මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

5/21/11

වහින්නට අවසරයි | අවසන් ලිපිය



ඔහු ගැන තවත් පෝස්ට් දැමීම අවශ්‍ය නැත.මම මගේ දුක මට ආවේණික විදිහට ප්‍රකාශ කිරීම තුළ,සමහරුන්ගේ වෛරකාරියක් බවට පත්ව සිටිමි.බ්ලොග් නැති මිතුරන්ට හා ගූගල් මේල් නැති මිතුරන්ට පහසුවක් වශයෙන්,තිබූ ඇනොනිමස් කමෙන්ට් දැමීමේ හැකියාව මම ඉවත් කර දැමුවෙමි.

ඔබ මට බනින්න. එයට ඔබට අයිතියක් ඇත. නමුත් එළිපිට. ඔබට අපහාස වෙයි කියා බයෙන් ඇයි ඔබ ඔබේ නම හංගා  අපහාස කරන්නේ.
ඔබ හැම විටම ඔබ නිසා අනුන්ට ඇති වන හැඟීම ගැන සිතන්න.අනෙකාව ඔබට අනුව උපමා කරන්න.

දැනුවත්ව වගේම,නොදැනුවත්ව ද,කලබලය නිසා වගේම වැඩි දුර නොහිතන නිසා ද  මිනිස්සු අතින් වරදිනවා.වැරැද්දක් කළත් නැතත් සමහරු වැරදි බාර ගන්නවා.සමහරු නොකළා වගේ නිවැරදි වෙනවා. මිනිස්සු එක එක විදිහයි. එහෙම නේද?

මට පැය දෙකකට උඩදි, සමාජය විසින් එපා යැයි සම්මත කළ වදන් වලින් බැණපු ප්‍රතිචාර ද්විත්වයක් ආවා.තම්න් ගෙ හැඟීම් සරලව කියන්න නොයෙක් මාර්ග තිබියදී,මේ වගේ වචන භාවිතා කරන්නෙ ඇයි කියන එක මට තවම ගැටළුවක්.ලෝකෙ අසැබි දෙයක් බිහි වී ඇත්තේ සභ්‍යත්වයට සාපේක්ෂව කියන දේ මම පිළි ගන්නවා. මිනිස්සු ශිෂටාචාරයට එද්දි ඒ වචන සමාජය තුළ භාවිතය අනුචිත කළා.ඉතින් අපි ඒවා භාවිත කළ විට අපේ අශිෂ්ට බව එළියට එනවා.එය වහ ගන්න නිර්නාමිකත්වය භාවිතා කළ විට එහි වලංගු භාවයෙන් තොර වෙනවා.. 
ඔබ වැරදි කෙනෙකුට ඇති පදම් බනින්න.ඒ ඔබ නිවැරදි නම් විතරයි.ඔබ වැරදි නම් ඔබ ලැජ්ජ විය යුතුයි නේද?.

රෝස වලාකුළ සමහර අය බැන බැන බැලුව. සමහරු තියෙන පලියට බැලුවා.සමහරු කිව්ව නිසා බැලුවා.සමහරු හිතිලා බැලුවා.සමහරු නොබලා හිටියා. මෙතනින් ඔබ කොයි කණ්ඩායමේද කියන්න මම දන්නෙ නැහැ.ඔබ හැමෝටම ස්තූතියි..රෝස වලාකුළ "සමහරු කිව්වෙ එහෙම දෙයක් ලෝකෙ නැහැ කියලා"..ඔව්..ඇත්ත දෙයට වඩා මවා ගැනීම් හරි ලස්සනයි..සිහින වලට ඉඩ දෙන්න. ඔබ හිතන්න. මට කියන්න ට ඇත්තේ මෙපමණයි...

ලෝකයම හරිම ලස්සනයි.හැම දරුණු දෙයක් දිහාම සුන්දරව බලන්න..විසකරු සැම දෙයක්ම විසිතුරු බවින් ලෝකයට බෙදා දෙන්න.සිහින වලට ඉඩ දෙන්න.අනුන්ගෙ හීන වලට ආදරය කරන්න.එදාට ඔබට ජීවිතය හමුවේවි...


