මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/22/13

-208- හැපි බර්ත් ඩේ!! මයි මැන්ගො ෆ්‍රෙන්ඩෝ



ඔබ ගැන කුමක් හෝ ලියන්නැයි යතුරු පුවරුව බල කරයි. ලියනවාද? නැද්ද කියලා හිතලා හිතලා අන්තිමට ලියනවාමයි කියලා හිතුවා.. මේ සටහන අන්තිමයා ගැනයි. කොටින්ම කීවොත් උෂාන් පුෂ්ප කුමාර පෙරේරා ගැනයි. මේ තියෙන්නෙ, ඒකාගෙ බ්ලොග් එක මේ තියෙන්නෙ බුකි පොත කෙල්ලන්ගෙන් බේරෙන්න බෑ.. මූ එක්ක පින්තූර වලට ඉන්න අහනවාලු. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ නාට්‍ය අංශයෙ තමා දැනට උෂාන් ඉගෙන ගන්නෙ.. ඔය ඇති.

ඔය හිකනලා පැටියා  උෂාන් මට මුලින්ම හමුවුණේ, ඉස්කෝලෙදි. අපේ ඉස්කෝලෙට ඇවිල්ල කළා.. කියන්නෙ නාට්‍යයක්, මට තාම මතක් වෙද්දි හිනා යනවා අප්පා. කෝම හරි ඉන් පස්සෙ, දෙතුන් පාරක් දැක්කත් කතා බහකට නම් සෙට් වුණේම නෑ.. මූ එක්ක කතා කරයි අපි.. දැන් ඔය අතරෙ තමා මම උසස් පෙළ විෂයය මාරු කළේ.

මම සන්නස්ගල සර්ගෙ පන්තියට ගිය මුල් සතියෙ සර් පන්තියට පොල්ලක් තිබ්බා. ඉන් පස්සෙ සතියෙ මම පිටි පස්සෙම ඉඳගත්තා. තුන්වෙනි සතියෙ.. මට කාඩ් එක අමතක වුණා... ඔය දවසෙ වුණ පොඩි පහේ සිද්ධියක් මූලික වෙලා සර් මාව හොයාගෙන පිටිපස්සට ඇවිත් කීවා.. අග පෝලිමේ ඉන්නෙ.. #$%&* කෙල්ලො. උඹ ඉස්සරහට වරෙන් කියලා.. ඕම තමයි මම සන්නස්ගල සර්ගෙ පන්තියෙ ඉස්සරහට එන්නෙ.. ඉස්සරහට ආවාමයි දැක්කෙ. අපේ හෙණ සෙට් එකක් ඉස්සරහ.. ඉතිං හතරවෙනි සතියෙ ඉඳං මට ස්ථානයක් රෙඩි වෙලාම තිබ්බා... සමුද්‍ර දේවියෙ සොයුරියො තමා රොටරියෙදි සීට් අල්ලන්නෙ. කොහොම හරි. පන්තියට ගියෙ ජනවාරියෙ. පෙබරවාරියෙ 23 වෙනිදා වැටුණෙ සඳුදාවක්.

එදා අපේ නිලන්ති ගිහිං ඉස්සරහ පෝලිමට කොල්ලෙක් එක්ක කතා කළා. උගෙන් පාටියක් ඉල්ලුවා. මාවත් ඔය වටරවුම් පාටියට නිලන්ති ඇදන් ගියා... ඒකෙ තිබ්බෙ මාලු පානුයි නෙස්කැෆෙයි. මම කිරි ගෑවිච්ච තැනක් වත් බොන්නෙ නෑනෙ. ඔය වෙලාවෙ, නන්නාඳුනන නලු බට්ටා එදා බර්ත්ඩේ බෝයි මට ස්ථාවර කළා නෙම් කැෆේ කියන්නෙ කිරි නොබොන අයටම බොන්න පුළුවන් බීමක් කියලා. ඉතින් කෝම හරි ඒ යකා මා එක්ක කයියකට වැටුණා.. හලේ 2007 ඉඳන් අවුරුදු 2008, 2009, 2010,2011, 2012, 2013  අවුරුදු 6ක් තාම අපි කයිය ගහනවා. අර අපි එක්ක එදා වටරවුමෙ හිටපු පරණ යාලුවො, අද කොහේද නෑ... අවුරුදු හතරකින් විතර උන්ව දැක්කෙ නෑ. මං හිතන්නෙ උෂාන්නුත් එහෙමයි. අපේ කනෙක්ෂම නැති වුණේ නෑ....අපි එකම පන්ති වලට තමා ඒ ලෙවල් ඉවර වෙලත් ගියෙ... පස්සෙ කැම්පස් දෙකක වුණත්, මට ගොඩක් නොදන්න දේ කියා දුන්නා උෂානයා.. . ඔය මට කොච්චර බැන්නත් ඕකාට මං නැතිවත් බෑ..

මටයි උෂාන්ටයි වෙලා තියෙන පිස්සු වැඩ රටේ ලෝකෙ මිනිස්සු දන්නෙ බෝම ටිකයි.

