මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

8/12/10

ජගත් වමත් දිනය හා නීනුගේ වමත

මම පොඩි කාලෙ ඉඳන් මුහුණ දීපු ලොකු ප්‍රශ්නයක් තිබ්බා...සමහරක් විට ඔබට හිතෙයි...මේක මොන තරම් සරලද කියලා...ඒත් ඒ ගැටළුවට ඔබ මුහුණ පා සිටින කෙනෙක් නම් ඔබටත් තේරේවී මගේ ප්‍රශ්නය කොතරම් සාධාරණද කියලා....

මම පුංචි කාලෙ ඉඳන් පැන්සල ඇල්ලුවෙ වමෙන්..ඒ කියන්නෙ වම් අතින්.....ඒ විතරක් නෙවෙයි ..මේ වගේ උඩු අතට...





ඒක විකෘතියක් විදිහට හිතපු ගුරුවරු මාව වෙනස් කරන්න හැදුවා...බලෙන් අල්ලාලා ලියෙව්වා.. ඒත් ඔවුන්ට මාව වෙනස් කරන්න බැරිවුණා...

අදත් මම ලියන විදිහට බොහෝ අයගෙන් අපහාස විඳිනවා...බැංකුවකදි මට කෙනෙක් කිව්වා...කවදාවත් ඔයාව බැංකුවකට ගන්නේ නෑ...හොර අස්සන් ගහන්න ඔහොම අයට හොඳට පුළුවන් නිසා කියලා...තරුණ වෙනකොට වෙනකොට ගුරුවරු....මගේ ප්‍රාථමික ගුරුවරු මතක් කර කර දොස් කිව්වා.. හරියට ලියන්න උගන්නලා නෑ කියලා... මම ලියන විදිහ...මම අකුරක් ලියන්න පටන් ගන්න විදිහ.. පොත ,පෑන ලියද්දි තියෙන විදිහ ඇත්තටම සාමාන්‍ය රටාවට වෙනස්.. ඒ පමණක් නෙවෙයි..ඒක කෙරෙන්නෙත් වමතින්...ඒත් මම වැඩක් කර ඉවර වූ පසු.. එය කළේ කුමන අතකින්දැයි කිසිවෙකුත් නොදනී...

මට විභාග වලදී ලියන්නට බැරි වේ යැයි කටපත් ඇද්ද ගුරුවරු බොහෝ සිටියා...මට ලියන්නට කල් මදි වන බව ඔවුහූ ස්ථිරවම පැවසූවා....නමුත්...පැය දෙකක් තුල පිටු තිස් අටක් පුරා විචාර පහක් හා අවස්ථා සම්බන්ධ, රසාස්වාදන කිහිපයක් ලියමින් මගේ ලිවීම් රටාව වේගවත් බව  ඔවුන්ට පසක් කළේ උසස් පෙළ සිංහලට ව්ශිෂ්ට සාමාර්ථ්‍යක් ගනිමිනි.මා සමඟ ලියු ප්‍රකෘතීන් හට මා තරම් ලිවීමට නොහැකි වූ බවද මතක් කළ යුතුය...

මාගේ ගැටලුව මම පසෙක තබමි..

ලෝකයේ සියට දහ තුනකට අඩු වමත් ප්‍රජාවෙන්...බොහෝ දෙනෙක් බලහත් කාරයෙන් දකුනට හැරවීමට කුඩා කළම වැඩිහිටියෝ පියවර ගනිති...නමුත් එසේ කල නොහැකි වමත් කරුවෝ සියට පහක් පමණ ලොව වෙසෙයි...දකුණත් සමාජයේ නොයෙක් තාඩන පීඩන නිශ්ශබ්දව විඳ දරා ගන්නා ඔවුහූ...ඒවාට අනුගත වීමට වෙර දරති...
කතුර,හිරමණය,මහන මැෂිමේ සිට වයලීනය, ගිටාරය අභිබවා වාහනය හා පරිගණකය දක්වාම වමත් කරුවන්ට කර ඇති නිග්‍රහය සුළුපටු නොවෙයි...
දේශණ ශාලාවක වමත් කරුවෙකුට පහසුවෙන් සිටිය හැකිද? නැත..