මුලු ලෝකයම සතුටින් තියන්න බැරි වුණත්,කීප දෙනෙක් හරි මම කියන මම ලියන දේ බලල සතුටු වෙන්න අති...ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි...වචනයෙන් හෝ මා දිරිමත් කළ හැමෝටම ස්තූතියි.

රෝස වලාකුළ රැගෙන ගිය දඟකාර ලියුම අදින් අහවර වේවි...ආයෙත් මේ බ්ලොග් අහසේ මේ රෝස වලාකුළ ඔබ දකින්නෙ නැහැ.

මට වෛර කරන අයට කණගාටුවෙන් කියමි.මගේ  බ්ලොග් කෙරුවාව ඉවර නැහැ. ඔබට යළි සයිබරයේ කොතැන හෝ ඇති බ්ලොගයකින් මා හමුවේවී..ඒත් ඒ රෝස වලාකුළු ලියූ නෙරංජි නොවනු ඇත.

ඉදින් වහින්නට අවසරයි මට..

මම රෝස වලාකුළ.

24 comments:

  1. මොට්ට රාල. දෙන්නෙක් බැන්නට බ්ලොග් එක ලියන එක නවත්තන්නෙ මොකෝ. ආයෙමත් වෙන බ්ලොග් එකක් පටන් ගත්තම ඒකෙදිත් බැනල කොමෙන්ට් වැටුනොත් මොකෝ කරන්නෙ. නෙරංජි නොවන විදිහට අපිට ඔයාව අඳුරා ගන්න බැරි වෙන්න අලුත් බ්ලොග් එකක් පටන් ගන්නවනම් ඔයාට ඔය ලියන භාෂා ශෛලිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න වෙනවා. ඔයාට ඒක කරන්න බෑ

    ReplyDelete
  2. මම ඔයාගේ කලින් පොස්ට් එක කියෙව්වා. මම මුල ඉන්දලා වුන දේවල් හරියටම දන්නේ නැති නිසා ඒ පොස්ට් එක හරිද වැරදිද කියන්න දන්නේ නෑ. මොකක් හරි වැරද්දක් තියනවනම් ඒක හදාගේන බ්ලොග් එක කරනවා මිසක් අවුරුදු 2 කක් විතර මහන්සියෙන් කරගෙන ආපු බ්ලොග් එක නවත්වන එක විසදුමක් නෙමේ නේද?

    කස්ටිය මෙච්චර මහන්සි වෙලා සිංහල බ්ලොග්ස් promote කරන්න හදන වෙලේ මේ වගේ බ්ලොග් එකක් වහන එක අපරාදයක් නෙමේ ද?

    ReplyDelete
  3. ලියන එක නවත්තන්න එපා එක මොඩ වැඩක් වෙයි ඒ නිසා
    ඔයා දිගටම ලියන්න

    ReplyDelete
  4. මේ අය අපිව තරහා කරවන්න හදන්නෙ...ඉතින් එපා වෙන්නෙ නැද්ද?..අනික මං ගැන බ්ලොග් පෝස්ටුත් දාලා...ඔව්වා මට පුරුදු නැහැ..හරි දරුණු ක්‍රියාන්විතයක්..මාර වචන එවන්නෙ...වෙලාවට අපි සන්නස්ගල සර්ගෙ පන්ති ගිය ළමයි..නැත්තම් අනාථයි.

    ReplyDelete
  5. මම සන්නස්ගල සර්ගෙ පන්ති ගිහින් නෑ. ඒ වුණාට මම මේ හොඳට ඉන්නෙ. පුරුදු නැති දේවල් වලට ටික ටික පුරුදු වෙමු. එක පාර පුරුදු වෙන්න අමාරු වේවි

    ReplyDelete
  6. පොඩ්ඩක් සමා වෙයං මේක ලියන්න පරක්කු උනාට..මම දැන් තමා යාන්තං රෑට කාලා හිටියේ...
    උඹ ඔය කියන මොකක්ද ලිපිය මට හරියට බලන්න උනේ නැහැ...
    ඇත්තටම කිව්වොත් උඹ ඕක දාලා බොහෝම ටික වෙලාවකින් මං ඇවිත් ඕක බලන්න ගත්තා..ඒත් ටිකක් බලනකොට මට වෙන වැඩක් පැටළුනා..ඉතින් අයේ පස්සේ බලනවා කියලා හිතලා ඒ වැඩේ පස්සට දැම්මා..මොකද මට අමතක උනත් තෝ ඇවිත් මට ඒක මතක් කරලා හරි පෙන්නනවා කියලා මං දන්නවනේ..