පොත් ප්‍රදර්ශන බලන්න ගියාම අපි දෙන්නාගෙ ආසම වැඩේ තමා අවට මිනිස්සු නොමඟ ඇරීම. අපි එක පාරට ලොකු පොතක් අරගෙන, මේවා ගෙදරක තියෙන්නම ඕනෙ පොත් කියලා..අපි දෙන්නටම ඒ සබ්ජෙක්ට් එක පුළුවං වාගෙ රඟපානවා.. පස්සෙ හෙමින් එතනින් එහොට වෙලා, වෙන දේ බලං ඉන්නවා. අපි ගියාට පස්සෙ වට පිට බලන මිනිස්සු එකා දෙන්නා අර පොත ළඟට එනවා.. දාගෙන පොත පෙරළනවා. සමහරු නොතේරුණත් ගෙදර අරන් යනවා. අපි මක් කරන්නද? අපි ඒ අයට ඒක ගන්න කීවෙ නෑනෙ..

සමහර වෙලාවට බස් වල යද්දි මිනිස්සු අපි දිහා කන්න වාගේ බලන් ඉන්නවා. සමහර විට අපි කතා කරන මාතෘකා ඒ අයට අවුල් ඇති. අපි කතා කරන්නෙ රටේ ලෝකෙ කෑම කඩ ගැන.. බෝඩ් ලෑලි ගැන.. නාට්‍ය ගැන.. එහෙම නැත්තම් කලින් හම්බවුණ මිනිස්සුන්ගෙ චර්යා රටා ගැන..

කඩේකට ගියාම ඒ කඩේ ඉඳි ආප්ප තියෙනවා නම් උෂාන් වෙන මුකුත් කන්නෙ නෑ.. ඉඳි ආප්පයි උළුඳු වඩෙයි ඇරෙන්න. හැබැයි තෝසෙ ගිලින්නයි... මාලු බනිස් කන්නයි උපන් හපනා.. උෂාන් හැම වෙලාවෙම කියන්නෙ අකාලෙ මරණය හොඳ නෑ කියලා.

උෂානුයි මමයි කොහෙ ගමනක් ගියත් ලෝක නෝණ්ඩි ගොඩකට මුහුණ දෙනවා. දවසක් නවලෝක ඉස්පිරිතාලෙ ළඟ ටොෂිබා එකක් හොයන්න යන වෙලාවෙ..කකුල් රිදෙනවා කියලා බස් එකක නැග්ගා.. නැඟලා කිව්වා අපිව නවලෝකෙන් බස්සන්න කියලා. එතකොට ඩ්‍රයිවර් කියපි.. ඔයාලා නැග්ගෙ නවලෝකෙන් තමා කියලා... ඉතින් බස් එකේ දන්න එකෙක් උන්නා නම් ඉවරයි..

දවසක් අපි ජෝන් කීල්ස් එකට ගිහින් ලැප්ටොප් තියෙනවාද කියලා ඇහුවා.. උන් කියපි ඒක බිස්කට් කම්පැණියක් කියලා..

දවසක් අපි MC එකට ගියා මොනාහරි ගන්න.. මිනිස්සු එක මිනිහෙක් ළඟ වට වෙලා.. ඒ මිනිහාව හිනැස්සුවාම තෑගි දෙනවාලු.. අනේ ඉතින්, අපිත් බලාගෙන හිටියා මුන්ගෙ විකාර ටිකක්. හැබැයි අපි දැක්කෙ නෑ.. හිනස්සවන්න ඕනෙ එකා මොකාද කියලා. අපි බඩු ටික අරන් ආයෙ එනකොට එතන මිනිස්සු ඉවත් වෙලා. හැබැයි.. ගෝල්ඩ් පාට ඇඟ පුරාම ගා ගත්ත මිනිහෙක් පිළිමයක් වාගෙ ඉන්නවා. අපි දෙන්නා ඒ මිනිහා දිහා බලාලා.. මූවද අර 100ක් විතර හිනස්සවන්න දැඟලුවෙ කියන බැල්මෙන් අපි දෙන්න දිහාම බලාගෙන හිනා වුණා.. යකෝ අර මිනිහා අපිට හයියෙන් හිනා වුණා.. ඔප්පු කොරන්න කෙනෙක් නෑ.. නැත්තං අපරාදෙ තෑග්ගක්.. :D

අන්තිමයයි මමයි කවදාවත් එක මතයක නෑ.. ඒත් බැලුවාම මත දෙකකත් නෑ...

දවසක් අපි ගමනක් යනකොට දැක්කා හෙන වෙඩිං සෙට් බැක් එකක්. ඉන් පස්සෙ උෂාන් පටන් ගත්තා  කනත්තක කවුරු හරි ජෝඩුවක් වෙඩිමක් ගත්තොත් කෝමද කියලා විග්‍රහ කරන්න. එතකොට, මල්බොකේ වෙනුවට මල් වඩං ලු. පවුලේ සුසාන බූමියක පෝරුව සෙට් කොරනවාලු. ජෝති පාලගෙ කුළුණ ‍කේස් ස්ට්‍රක්චර් එකට ගන්නවාලු. සෙටි බැක් එකට ජෝඩුවක් එකට මැරිලා හදපු සොහොන් කොත් දෙකක් ගන්නවාලු..  ඉතිං මම ඇහුවා. එතකොට මනමාලිගෙ ඇඳුමට මේකප් එකට මොකෝ කරන්නෙ කියලා.. මූ කියපි.. ආ.. ඒකට මිනී වලට අන්දන සාරි හොඳයි.. මේකප් එකත් මිනියෙ විදියටම එන්න ඕනෙ.. අර අක්කාගෙ වගේ කියලා අපි ළඟින් ඇවිදන් ගිය අක්කා කෙනෙක්ව පෙන්නපි. කරුමෙට අක්කාට ඇහුණා. අක්ක ගින්දර බැල්මක් දුන්නා.. බය වෙච්ච පාර අපි ලොවි ගහෙත් නෑ..ගහ වටෙත් නෑ..  හැබැයි අපි හදපු තීම් එක සර්ව සම්පූර්ණයි..