යට අතට ලිව්වත් උඩු අතට ලිව්වත් වමත් කරුවෙකුට උවමනා වන පුටුවේ පාර්ශවය...ඇත්තේ ශාලා කීයෙන් කීයකද?පරිගණකය , මවුසය සියල්ලම වමත් කරුවන්ට අභියෝගයන් ය...කී බෝර්ඩයේ අකුරු රටා දකුණත් කරුවන්ගේ මොළය හා සසඳා නිමවා ඇත...පරිගණක ශාලාවක වමත් කරුවන්ට කියා පහසු පරිගණකයක්  නිමවා නැත...දියුණු රටවල මෙම ක්‍රම අත්හදා බැලුවද ලංකාවේ එවන් අත් හදා බැලීම් ද නැත...

මම ජීවිතයේ වැඩි කොටසක් පරිගණකය සමඟ ගෙවමි..පරිගාණක චිත්‍රණය ආදියේ යෙදෙමි...ඒ සියල්ල දකුනින් යෙදීමට සිදුවේ ඇත්තේ දකුනත් සමාජයට අනුගත වීමට සිදු වන නිසාවෙනි...එහෙත්...සියට අසූ හතක දකුණත් සමාජයට වඩා..සියට දහතුනක් වමත් කරුවන් අතරින් ලොවට අති දක්ෂයෝ බිහි වී ඇත...

මට වයලින් ගසන්නට ගොස් පන්තියේදී දකුණින්  වයලීනය ගසන්නට බල කර....පසුව මට එය බැරි වූ පසු හිනා වූ ගුරුවරුනි,
මා අතු ගාන විට අතු ගන්නට දන්නෙ නැතැයි කියා සිනාසුනු සොයුරියනි,
මා ලියද්දි විකෘතියක් කියා සිනාසුණු බැංකු කරුවනි...
"මහ අමුතු ලිවිල්ලක්...සමහරුන්ට ඔහොම විකෘති තියෙනවා" කියමින් විභාග ශාලා වලදී මා ළගට වී බලා සිටිමින්, කොඳුරමින් මා අපහසුවට පත් කළ පරීක්ෂක වරුනි
...මම ඇතුළු බොහෝ වමත් කරුවෝ මේ වනවිට ඔබේ ලෝකය ඔබට වඩා සීඝ්‍රයෙන් ජයගෙන අවසන්.....
අපි ඉපදෙන වමත් දරුවෝද සවි බල ගැන්වීමට මේ වන විට ලොව පුරාම එක් වෙමින් සිටින්නෙමු...

වමත් කරුවන්ට පිරිස් බලයක් තනා ගත හැක්කේ...තමන්ගේ පහසුව සලසා ගත හැක්කේ රටක් වශයෙන් නොව විශ්වීය වශයෙනි...දකුණත් ඔබ අප වෙනුවෙන් ටින් කටරයක් වත් තනා නැත....නමුත් අප දකුණත් ඔබ වෙනුවෙන් අප බොහෝ දේ කර ඇත...බලන්න....ලොව දෙකඩ කළ මෙන්ම එකලු කළ මේ වමත් කරුවන් දෙස...






ඉතුරු වීඩියෝ පට වලට තවමත් වමත් කරුවෝ එක් වෙමින් සිටිති....

අප කන, ලියන ..අපට හුරු..අප වැඩ කරන  හස්තයට...."අපි පස්ස හෝදන අතින් උඹලා කනවා" යැයි
නිරන්තරව අපහාස නැඟූ සියලු දකුණත් කරුවනි....අගෝස්තු දහ තුන එනම් හෙට දින වමත් කරුවන් සොයා ගොස් ඔවුන්ට වමත දෙන්න...ශක්තියක් වෙන්න.......

ජගත් වමත් කරුවනි ඔබට සදා ජය!

19 comments:

  1. අපේ අයියත් වමත් කරුවෙක්. එයා පෑන අල්ලන්නෙත් ලියන්නෙත් ඔය විදිහටම උඩු අතට. ඒ වුනාට එයා බැංකු කරුවෙක්

    ReplyDelete
  2. හදවතේ ගැඹුරුම තැනට වැදුණු බොහොම සංවේදී සටහනක් නගේ...
    දන්නවද මගේ කහකිරිල්ලි... එයත් වමත්කරුවෙක්...

