මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

3/19/11

ෆාර්ම්ස් අත්තේ වික්‍රමය | අනූ නවයෙන් බේරුණු අනූ නව වන ලිපිය


පාසල කියන්නෙ කාටවත් අමතක කරන්න බැරි මතකයන් ගොඩ ගැහුණු තැනක්...තාමත් මාගේ පාසල් කාලය ඉවර වෙලා වසර තුනක් ගතවෙලා නැහැ.මම පාසලෙන් සමු ගත්තෙ 2009 දි.ඒත් පාසල් කාලෙ වෙච්චි දේවල් මතක් වෙද්දි තවමත් හිනා යනවා.

අනූ නවයෙන් බේරුණු කතාවක් ගැනයි මේ කියන්නෙ..

මම කොළඹ ගෝතමි බාලිකාවෙ..නොයෙක් අනවර්ථ නාම තිබ්බත් අපේ ඉස්කෝලෙට අවට අයගෙ හොඳ ගරුත්වයක් තිබුණා..අපේ ඉස්කෝලෙ මතක් වෙනකොට ඒත් එක්කම මතක් වෙන්නෙ ආනන්දියන්ස්ල සහ නාලන්දියන්ස්ලා ...ඉස්සරහ gate එකෙන් යද්දි ආනන්දෙ ...පිටිපස්සෙ gale එකෙන් ගියොත් නාලන්දෙ ...

පාසලේ සුන්දරම කාලෙ තමයි උසස් පෙළ පන්තිය.ඒක කවුරුත් කියනවානෙ..මේ සිද්ධිය උසස්පෙළ කාලෙ වුණේ...මේකට පුරුෂ කවුරුත් සම්බන්ධ නැහැ..අපේ කෙල්ලො සෙට් එකේ වැඩක් ....

හැම බාලිකාවකටම ශිෂ්‍ය නායිකාවො ඉන්නවා..අපේ බාලිකාවෙත් එහෙම ටිකක් හිටියා..මාත් අන්න එයින් එක්කෙනෙක්...ශිෂ්‍ය නායිකාවක් වෙන්න පදක්කමක් දෙනවානෙ.ඔන්න අපේ ඉස්කෝලෙත් ඕකට චාම් කියලා ලොකු උත්සවයක් ගන්නවා.

ඒක මතක් වෙද්දිත් ආසයි. හරිම ලස්සනයි..කවුරුත් දන්නවද දන්නෙ නැහැ.. ටැම්
පිට බුදුමැදුරක් තියෙනවා අපේ ඉස්කෝලෙ.ඒක මම හිතන්නෙ ලංකාවෙ පාසලක පළවෙනියාට හදලා තියෙන්නෙ අපේ ඉස්කෝලෙ.ඉස්සෙල්ලාම කඨින පින්කමක් කරපු පාසලත් අපි නේ...

ශිෂ්‍ය නායිකාවක් වෙනවා කියන්නෙ ටිකක් අමාරු වැඩක්..තෝරලා තෝරලා තමයි දෙන්නෙ.ශිෂ්‍ය නායිකාවක් වෙන්න ඉතින් හැම අතින් ම හොඳ වෙන්න ඕනේ. ( වහෙන් ඔරෝ කීවෙ මමත් හොඳයි කියලා තමයි ).



ඉතින් මේ තෝර ගත්ත අයට පදක්කම් දෙන්නෙත් එක විදිහකට..සියලුම ශිෂ්‍යනායිකාවෝ ආර්ය සිංහල යුවතියන්ගෙ ඇඳුම වන ළමා සාරියෙන් සැරසෙනවා. කොණ්ඩ කරල් දෙකට සුදු රිබන් ගැට ගැහුවාම තියෙන අපූරුව දහම් පාසල් ගිය අයට මතකයිනෙ.මේ අපූරුවට මල් මැදි කරපු පහනකුත් අතට ලැබෙනවා.ශිෂ්‍ය නායිකාවො දෙන්න දෙන්නා...මුළින් විදුහල්පති මැණියන් දල්වපු චිරාගතව පැවතෙන පොල් තෙල් පහනෙන් තමන්ගෙ පහන් පත්තු කරගෙන නිල ලාංඡනය ලබා ගෙන පිළිවෙළින් ටැම්පිට මැදුරට ගිහින් බුදු ගුණ සිහිපත් කරලා...නැවත මළුවට එනවා...මළුවේදි සියලු දෙනා අඩ කවයට සිට ගන්නවා..සියලු දෙනා නිල ලාංඡන පැළඳවූ පසු ප්‍රතිඥාවක් දෙනවා..ඒ සාම්ප්‍රදායික උත්සවය .ඉන් පසුව තියෙන්නෙ ප්‍රධාන ශාලාවෙ නිල උත්සවය.

