මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

7/27/10

ආදරණීය ප්‍රෙම් අංකල් වෙතටයි......

මට තාමත් මතකයි....අපි පුංචි කාලෙ දොස්තර හොඳ හිත බලන්න...ටීවී එක ළඟට ආසාවෙන් දුවගෙන ආපු හැටි.ඒ දවස් වල මගේ ප්‍රියතම ගීතය "බෑ කියලා බෑ..."..ටිකක් ටිකක් ලොකු වෙද්දි මට දැන ගන්න ඕනේ වුණා.ඒ ගීතය ලිව්වෙ කවුද කියලා..
මම හිතුවා ඒ ගීතයෙ අයිති කාරයා ලොකු දැන මුත්තෙක් කියලා....අපේ අම්මාගෙන් මම ඇහුව....එතකොට අම්මා කිව්වා...ප්‍රේමකීර්ති අල්විස් කියලා කෙනෙක් තමයි.. ඒ ගීතය ලිව්වෙ කියලා...ඉතින් මට ඇත්තටම ප්‍රේම් අංකල් ව දකින්න ආසා හිතුණා.ඒත් මම ඉපදෙන්නත් ඉස්සර දවසක කට්ටියක් ඇවිත් අංකල්ව මරා දාලා. 
ඉස්කෝලෙ දේශණ වලදි, මාධ්‍ය කවයේ රැස්වීම් වලදී අපිට උගන්නන්න ආපු ගොඩාක් දෙනා, අංකල් ගැන සිහි කළා.ඒත් රූපවාහිනි නාලිකා වල අංකල්ගෙ වැඩසටහන් ගියෙ අඩුවෙන්..හුඟක්ම අඩුවෙන්...ඒකත් ජූලි මාසෙ මේ දවස් වලට විතරයි.ප්‍රේම් අංකල් ලියපු ගීත හුන්නාක් අදත් ප්‍රචාරය වෙනවා. ඒත් දැන් ගායකයාගෙ නම වත් නොකියවෙන සංස්කෘතියක එයාලා අංකල්ගෙ නම කියන්නෙ නෑ. සමහර අලුත් අය ඒවා ලිව්වෙ අංකල් ද කියලා දන්නෙවත් නෑ...සමහරු අංකල්ගෙ නමවත් දන්නෙ නෑ.ඒත් මේ දවස් වල ලංකාවේ සමාජ රටාව අමුතු වෙනස් කමක් වෙමින් පවතිනවා...එක එක අදහස් නියෝජනය කරන නෙක විධ පුද්ගලයන්, ප්‍රේමකීර්ති අල්විස් කියලා කෙනෙක් ගෙන නොයක් විදිහේ ගුණ කථන කරනවා... ඒවා ගොඩක්ම කෙරෙන්නෙ ආකර්ෂණයටද කාලයේ තාලයට ද කියලා කියන්න මම දන්නෙ නැහැ අංකල්...හැබැයි මේ කාලෙට එයාලා අංකල්ගෙ නම නැවතත් උපද්දනවා කියලා නම් පැහැදිළිව කියන්න පුළුවන්...