    ReplyDelete
  3. ප.ලි.

    වැදගත්ම දේ කියන්න අමතක වුණා.. එයාට තියෙන්නෙ වමත විතරයි. ඒත් එයා බැංකුකාරියක් !

    ReplyDelete
  4. වැඩේ හරියට වෙනවනම් ඒක කරන්නෙ දකුනතින්ද,වමෙන්ද,කකුලෙන්ද කියන එක කාටවත් වැදගත් නෑනෙ.අපේ තාත්තත් වමත් කරුවෙක්.හැබැයි රාජ්්‍ය බැංකුවක වසර තිහක් දැනට සේවා කාලය.

    ReplyDelete
  5. අප්පච්චියේ අපේ මලයාවත් එකතු කොර ගනින් නගේ උඹලගේ ඔය සංගොමෙට ඌත් උපන් ගෙයි වමත් කාරයා..ඒත් අපේ තාත්තා බොහෝම අමාරුවෙන් ඒකා වමතින් කන එක නවත්ත ගත්තා.. අනිත් ඒවා නම් තාමත් එහෙමයි.
    හැබැයි ඌ විශේෂ දක්ෂතාවයක් දක්වනවා ක්‍රිකට් ගැහිල්ලේදී...
    ඒකා වමට වගේම දකුණටත් බැට් කරනවා..
    අත් දෙකින්ම බෝලත් දානවා..
    උගේ ගැහිල්ලත් ජයසූරියගේ බාප්පාගේ පුතා වගේ..
    බෝල් කිරිල්ලත් මාලිංගගේ අයියා වගේ...

    උඹලාට ජය වෙවා...

    ReplyDelete
  6. මිනිස්සුන්ගෙ පුරුදු හුරු කම් කැමති අකැමති දේ යනාදියට හිනහ වෙන නිග්‍රහ කරන, ඒ මිනිස්සුන්ගෙ මානව අයිතින් මෙ විදියට විනාස කරන මිනිස් වෙස් ගත් අමනයින් ඉන්නව නීනු.... මම දන්නව ඒ නොපනත්කම් දකිද්දි හිතට එන වේදනාව.. මානසික කඩා වැටීම.. ඒ අභියෝග හමුවේ ඒවාට දහිරියෙන් පිලිතුරු සැපයු ඔයා වගේ අය රටටම ආදර්ශයක්... තව තව ලියන්න.. මේ නොපනත්කම් ලෝකයට ලියන්න.. ජය වේවා! ජගත් වමත් කරුවන්ගේ දිනයට මේ දකුනත්කාරි හිස නමමින් සුබ පතනව මේ වගේ දහිරියවන්තයින්ට!....

    ReplyDelete
  7. මම මුලින්ම පැන්සලකින් ලිව්වෙ වමතින් අද වෙනකල් එහෙමයි. කෑවෙත් ඒ අතින් හැබැයි ගෙදරින් බලපෑම් කල නිසාම දැන්නම් දකුණු අතින් කනවා. වමත් කරුවන්ට ජයවේවා!

    ReplyDelete
  8. වම දකුණ.......හප්පච්චියෙ මේ ලෝකෙ මෙච්චරනම් ප්‍රශ්න තියෙද්දි...මිනිස්සු ප්‍රශ්න හොයාගන්න හැටි.....ගණන් ගන්න එපා අනේ ඕවා......

    ReplyDelete
  9. අපිත් එක්ක හිටපු යාළුවෙක් ලිව්වෙත් වමතින්‍.හැබැයි ඔය විදිහට නෙවේ.දකුණත් අපි ලියන විදිහටම වමතින් ලියනවා.
    වමත් කාරයෝ දකුණත් කාරයින්ට වඩා බුද්ධිමත් බවින් වැඩියිලුනේ.අක්කිත් ඒ බව ඔප්පු කරල තියෙන්නේ.සතුටු වෙන්න අක්කියත් ඒ විශේෂ අය අතුරින් එක්කෙනෙක් කියලා....:D

    ReplyDelete
  10. ඔවා නම් මොනවද ......

    ගනන් ගන්න එපා කිසි දෙයක් ....

