මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

1/22/11

Bus Ethics සහ සදාචාරය

මම යන්නෙ ටිකක් වෙනස් විදිහෙ කතාවක් කියන්න... ඊයේ 163 බස් එකේ ගෙදර එනකොට වෙච්චි සිදු වීමක් මේ...
අම්ම කෙනෙක් වයස අවුරුදු දහයක විතර දියණියක් එක්ක බස් එකට නැග්ගා... ඉතුරුවෙලා තිබ්බ පූජ්‍ය පක්ෂයට වෙන් කළ අසුනෙ ඒ දෙදෙනා ඉඳ ගත්තා...
එන්න එන්න බස් රථයට සෙනග පිරුණා...පිට කෝට්ටෙ දිහාට එනකොට බස් රථයට හාමුදුරු නමක් නැග්ගා.....ඒ හාමුදුරුවො තරුණ වියේ පසු වුණේ...

අර අම්මා දුවත් එක්ක එම අසුනුන් නැගිටින්න අපහසුවෙන් හිටියෙ...අම්මාගේ ඇඟ උඩ බඩු ගොඩයි... මමයි මගේ එහා පස හිටපු අනික් ගැහැණු ළමයයි එකතු වෙලා ඉක්මනින් ඒ බඩු ටික අම්මා අතින් අරගත්තා... අම්ම නැගිට්ටා... දුව ආසනයේ මෙහාට වුණා විතරයි.. හාමුදුරුවො ගිහින් ඒ ආසනයේ ජනේලය ළඟ පැත්තේ ඉඳ ගත්තා...

බස් රථයේ උතුරන්න සෙනග. හැමෝම අර අම්මයි දුවයි දිහා අමුතු විදිහට බලන්න ගත්තා... මම ඒ අම්මාට කිව්වා.. දුවව මගේ අසුන දෙමු කියලා..
ඒත් දරුවා නැගිටින්නෙ නැහැ... බැලින්නම් ඒ ළමයා කනවා..

පස්සෙ අපි හෙමිහිට දරුවව මගේ ආසනේට ගත්තා...

කතාව ඕකයි....

තෙරුන් වහන්සේ නමක් ඉඳ ගත් ආසනයේ සාමාන්‍යයෙන් කාන්තාවො ඉඳ ගන්නෙ නැහැනේ ..ඒක සම්ප්‍රදායක් නේ..ඒත් මේ වගේ අපහසුතා සමාජයේ කොතෙකුත් වෙනවානේ...හාමුදුරුවන්ට පළවෙනි ආසනේම දෙන්න ඕනේ තමයි... ඒත් මේ වගේ හදිසි අවස්ථාවන්ට ගත හැකි  වෙනත්
ක්‍රියා මාර්ගයක් නැද්ද?...ඒක ධර්මයට විරුද්ධද?.

මට ප්‍රශ්න ගොඩාක් පැණ නැගුණා.. කොහොම වුණත් මේ වගේ දේකට ආචාරධර්ම දන්න කෙනෙක්ට හැකිනම්  පැහැදිළි කිරීමක් කරන්න.. මම හිතන්නේ ඒක හරිම වටිනවා..මේක කාටවත් කරන අපහාසයක් නම් නෙවෙයි...  



.....................................................................

7 comments:

  1. නංගී... ඔතන පූජ්‍ය පක්ෂයට කියල වෙන් කරල තිබුණා කියල ඒකේන් අදහස් වෙන්නෙ නැහැ, ස්වාමීන් වහන්සේලාට එම ආසනයම පිරිනැමිය යුතුයි කියල... ඔතන ටිකක් හරි මොළයක් තිබ්බ පිරිමියෙක් හිටියනම් වෙන අසුනක් පිළිගන්නනවනෙ...

    ReplyDelete
  2. සන්සරසිඳු අයියා හරි. ඒත් හැමෝම අර අසුන තියෙනකම් පැත්තවත් බලන්නැහැ. තුන් නමක් විතර නැග්ගම එතනම පිටි පස්සේ සීට් එකේ අය නැගිටිනවා මිසක් වෙන කවුරුවත් දෙන්නැ. ලෙඩෙක් හිටියත් බැන බැන බලන් ඉදීවි වෙන තැනක සීට් එකක්වත් නොදී........ මොනවා කරන්නද.........

    ReplyDelete
  3. නෙරන්ජි අක්කට තිබ්බානේ ආසනේ දෙන්න :

    ReplyDelete
  4. "හැමෝම අර අම්මයි දුවයි දිහා අමුතු විදිහට බලන්න ගත්තා..."

    මට හිතුණු දේ මං කියන්නෙ නෑ........

    ReplyDelete
  5. මටත් දවසක් ඔහොම කේස් උනා. මම දවසක් pc එක හදන්න pc එකත් අරන් ටවුන් ගියා. එදා ගෙදර යනකොට මම වාඩි උනේ ඔයා කියන සිට් එකේ. ජනේලේ ලග එදා හමුදුරැකෙනක් නැග්ගා. මම ඒ එක්ම නැගිට්ටා මගේ සිට් එකේ අයිනේ හිටපු කෙ‍නත් නැගිට්ටා. දැන් හමුදුරැවන්ට වාඩි වෙන්න ජනේල අයින තියෙනවා. මම සිට් එකේ අනිත් අයිනේ pc එක තිබ්බා ඉක්මනට වෙන සිට් එකක යන කෙනෙක්ට දෙනකන්. (බස් හයියෙන් යනවා pc අරගෙන මට හිටගන්න බැනේ) ඒක කරනකන් හිටියේ නැ මේ හමුදුරැවෝ මට බැන්නා මගේ අපහසු තාව තේරැම් ගන්න එපැයි. අනික හමුදුරැට වාඩි වෙන්න පුලුවන්නේ. මම එපාර pc එක අරගෙනම හිට ගන්න ගිහිල්ලා එක වාඩි වෙලා ගියපු අක්කා කෙනෙක්ගේ මුනේ වැදිලා එයා මට බැන්නා මම කිව්වා කොන්දට ගහපිය බෙල් එක කියලා එතින් බැහැලා වෙන බස් එකක් එනකන් පැයක් ඉදලා ගෙදර ගියා.

    ReplyDelete
  6. ඉතූතියි කොමෙන්ටු වලට
    ශාකු අයියේ....ඒ මිනිස්සුන් ගෙ මූනේ අමුත්තක් මම දැක්කානේ.. ඒක ඇත්ත..නිකන් සමච්චල් වගේ

    ReplyDelete
  7. මේ ගැන කතා කරපු එක හොඳයි .. ඒත් අක්කේ මටනම් මේ ගැන කිසිම අදහසක් කියන්න තේරෙන්නේ නෑ...

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.