උෂාන්ගෙ ප්‍රියතම ආහාරය බිත්තර ඔම්ලට්. උෂාන්ට ලෝකෙ තියෙන ලොකුම අඩුපාඩුව ඉඳි ආප්ප වලට පරිප්පු නොතිබිම. කේක් වලින් ඕකා කන්නෙ, චොක්ලට් අයිසිං, කොෆි අයිසිං විතරයි. මං වාගෙම පිටි කිරි කටේ තියන්නෙ නෑ.. ඕකා හැබැයි දවසක් පිස්සු ගෑණු කෙනෙක් දුන්නොත් ඕනෙ දෙයක් බොනවාලු. ගෙවල් වලට ගියාම ඒ ගෙදර ගෑණු කෙනා ඇතුළට යනකොටම අනේ, තේ හදනවා නං කහට හොඳයි කියලා උෂාන් කියනවාලු. සමහර වෙලාවට තේ හදන්න නොහිටපු ගෙවල් වලින්ත් තේ හම්බෙනවාලු. ඊට වඩා දුක කාරණේ.. කමක් නෑ පුතා පිටි තිබුණා කියලා සමහරු පිටි කිරිම හදාගෙන එන එකලු.

මඩ ගහලා ඉවරයි... දැන් හොඳ ටික කියන්නද? එපා වෙන දවසක කියනවා මට ඒවා කියන්න හිතක් නෑ අප්පා.. ඒම කීවාම මූ උඩ යනවා.. මට පැරිෂුට් එකක් ගේන්න වෙනවා ඕකාව පහලට ගේන්න.. කෝමහරි මට තියෙන්නෙ එක පැතුමයි. උෂාන් මැරෙන්න දවසකට හරි කලින් මං මැරෙන්න ඕනෙ. මොකද ඒ දර්ශනය දකින්න තරම් මගෙ හිතේ හයියක් නෑ..

අනේ ඉතිං!! ඔය මොන දේ කිව්වාත් උෂාන් නැති වුණාම නිකං පරිප්පු නැති හෝටේල් එක වාගේ.. සාම්බාරු නැති තෝසෙ වගේ.. දවසකට පාරක් හරි හලෝ පාරක්වත් දැම්මෙ නැත්තං නිකං කෑවෙ වගේ. මම උෂාන්ට එටේ ලෝකෙ හැම සතාගෙම සර්පයාගෙම විද්‍යාත්මක අවිද්‍යාත්මක නම් වලින් කතා කරනවා. උෂානුත් එහෙමයි. මම නොසෑහෙන්න උෂාන්ට බනිනවා. ඒත් ඌට වෙන කිසි එකෙක් බනිනවාට මම කැමති නෑ. ඒම එක එක ඒවා කියන්න දෙන්න පුළුවන්ද මගෙ ලාලුවාට..සමහර දාට මු මට වැඩ පවරලා රෝන්ද ගහනවා. ඒ වෙලාට මට මූව මරන්න හිතෙනවා. තව මීට වඩා උෂාන්ට වෙච්ච අලකලංචි ගොඩාක් තියෙනවා... ඒත් ඒවා කුජීත නිසා මෙතන කියන්න නරකයි. අනික පෝස්ට් එක දිග වැඩි වෙනවා...

අපි ඔබ පෙනුමට රණ්ඩු වුණාට ඇත්තට හෙන ෆිට් කියලා නෙ ඔයාලා හිතා ඉන්නෙ. මොන පිස්සුද අපි අවස්ථාවක් ලද සැමවිටකදිම එකිනෙකා මරා ගන්නවා.. හැබැයි අපි දෙන්නා තමා මේ ලෝකෙ හොඳම යාලුවො දෙන්නා...


හැපි බර්ත් ඩේ ටූ යූ උෂාන්!!!!!!!!!!!!!!! ලබන ආත්මෙවත් මට නිදහසේ ඉන්න දීපං.. අලේ රබ්බා මෙරා පාගල් හෝ ගයා...පොඩිද අපහාසෙ!!!

මට ඔය ප්‍රසිද්ධියෙ අක්කා කියලා සමහර වෙලාවට අපහාස කළාට ඕකා මට වඩා මාස 8 ක් නාකියි. ලෝකයා මේවා දන්නෙ නෑනේ..

උෂාන් 24 වැනි වියට නාකි වෙන උපන්දිනය උදෙසා ලියා ප්‍රසිද්ධ කොරන ලදි.


දයාබර යාළුවේ /ගෙම්බා/ඉබ්බා/මැට්ටා/අලයා/යෝධයා/ඩෙරික්/උලමා/ හිකනලා

මේ අහස කිසිදිනෙක නොදන්නා
පුංචි උඳුපියලි මල් අහුරකින්
මුලු හිතම සරසවා ලියන්නෙමි
පුංචි හැඟුමක් හදේ ඉපදිච්ච....

හෙට වාගේ තව හුඟක් කාලයක්
හෙට උදේ විලසින්ම නුඹ වෙතට
රැගෙන එමි දඟකාර සුබ පැතුම
යෙහෙළියක් සොයුරියක් විලසින්ම...

