මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

7/27/11

තරුවක්ය ඔබ

වෙනසක් ය ඔබ...........
මිහිරක්ය ඔබ.................
පවනක්ය ඔබ.....................
අහසක්ය ඔබ............................
නිකැලැල්ය ඔබ ............................
පහනක්ය ඔබ....................................
නිවනක් ය ඔබ.......................................
තරුවක්ය ඔබ .............................................
-නීනු -

නීනුගේ සිහින දනව්ව හෙවත් රෝස වලාකුලේ මෙතෙක් රැදී සිටි ඔබ සැමට ස්තූතියි....හෙට සිට ...ඔව් එය හෙට දකින්න ...

7/4/11

බ්ලොග් වලට අකමැති අය

අද හරිම සන්තෝත දවසක්... ඊයේ අවසානය හරිම සතුටක් දැනුනා ... ඒ නිසා ඉතින් අදත් සතුටුයි... ඒත් ඒ සතුට දෙගුණ තෙගුණ වුණා.. ඉලෙක්සිටි බෝඩ් එක ගස් කැපීමේ ප්‍රීතිය නිමිත්තෙන් අද අපිට කරන්ට්  කපනවා. විදුලිය නැතිව මගේ අද ෆ්‍රී දවසෙ දින චර්යාවම අකර්මන්‍ය වෙන්න ඉඩ තියෙනවා...අද මගේ නිදහස් දවස...[මේ නිදහස කොයි තරම් කල් තියේද දන්නෙ නැහැ ]

ආ මම මේ කාලෙකින් බ්ලොග් එක ලියන්නෙ ඇහ්තටම මේ දවස් වල බ්ලොග් ලියන්නවත් වෙලාවක් නැහැ. අපි හරි බිසී කස්ටියනෙ අප්පා..ඇත්තටම බ්ලොග් කලාව මේ වෙද්දි මාරම ජනප්‍රියයි නේද ? බ්ලොග් ගැන අපේ පැත්තෙ නොදන්න පොඩි එකෙක් නැහැ... අපේ ආච්චිලා  කහින්නෙත් බො[ලො]ග් බො[ලො]ග් ගාලා.. {මොන පිස්සුද අනේ මෙලෝ යකෙක් දන්නෙ නැහැ.. }

බ්ලොග් සංස්කෘතිය අපේ රට තුළ මුල් බසින්න කලින් ජනප්‍රියත්වය අඩුවෙලා යනවා වගේ...සිංහල බ්ලොග් කියවනයත් දැන් මොකද්ද එකක් කරන්න යනවලුනෙ .. කොහොම හරි කමක් නැහැ.. ඔක්කොම එකතුවෙලා මේ බ්ලොග් කලාවට හොඳක් වෙනවා නම්. දැන් බ්ලොගී ආගමනයත් මද වැඩි වීමක් තියෙනවා . ඒක නම් මාර සතුටක් අප්පා.. [ 2010 මැරතන් එකේදී හොඳටම දැනුණා.]

ඇත්තටම අපේ බ්ලොග් නොලියන යාලුවො අතරෙත් මේ බ්ලොග් කරණය ජනප්‍රිය කරන්න පුලුවන්නම් මරු.. බුකිය හරහා දැන් මේක වේගයෙන් සිද්ධ වෙනවා වගේ පෙනුණත් අනේ මන්දා..

දැන් අද මළ කෙළියයි ජූලි හතරෙදි වෙන දේ බලා ගන්නත් කට්ටිය උනන්දු නැතැයි... තව පැය කීපයනෙ... ඉමු ඉමු....

එහෙනම් ඔන්න මම ගියා තව ටිකකින් කරන්ට් යනවා . මගේ ෆ්‍රී දවස අල පාත්තියක් වෙනවා..ඒ ආදී යනාදී වශයෙන් ගත් කළ හවස් වෙන තුරු ක්‍රියාවලිය ඇණ හිටිනවා.

ඉතින් මම ආයෙ එනතුරු කට්ටියම කියන්න.. බ්ලොග් නොදන්න , බ්ලොග් වලට අකමැති අය අතරෙ බ්ලොග් ජනප්‍රිය කරන්න විදිහක්...