    ඒත් උනේ වෙනම දෙයක්...ඊයේ රෑ උඹ ආවේ වෙච්ච විපතක් කියාගෙ..ඒත් ඒ වෙනකොටත් උඹ ඒක මකලා කවියක් විතරක් ඉතිරි කරලා..උඹ වෙනම මොකක්ද මට එවුවත් මට ඒක කියවන්න බැහැ..පේන්නේ වෙන මොනවත් වල් බූත වගයක්...

    හැබැයි මං අර මුලින්ම දැක්ක වෙලාවෙනං මට හිතුනෙත් උඹ මොනවා හරි විකාරයක් ලියලා තමයි කියලා..ඒත් ඒක මට ගානක් උනේ නැහැ..ඇයි හැමදාම උඹ කරන තරමක් කරන්නේ එහෙම අටං පහුරුම නෙව..ඒක මං දන්නවා..උඹේ විකාර හැමදාමත් කියවපු අනිත් උනුත් දන්නවා..මං උඹව කියවන්නේ අද ඊයෙක ඉඳලා නෙවෙයි..මං බ්ලොග් ලියන්න හිතලවත් නැහැ උඹ බ්ලොග් ලියනකොට..
    මට හරියටම මතක නැහැ..ඒත් උඹම නේද අර තාත්තා ගැන ලිපියක් දැම්මේ..මං හිතන්නේ මට ඒක තවම ටිකක් විතර මතකයි..ඒකේ හැටියටනං තාත්තා කාර්මික අංශේ රැකියාවක් නේද කරන්නේ..මගේ මතකේ වැරදිනං සමා වෙයං..මොකද මට පරණ ලිපි කියවන්න අද විදියක් නැහැ..නෙට් ස්පීඩ් එක බින්දුවේ තියෙන්නේ...තෝ මේකේ එල්ලලා තියෙන විගඩං වල හැටියට මේක යාන්තං කියවන්න හම්බුනෙත් හරි අමාරුවෙන්..එහෙවු එකේ ආයේ පරණ අටමගුල් කියවන්න අද විදියක් නැහැ..

    පුළුවන්නං ඒ ලිපියට ලින්ක් එකක් දීයං මේ ලිපිය යටින්..මං හිතන්නේ මම උඹව හරියටම කියෙව්වේ එදා කියලා...
    නැත්තං අද වෙනකල් එහෙම මතකයක් මගේ හිතේ ඔහොම තියෙන්නේ නැහැ..

    එක අතකින් උඹ අර ලිපිය ලිව්ව එකත් හොඳා..
    ඒකට මිනිස්සු බැනපු එකත් හොඳා..
    ඒත් උඹ ඒක ගලවපු එකනං..අනිත්ම නරකයි...

    උඹ සංතෝස වෙයන් මෙච්චර කාලෙකට පස්සේ හරි කවුරු හරි උඹට බැනපු එකට..බනිනවා කියන එක නරක දෙයක් නෙවී..ඒත් ඒකට උත්තර දෙන්න ඕන විදිය මේක නෙවෙයි..උඹ දැක්කද බේබදු හීරළු සික්කා..?දෙයක් ඉගෙන ගනින්..හැම දේම ඇගිල්ලෙන් ඇනලා පෙන්නන්න බැහැ..
    නංගියේ කවුරු හරි ගහනකොට ඒකේ ඇත්තක් තියෙනං පිළි ගනින්..නැත්තං කියන්න හැදුව දේ පැහැදිලි කරලා දියං..එහෙම නැතිව අකුලගෙන ගියානං..මං අකුලන්නේ මගේ බ්ලොග් එක සින්ඩියෙන් අහක් කරපු දවසෙයි..ඒත් එහෙම උනේ නැහැනේ..අදටත් මං ඒ සින්ඩියේ ඉන්නවා..ඒ කාත් එක්කවත් කිසිම අමනාපයක් නැතිව..ඕනනං ඉන්දරේගෙන් අහපං..