කවුරු හරි ඔබතුමාව මරලා දැම්මෙ මොනවා බලාපොරොත්තුවෙන් වෙන්න ඇතිද?එයාලාට එහෙම කරන්න කියලා කිව්වෙ කවුද?...එයාලා අංකල්ව මරලා මොනාද ලබා ගත්තෙ?...මට ඔහොම ප්‍රශ්න ගොඩාක් තියෙනවා....අපේ කාටූන් ගීත දැන් අංකල් ලියපුවා ත්‍රම් ලස්සන නෑ... ඉස්සර වගේ සම්භාව්‍ය ප්‍රහසන
ගීත කලාවකුත්ජ් දැන් අපිට නෑ...ඒවා කොහොම වුණත් තිස් එක් වෙනිදාට කිහිප පොළකම අංකල් වෙනුවෙන් ගුණ අනුස්මරණ තියෙයි....ඒවාගෙ ගොඩාක් අය අංකල් ගැන කතාකරාවි....අනේ ආදරණීය ප්‍රේම් අංකල්, ඉන්න ලෝකෙක සතුටින් ඉන්න.මෙහෙට එන්න හිතන්නවත් එපා...එදා අංකල්ව මරපු අයගෙ පහු පරම්පාරාවලුත් අද ප්‍රේම් අංකල්ට ආදරෙයි...ඒත් මේ හිත් කොයි වෙලේ හරි වෙනස් වුනොත්...ආපහු මහා විනාසයක් වෙයි....කොහොම වුණත් ඉතුරු කරලා ගිය ටික , ඒ කලා කෘති වල වටිනාකම් අපේ කලා ලෝකය හැඩ ගස්සවන්න ප්‍රම්මණවත්...අංකල්ට මේ කවිය මතක නම්,පොඩ්ඩක් හරි සතුටු වෙන්න පුළුවන්..ඔබේ මරණයෙන් පස්සෙ උපන් අළුත් පරම්පරාව ඔබ ගැන නොදන්නවා නොවේ කියලා....


මල් පිපුණේ සුවඳ දෙන්න බෑ කියලා බෑ..
තටු ලැබුණේ පියාඹන්න බෑ කියලා බෑ..
අත් ලැබුණෙ වැඩ කාරන්න බෑ කියලා බෑ..
මේ ලෝකේ කිසිම දෙයක් බෑ කියලා බෑ..


අපි හැදුණේ රට රකින්න බෑ කියලා බෑ..
රට වෙනුවෙන් වැඩ කරන්න බෑ කියලා බෑ..
යුතුකම් රැස ඉටු කරන්න බෑ කියලා බෑ..
නගේ මලේ කිසිම දෙයක් බෑ කියලා බෑ..
                         (ප්‍රේම් මාමා)


මීට ආදරණීය නොදුටු දුවක්
නීනු සත්‍යා

17 comments:

  1. ඔබ කවුරුන් උනත් මෙ ලිපිය ලිවීම සම්බන්ධයෙන් මා ඔබට ඉතාමත්ම ස්තූතිවන්ත වෙනවා.
    ඒ සොඳුරු කලාකරුවා වෙනුවෙන් වචනයක් හරි මෙ විදියට ලියන්න ඉදිරිපත් වීම ගැන.

    ප්‍රේමකීර්ති අල්විස් නම් වූ මිනිසාණෙනි..

    අපේ ළමා විය පෝෂණය කළ රසවතාණෙනි..ඔබට මගේ උපහාරය...

    ReplyDelete
  2. ප්‍රේමකීර්ති අල්විස් නම් වූ කලාකරැවානන් ගැන ඉතා සංවේඳී සටහනක්...
    ඔබට මාගේ ප්‍රණාමය !

    ReplyDelete
  3. “කවුරු හරි ඔබතුමාව මරලා දැම්මෙ මොනවා බලාපොරොත්තුවෙන් වෙන්න ඇතිද?“

    හොඳ ප්‍රශ්නයක්. ප්‍රේම් මහත්තයාව මරලා දාපු පිරිස ඒ සමයෙදි කරපු දේවල් බොහොමයක් කිසි තේරුමක් නැතිව කරපු වැඩ. ඒ විකාර වල ගොදුරක් වෙන්න මේ සුන්දර මිනිසා අවාසනාවන්ත වුනා.

    ReplyDelete
  4. ස්තූතියි අදහස් දැක්වීම් වලට....මම පොඩි කාලෙ ඉඳන්ම ආස කෙනෙක් තමයි... මේ...

    ReplyDelete
  5. ගීයකින් උපුටා ගත්තු කොටසක් මම මගෙ පෝස්ට් එකක මෙහෙම ලිව්වා මතකයි

    අරුමේ කිම වද වෙන සද සදිසි මිනිස්සු....

