මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

5/15/10

එන්න බද්ධරාව බලන්න

අපේ සඟරාව තමයි බද්ධරාව කියන්නේ....අද ඉඳන් එය සයිබරයට විවෘත වෙනවා..ඔයාලාටත් පුළුවනි ඒ සඟරාව කියවන්න.අද ඉඳන් හැම මාසෙකම ඒ සඟරාව නිකුත් වෙනවා.අප්‍රේල් කලාපයත්, මැයි කලාපයත් දෙකම..ඔබට බද්ධරාව බ්ලොග් අඩවියෙන් දැක ගන්න පුළුවනි...තව එකේ ලියන්න දේවල් ටිකක් තියෙනවා.අපේ විස්තර එහෙම....ගොඩක් ලියන්න තියෙනවා.ඒවා ‍හෙට ලියනවා.දැන් මම මනුසත් උයන බ්ලොග් එක හදන්න යන්න ඔනේ.... අපේ බිත්ති පුවත් පත ඔයාලාට සයිබරය හරහා කියවන්න දෙන්න මම හිතුවා... අපේ ළමයි.. බ්ලොග් ලියන්න ටිකක් කම්මැලියි..නැත්තම් එයාලාට මේවා තම තමන්ගෙ බ්ලොග්ස් වල දා ගන්න කියලා කියන්න තිබ්බා. ඒත් දැන් නම් මට ඒවා කියලා ඇති වෙලා...ඒ නිසා මම ම හඳනවා...කියලා තීරණයකළා..බද්ධරාව සඟරාවට ලිපිය පී.ඩී.එෆ් ෆෝමැට් එකෙන්ම දාන හැටි කියා දීපු...ඉන්දරේ අයියාටත් මේ අවස්ථාවේ ස්තූති කරන්ට ඔනේ.....ආ ආ මේ තව දෙයක්....කට්ටියම බ්ලොග් ලියන්න මතක ඇතුව....අපේ තමීර අයියාට කියවන්න. එයා මේ දවස් වල බ්ලොග් කියවනවා කියලා දැඩි තීරණයක් අරන්...හරබර දේ ලියන්න.. මොකද එයා ඔය පොඩි පොඩි දේවල් කියවන්න එහෙම කැමති නෑ කියලා මැරතන් දවසෙ මට බැනලාත් ලිව්වා...අදට නම් මගේ බ්ලොග් කෙරුවාව ඉවරයි..

පිනි මල් කඳුළක් (‍හය වන කඳුල )

මාව සීතල වෙලා ගියා.මම හිතුවෙ නෑ.එයාට කෙල්ලෙක් ඇති කියලා.කවදාවත්ම හිතුවෙ නෑ.ඒත් මම ඒ ගැන වැඩි දුර නොහිතා දෙන්නාවම ඒ තරම් ගණන් නොගෙන ඉස්සරහට ගියා.


"කොහොමද මල් පෙති?"
දෙනෙත් අයියා මගෙන් ඇහුවා.
මම ඒ ගෑණු ළමය එක්ක හිනාවෙලා....දෙනෙත් දිහා බලලා " අයියා ඉන්නවා. ඉන්න කතා කරන්නම්" කියලා කිව්වා.ඒත් එයාගෙන් ඇස් අහකට ගන්න මට තාමත් බැරි වුණා.මට එයා ගැන "මහ හොරෙක් "කියලා මහා තරහක් හිතුණා.
"මල් පෙති මේ ඉන්නේ මගේ පුංචිගේ දුව.. ස්වප්නා.එයා ආසයි කිව්වා ඔයා එක්ක කතා කරන්න. ඒ නිසා මම එක්කකරන් ආවා.ඔයා යන ඩාන්සින් ක්ලාස් තියෙනවා නම් මෙයාටත් කියන්න. මෙයා නැටුම් ඉගෙන ගන්න හරිම ආසයි."


දෙනෙත් කියාගෙන ගියා.ඒ වෙලාවෙ මට පුදුම සතුටක් දැණුනා.එයාට කෙල්ලෙක් නැහැයි කිව්වාම මට එහෙම සතුටක් දැනෙන්නෙ ඇයි? මටත් පිස්සුනේ...