මම මේ කියන කතාව අදාළ වෙන්නෙ මෙන්න මේකට...


ඕනැම උත්සවයකදි සැරසිලි වලට ප්‍රමුඛතාවයක් ලැබනවා නෙ..අපෙත් ලොකු තැනක් සැරසිලි සංග්‍රහ වලට ලැබෙනවා.. ඔන්න සැරසිලි කරන්න සොබා සෞන්දර්ය යොදා ගන්න අපි හිතුවා. අපේ ශිෂ්‍ය නායිකාවො අතර ශිෂ්‍ය භට මානවිකාවො තුන් හතර දෙනෙකුත් හිටියා...ඒ අයට තමයි..මේස වල පිළිවෙළ සහ අනෙකුත් කෙලින් එන්න ඕනේ වැඩ බාර....ඉතින් මේස සරසන්න පොල් ලෙලි එකතු කරලා ගැට ගහලා වාස් හැදුවා...ඒ වගේ වැඩ වලට ඔය හමුදා වැඩ නොකළාට නීනු හරි ආසයි...ඉතින් ඒ වාස් වලට නෙලුම් පොට්ටු රෝස හැඩයට කපලා දාලා තමයි සංග්‍රහ මේසෙ සැරසුවෙ..බිත්ති වලටත් ලස්සන පොල් ලෙලි පොල් අතු එක්ක ෆාර්ම්ස් අතු සැරසිල්ලක් තමයි කළේ...

ෆාර්ම්ස් හොයන්න ටිකක් වෙහෙස කරයි...සාපේක්ෂව විනාශයත් වැඩියි. ගෙනාපු ටික අපිට හොඳටම මදි වුණා..අන්තිමට අපි එකා වන්ව තීරණය කළා ඉස්කෝලෙ ෆාර්ම්ස් ගස් වලින් අත්ත අත්ත කප්පාදු කරන්න...ඒත් ඉතින් කප්පාදු කරන්නෙ හොඳ අමු අතු නිසා..ළමයි ඔක්කොම යනකං හිටියා..පෙනුමෙ හැටියට ගුරුවරුත් ගිහින්..අපි හෙමින් සීරුවෙ අතු ටිකත් කපලා කෝකටත් කියලා කපපු තැන් වල වැලිත් ගාලම අතු ටික ඇදගෙන ආවා...මෙන්න ඉස්සරහට එනකොටම අපේ මිස් කෙනෙක්... මේ මිස් ට අපි කොහොමත් බයයි...

පාසලේ ඉන්න ගුරුවරුන් කොටස් දෙකයි...අම්මලා වගේ ගුරුවරු, නැන්දම්මලා වගේ ගුරුවරු..නැන්දම්ම්ලා වගේ ගුරුවරු බාලිකාවන්ගෙ වැරදි තමයි හොයන්නෙ..ඒ හරිම ආදරෙන්.එදා ඒක තේරුනෙ නැතත් අද නම් තේරෙනව. ඉතින් ඔන්න මිස්ට අපිව සැකයි...

"කොහෙන්ද මෙච්චර ෆාර්ම්ස් අතු?"

"හොයා ගත්තා මිස්"

"ඉස්කෝලෙන් නේද කැපුවෙ?"

"ගෙදරින් ගෙනාපු ෆාර්ම්ස් අතු තියනවා මිස්"

"කෝ ඒවා?"

"මේන් හෝල් එකේ කට්ටිය සරසනවානෙ මිස්"


"එතකොට මේ ෆාර්ම්ස් අතු?"

"ඒ විදිහටම කපපුවා තමයි මිස්"


" කෝ බලමු ඉස්කෝලෙ ෆාර්ම්ස් ගස් ටික"

ඔන්න මිස් ෆාර්ම්ස් යායට ගියා...දැන් කට්ටියගෙම මුහුණු ජම නාරං වගේ...මිස් හැම අත්තක්ම සියුම් ව පරික්ෂා කළා.

"හොඳටම විශ්වාසද මේ වායෙන් කැපුවෙ නැහැ කියලා.."


"මේවාගෙන් කපන්න තහනම් නෙ මිස්"

"එහෙනම් මේ අතු වල පස් මොකද?"