    ඇත්ත උඹ ලියාගෙන ඇවිත් තිබුනේනං මල කෝලං වගයක් කියලා මටත් හිතුනා..ඒත් ඒකේ අවසානය නොදැක මට කියන්න බැහැ ඒක කොයි අතටද ගියේ කියලා...ඒ හින්දා මං ඒ ගැන හොදක් නරකක් කියන්න යන්නේ නැහැ.
    ඒ මල කෝලං කියලා මට හිතුන ටිකත් මං ඒ හැටි ගණනකට ගත්තේ නැහැ මං උඹව දන්න හින්දා...

    ඒත් නොදන්න කෙනෙක් ඒක එක එක විදියට දකින්න පුළුවන්..ඒකට ඒ අයට දොස් කියන්න එපා...ඇත්ත ඇනෝලා තම නම එළියට දාන්නේ නැතිව කරන හෙලා දැකීම්නං මාත් පිළිකුල් කරනවා..තමන්ට කියලා එකවුන්ට් එකක් නැති අය හින්දා අපි ඇනෝලට එන්න පාර තියලා තිබ්බම..අපි අතරෙම ඉන්න කෙලින් දෙයක් කියන්න බැරි සීමිත පිරිසක් ඒ හිඩසෙන් ඇවිත් නාඩගං නටනවා තමයි...

    ඒ දේවල් වලට කරන්න දෙයක් නැහැ..ඒ හින්දා ඇනෝ කමෙන්ට් වහපු එකට මං මොනවත් කියන්නේ නැහැ.කාට උනත් තමාව ටිකක් හදුන්වලා දීලා මේකේ වරදක් පෙන්නලා දෙනවාටනං උඹ පොඩ්ඩක්වත් තරහා වෙන්න ඕන නැහැ.අර නදී කියලා කමෙන්ට් කරපු කෙනාටනං ස්තූති කරහං..එහෙම කෙලින්ම ඇවිත් ඒක කියපු එකට..ඒක වටිනවා...

    නිධීනංව පවත්තාරං යං පස්සේ වජ්ජ දස්සිනං..
    නිග්ගය්හවාදිං මේධාවිං තාදිසං පණ්ඩිතං භජේ..
    තාදිසං භජමානස්ස සෙය්‍යො හොති න පාපියො..

    යමෙක් තමාගේ වරදක් දැක එය පෙන්වා දීම..හෝ එයට නිග්‍රහ කොට හෝ තමාගේ අවධානය එයට යොමු කරවන්නේ නම්...ඒ අය හරියට තමන්ට නැති වූ නිධාන පෙන්වන්නා වූ අය මෙනි...

    ඒ හින්දා උඹ සතුටු වෙන්න ඕන වෙලාවක විකාර දොඩවන්නේ ඇයි..?

    හැබැයි එහෙම වැරදි පෙන්වන කෙනාත් ඒ දේ කරන්න ඕන පිරිසිදු සිතින් වගත් මතක තියා ගන්න ඕන..එහෙම නැතිව තමුන්ගේ මානසික අසහනයක් නිසා හෝ..කොන්ද පණ නැති කරමක් නිසා හෝ..පෞද්ගලික එදිරිවාදිකමක් පිරි මැසීම සඳහා හෝ ඒ දේ කරනවනං..ඒ අයටත් යන්න ඕන තරං අපායවල් තියේ..

    අවසාන වශයෙන් මං කියන්නේ පුළුවන්නං අර මකපු එක ආයෙමත් දාහං...බනින උන් බැනපුවාවේ..ඒවායේ ගත යුත්තක් තියේනං ඒ දේ ගනින්..අනිත් දේ මේ කනින් අහලා අනිත් කනින් පිට කරහං..අපි එන්නේ නැහැ අහන්න ඇයි නිනුවෝ අරකට උත්තර දුන්නේ නැත්තේ කියලා අහන්න.