    ඔය වමත් දකුණත් කෙස් එක වගේද ලියන අකුරු ලස්සන නැත්නම් :D

    ReplyDelete
  11. මම දන්න එක දෙයක් තියෙනවා... වමත් කාරයිනගේ අකුරු ලස්සනයි. කරන ගොඩාක් දේවල් නිර්මාණශිලීයි. තව‍ මොන කතාද? පුංචි කාලේ මං ඔය කේසේ එක දැනගෙන හෙන ට්‍රයි එකක් දුන්නා වමෙන් ලියන්න. හෙන අමාරුයි වැඩේ. ඒ අතින් ඔයාලා වාසනාවන්තයි.

    මට පොඩි දෙයක් නෝට් වුනා...
    "අපි පස්ස හෝදන අතින් උඹලා කනවා"
    පුශ්ණයක් වෙන්නේ ඔය කතාව කියන එකාගේ අතින් අපි කෑවොත්නේ. අපි කන්නේ අපේ අතින්නේ. පස්සත් අපේ, අතත් අපේ, කන්නෙත් අපි. නෝ මැටර් වට් දේ ටෙල් අස් තමයි...

    හොඳ සටහනක්...
    ජය...

    ReplyDelete
  12. ලෝකයේ සිටින ජනතාව තමන්ගේ දෛනික දේවල් කරගන්නේ එක එක විදියට. ඔබට වමතින් ලියනව කියල කවුරු හරි හිනාවෙනව නම් ඔහු /ඇය නූගත් මෝඩ කෙනෙක් බව මතක තබා ගන්න. කෙනෙක් ඔක්කොම දකුනු අතින් කර පිහියෙන් කපන්නේ වමතින්. ඒ එක එක අයගෙ මොලයේ ක්‍රියා කාරිත්වය අනුව විසඳුන දේවල්. කොටින්ම කියනව නම් "ලබා උපන්හැටි". ඔබට පුලුවන් දේ ඔබ කරන්න. ඔබට දකුනත පාවිච්චි කරන්න බල කරන එක මානව අයිතීන් උල්ලංඝනය කිරීමක්. වම් අතින් හෝ කකුලෙන් වුවත් ඔබට හොඳට ලියන්න පුලුවන් නම් අවශ්‍ය එච්චරයි.

    ReplyDelete
  13. හරිම සතුටුයි..
    වමත නිසා මටත් අමාරු වුනේගිටාර් ගැහිල්ල විතරයි.
    ඒත් මාව දකුනින් ලියන්න හුරුකරන්න ට්‍රයිකරපු ගුරුවරැ නිසා මට දැන් අත් දෙකෙන්ම ලියන්න පුලුවන්..එයාලට ස්තුති වේවා...
    වමත නිසා අනුන්ගෙ අත්සන් ගැහිල්ල ඉස්කෝලේ යන කාලෙ රස්සාවක් විදයට කලා.ඒ කිවුවෙ ඉස්කොලෙ කලින් පනින්න වුනාම ලොකු පන්තිවල අයියලා මාව හොයාගෙන එනවා සර්ලාගේ අත්සන ගහලා ලියුමක් ලියාගන්න..
    දැනටත අපරාදේ කියන්න බැ..චිත්‍ර අදින්න/පෝස්ටර් ලියන්න/අත්සන් හැම එකක්ම කොපි කරන්න පුලුවන්.හික්..හික්..

    ReplyDelete
  14. Geschwind තියරියට අනුව වමත හෝ දකුණත ප්‍රබල වීමෙන් පෙන්නුම් කරන්නෙ මොළයේ දකුණු හෝ වම් පාර්ශවය ප්‍රබල වීමයි. 'වම් මොළයද දකුණු මොළයද' කියල පිල් බෙදිල වාද කරන කාලෙක 'වමත්ද දකුණත්ද වඩා හොඳ' කියලත් වාද පටන් ගන්න එක නම් හොඳ වැඩක් වගේ පේන්නෙ නෑ.
    ගොඩක් වෙලාවට දකුණත් අය ගණිතය, විද්‍යාව, නීතිය, විශ්ලේෂණය වගේ දේවල් වලට වැඩිපුර දක්ෂ වෙද්දි වමත් අය කලාව, ක්‍රීඩාව, දේශපාලනය, සාහිත්‍ය වගේ දේට දක්ෂ වෙනව. ඒත් ඔය සඳහන් කරල තියෙන වමත් කරුවන් ලෝකය ජයගෙන තියෙන්නෙ වමත් වීම නිසා පමණක් නෙවෙයි.
    අනික ඔය දෙගොල්ලන්ට අමතරව දෑතම පාවිච්චි කරන නැත්නම් සමබර මොළයක් තියෙන අයත් ඉන්නව.