අපි හුඟක් වයස ගිය කාලයක
ආයෙ එන හෙට වාගෙ දවසකම
විභාගත් නැති වේවි මේ වගේ
පාඩමුත් නැති වේවි පොත් ගණන්

උණු උණුවෙ හඳපු ඉඳි ආප්පයි
තෙම්පරාදුවෙ දාපු පරිප්පුයි
හදමු අපි උඹ කැමති ඔම්ලට්
එක්ක මං පෙරේතම කට්ලට්

දාමු අපි ටිකක් ලොකු පාටියක්
ගේමු මයිලෝ පෙට්ටි විසිපහක්!
වෙනදා වාගෙම උගුරෙ හිරකරන්
හිනාවෙයි නොවුණ වගෙ, එදාටත්

හැමදාම රණ්ඩු වන බව පේන
කිසි දිනෙක තරහා නැති යාලුවෝ
අතරමග හැමදාම පැටලිච්ච
අගට එක මග දුවන යාලුවෝ..

සමහරක් විට ඈත දවසකදි
උඹට මා අමතකව ගියෝතින්
වරෙන් අපෙ රොටරියේ පන්තියට
එතැන ඇති නෙස්කැෆේ වටරවුම

නුඹ හිනාවෙන විටක ළඟ නැතත් 
නුඹට දුක ඇති විටක ළඟට එන
නුඹේ හද ගැස්මෙන්ම පණ අදින
නුඹේ යෙහෙළිය නුඹට හිඳින වග

සදාකල් මතකයේ තිබුණදෙන්
ඒ නැතත් කිසි විටක උඹ එක්ක
තරහා නොවෙනා කෙනෙක් වේවි නම්
අපූරූම යෙහෙළි මම තමයි..

වයස ගිය දවසකදි හිනාවී
කියාපන් දැන් කියන විලසින්ම
“අරේ රබ්බා මෙරා පාගල්
හෝ ගයා මැස්සා ගිය උඩ බොලං“

මම නෙරංජි






2/21/13

-207- සිංහල සයිබර් අවකාශයේ ඔන්ලයින් ටීකාව | අංක 1

සියලු සහෘදයන්ගේ දැනුමෙන් හා දායකත්වයෙන් ලියවෙන,
සිංහල සයිබර් අවකාශ වංශයේ ඔන්ලයින් ටීකාව



අවකාශය අතට හසු නොවන්නේය. නමුත්, අවකාශයේ නවාතැන් වන්නා වූ සිතුවිලි හදවතට හසු වන්නේය. සිතුවිලි නිසා ජීවිතය හඳුනා ගැනීමට හැකි වන අතරම, සමාන සිතුවිලි නිසා සමාන ජීවිත හඳුනා ගැනීමටද හැකි වන වග ඔබ දන්නවාට සැක නැත. පරිණාම වාදය තවමත් සම්භවයේ නිල විකාශනය ලෙස හඳුන්වන අපට මිත්‍රත්වය නැමති සංස්කෘතික සාධකය හමුවූයේ කෙදිනදැයි, නිශ්චිත වශයෙන් කිව නොහැක. එය හෝමෝ හැබැලිස් මානවයා තෙක් දිව යනු ඇතැයි අප විශ්වාස කරමු. අද වන විට නූතන මිනිසා තෙක් පැමිණි ශිෂ්ටාචාර මග තුළ මිනාසාගේ මානසික වර්ධනය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කරන ලද්දේද සාමූහික සත්වයෙක් ලෙස එකිනෙකා කෙරෙහි පැවති මිත්‍රත්වය බව අවිවාදිතය.

මුල් යුගයේ, තමා අවට සිටින අය කෙරෙහි මිත්‍රත්වය දැක්වූ අය, පසුව විශාල කණ්ඩායම් සමඟ මිතුරු කම් පැවැත්වූහ. ඔවුන් සමීපයෙන් ඉවත් වූ පසුව ලියුම් හරහා මිතුරු ගනුදෙනු කළහ.
ප්‍රාරම්භක ඉතිහාසයේ දී රජවරු තවත් විදේශයන් හී රජ මැති ඇමතිවරු හා තම දේශපාලනික ආර්ථික හා සංස්කෘතික සබඳතා වෙනුවෙන් නාවිකයන් හරහා, දූතයන් හරහා මෙවන් මිතුරු කම් තබා ගත් අතර, පසු කාලීනව සාක්ෂරතාවය ලද පොදු ජනයාද, ගතින් දුර අය සමඟ මිත්‍රත්වය ලියුම් හරහා ඇරඹීය. 19 වන සියවස වන විට පෑනේ මිතුරන් සංඛ්‍යාව බහුල වූ අතර, කිසි දින එකිනෙකා නොදැක ඔවුහු සිතිවිලි වලින් ගනුදෙනු කළහ. මෙවන් අය කලාතුරකින් මුණ ගැසුණු විට, ඔවුන්ගේ මිත්‍රත්වය පුදුමාකාර ලෙස ශක්තිමත් විය.  දුරකථනය හරහා හඬ තුළින් නොදකින මිත්‍රත්වයන් තව තවත් දියුණු වූ අතර, අන්තර්ජාලයේ ආගමනය මිත්‍රත්වය උදෙසා දෙවියන් දුන්  වරප්‍රසාදයක් ම විය.

පාසල් වලින් පසු තමන්ට මඟහැරුණ මිතුරන්, නිවෙස් හැර යාම නිසා පිටරට යාම නිසා මඟ හැරුණු මිතුරන්, සිරුරෙන් නැතත් හදවතින් සමීප වීමට මනා පිටිවහලක් විය. එමෙන්ම ලාබදායි ක්‍රමයක්ද විය.