    ආ තව එකක්..උඹ මේක වහලා දාලා වෙන එකක් පටන් ගනින්..හැබැයි ඔන්න මං කිව්වා..මම යන්තං හරි දැන ගත්තොත් උඹ ලියන බ්ලොග් එක මොකක්ද කියලා..මං නෙවෙයි ආයේ ඒකනං බලන්නේ..ඒ හින්දා උඹට ඕනනං මේකම ලියපං..නැත්තං අපිවත් අමතක කරපං..ආයේ මමනං වෙන තැනක උඹේ බ්ලොග් කියවන්න එන්නෙ නැත.

    ReplyDelete
  7. මම ඔයාලාගේ බ්ලොග් කියවන කෙනෙක්. ඔයාලා කවුරුවත්ම මම පුද්ගලිකව දන්නේ නැහැ. ඒත් මට එක දෙයක් කියන්න පුලුවන්, ඒ තමයි... මැරිච්ච ඔයාලගේ යාළුවා ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ මේ දේ නෙමෙයි කියන එක. ඔයාලා මේ වැඩකට නැති දේවල් දුරදිග අරන් යද්දි එයාට තමයි හොද නැත්තේ. පොඩ්ඩක් හිතන්න ඔයාලා මෙහෙම "ඉලන්දාරියා" නිසා මරා ගන්නවා එයාගේ පවුලේ කවුරුහරි දැක්කොත් මොනා හිතෙයිද ?.

    So as educated and intelligent adults please don't continue this useless thing. Further please write your nice blog as usual.

    ReplyDelete
  8. මම දිලුම් වෙනුවෙන් ලියපු මේ ලිපියත් කියවන්නකො
    http://status-chanaka.blogspot.com/2011/05/blog-post_18.html

    ReplyDelete
  9. හලේ මේ මොකද නගේ ... ? බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන්නේ නෑනේ !
    පිස්සු නැතුව බ්ලොගේ ලියහන් !

    ReplyDelete
  10. හෆ්ෆොයි...ඉන්ටරෙස්ට් එකට හරියන බ්ලොග් එකක් හම්බ උනා ඊයෙ..මෙන්න ඒක වහන්න යනවලු!! අනේ මන්දා :( :(

    ReplyDelete
  11. මේ තියෙන්නෙ කට්ටිය බැනපු එක.

    http://neranji-sulakkana.blogspot.com/2011/05/blog-post.html

    හරි ඉතින් කියනවානං මේකම ලියන්නම්...මාරයා අයියා කියවන්නෙ නැති බ්ලොග් එකක් වැඩක් තියෙයි ද?.. මුන් ට බනින්න කමෙන්ට් කරද්දි නම් පෝස්ට් වලට දිග ඒවා ලියනවා.. ලියන්නම් අප්පා.. මේකම ලියන්නම්...මුන් එක්ක ලියන්නත් බෑ..නවත්තන්නත් බෑ..පාතාලෙ වගේ...

    ReplyDelete
  12. ආන්න එහෙම වර..නිකං ගුටි නොකා...

    ReplyDelete
  13. මාරයියාගෙ රචනාමය බැනීම නිසා..මා ආසා කොරන බ්ලොගයක් බේරිනි.... :P :P.මාරයියාට තුති :D

    ReplyDelete
  14. පිස්සු කියවන්නෙ නැතුව මෙන්න මෙහෙ අයෙම ලියනව. මෙහෙමත් පැනල යන කෙල්ලෙක් දැක්කමයි. No pain No game කියල, කියල තියෙන්නෙ කට කහනවට නෙවෙයි නේ?

