මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

5/31/11

අයිඩියා එකක් දෙන්නකො


මම නෙරංජිනෙ.ඔන්න දැන් මම ආපහු බ්ලොග් ලියනවා.බ්ලොග් ලිය එකත් පාතාලෙ වගේ හිතූ වෙලාට නවත්තන්න බැහැ.ඉතින් මම නවත්තන්න ගිහින් හොඳට අහ ගත්තා. දැන් ඉතින් දෙයියනේ කියලා ආපහු ලියනවා.බ්ලොග් කෙරුවාවට අවුරුදු දෙකයි මාසයක් දැන්.ඒත් ඉතින් ඒ පළවෙනි බ්ලොග් එක තිබිච්ච තැන නැතිවත් ඇති.නීනුගේ නිශාව ඩිසෙබල් කරලත් දැන් අවුරුද්දයි මාස 2ක් විතර ඇති.මම නොදාපු ටෙම්ප්ලේට් එකක් අන්තර්ජාලෙ තියෙනවා නම් සැක සහිත බව තමයි සමහරුන්ගෙ අදහස.

ඊයෙ හදිස්සියෙ මට හිතුණ බ්ලොග් එකේ නම මාරු කරන්න. අපේ සද් ගුණවත් ඉන්දරේ තුමා මීට කලින් දවසක මම නමක් හොය හොය අඬද්දි මට ලස්සන නමක් හොයා දුන්න. ඒ තමයි බ්ලූමැඩල් හීන.ඒ නම දානවාද මේක තියෙනවාද? වෙනමම එකක් දානවා ද?  කියලා තාම හිත කරදරයි..

දැන් කස්ටිය මට අයිඩියා පාරක් දෙන්න ඕනේ..

පසුව ලියමි.
(ජනප්‍රිය බ්ලොග් කරුවන් කීප දෙනෙක් මේ ගැන දක්වයි කියා සිතෙන අදහස්)

මාරයා අයියා -

මේකිට මඥ්ඥං..කාලයක් ටෙම්ප්ලේට් මාරු කළා දැන් නම් මාරු කොරන්න අහනවා.යකෝ නීනුවො තියෙන විදිහට ලියපං .නැත්ත මම බලන්නෙ නැහැ.

බනියා - මේකිට පිස්සු..මොකක් හරි මනස්ගාතයක් ..හැම පාරම...මක් කොරන්නද මන්දා මෙව්වාට

තමීර -
ඕකෙ නම මාරු කළ කියලා මෙයා මාරු වෙයි ද අප්පා.මේකත් මගේ බ්ලොග් එකට මඩ ගන්න කරන උපක්‍රමයක්.එපා වෙනවා අප්පා.

ඇනෝ කෙනෙක් -
මේකි නම මාරු කරන්න හදන්නෙ අර නම ප්‍රසිද්ධයි කියලා වෙන්න ඇති.හික් හික්. අපිනෙ දන්නෙ.

බ්ලොගි අක්කා කෙනෙක් -
අනේ පව්.. මොනා වුණත් අහිංසක කෙල්ල.


දැං කියන්ට බලන්න.... මොකද්ද හොඳ? ඒ නම ද? අලුත් නමද? වෙනම නමක්ද?..එහෙම නමක් තියේ නම් යටින් දක්කලා යන්න.

16 comments:

  1. සෝස වලාකුලු....
    නම හොඳා අක්කේ...

    ReplyDelete
  2. " රෝස වලාකුළු "
    දන්න කාලේ ඉදන්ම ඔය නම තමා පාවිච්චි උනේ. ඒ නිසා ඒක හොදයි නිනූ.....
    නම මාරු කරන්න එපා. අපට කොයිල් වෙයි !!!!

    ReplyDelete
  3. නම ඔහොම්ම තියන්න. ලියන දේවල් නේද වැදගත් වෙන්නෙ නමට වඩා?ඒ නිසා වෙනස් කරන්න ඕන වෙන එකක් නැ මම හිතන්නෙ.

    ReplyDelete
  4. සුලක්කනා කියලා දාන්න හෙනම් :P

    ReplyDelete
  5. සූකිරි බටිල්ලි කියල නම දාමු

    ReplyDelete
  6. ඕකෙ නම මාරු කළ කියලා මෙයා මාරු වෙයි ද අප්පා.මේකත් මගේ බ්ලොග් එකට මඩ ගන්න කරන උපක්‍රමයක්.එපා වෙනවා අප්පා.

    ReplyDelete
  7. අවසාන මාරුව

    ReplyDelete
  8. හිකිස් තැන්කූ.. සුකිරි බටිල්ලි... හික් ඒ කියන්නෙ මෙලෝ රහක් නැහැ කියලනෙ.

    ReplyDelete
  9. තියෙන නම ලස්සනයි....මට නම් හිතෙන්නේ.

    ReplyDelete
  10. මේ නමම තියෙන්න දෙන්න.. අපි මේ බ්ලොග් එක දැන ගත්තේ මේ නමින්නේ...

    ReplyDelete
  11. අයියෝ..නම වෙනස් කළොත් ඉතින් බ්ලොග් එකත් කණපිට ගිහින්,අපිවත් කණපිට ගැහෙයි....රෝස වළාකුළුම හොඳා...

    ReplyDelete
  12. "බ්ලූමැඩල්" නෙමෙයි මැට්ටියෙ "බ්ලූමැන්ඩල්" :D
    ඒක තමා ගැලපෙන්නෙම. මේකත් ඉතිං බ්ලූමැන්ඩල් වගේම එසේ මෙසේ කුණු කන්දක්යැ :D

    ReplyDelete
  13. සියලු දෙනාගේ අනුමැතිය පරිදී වසරකට ඒ ප්‍රශ්නය අහන්නේ නැතිව ඉන්න පොරොන්දු වෙමි.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.