මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

1/4/11

Wish You The Same | අළුත් අවුරුද්දේ පළවන ලිපිය

ගින්දර,රෝදය,මෝටරය , උපත් පාලන පෙත්ත , අන්තර්ජාලය ...මේ ලෝකය වෙනස් කළ ප්‍රධානම හැරවුම් ලක්ෂ.ලෝකයට අද වෙනකොට මේ මට්ටමට ලඟා වෙන්න තිබුණු බාධාවන් ගණනාවකට මේ පහ විසින් විසඳුම් ලබා දී තිබෙනවා..


මේ වසරේ පළවෙනි පෝස්ට් එක ලෙස මම ලියන්න හිතාගෙන ඉන්නෙ අත්දැකීම් ආශ්‍රය කරගත්ත දෙයක්...මේ අත්දැකීම ඔයාලා කාටත් ඇති...


අපේ ගෙවල් වලට ඉස්සර සුබ පැතුම් පත් කොයිතරම් එනවාද?අද එහෙම එන්නෙ නැහැ.අපි යවන්නෙත් නැහැ...ඊට වඩා ලාභදායීව දුරකථනය හරහා අන්තර්ජාලය හරහා අපට තව කෙනෙකුට සුබ පතන්න පුළුවන්..


ඒත් ඒ සුබ පැතුම් තුළ දැන් සුබ පැතුම නැති වෙලා ගිහින් කියලා මට හිතෙනවා...අපි බොහෝදෙනෙක්  එකම මැසේජය හැමෝටම ෆෝවර්ඩ් කළා නේද?සමහර වෙලාට අපි යැව්වෙ කාටද යැව්වෙ නැත්තෙ කාටද කියලාවත් මතක නැහැ...ඇයි ' සමහරු සෙන්ඩ් ටු මෙනි ' දා ගෙන ඔහේ ඉන්නවානේ..


ජීවිතේට සැපක් දුකක් අහන්නෙවත් නැති ..සමහර යාලුවො අවුරුද්දට විතරක් විෂ් කරන්නෙ ඇයි කියලා නැවතිල්ලෙ කල්පනා කරද්දි තමයි..මතක් වුණේ එය  'සෙන්ඩ් ටු මෙනි' ප්‍රත්ඵලයක් බව...


අනේ එහෙම එකම මැසේජ් එක හැමෝටම ෆෝවඩ් නොකරපු අය නොහිටියාම නොවෙයි.....ඒ අය බහුතරයක් කිසි වග විභාහයක් නැතිව 'විශ් යූ ද සේම්' කියලා එවලා තිබ්බ අය ..ඉතින් සමහර අයට සුබ පැතුමක් යවන්නෙ නැතුවම  විශ් යූ ද සේම් කියලත් එවලා තිබ්බා...
අනේ මන්දා!!!..කොහොම වුණත් එකක් කියන්න පුලුවන් .ඒ අපි හරි දියුණුයි..

14 comments:

  1. ඔව් දැන් කවුරුත් sms යවන්නෙ කිසිම හැඟීමක් නැතුව, නිකං සල්ලි නාස්ති කිරිල්ලක් විතරයි.

    ReplyDelete
  2. ලෝකේ දියුනු වෙනවාලුනෙ..........
    එක නිසා වෙන්න ඇති.........................

    ReplyDelete
  3. SMS wish එක දැන් Fashion එකක් වෙලා..

    ReplyDelete
  4. මේ දියුණු ලෝකෙ දැං ගොඩක් දේවල් පුහු ආටෝප විතරයි. සමහර ළමයින්ට තමංගෙ අම්ම තාත්ත බලන්න යන්න මතක් වෙන්නෙ අලුත් අවුරැද්දකට විතරක් වෙන එකේ ඕව මොනාද?

    ReplyDelete
  5. ස්තූතියි.......ඔබත් මෙ අදහසට එකඟයි වගේ

    ReplyDelete
  6. අපි ලෝකයේ වේගයෙන් ඉදිරියට ගමන් කරනව.
    අපට හැරි හැරී බල බල ඉන්න වෙලාවක් නැහැ.
    ඉතින් අපි යන වේගයට අපට මග හැරෙන දේවල් ලබා ගන්නත් බැහැ නේද?
    අද සමාජයේ ඉක්මන් උනේ නැත්නම් මොනවත් කරගන්න ලැබෙන්නෙ නැහැ.

    ReplyDelete
  7. අනේ හැබැටම.. මම නම් 3 දෙනෙක්ට විතරයි යැව්වෙ..

    ReplyDelete
  8. මම නම් යැවුවෙම නෑ...

    නිකන් බොරුවට අළුත් අවුරුද්දක් ආවම විතරක් ඈස්.ඈම්.ඈස් එකක් එවලා "ඔයාත් මතක් වුනා" කියලා අඟවන්නේ නැතුව යාළුමිත්‍රකම් හැමදාම පවත්වාගන්න පුළුවන් නම් තමා හොඳ...

    අනිත් එක හදිසියකටවත් කෝල් එකක් දුන්නම ආන්ස්වර් කරන්නේ නැති අයට මොකටද අවුරුදු සුභපැතුම්...

    ඒක නිසා මම නම් යැවුවේ නෑ...(ළඟින්ම ආශ්‍රය කරන කිහිප දෙනාට කෝල් කරලා සුභපැතුවා..) :D

    ReplyDelete
  9. මමත් ගොඩාක් යැව්ව. මටත් ගොඩාක් ආව. එස්එම්එස් සංස්කෘතිය නිසා හුඟාක් දේවල් වෙනස් වෙලා. ඒත් ඉනින් මොනවා කරන්නද. දැන් ලෝකෙ යන හැටි.
    ඉස්සර මම මගෙ පරණ මිතුරු මිතුරියන්ට අනිවාර්යයෙන්ම උපන්දින සුභ පැතුම් පතක් තැපැල් කළා, දැන් වසර කිහිපයක ඉඳල ඒකත් නැවතිලා. අරුණි ශපීරෝගේ ලඟදි ලිපියක් කියවල, මට හිතුන ආපහු ඒ වැඩේ පටන් ගන්න. නමුත් දැන් තිබෙන ලොකුම ප්‍රශ්නෙ වසර 3-4ක් වෙලා, ඔවුන් පදිංචිය වෙනස් කරලාද දන්නෙත් නෑ. සමහරු නම් කසාද බැඳල එහෙ මෙහෙ ගිහිල්ලත් ඇති. :(

    ReplyDelete
  10. ඔය මොන මොන ක්‍රම වලින් හරි කොච්චර් සුභ පැතුම් ආවත් ඒවා හදවතින්ම අනිත් කෙනාට හොඳක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා එවපු අය ඉන්නේ කීදෙනාද කව්ද දන්නේ. සමහර විට එක්කෙනෙක්වත් නැතුව ඇති. දැන් හැමෝම විශ් කරන්නේ ස්ටයිල් එකටනේ

    ReplyDelete
  11. Hishan Melanga මෙන්න මේ මලයගෙ අදහස හා එකඟ වෙමි.

    ReplyDelete
  12. මමත් කලේ ඔය වැඩේමයි සේරටම එකම මැසේජය දැම්මා . ටිකවෙලාවකින් සමහර අය කෝල් කරලා අහපි ඔයා කවුද ? කියලා

    ReplyDelete
  13. ඔබේ අදහසට ස්තූතියි

    ReplyDelete
  14. එසේම වේවා කියන එක තමයි අපේ ජනප්‍රියම ග්‍රීටින් එක.
    kathandara.blogspot.com/2010/04/blog-post_14.html

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.