අපේ සද්දෙට ලොකු අයියාට නිකම්ම පණිවිඩේ ගිහින් වගේ කාමරයෙන් එළියට ආවා.


"මම නිකම් ආවේ බන්.... උඹව බලන්නත් එක්ක" ඒ දෙන්නා කතා කර කරම කාමරේ ඇතුළට ගියා.


ස්වප්නා එක්ක මම එළියේ බංකුව යටට ගියා.


"ඔයා දන්නවාද අපේ අයියා මාව එක්කරන් ආවේ ඇයි කියලා? ඔයාගේ අයියාට ඔයා ගැන යෝජනාවක්
කරනවා කියලා


අනේ දෙවියනේ........මට එක පාරටම බය හිතුණා....එහෙම කරන්න එපා කියන්න කියලා හිතා ගෙන මම ගෙට දිව්වා......ගේ ඇතුළින් අයියා අඬනවා ඇහුණා.


මම දොර රෙද්දට මුවා වෙලා අයියා අඬන්න හේතුව හෙව්වා.
"උඹ ඔවා ගනන් ගන්න එපා. දැන් එයා උඹේ කෙල්ල නෙවෙයි...මට උඹේ දුක තෙරෙනවා.ඒත් මෝඩයෙක් වෙන්න එපා. ප්‍රශ්න ඇති කර ගන්නත් එපා.තේරුණාද?"


මට දෙනෙත්ගෙ හඬ ඇහුණේ....දෙනෙත් ඉන්පස්සෙ හැරෙද්දි මම එතන ඉන්න විත්තිය දෙනෙත්දැක්කා."පුළුවන්නම් අදත් බනින්න.මම ඇවිත් මුගෙ ඔලුව අවුල් කරනවා කියලා..මම හදන්නෙ අනික් එවුන් තාර බරත් එකතුකරලා ඒ දුක මෙයාට ගිල්ලවන්න කලින් මුගෙ හිත හදන්න.තේරුණාද?"
......මට ඒක කිව්වෙ නෝක්කාඩුවට වගේ...


"මොකක්ද වෙලා තියෙන්නෙ අයියා ? "


මම ඇහුවා. "අනේ නංගි...සමනළීට පිළිකාවක්ලු" ....අපේ අයියා අඬනවා.මට උහුලගන්න බැරි වුණා. මට දැනුනේ පුදුමාකාර හිස් බවක්....අයියා ට සමනළී ව නැති වුණත් අයියා සමනළීට ආදරේ කළා. හුඟක් ..මට ඒක දැනුනා. අනේ මෙහෙම දේවල් උනොත් අයියාට පිස්සු හැදෙයි කියලාමයි මට හිතුණේ.


සමනළීට අනතුරක් වෙන එකක් නෑ කියලා මට හිතුණා..දෙනෙත් උනත් එහෙම කිව්වා. ඒත් දෙනෙත් කිව්වෙ කලබල වෙලා වැඩ අවුල් කරගන්න එපා කියලයි. නැත්තම් අයියාගේ ආදරේ මේ වෙලාවෙදි ඔක්කොටම කලින් එළියට පැනලා නැති ප්‍රශ්න ඇති වෙන්න ඉඩ ඇති කියලාම තමයි.දෙනෙත් හිතුවෙ..මොකද අපේ අයියා හරිම හැඟීම් බරයි.විශේශයෙන්ම ආදරෙදි...මේ වෙලාවෙ අම්මල තාත්තලා ගෙදර නැති එක හොඳයි කියලා මට හිතුණා.පොඩි අයියාත් යාළුවෙක්ගෙ තාත්තා කෙනෙක්ගෙ දානෙට බඩු ගේන්න උදව්වට ගිහින්.


ඒත් ඒ මොහොතේම අයියාගේ විරහා වූ ආදරය ගෙන ආ සමනළී වගේම පිළිකාවත් අපිට අමතක වෙන තරම් ලොකු බරක් තියෙන වේදන්නවක් මහා කුණාටුවක වගයෙන් නිවස දෙසට හමාගෙන එමින් තිබ්බා...ඒ වේදනාව තාමත් අපේ හිත් තුළින් මැකිලා ගිහින් නෑ.