    ReplyDelete
  6. “කවුරු හරි ඔබතුමාව මරලා දැම්මෙ මොනවා බලාපොරොත්තුවෙන් වෙන්න ඇතිද?
    ' ප්‍රේම් මහත්තයාව මරලා දාපු පිරිස ඒ සමයෙදි කරපු දේවල් බොහොමයක් කිසි තේරුමක් නැතිව කරපු වැඩ. ඒ විකාර වල ගොදුරක් වෙන්න මේ සුන්දර මිනිසා අවාසනාවන්ත වුනා'.
    ඒ විතරක් නෙවෙයි මේ වගෙ වටිනා මිනින්සුන්ව මරා දමන්න උදව් දුන් උන් අද සුදු රෙදි ඇදගෙන ශුද්ධවන්තයො වෙලා.

    ReplyDelete
  7. ස්තුතියි නංගී මේ වගේ ලිපියක් පල කලාට. ප්‍රේම් මහත්තයාව මැරුවේ කවුද, කියන එක අදටත් අභිරහසක් මං හිතන්නේ. ඒක නිසා කාටවත් අත දික් කරන්න මට හැකියාවක් නැහැ.
    මේ මරණය ගැන ඒ කාලේ විවිධ මත තිබුනාලු. පෞද්ගලික පලි ගැනීමක් දේශපාලනයට බැර වුනා කියලත් කථාවක් තිබුනාලු. ඒත් අද සමහර විට ඒ අය ජීවතුන් අතර ඉන්නවා නම් එයාලත් දුක්වෙනවා ඇති.

    ReplyDelete
  8. රටෙ අභාග්‍ය කාලයක්. වටිනා සොදුරු මිනිසුන් නැති වුණා, බොර දියෙ මාළු බාපු මිනිස්සුත් නැතිවෙලා. මම දැක්කෙ නැහැ කවුද කාටද වෙඩි තිබ්බෙ කියලා. එත් වෙඩි වැදිලා බිම වැටුණු මිනිස්සු පොලවට පස් වෙලා ගියා මිසක මැරුනෙ නැහැ කියලා මට හිතෙනවා, නිනු නංගි ස්තුති සටහනට අපිත් මෙ මනුස්සයට ආදරෙයි. එයාගෙ වචනවලින් අපි ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා, එවා ඇහෙන හැම වෙලාවෙම.

    ReplyDelete
  9. සොඳුරු මනුස්සයෙක්ව කාලෙකට පස්සේ හරි මතක් කරන්නේ ඒ සොඳුරු මනුස්සයා ගැන කතා කරන්නේ තවත් සොඳුරු මනුස්සයෙක්මයි.

    ReplyDelete
  10. මුලින්ම පිං නිනූ නංගි ඔයාගේ අදහසට


    අපේ ප්‍රේම් කතා කරපු හැම වචනෙකම ගත යුතු දෙයක් තිබුනා....අනික ප්‍රේම් ගෙ තිබුණ විශේෂත්වෙ තමයි හැම දේකම මිනිස්සු නොදකින පැත්තක් හරි උපහාසාත්මකව දකින්න පුලුවං එක.... හොදම උදාහරනය තමයි ප්‍රේම් "ශනිදා ආයුබෝවන්" වැඩසටහනෙන් දවසක් කිව්ව මේ කතාව........