"වහිද්දි උඩ තියෙන මඩ පහල ගස් වල තැවරෙනවා ඇති මිස්"
මිස් ටික වෙලාවක් බලං ඉඳලා අමුතු බැල්මක් දාලා යන්න ගියා.. ඒත් අපිව ගැහෙනවා..මේකත් ඇති නියාමක බැජ් එක ගලවලා දාන්න.අද නියාමක බැජ් එක ගැලෙව්වොත් හෙට ශිෂ්‍ය නායකයො වීම සුන්...

උප සම්පදා වෙන්න කලින් සාමණේර ඉන්නවා වගේ මාස තුන හතරක් හැමෝම නියාමක ඉන්නවා.නියාමක කාලෙ අන්තිම දවසෙ වෙච්චි මේ දෙය තැති ගැනීමක් වුණත්, පොඩ්ඩක් යට ගියා...


පරිසර බට කණ්ඩායමේ ගුරුවරියක් නිසාම අපි ටිකක් නෙවෙයි හුඟාක් බිය වෙලා හිටියෙ. සංග්‍රහය වෙලාවෙත් මිස් සැරසිලි දිහා ගොඩාක් බැලුවා.ඒත් මුකුත් කිව්වෙ නැහැ...මිස් දන්නවා අපේ හොරේ... මිස් හිතින් අපිට සමාව දෙන්න ඇති.අපිත් දහස් වාරයක් මිස්ගෙන් සමාව ගත්තා හිතින්.

28 comments:

  1. හො හෝ... ඔයැයිත් ගොත බාලිකාවෙද...?? :P

    ReplyDelete
  2. ශිෂ්‍ය නායක කාලේ තමා මගෙත් හොඳම කාලය...හොර වැඩ , හොඳ වැඩ ඔක්කොම කරපු ඒ කාලේ අගේ දැන් තමා තේරෙන්නේ

    ReplyDelete
  3. හපොයි මෙහෙමත් හොරු. මෙහෙම කාබාසිනියා එවුන් ශිෂ්‍යනායිකාවො කලාම ඉස්කෝලෙට හරියාවිද මං අහන්නෙ? :D
    (100 වෙනි එකත් අදම ලියලා දාන්න ඉක්මනට)

    ReplyDelete
  4. ඔය ෆාර්ම්ස් කිව්වෙ මේ ferns වලට නේද? :D
    අපිත් ජීවත්වෙන්නෙ මේ වගේ හොරු ඉන්න රටකනේ

    ReplyDelete
  5. පාසල් කාලේ සුන්දර හොර වෑඩක්.... මටත් ඔයවගේ අත්දෑකිඉම් ගොඩක් තියනවා.. වෙලාවක ලියන්ට ඕනා... කොහොම උනත් නයිස් පෝස්ට් නීනු...... මම සෑහෙන්න ලයික්...... :D :D

    ReplyDelete
  6. මොකද්ද තමීර..අපි ගැලෙව්වෙ වැටට හිටොන අතු...එන්න එපා හරිද?..
    ඉන්දරේ අයියා මොනාද මේ ප්‍රසිද්ධියෙ කියන්නෙ...ලැජ්ජයිනෙ

    ඩීප්ස් අක්කත් එහෙනම් කට්ට කාල තියෙනවා..

    ReplyDelete
  7. පේනවද කරල තියෙන වැඩ? අනේ අම්මපා කෙල්ලො බැලුවන කොල්ලන්ට හපන්....

    ReplyDelete
  8. අර මිස්ලා දෙවර්ගේ ගැන තව චුට්ටක් හඳුන්වන්න. අනිත් එක තමා... මට දැං හිතාගන්න පුළුවන් ස්කෝලේ අනිත් ළමයි ගැනත්... යකෝ සිස්ස නායිකාවො මෙහෙමනම් අනිත් උන් කොහොම ඇත්ද? ෆාම් ගස් ගෙදර ගෙනියනවද දන්නෙත් නෑ...

    ReplyDelete
  9. හාෆෝ..මටත් ඔය පට්ටම බලෙන්ම දෙන්න ආවා.. බං නම් ගනී ඔව්වා :D

    ReplyDelete
  10. හොරකං කරල තව කියවන්නත් කියනව...
    හෆොයි මෙහෙමත් රටක්. බුදුන්ගේ දේශයට යන කල නම් එච්චර හොඳ නෑ වගේ..........

    ReplyDelete
  11. අප්පේ අපි ඉස්කෝලේ ශිෂ්‍ය නායක වෙලා හිටි කලේ වෙච්ච රසබර සිද්දි ලියන්න නම් අලුතින් බ්ලොග් පටන් ගන්න වෙනවා

    ReplyDelete
  12. Very nice my dear.....! i like this.