    ඒ නිසා ඔයාට උනු අසාධාරණ කම් දිහා වෛරයෙන් බලන්න එපා. උපේක්ෂා සහගත වෙන්න.

    (මමත් උපතින් වමත් කරුවෙක්. ඒත් දෙමව්පියන් බලෙන් දකුණ හුරු කරවීමෙන් මම දෑතටම හුරුවුණා. ඒ නිසා මට සිදුවුණේ හොඳක්.)

    ReplyDelete
  15. ෆ්‍රීඩම්ට කියන්න තියෙන්නෙ එයාගෙ අත් දෙකෙ හැකියාව ...එයාගෙ දෙමවුපියන් මත තීරණය වෙලා නෑ..ඔයා අත් දෙකෙන්ම වැඩ කරන්නෙ ඔයාගෙ දෙපැත්තම එක වගේ නිසා...නැතුව ඔයා වමත් කරුවෙක් නෙවෙයි...වමත් කරුවන්ට සමාජ වෛරයක් නෑ...ඒත් ඔයාලා අපිට වෙන අපහසුතා දන්නේ නෑ.ඒ නිසා එවා ගැන හිතෙන්නෙ නෑ....ඔයාලා වගේ අය්ට මේ ගැටලු ගැන හිතලා වැඩකුත් නෑ....මොකද ඒ පිළිබඳ දැනුමක් නැති නිසා...

    ප්‍රභා නම් හොඳ වැඩ කරු කියලා පේනවා...ඒත් ඔයාලා වගේ අය නිසා අනික් වමත් කරුවො කොයි තරම් අපහසුවකට සමාජයේ මුහුණ දෙනවා ඇතිද?අපි ගැන විශ්වාසෙ අඩු වෙන්නෙ ඔය වගේ වැඩ වලින් තමයි....කමක් නෑ... කමක් නෑ..හැකියාව නම් හොඳයි....

    හැමෝට ස්තූතියි..කොමෙන්ටු වලට..

    ReplyDelete
  16. මෙහෙම අසාධාරණ කමක් සිදු උන එක නම් හොඳ නැහැ ..මට හරිම පුදුමයි...එක අතකට ගුරුවරුන්ගේ මේ කියන හැසිරීම ගැන..ඇත්තමයි.
    හය වසරේ සිට එකොලහ වසර වන තෙක් වසර හයක් මගේ දකුණු පස පුටුවේ සිටි මගේ මිතුරියත් වමත් කාරියක්.කොයිම වෙලාවකවත් ඇගේ අතේ මග අත නොවැදෙන්නට මම පරිස්සම් උනා. කවමදාකවත් ඇය සිටි අසුන ඉල්ලන්නත් මට හිතුනේ නෑ.එහෙම කරන්න ඕනේ කියලවත් මම කවදාවත් හිතලත් නෑ.අපේ ගුරුවරුන් කවදාවත් එය ප්‍රශ්නයක් කරගත්තෙත් නැහැ.අනිත් කාරණය තමා අපේ පාසලේ සියලුම විද්‍යාගාරවල වමතින් ලියන අයට ගැලපෙන සේ වම් පසට පොත තියා ගන්නට හදපු පුටුත් තිබුනා. කොහොම උනත් ඔබවදකුණතට පුරුදු කරන්නට යාමෙන් ඔබ මනසින් බිද නොවැටීම ගැන මම සතුටු වෙනවා.මොකද මම දන්න සමහරුන් ගේ දකුණු අත පණ නැති උනා ගෙවල් වලින් ගත් ඒ උත්සාහය නිසා.
    කවුරුත් කියන දේවල් ඔබ හිතන්න යන්න එපා..
    ඔබට සුභ පැතුම්

    ReplyDelete
  17. මම 2010 උසස් පෙළ කරපු ශිෂ්‍යයෙක්...
    මම ගණිත විෂය උසස් පෙළ සඳහා තෝරගත්තේ මට ඒ පැත්තෙන් යමක් කරන්න පුලුවන් කියලා හිතුන නිසා...
    නමුත් නීරස පාඩම් තිබ්බ වෙලාවට මම කලේ පුස්තකාලයට ගිහින් මානසික විද්‍යාව සහ මොළය ගැන ලියවුනු පොත් කියවීම...
    විස්මිත මොළය පොත කියවන්න ...
    ගොඩාක් දේවල් වැටහෙයි...
    දකුණත් කරුවා සහ වමත් කරුවා ගැන නියමෙටම පහදලා තියනවා...