6/10/11

සින්ඩි සහ අපේ මල්ලිලා

පෝස්ට් එකක් ලියනවාද නැද්ද කියලා කල්පනාවෙ හිටියෙ.වෙන වැඩත් තියෙනවා. ඒත් මට හිතුණා ලියන්න ඕනේ කියලා.. ඒකට හේතුව අද බුකියෙ ගිය චැට් එකක්..මම අතරින් පතර සම්බන්ධ වුණත් මේක කරගෙන ගියෙ අපේ මල්ලිලා.. (මල්ලිලාද දන්නෙත් නැහැ. මුන් 21 ට අඩු ඇති..)[ ටිමෝන් නම් නංගී ද විය... ]මේ කතාව ගියේ සින්ඩි ගැන. සින්ඩි ගොඩක් ඕනෙද කියන ගැටළුව එතනදි සාකච්ඡා වුණා..

ඒ කිට්ටුවෙන්ම යසන්ත කියලා මල්ලි කෙනෙක් සියලු සින්ඩි එකක් කිරීම වගේ අදහසක් ගැනත් කිව්වා..

දැන් මම කියන්නෙ මගේ අදහස.මේක අම්බානක වැරදි ඇති.බනින්න ඇවිත් ඕනේ කෙනෙක්.මොකද මම ඇනෝ ඩිසෙබල් කළේ කට්ටියට නම කියලා බනින්න ඉඩ දෙන්නමයිනෙ.

ඉස්සෙල්ලාම මම දන්න තරමින් ඇති වුණු සින්ඩිය කොත්තු ..එහෙම තමා කට්ටිය කියන්නෙ.නමුත් මම ඉස්සෙල්ලම දැන ගත්තෙ සිංහල බ්ලොග් කියවනය.මම ඒකෙ රෙජිස්ටර් වුණේ මීට වසර දෙකකමාරකට විතර ඉස්සර.එතකොට ඒකෙ හිටිය ගණන 285 ක් වගේ.( බ්ලොගී ලා නම් හුඟාක් අඩුයි. )ඔන්න ඉන් ටිකක් කල් යනකොට සහන් වීරසිංහ කියලා මිත්‍රයෙක් මට ලාංකීය එක ගැන කිව්වා.ඉන් පස්සෙ කාලය තුළා සින්ඩිකේටර් ගොඩාක් ඇති වුණා.උඹේ බ්ලොග් එක මගේ බ්ලොග් එක වෙනුවට උඹේ සින්ඩිය මගේ සින්ඩිය වෙන තරමට සින්ඩිකේටර් වැහි වහින්න පටන් ගත්තත්, පස්සෙ උචිතෝන්නතිය සමඟ සමහර ඒවා ජනප්‍රිය වුණා.සමහර ඒවා පසු බැස්සා. හරියට රියැලිටි තරඟ වගේ මේ නිසා බ්ලොග් ලියන්න කට්ටිය ටික ටික වැඩි වුණා.යාළුවන්ගෙ සින්ඩියට තව යළුවො ඇදිලා ආවා .අද වෙන කොට ලංකාවෙ බ්ලොග් කලාව සැලකිය යුතු මට්ටමක තියෙනවා.

මුල් කාලෙ කාටත් වුවමනා වුණේ.බ්ලොග් ජනප්‍රිය කරන්න නෙවෙයි.සිංහල යුනිකේත සමාජ ගත කරන්න.ඇත්තට සිංහල බ්ලොග් කියවනයේ මූලික අරමුණ වුණේ ඒක කියලා මට හිතෙනවා. අද වෙද්දි ඒක වෙලා ඉවරයි.දැන් බස් එකේ බුකියේ සිංහල යුනිකෝඩ් තියෙනවා. ඒකියන්නෙ පරිගණක  බහුතරය මේ ගැන දන්නවා. සෙට් ඩෙකෝ එක නිසා කොහොමත් ගැටළුවක් නැහැනෙ.දැන් වෙන්න ඕනේ එහෙම කොහොම හරි මේ ලියපුවා කියවන එක..

ඉතින් දැන් අපිට බ්ලොග් කියවන්න සින්ඩි ඕනේ...සින්ඩි 150ක් තිබ්බාත් මිනිස්සු බලන්නෙ තමන් කැමති එක. රූපවාහිනිය තිබ්බා කියලා ,සිරස ආරම්භ නොකර හිටියාද? චැනල් 8ක් 9ක් තීද්දි දෙරණ ඇවිත් ජනප්‍රිය වුණා නේද? (මිනිස්සු බලනවානේ ....අනික මේ ඔක්කොම තිබ්බා කියලා තව චැනල් හදන්නෙ ඔය )...