    ReplyDelete
  13. පාසල් කාලෙ මතකනම් කොච්චර ලියන්න පුළුවන්ද.. කරලා තියෙන්නෙ වැරදි වැඩක් උනත් සිද්ධිය රසවත්....

    ReplyDelete
  14. අපෝ,අපේ ඉස්කෝලේ එහා පට්ටේ තියන ඉස්කෝලයක් කියන්නත් ලැජ්ජයි මේ කරන වැඩවලට (ඕව මොනාද අප්පා අපි කරන ඒවාට, ලොල් )

    ReplyDelete
  15. ඔව් අප්පා වෙන බ්ලොගයක් පටන් ගත්තත් පාඩු නැහැ...මඩ සහ ආතල් කියලා...අප්පේ දැන් හරි..කස්ටියට ඉස්කෝලෙ කියපු එක මෝඩ වැඩක්ද මංදා

    ReplyDelete
  16. අප්පා ඉස්කොලේ යන කාලෙම ගස් වල අතු කපලා පරිසරේ විනාස කරන්න ඉගෙන ගත්තු එකේ දැන් දේශපාලනේට ආවානම් හරි . ..

    ඇවිත් යුද්දේ නිසා නිදහසේ වැවුනු උතුරු නැගෙනහිර කැලෑවල් ටික කපලා රට සංවර්ධනය කරන්න උදව් කලා නම් හරි . . හික්ස්

    ReplyDelete
  17. ඔන්න අයියා පොඩි නංගිට මඩ ගහනවා.ඒක නෙවෙයි සොඳුරු ත්‍රස්ත්වාදියාව ලංකාවට එක්ක එන්නෙ නැත්දෝ?

    ReplyDelete
  18. කෙනෙක්ගෙ ජීවිතේ ලස්සනම කාලෙ තමයි පාසල් කාලේ.අනේ ආයෙත් ඒ කාලෙට යන්න තියෙනවනම්

    ReplyDelete
  19. මෙන්න හොර වැඩ කරලෝ.අපිත් ඔහොම තමා හලෝ ඔය කාලෙ.ජොලිවැඩ කියන්නෙ අන්න ඕවට

    ReplyDelete
  20. හුටස් ඔයත් ගෝතමී බාලිකාවෙද...
    ඔය ඉස්කෝලේ ඔය කාලේ ශිෂ නායිකාවක් වෙච්ච ශිෂ බට මානවිකාවක් මමත් අදුනනවා ;)

    ReplyDelete
  21. උදානි ද?
    :)......මගෙ යාළුවා

    ReplyDelete
  22. මමත් ඔය ශිෂ්‍ය භටයි,නායකයි, දෙකම එකට කොරපු එකෙක් තමයි.....හැබැයි එව්වා කොරන ගමං කොරපු අනිත් දේවල් කිව්වොත් ඔයලමයා කලන්තෙ දායි..රෝස වළා-කුළු රතු වෙයි...ආයිබොවන්ඩ.

    ReplyDelete
  23. වළා-කුළු නෙවෙයි වලාකුළු.. ලියලා තියෙනවා වැරදියි.ඒක මේ බ්ලොග් එකේදි හරියට ලියන්න..මගේ බ්ලොග් ටයිටල් එකේ අකුරු වරද්දන්නවට මම කැමති නැහැ.

    ReplyDelete
  24. පාම්ස් හොරු..
    මේ පැත්තට ගොඩවැදුනේ බොහෝම කාලෙකින්..
    අපි දන්නේ නැද්ද ඔය බාලිකාවන්ගේ හොර වැඩ..
    අපේ ගෙදරත් හිටියා හොර වැඩ වලට අංක එකේ බාලිකාවක් අනේ එයව කර ගහපු අර මනුස්සය කොහොම ඉන්නවද දන්නේ නෑ..

    ReplyDelete
  25. මෙයාට ස්කයිප් මූනු ටික දාල දෙන්න කියල මට හරිම වදේ? දැන් කනක් ඇහිල ඉන්න පුලුවන් වෙයි. ඔන්න දැම්මා. තව සුමානෙන් කියයි අයින් කරල දෙන්න කියල. :c

    ReplyDelete
  26. ගෝතමී එකේ ඈයෝ ඔහොම්ම තමා. අපෝ අපි නම් යයි ගෝතමී එක ලගට. ඒ උනාට ලස්සන ගෑනු ලමයි ඉන්න ඉස්කෝලේ. !!!!

    නියම කතාව නිනූ.... තාමත් හිනා !!!!!

    ReplyDelete
  27. ඔයා ගෝතමීද අක්කි???

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.