දැන් ලෝකයම තනියායක් ය. මුල් කාලයටත් වඩා වැඩියෙන් ලොව පුරා මිතුරන් එකතු කරන ශ්‍රව්‍ය දෘෂ්‍ය සමාජ ජාල බිහි වී ඇත. සයිබර් අවකාශයේ සංවාද ඇති විය. 21 වන සියවස විසින් උඩුගුවනේ සවි කළ චන්ද්‍රිකාවන් හරහා, ලොවකම මිත්‍රයන් එකම නවාතැනකට සේන්දු කරවීය. එහෙත්, අකුරු විසිහයක් උඩ හිතන ජීවීත පමණක්, එම භාග්‍යට හිමිකම් කීවෝය. ඉංග්‍රීසි හෙවත් ජාත්‍යන්තර භාෂාව නොදත් අයට තම භාෂාව ඉංග්‍රීසි අකුරු ඇසුරෙන්ම ලියන්නට සිදුවිය.

එදා ග්‍රීක රෝම දේව පුරාණ වල සඳහන් වන පරිදී, අහස උසට තනන්නට ගිය බාබෙල් කුළුණ නිසා හෝ, දැන නොදැන වූ මොනයම් හේතුවක් නිසා හෝ අද වන විට භාෂා සිය ගණනිකින්  වින්තනයේ, භාෂණයේ සහ ලේඛණයේ යෙදුන, මානව මානවිකාවෝ, මෙම ඉන්ද්‍රජාලික අන්තර්ජාලය දෙස පුදුමයෙන් ටික කලක් බලා සිටියෝය.

කොතරම් හරඹ කලත්, ඉදිරියට දුවන කාල රේඛාව, අපූර්ව වසර කිහිපයක් ඇතුළත ඉන්ද්‍රජාලය පුපුරවා හැරියේය. තම තමන්ට උරුම භාෂාව පිළිබඳව තම තමන් විසින් ම ජාතීන් වශයෙන්, විද්වතුන් වශයෙන්, පර්යේෂකයන් වශයෙන් කරන ලද බොහෝ ජාතිකයන්ගේ පරීක්ෂණ සාර්ථක කරවමින්, භාෂා සිය ගණනක්, සකල අන්තර්ජාලය වසර කිහිපයක් ඇතුළත ආක්‍රමණය කළෝය.
ඉන්පසුව ටිකෙන් ටික, ලොව පුරා සිටිනා දහසක් අතරින්, තම භාෂාව කතා කරනා අය සොයා ගැනීම මදක් පහසු විය..ඒවා මුලින් උකටලී ලෙස ඉවත දැමිය හැකි දැනහැඳුනුම් කම් පමණක් වුවද අද වන විට අත් හැර දැමිය නොහැකි වූ භාෂාව නැමති රුධිරයෙන් බන්ධනය කළ සහෝදර කම් තරමටම වර්ධනය වී ඇත්තේය.

ඉදින් මෙතැන් පටන් සෙසු තනියායක, ලෝකාවකාශයෙන් මිදෙන අපි සිංහල අන්තර්ජාල අවකාශය ගැන කතා කිරීමට පිඹුරුපත් සකසා ගන්නෙමු.

-ඉතිරිය ඉදිරියට-

[මේ ලිපිය සඳහා ඔබේ දැනුම ඉතාම වටිනවා. පරණ බ්ලොග් කරුවන්ගේ දායකත්වය නොමසුරුව ලබා දෙන්න.]

2/20/13

-206- ආදරණීය හදවත් ඇති මිනිසුනේ

           සිනාසෙනකොට වළ ගැසෙන කම්මුල් හිමි ඈ වාසනාවන්තියකි. පිටට මුදහල කෙහෙ රොඳක් සුළග ඇවිදින් සිඹින විට ඉලිප්පී යද්දී ඈ රුවැත්තියකි. මලක් වගේ මුදු හිතක් ඇත්තිය හසරැල් පිරුණු මුවඟින් නිතරම සිටින බව මට විශ්වාසය. මේ ජීවිත ගමන් මගේ ඈ හමු වූවා තමයි. ඒ සයිබර් ලෝකයේදී.. කවමදාවත් හැබැහින් නොදැක්කත් ඒ සොඳුරු වත ඡායාරූප වලින් දකින මට ඇගේ ගැන කොහොම නම් කියන්නද... එක දිගට රණුඩු කෙක්කක් වගේ මා එල්ලේ ඈ සමඟය.. සමහර විට හිත රිදෙයිද දන්නෙත් නැහැ නේද කියල හිතුනත් ඇයත් මං වගේම රණුඩු කර සතුටු වන සිතක් ඇත්තියක නිසා විරසක නොවන බව පැහැදිලිව මා තේරුම් ගත්තාය...