    ReplyDelete
  18. මමත් වමත් කරුවෙක්. ඔය කියන කතා ගොඩක් ඇත්ත. ගොඩක් දේවල් අමාරුවෙන් තමයි කරන්න වෙන්නේ. ගොඩක් අය බල බල ඉන්නේ අනික් කෙනෙක් වැරදි යමක් කලොත් හිනාවෙන්න . උදා: හැන්දෙන් ගෑරුප්පුවෙන් කන එක (මම නම් මට හුරු විදියට කන්නේ, එක ජාත්‍යන්තර වශයෙන් පිලි අරන් තියෙන්නේ තමන්ට හුරු ඇත පාවිච්චි කරන්න කියල, එත් අපේ සමහර කළු සුද්දන්ට නම් ලොකු ප්‍රශ්නයක්)

    හැබැයි ඉතින් නීනු ට එක දෙයක් කියන්න තියනවා. කවුරු මොනවා කිව්වත් තමන් කරන දේ තමන්ට විශ්වාසයි නම් කිසි දෙයක් ගණන් ගන්න එපා.

    මාවත් පොඩි කාලේ දකුණට හුරු කරන්න ගියා, එත් එහෙම උනේ නැහැ. ඉතින් ඔය කියන කරදර නම් තියනවා තමයි, හැබැයි ඉතින් මම නම් ඒවාට විසඳුම් හොයා ගත්ත, දේශන ශාලාවකට ගියාම වමතට ඇන්ද තියන පුටු නැත්නම් මම එහාපැත්තෙ තියන පුටුව අරන් එකේ ඇන්දේ පොත තියා ගන්නවා, වයලින් ගිටාර් එහෙම මම පුරුදු උනේ එකේ strings මාරු කරලා, මම කරන්නෙත් පරිගණක රැකියාවක් වැඩි හරියක් කරන්නේ චිත්‍ර අඳින එක තමයි, එත් ඉතින් mouse buttons දෙක මුල ඉඳන්ම හුරු උනාම දැන් මට එකේ කිසිම ගැටළුවක් නැහැ. මහන එක, වාහන එලවන එක ඔය වගේ ගොඩක් දේවල් මම කිසි කරදරයක් නැතුව පුරුදු උනා. එකම දේ ධනාත්මක විදියට හිතන එක සහ අනිත් මිනිස්සු කියන දේවල් ඔලුවට නොගෙන තමන් ගැන විශ්වාසය තියාගන්න එක.

    ReplyDelete
  19. මමත් වමත් කරුවෙක්.මගෙ අම්මත් එහෙමයි.මට මෙතෙක් කල් හමුවුණු හොඳම යාලුවො දෙන්නත් වමත්.පොඩි කාලේ ඉදලම මමයි මගෙ යාලුවයි exam වලදී best result ,ඒ වගේම අපි දෙන්නගෙ ලකුනු කරට කර.ඔව්, මේ article එකේ තියෙන දේවල් ඇත්ත. ඒත් මේක කියවන්න කලින් මම හිතන් හිටියෙ වමත් වෙන එක උපන් කරුමෙ කියල, මගේ යාලුවාත් එහෙම තමයි හිතන් හිටියෙ.හැබැයි එක අතකින් බැලුවහම වමත් වෙන එක හොඳයි.ඒ වගේම තව දෙයක් තියෙනව,ඒ තමයි වමත් අයට විවිද ආකාරයට අත් අකුරු ලියන්න පුලුවන්.අපේ අත් අකුරු ලස්සනයි කියල හැමෝම කියනවා.ඉතින් ඔය කියන විදියට වමත් කරුවන් හැම පැත්තෙන් ම talented .

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.