    ReplyDelete
  15. \\ලෝකෙ අසැබි දෙයක් බිහි වී ඇත්තේ සභ්‍යත්වයට සාපේක්ෂව කියන දේ මම පිළි ගන්නවා.//

    අතිශයින් ලයික්.. ඒත් අක්කෙ මුලු ලිපියටම අන්ලයික්. ඒ ඔයා මේ අරන් තියෙන තීරනේ නිසා.. ඔයා සතුටු වෙන්න ඔයාගෙ බ්ලොග් එකෙන් තවකෙනෙක් ගෙ මානසික ලෙඩක් ලොකෙට පෙන්නන ලැබීම ගැන. එත් ඔයා සතුටුවෙනව වෙනුවට බ්ලොග් ලිවිල්ල නවත්තල හරියනවද???

    ReplyDelete
  16. නැහැ සුළැඟිලි මල්ලියෙ...දැන් මගෙ හිත හැදුණා...මම මේ බ්ලොග් එකම ලියනවා.මදුෂාන් සහ හිශාන් ස්තූතියි.... මල්ලිලා...මම ඉක්මනින් රිදෙන වගේම ඊටත් ඉක්මනින් සුව වෙන කෙනෙක්...

    ReplyDelete
  17. ලියන්න, ලියන්න, මම කලින් කමෙන්ට් නොකලට ඔයා ලියන දේ හැමදාම කියවනවා. ඔන්න ඔහේ ලියන්න අනේ, ඕන කෙහෙල්මලක් කියල......හෙහ්, හෙහ්,

    ReplyDelete
  18. හක් හක් හක්.. 8ලෝක මෙවුව එකෙන් කපා වෙන්න හොද නෑනෙ ඉතින්.. ;)

    ReplyDelete
  19. අනේ මන්ද. මං ලියන්න හිතපු ඔක්කොම වගේ කලින් ප්‍රතිචාරවල ලියවිලා. අන්තිමට කියන්න තියෙන්නෙ ගල් ගහන්නෙ පල ඇති රුකට කියල තමයි.

    ReplyDelete
  20. අහ්...මේ පෝස්ට් එකත් දැන් පලක් නැහැ. ඇත්තටම කියනවා නම් මම බ්ලොග් ලිවිල්ල නතර කරන්නෙ නැහැ.ඒකට හේතු දෙකයි.එකක් මගේ අධ්‍යාපනික කටයුතු වලට ඉන් රුකුලක් ලැබෙනවා.නමුත් රෝස වලාකුළු වලින් මම ගන්නෙ වින්දනයක් විතරයි...

    ReplyDelete
  21. ඉවසන්න නංගී පුලුවන් තරම්.
    සත්‍යය කවදා හරී ජය ගන්නවාමයි.
    ඔයා හරි දෙයක් කරනවා නම් සැලෙන් නැතුව ඉදිරියටම ඒ දේ කරගෙන යන්න.
    කවදාවත් වරදින්නේ නෑ

    ReplyDelete
  22. "රෝස වලාකුළ සමහර අය බැන බැන බැලුව. සමහරු තියෙන පලියට බැලුවා.සමහරු කිව්ව නිසා බැලුවා.සමහරු හිතිලා බැලුවා.සමහරු නොබලා හිටියා."

    නගේ මම වැටෙන්නෙ මේ ගොඩෙං "තියෙන පලියට බලපු" කාන්ඩෙට. නගා බ්ලොග දිගටම ලියාගෙන ගියත් නැවැත්තුවත් ඒ නගාගෙ කැමැත්ත. හැබැයි . . . . කොමෙන්ට් නොකලට ආසාවෙන් කියවපු බ්ලොගක් තමයි රෝස වලාකුලු.

    නවත්තනවනං ලිවිල්ල . . . නවත්තන්න . . . හැබැයි ඇනොනිමස් කොමෙන්ට් වලට බයේ නැට්ට පු* ගහං නවත්තන්න එපා . . . .

    ReplyDelete
  23. බිලොග් 1ක ඔයාගේ ඔයා ලියනවා, අපි කියවනවා, ඕන කෙනෙක් විවේ‍චනය කරාවි ඕව ගණංගන්න එපා. වැරැද්දක් තියෙනව වගේ නම් නිහතමානීව පීළිගැනීම වඩා හොඳයි

    මේ විකාර හින්ද blog 1 නවත්වන්න එපා.....අපි එනව කියවන්න,වෙනද වගේම හොඳ post ලියන්න ඕනේ....හරිය

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.