                දහස් ගණන් මිනිසුන් හමුවන අන්තර්ජාලයේදී නංගියෙක් නැති මට ඇයත් මගේම නංගියෙක් විය. මේ ඒ සොඳුරු රුවැත්තියයි..
                                සිංහල භාෂාවේ මොන තරම් ලස්සන වචන තිබුණත් ලියාගන්නට බැරි තරම් හිත හිරවෙන එක අමුතුවෙන් කිව යුතු නැත. ඒ අතීතය එක්ක හිත හූරල හන්දාමය. එහෙත් ඔබට මෙය කිව යුතුමය. මේ පුංචි නංගි කොළඹ විශ්ව විද්‍යාලය අධ්‍යාපනය හදාරන්නියකි. හැමදාම ඔලුව කැක්කුමයි කිය කියා හිටිය ඇය මිග්‍රෙන් වලට ප්‍රතිකාර ගත්තත් දිනෙන් දින වැඩි වුන හිස රදය නිසා ඇය MRI පරීක්ෂාවකට ලක්විය. එතනිදී තහවුරු වුනේ ඇයට පිටියුටරි ග්‍රන්ථියේ ඉඳිමුවක් බවය.  එහෙම පිටියුටරි ග්‍රන්ධිය ඉඳිමුවක් ඇතිවීම සම්බන්ධව සහ ඒ පිළිබද අවධානම් තත්වය ඔබට මෙතනින් කියවා දැන ගත හැක.
http://goo.gl/V8L0u

ඉතින් විස්තර කියවල ආව නේද...තේරෙනව නේද මේ නංගි ගැන ඔයාලට... ඇයවත් ශල්‍යකර්මයකට භාජනය කළ යුතුයි කියල තමයි වෛද්‍ය නිර්දේශය. ඒ සදහා අපට තියෙන්නෙ මාසයක් වගේ කාලයක්...

              මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි අත්වැල් බැදගමු... සන්තක වත්කමම අපි ඉල්ලෙන්නෙ නැහැ. දවසට වියදම් කරන රී ලෝඩ් එකකට දාන රුපියල් 100 ක්... එහෙම නැත්නම් ඔබ චොක්ලට් එකක් අයිස් එකක් කන මුලදක් වගේ දෙයක් විතරයි. එක දවසකට ඔය දෙයක් නැති වුනාට ඔබට පාඩුවක් නැහැ නේද.. එයින් තව කෙනෙක්ගෙ ජීවිතයක් බේරෙනව නම්.... මං දන්නව ඔයාලට බැරි නැහැ කියල....පුලුවන්.. කොයිතරම් සමාජය නරකයි..කුහකයි..විෂමයි කිවුවත්... තවමත් දුකේදී විපතකදී උණුවෙන...පිහිට වෙන හදවත් අපේ මිනිස්සුන්ට ඉතුරවෙලා තියෙනව... මේක කියවල අහක බලාගෙන වෙන පිටුවකට යන්න එපා... ඇය වෙනුවෙන් එකම එක රුපියල් සියයක් දෙන්න කියල මං ඉල්ලනව..
 කවමදාවත් සයිබර් අහසෙදි මම ඔයාලගෙන් කිසිම විදිහකින් මෙහෙම දෙයක් ඉල්ලල නැහැ. එහෙත් ඈ වෙනුවෙන් මම ඉල්ලනව. ආදරණීය මිනිසුනේ අපි ඇයව රැකගමු... අපිට පුලුවන් ඒ දේ කරන්න...

මේ පිළිබද වැඩි විස්තර මෙතන තියෙනව බැංකු ගිණුම් සහ සියල්ලම.


ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009
  

 
නිමේෂ් ගමගේ https://www.facebook.com/NimeshGamage
Nimesh - 0773444819 / 0725226516
හෝ
අසංක හෙන්දහේවා https://www.facebook.com/asankahendahewa
Asanka - 0717757855
හෝ
අසන්ත මෙන්ඩිස්https://www.facebook.com/asanthachristina
සම්බන්ධ කරගත හැක.


ලිපිය අයිති දිනිති අක්කාට

2/19/13

-205- සිද්ධාර්ථ සහ ලාංකීය සිනමාවේ රජ කතා අනර්ථය




සිද්ධාර්ථ බලන්න සැලකිය යුතු සෙනඟක් ඇවිත් හිටියා.. ආච්චිලා ටිකට් ගන්නෙත් ඇස්වල කඳුළු පුරෝගෙන. චිත්‍රපටය පටන් ගන්න කලින් සමනළ සංධ්වනිය ටෙලර් එක පෙන්නුවා...ප්‍රේක්ෂකයො ඒක දැකලා..ටිකක් සුපර් ඊගෝ තැනට ආවා.. ඉන් පස්සෙ සිරි පැරකුම්.. දිගුදෑස පාර්ට් ටූ හැඟීම ආපු නිසාම  මම වාගෙම හුඟක් ආයෙ සීට් එක උඩටම වැටුණා..දෝණි කියලා එකකුත් පෙන්නුවා.. මට ඇලුලුවෙම නෑ.කමල් අදරආරච්චි නම් ඉන්නවා... ඔන්න දැන් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම පටන් ගන්නවා.
සිදුහත් කුමාරයා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විත කෙනෙක් කියලා අපි බුද්ධාගම ඉගෙන ගන්න පටන්ගත් දා පටන්, දහම්පාසලයි ඉස්කෝලෙයි අපිට පොවනවා.. ඒ මොනාද කියලා එක සැරේ කෙනෙක්ට අමතක වුණත්, ඔයිට වඩා ටිකක් තේජවන්ත පාටක් සිදුහත් කුමරුට තිබිය යුතුමයි කියන පුද්ගලික මතය උඩ මම තවම ඉන්නවා.