හැබැයි හැම එකේම එකම නාට්‍ය යන එකේ නම් ගැටළුවක් තියෙනවා තමයි.මම කිව්වෙ සින්ඩි 1000ක් හැදුවත් යන්නෙ අපේ අයගෙම බ්ලොග් නේ....ඒත් කමක් නැහැනෙ..ඕවා එච්චර ප්‍රශ්න නෙවෙයි..ඔයිට වඩා ගැටළු තියෙනවා.මේ ලෝකෙ

මම සින්ඩි ගැන මෙහෙම කියන්නෙ..මට කවුරුත් එකයි නිසා..ලාංකීයයි සිංහල බ්ලොග් කියවනයයි විතරක් මම ඇඩ් දාලා තිබ්බාට මම අනික් ඒවාටත් යනවා එනවා...
හොඳ සේවයක් සපයද්දි නිකම්ම රසිකයො වැඩිවෙයි කියලා කවුද ත් කිව්වා.

ෆේස් බුක්..සහ බ්ලොග් සුසංයෝගය අනාගතයේ සින්ඩි වලට බලපෑමක් ඇති කරයිද කියන්න නම් තවම බැහැ.ඒත් එහෙම ගතියක් නැත්තෙ නැහැ.අදටත් ලංකාවෙ වැඩියෙන්ම පරිශීලනය වන සයිට් එක ෆේස් බුක් නෙ... අපි ඒක එදාට බලමු.

5/31/11

අයිඩියා එකක් දෙන්නකො


මම නෙරංජිනෙ.ඔන්න දැන් මම ආපහු බ්ලොග් ලියනවා.බ්ලොග් ලිය එකත් පාතාලෙ වගේ හිතූ වෙලාට නවත්තන්න බැහැ.ඉතින් මම නවත්තන්න ගිහින් හොඳට අහ ගත්තා. දැන් ඉතින් දෙයියනේ කියලා ආපහු ලියනවා.බ්ලොග් කෙරුවාවට අවුරුදු දෙකයි මාසයක් දැන්.ඒත් ඉතින් ඒ පළවෙනි බ්ලොග් එක තිබිච්ච තැන නැතිවත් ඇති.නීනුගේ නිශාව ඩිසෙබල් කරලත් දැන් අවුරුද්දයි මාස 2ක් විතර ඇති.මම නොදාපු ටෙම්ප්ලේට් එකක් අන්තර්ජාලෙ තියෙනවා නම් සැක සහිත බව තමයි සමහරුන්ගෙ අදහස.

ඊයෙ හදිස්සියෙ මට හිතුණ බ්ලොග් එකේ නම මාරු කරන්න. අපේ සද් ගුණවත් ඉන්දරේ තුමා මීට කලින් දවසක මම නමක් හොය හොය අඬද්දි මට ලස්සන නමක් හොයා දුන්න. ඒ තමයි බ්ලූමැඩල් හීන.ඒ නම දානවාද මේක තියෙනවාද? වෙනමම එකක් දානවා ද?  කියලා තාම හිත කරදරයි..

දැන් කස්ටිය මට අයිඩියා පාරක් දෙන්න ඕනේ..

පසුව ලියමි.
(ජනප්‍රිය බ්ලොග් කරුවන් කීප දෙනෙක් මේ ගැන දක්වයි කියා සිතෙන අදහස්)

මාරයා අයියා -

මේකිට මඥ්ඥං..කාලයක් ටෙම්ප්ලේට් මාරු කළා දැන් නම් මාරු කොරන්න අහනවා.යකෝ නීනුවො තියෙන විදිහට ලියපං .නැත්ත මම බලන්නෙ නැහැ.

බනියා - මේකිට පිස්සු..මොකක් හරි මනස්ගාතයක් ..හැම පාරම...මක් කොරන්නද මන්දා මෙව්වාට

තමීර -
ඕකෙ නම මාරු කළ කියලා මෙයා මාරු වෙයි ද අප්පා.මේකත් මගේ බ්ලොග් එකට මඩ ගන්න කරන උපක්‍රමයක්.එපා වෙනවා අප්පා.

ඇනෝ කෙනෙක් -
මේකි නම මාරු කරන්න හදන්නෙ අර නම ප්‍රසිද්ධයි කියලා වෙන්න ඇති.හික් හික්. අපිනෙ දන්නෙ.

බ්ලොගි අක්කා කෙනෙක් -
අනේ පව්.. මොනා වුණත් අහිංසක කෙල්ල.


දැං කියන්ට බලන්න.... මොකද්ද හොඳ? ඒ නම ද? අලුත් නමද? වෙනම නමක්ද?..එහෙම නමක් තියේ නම් යටින් දක්කලා යන්න.