 comments:

  1. නීනු වගේ අවංක හදවතක් තියෙන දක්ෂ බ්ලොග්කාරියක් සිටීම ගැන අපට ආඩම්බර වෙන්න පුළුවන්. තවත් මේ වගේ දහදෙනෙක් හිටියා නම් සිංහල බ්ලොග්කරණය කොයිබට යයිද කියල හිතාගන්නත් බෑ.
    නීනුගෙ එකම වැරැද්ද තමීරට ප්‍රසිද්ධියෙ මඩ ගහන එක තමයි ඉතිං.

    ReplyDelete
  2. අනේ මේකිගේ මළ කෝළං...
    බයිලා ගහන එක නවත්තලා ඉතුරු දෙක ලියපං..
    ඈ බං අවුරුද්දක් වෙන්නේ කොහොමද..දැන් මටත් අවුරුදු එක හමාරක් විතර වෙනවා..මං එනකොටත් උඹ ලියනවනේ බං...
    උඹලා එතනදිත් ලපටි වෙන්න හදනවා..අනේ අම්මපා...

    ReplyDelete
  3. @තමීර මම නැත්තම ඔයාට ශ්‍රී මඩක් ගහන්නවත් කෙනෙක් නැහැනෙ අයියෝ

    @ මාරයා වසර දෙකයි කියලා හැම තැනම මම කියනවා..ඉඳා මෙයාට බූරුවො හතක් වයසනේ..

    ReplyDelete
  4. හ්ම්. මෙන්න කමෙන්ට් කලා...

    ReplyDelete
  5. මේක මට වාවන්නේ නැති මොහොතක්.,මම මේ හැගීම් බර වෙන්න උත්සහා කරනවා...
    මට සතුටු කදුලු වැටෙනවා,,,
    අක්කේ....මම බදා ගන්නෙයි :) (ඒක නම් කුප්ප කම )

    ReplyDelete
  6. කමෙන්ට් නම් දාන්නෙම නැ තමයි..ඔන්න මම නම් කමෙන්ට් කලා............

    ReplyDelete
  7. ඔන්න චේ උන්නැහේගෙනුත් කොමෙන්ටුවක්...... ජය වේවා.......බාධක මැඩගෙන ඉදිරියටම යන්න ශක්තිය දහිරිය ලැබෙන්න කියලා මුලු හිතින්ම පතනවා.....සුබ පැතුම් නංගෝ.........

    ReplyDelete
  8. යකෝ චේ උන්නහේ නංගි කියද්දි මටත් නිනුට නංගි කියන්ටමයි හිතෙන්නෙ :D

    ReplyDelete
  9. හැමෝට ම ස්තූතියි...මගේ ජනප්‍රියත්වයට උදව් කරනවාට

    ReplyDelete
  10. මගෙත් ඉන්ටර්වීව් එකක් කරන්න බැරිද නිනූ.........:)

    ReplyDelete
  11. ෆලෝ පාරක් දාන්න ගියාම එයා මෙහෙම කියනවා

    We're sorry...

    We were unable to handle your request. Please try again or return a bit later.

    ReplyDelete
  12. අහ්.....
    දැන් හරි ගියා

    ඔන්න මමත් ෆලෝ පාරක් දැම්මා

    දැන් හරිනෙ
    හික්.. හික්..

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.