අනික දේවදත්ත ගේ රූපකාය සාපේක්ෂව ගත්තොත් සිදුහත්ගෙ පුරුෂ ලක්ෂණ එක ඉරකින් පේන්නම කපලා දැමිය හැකි මට්ටමක් තියෙනවා.. මම දේවදත්තයාත් සුපිරි දේහයක් කියලාකියන්නෙ නෑ.. හැබැයි, සිදුහත් ට වඩා මොකද්ද ගැම්මක් තිබ්බා. රඟපෑම අසාර්ථකයි හැමෝගෙම වාගෙ..පිට රට හොඳ ඒවා අතරිමු .. හැබැයි අබා ත් ඔයිට හොඳා.. සාමාන්‍ය හින්දි චිත්‍රපටයක් බලලා අවසානෙ දැනෙන හැඟීම තමා මට නම් දැනුනෙ.

යශෝදරා නම් කෙල්ලෙක් විදිහට හරිම ලස්සනයි.. රගපෑම, නම් එකෙන්ම අසාර්ථකයි. සාරංග සහ රණවන තම උපරිමය දක්වා තිබුණා.. හැබැයි ඔවුන් නලුවෙකුගේ උපරිම රංගනය වෙනුවෙන් තව හුඟක් ඉගෙන ගන්න වෙයි.) සුද්ධෝදන චරිතය රඟපෑ රන්ජන්, ගෙ ඉස්සරහ ෆිල්ම් හෝල් එකේ තියෙන කටවුට්, ඇතුළු, සියල්ලම අමතක කළත්, සුද්ධෝදන ඇතුළෙ වන් ෂොට් විනිරිමුක්ත කළ නොහැකි පරිදි ඇලවිලා ඉන්නවා..

කැමරාව ගැන කතා කළොත්, සිනමාත්මක කොටස් එකතු කරපු, ඩොකියුමන්ට්‍රි ස්වරූපයක් තිබුණෙ.. පරිගණක නිර්මාණ පවා හරිම අසාර්ථකයි. ඉන්දියාව එක්ක සහයෝගෙන් කරලත්, ඒ තාක්ෂණයෙන්,දශමයක්වත් උකහාගෙන නෑ.. තිර පිටපත ඇතුළෙ ලොකු අඩුපාඩු තිබුණා..සංස්කරණය.. මැද ඉඳන්, අගට.. අග ඉඳන්  මුලට ඇවිත් නැවත මැදට ගියා... පෙන්වූ මැද නැතිව නොපෙන්වූ මැද පෙන්නුවා...

ඒ කිව්වෙ, මෙහෙමයි. මුලින්ම පටන් ගන්නෙ, සිදුහත් කඳුලු පුරවන් යශෝදරා සහ රාහුල දෙස බලා, ඡන්නගේ කාමරයට තටිටු කරන තැනින්. ඔවුන් දෙන්නා යනවා....රජ මාලිගාව කලබල වෙනවා..  අනෝමාවෙන් කුමරු එගොඩ වෙන්නෙ නම් දහම්පාසලේ විදියට නෙවෙයි. අශ්වයයි. ඡන්නයි තියලා, කූමාරයා වතුරට බැහැලා එගොඩ වෙන්නෙ... එතැන ඉඳන් බුද්ධත්වයට යන තෙක් කතාව පෙන්වනවා.  කාලම සහ උද්දක පෙන්වනවා. භාර්ගව නම් නෑ... පස්වග මහණුන්ගෙ උපස්ථානත් පෙන්වනවා. දුෂ්කර ක්‍රියාවෙ වේශ නිරුපණය අති අසාර්ථකයි.  විශාකා ඕෂදී.. ඒ ටික හොඳයි.. මර දූවරු හොඳායි... චන්නගෙ කෙල්ලො ටිකක් ද කොහෙද? මාර පරාජය ඇතුළෙ මම 3D සිනමාව සහ පරිගණක බලාපොරොත්තුම වුණා.. අනේ නිකං max දුමක් විතරද මන්දා... හරියට key කරලාවත් නැහැ අප්පා..

දැන් බුද්ධත්වයෙන් පස්සෙ කතාවෙ මුලට යනවා.. මායා දේවිට ට ළමයි නෑ.. මායා දේවි ප්‍රජාපතීව ගත්තාට කමක් නෑ තියලා සුද්ධෝදන රජතුමාට කියනවා. රජතුමා ඉතින්, ඒක භාර්යා සංකල්පයෙ කෙළම පැමිණිලා ඉන්නෙ.. කෝම හරි රෑ හීනෙ පේනවා... අනෝතත්ත විලක් නම් නෑ... පට්ට දුමකින් හොඳ කලු ඇතෙක් එනවා.. පැටියෙක් නෙවේ නාඹර ඇතෙක්.. මල් වැල් එහෙම ඔලුවෙ දාගෙන එන්නෙ...මායා දේවිට සුදු නෙලුම දෙනවා. ඉන්පස්සෙ සුපුරුදු ටිකම වෙනවා.. ලුම්බිණියෙදි... මල් නැති සල් ගහක් දේවිය අල්ලන්නෙ... විළි රුදාව මායා දේවියට හිනා යනවා.. ඒක නම් ටිකක් විතර, මට අවුල්.. වට තිර අදිනවා.. දේවියට ළමය ලැබෙනකං හිනායනවා.. ලුම්බිණියෙ කිසිම දෙයක් වෙන පෙන්නුවෙ නෑ.. ඒ ටිකේ ගෞරවය නොකෙළසීම හැබෑ සතුටක්..  ඉන්පස්සෙ ආයෙ මාළිගාවට ආවාම දරුවා රජතුමාට දෙනවා.. ඉන්පස්සෙ හැරිපෝටර් වාගේ තමා..