ඉතිරියට ඊළඟ මොහොත ඉඩ දෙන්න................




5/10/10

කොහෙන් පටන් ගන්නද මන්දා!!

බ්ලොග් මැරතන් එක එහෙම්මම අපි කාටත් අමතක වෙලා ගියා...මටත් එහෙම්මමයි.ඒත් නිකමට වගේ මම මැරතන් එක උදෙසාම නිර්මාණය කළ මගේ බ්ලොග් එකට ගියා. දෙවියනේ..පෝස්ට් එකසිය දෙකක්ම තියෙනවනෙ...ඒවා නිදිමතේ..ඕනාවට එපාවට ලියපුවා. නමුත් ඒ අතර බොහොම ලස්සන දේවලුත් ලියවිලා තියෙනවා..කියල නිකමට හිතුණ හින්දා මම තීරණය කළා නෙරංජිගේ සයිබර් සැරිය ට ලින්ක් එකක් දෙන්න.අත පසුවුණු දේවල් කිහිපයක් තියෙනවා.
1.පිනි මල් කඳුළක් නවකතාව ලියන්න පටන් ගන්න ඔනේ....( ඒක කියවන්න බලා හිටපු කෙනෙක් ගෙන් ඊයෙත් බැනුම් අහන්න වුණාට පස්සෙයි ඒක මතක් වුණේ)


2.මනුසත් උයන ට වෙසක් කලාපෙට ලිපි 10ක් වත් එකතු කරන්න ඔනේ...( ඒක මේ සුමානේ ඇතුළත කරන්න ඔනේ)


3. in design මෘදුකාංගය පරිගණකයට දාන්න ඕනේ..
( හම්බෙලා තියෙන එකෙත් data මදි....කඩ වලත් හෙව්වට හම්බුනේ නෑ...හොයා ගන්න ඕනේ)


4.බද්ධරාව 3 වන කලාපයට සැරසෙන්න තියනවනේ!!!

5/5/10

එපා කරපු ළමයි

මම මේ දිනවල සිටින්නේ ඇත්ත වශයෙන්ම කලකිරීමෙනි.මට වැඩ කිරීමට විශාල අවශ්‍යතාවක් ඇත.ඒවා සිදු කිරීමේදී ගැටළු මතු වුවත් නැතත් මට අවශ්‍ය ඒවා කිරීමටය.නමුත් කොලේජියේ එක් පිරිසක් එයට උනන්දු නොවීම සැබවින්ම මගේ දුකට හේතු වේ.අපේ ගුරුතුමා නිතර පවසන පරිදී වැරදි කිරීමෙන් අපට ඉගෙන ගත හැක.නමුත් ඉගෙන ගැනීමට වැරදි වැරදී හෝ ඇගයීම් හා අපට දෙන වැඩ නිමා කළ යුතුය.ෆේස් බුක් නිසා කාලය නාස්ති කරන මොවුන් ගැන සැබැවින්ම මට කළකිරීමක් ඇත.ඔවුන්ගේ මවුපියෝ දුක් මහන්සිවී උපයන මුදල් ඔවුහූ නිකරුණේ අපතේ යවති.මා දන්නා පරදී, ඒ උනන්දු නොවන පිරිසට වගකීම්ද වැඩිය.මා මෙන් පවුලේ එකම දරුවා නොවෙයි ඒ අය.ඉතින් මවු පියන් ගැන ඇති වන්නේ දුකකි.මට විබාග වලින් ලකුණු නැති විය හැක.නමුත් මම වරද වරදා හෝ ඉගෙන ගන්නට උත්සාහ කරමි.මට උවමනා වී ඇත්තේ සියලු දෙනා දක්ෂයන් වීමයි..නමුත් අපේ කම්මැලි සිහල කොල්ලන් හා කෙල්ලන් ඊට උදව්වක් නොදෙන හෙයින්...මම කම්පා වී සිටිමි...