    "ඔන්න ඇලක් ගාව කිඹුලෙක් හිටියා. නංගිලා මල්ලිලා දන්නවා ඇතිනේ කිඹුලව. අර හුනගේ ලොකු අයියා. ඉතිං මේ කි‍ඹුලගේ තිබුණු විශේෂත්වෙ තමයි මෙයාට ටිකක් කතා කරන්න පුලුවං. ඔන්න දවසක් ඔය ඇල ගාවින් බීපු මනුස්සයෙක් යනවා හරිද. ඉතිං මේ අපේ කිඹුලා මල්ලිටත් නට පියාගෙන ඉන්න බැරි කමට බේබද්දෝ........ කියලා කෑගැහුවා අර මිනිහට. ඒ මනුස්සය සහ හැඩි දැඩි මිනිහෙක්. මේක ඇහිච්ච පාර අර මිනිහට කේන්ති ගිහින් ඇලට පැනලා අර කිඹුලට තඩිබාලා කිඹුලගේ කට ඇතුලටම අත දාලා කොට්ට උරයක් අනිත් පැත්ත හරවනවා වගේ කිඹුලව අනිත් පැත්ත හැරෙව්වා. මිනිහට හරි සන්තෝසයි ඇයි ඉතිං ආපහු කිඹුලට ඔච්චං කරන්න බැහැනේ කියලා හිතලා මිනිහා යන්න පිටත් උනාලු... එතකොටම කිඹුලා අමාරැවෙන් කෑ ගහලා කිව්වලු බාබෙද්දෝ...... කියලා"

    මේක මේ ප්‍රේම් ගෙම වචන
    බලන්න තියෙන නිර්මාණාත්මක බව.

    ReplyDelete
  11. ස්තූතියි..ඔයාලගෙ අදහස් වලට...එයාගේ අනුගාමිකයො එයාව විනාස කරනවා...ඒකයි අපරාදය

    ReplyDelete
  12. අපේ කුඩා කාලය ඉතා සුන්දර එකක් කරන්නට ‍‍ප්‍රෙම‍කීර්ති අල්විස් නම් වූ අසහාය මිණිසා දැරු ඒ උත්සාහය ඉදිරියට ගෙන යන්නට කෙනෙක් ඇත්නම්!!!

    ReplyDelete
  13. මම මේ බ්ලොග් එකට ආවෙ ප්‍රේමකීර්ති ගැනම ලියපු බ්ලොග් දෙකක් හරහා... ඇත්තටම මේ විශිෂ්ඨයා ගැන ලියපු එකට ගොඩක් ස්තූතියි!

    ReplyDelete
  14. www.facebook.com/premakeerthidealwis

    ReplyDelete
  15. මේ වගෙ වටින මිනිස්සු දැන් කාලෙට තමයි ගොඩක්ම ඕන කරන්නෙ... දැන් ලියවෙන 'සමහර සින්දු' වල කිසිම තේරුමක් නැ...

    *ගොඩක් හොදයි මෙතුමා ගැන ලිපියක් ලිවුව එක....*

    ReplyDelete
  16. සෑහෙන සන්තෝසයි මේක ලියපු එක...ඉස්සර අපි සෙනසුරාද උදේ බලාගෙන ඉන්නවා දොස්තර හොඳ හිත යනකම්....මේ සින්දු අහන්න...
    මේ වගේ මිනිස්සු ආයේ නෑ...

    ReplyDelete
  17. ඒ සොදුරුතම යුග පුරුෂයා ඔබත් මමත් හෙට උපදින පරපුරත් පරපුරෙන් පරපුරට රැගෙන යනු ඇත....

    ප්‍රේමකීර්ති මැරුවෙ JVP Account එකට බැරවෙන්න අද ගුවන් විදුලි සංස්ථාවේ සභාපති පුටුවෙ වාඩි වෙලා ඉන්න හිතක් පපුවක් නැති ප්‍රේමදාසට ලංවෙලා කාළයක් ඉදලා දැන් මහින්දට කිට්ටුවෙලා ඉන්න පුද්ගලයායි. කියවන්න නිර්මලා ද අල්විස් විසින් රචිත "ප්‍රේම කීර්තිනී" කෘතිය...

    ඇගේ ප්‍රිය බිරිඳ විසින් අවදිකල හඩ තුළ ඒ පිළිබදව පැහැදිලිව සටහන් වේ....

    http://andarademala.blogspot.com/2010/10/blog-post_12.html

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.