එඩ්වින් ආරියදාස මහත්තයා තමා සිද්ධාර්ථ කුමාරයාට නම් තියන්නෙ... බුදු වෙන කතාව කියපු ගමන් රන්ජන්ගෙන් සුද්දෝධන ඇතුළෙන් වන් ෂොට් එලියට පනිනවා....මහමායා කලුරිය කරනවා.
ඒකත් ලොකුවට පෙන්නුවෙ නෑ..ගිනි ගොඩ එක්ක ඉන්ටර්වල් දෙනවා.. චොක්ලට් වොන්ඩබාර් එකක් කෑවා.. ඒක තමා අද දවසෙ ලොකුම සතුට...

කො‍හොම හරි, කුමාරයා මාළිගාවෙමයි ඉන්නෙ.. ඔන්න දැන් දේවදත්ත සිද්ධාර්ථ වලි තැන හතරක් තියෙනවා. දේවදත්ත ගෙ ප්‍රශ්න හරි සාධාරණයි. තොහොම නමුත් ඕවා කතා කරලා අපායෙ යන්න බෑ. දැන් සිදුහත් කුමාරයා ඔය අස්සෙ අපේ ලංකාවෙ කලු කෙල්ලො ගොඩක් අස්සෙන්, සුදු ඉන්දියන් යශෝදරාව තෝරාගන්නවා. ඒක නම් ෆෙයාර් ඇන්ඩ් ලවුලි ඇඩ් එක වගේමයි..  ඒ දෙන්නාගෙ ලව් තමා ඉවර වෙනකං තියෙන්නෙ.. ඊට පස්සෙ අන්තිම වීර් සාරා වාගේ... කුමාරයා ආයෙ එන බව කියලා යනවා. යශෝ කියනවා, එයා දොයි වෙලාවක යන්න කියලා... ඒත් හොරාට ඇහැරිලා ඉන්නෙ.. මේ සිදුහත් ගිය බැල්මෙන්, නම් බුදුවුණා කියලා හිතන්න බෑ... ආයෙ එන මූඩ් එකමයි තිබ්බෙ.. ශිල්ප දක්වලා නේද කෙල්ලො තෝරන්නෙ.. මේකෙ දේවදත්තගෙ වුවමනාවටයි ශිල්ප දැක්වුවෙ..දේවදත්ත එක්ක.. කොහොම හරි.. මට දැනෙන විදියට, මවුස්ට වඩා ඉදිරියෙන් තියෙනවා... මොකද ඒක උගත් දෙමව්පියන්ටයි.. ඉගෙන ගන්න ළමයින්ටයි හදපු එකක්නෙ.. අපි ඒම නෑනෙ.. මේක බැලුවාම බුද්ධාලම්භන ප්‍රීතියක් නම් මට ආවෙ නෑ.. ඇත්තම කියන්න එපැයි. සිතුවම්පටය මට නම් වැඩක් නෑ..  හැබැයි.. බුදුහාමුදුරුවන්ගෙ අගය මේකෙන් අඩුවෙන්නෙ නෑ.. ඒ ලොකු දෙයක්.

අබා ආවා..කුස පබා ත් ආවා.. විජය කුවේණිත් ආවා... දැන් සිද්ධාර්ථත් ආවා.. හෙට අනිද්දාට පරාක්‍රමබාහුත් එනවා...මට ඒක ඇතුළෙ ජයන්ත චන්ද්‍රසිරි සර් මවපු  මහරජ ගැමුණු සිද්ධි මාලාවක් පේනවා.. මේ ඇත්තට පරාක්‍රමබාහු කසාඳ බැන්දෙත් ගමේ කෙල්ලෙක්ද? ..මනමේ තවම දුනු දිය අදිනවලු..පැරකුම් රජතුමාම කමා මනමේ කුමාරයත්.. දුටු ගැමුණු මඟ නවත්තන් ඉන්නවා..ජයන්ත චන්ද්‍රසිරි සර්..තවම මොළෙන් වැඩ ගන්න මනුස්සයෙක් නිසා..හැබැයි මර්වින් මහත්තයා රඟපාන ගැමුණු චරිතයක් තියෙන චිත්‍රපටයකුත් තියෙනවාලු... .අනේ බුදුහාමුදුරුවනේ... තව ඉතුරු වෙලා ඉන්න රජවරු ඉන්නවා... විමලධර්ම සූරිය රජ්ජුරුවො, රාජසිංහ රජ්ජුරුවො, විජය බාහු රජ්ජුරුවො.. වළගම්භා මහසෙන් රජවරු... තව ඉන්නවා.. ඒ අයට මහා වන්සෙන් කළ දේවල් හොඳටම ඇති. හරි සිනමාවක් සහ හොඳ නලුවො නිළියො එනකං අපිට ඒ අයගෙ ෆිල්ම් එලා...

මම අවසානෙටම කියන්නෙ, ඒ අයව ගත්තත් කමක් නෑ.. රාවණ රජජුරුවන්ට අත තියන්න දෙන්න එපා... අපි එතුමාට ගොඩක් ආදරෙයි.. ඒ අහිංසකයා මහා වංශෙත් නෑ... ඉන්දියාවෙන් කළ ටික හොඳටම ඇති..

එහෙනම් මිත්‍රවරුනි රැඳි සිටින්න..
ලොක්කා කුස පබා
චූට්ටා පඬු අබා
මද්දු පැරකුම්බා...