මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

9/23/10

පොත් ප්‍රදර්ශනයේ අතුරු කතාවක් හෙවත් පිටු පනහක් රුපියල් දහයට...

මේ වන විටත් බණ්ඩාරනායක පරිශ්‍රයේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය පැවැත්වෙනවා.අති විශාල ජනකායක් මේ සඳහා ඇදී එනවා.ඔවුන් පොත් බොහෝ ප්‍රමාණයක් මිලට ගන්නවා.ඒවා අතර විවිධ විෂයන්ගේ පොත් තිබෙනවා.විවිධ භාෂාවන්ගේ පොත් තිබෙනවා.පාරිභෝගික ජනතාවට, විශාල වට්ටමක් ලැබෙනවා සේම වෙළඳ පිරිසට විශාල ලාබයක් ලැබෙනවා. මේ වසරේ නිකුත් වූ පොත් පහක් නිර්දේශ කිරීමෙන් අනතුරුව ඉන් එක් පොතකට ස්වර්ණ සම්මාන ලැබෙනවා.පොත් ගණනාවක් පර්ශ්‍රය මැද පිහිටි වේදිකාව උඩ ඒ ඒ දින වල දොරට වඩිනවා. මේ හැම වරම මේ පොත් ප්‍රදර්ශනය පිළිබඳ අප කරන සාමාන්‍ය කතා බහයි.

අද මීට වඩා වෙනස් පැතිකඩක් ගැන සොයා බලාන්න මම තීරණය කළා.ලංකාවේ ඉහල පෙළේ නම් දිනූ ආයතන බොහෝමයක් මෙහි වෙළඳ කුටි ලබා ගන්නවා...ඔවුන් පොත් පත් විකුණනවා.ප්‍රකාශණය කරනවා. ඒ සම්බන්ධයෙන් ගැටළුවක් නැහැ.නමුත් වටිනාකම් බාල්දු කිරීම සුදුසුද යන්න පිලිබඳ ගැටළු පවතිනවා... මහගම සේකරගේ පොත් රුපියල් දහයට අලවි වෙනවා...තවත් තැනක පොත් 10 ම සියයයි.මේ ඔක්කොම කලා කෘතීන් .මෙය ඉතාම වාසි දායකයි. දුප්පත් කලාවට ආදරේ කරන අයට ඒවා රැගෙන යාමට හැකි වීම ගැන සැබැවින්ම මට සතුටුයි.එහෙත් මෙතරම් ශ්‍රේෂ්ඨ ග්‍රන්ත වල මිල මෙතරම් බාල්දු කරන්නේ ඇයි?..ඉතාම නොවටිනා දේ වැඩි මිලට එළි දකින කාලයක සේකරයන්ගේ කවි පිටු පනහක් රැපියල් දහයට අලෙවි වෙද්දී මට සැබැවින්ම දුක සිතිණි.මේ පිළිබඳව කළ හැක්කක් නැතත් ඒවා අඩුමිලට හෝ කියවන්නනන් ගේ අතට යනු ඇතැයි සතුටු වීමි....එහෙත් කඩල මුදලාලිලගෙ අතින්ද මහගමසේකර ගෙදර ගිය බව මට දැක ගත හැකි විය.මම එලියට පැමිණ කඩල ගොටුවක් අතට ගතිමි. එහි මෙසේ සඳහන් විය


බුද්ධිය ඔබ තමයි එදා
පාර කියා දුන්නේ...
(මැකී ඇත. )
නුඹේ බහට රැවටීලයි
සිදාදියට ආවේ..
(මැකී ඇත. )
අම්මේ මට ගමට එන්න
පාර කියාපන්නේ..

4 comments:

  1. සහතික ඇත්ත..රත්ගමය ඒක හොදටම දන්නවා...රත්ගමයත් ඔය ප්‍රදර්ශනේ පැත්තෙ කරක් ගැහුව නෙව....

    ReplyDelete
  2. mekai... oya poth godak parana ewa wenna one. anna e nisai oya taram adu mudalakata wikunanne. e poth dur warna welaa giya godak arana poth nisai e. eth oya poth aluthin mudranaya karala nawa pannen tiyenawaa nam ewa loku milakata alewi wenawaa wenna puluwani. owaaye mila oya taram adu, hama atinma antik weema nisaamai.

    ReplyDelete
  3. නෑ ඒවා පරණ පොත් නෙවෙයි.

    ReplyDelete
  4. දුක් වෙන්න එපා නීනු . . . අබුද්දස්ස කාලේට ඔහොම වෙනවා කියලා කියනවානේ . . .

    දැන් ගොඩක් ඉන්නේ පහත් රසවින්ඳනයක් තියෙන අය. මෙලෝ රහක් නැති ගීත, මෙගා නාට්ටි රස කරක බලන හැටියෙන්ම තේරෙනවා නේද ඒක . සමහර විට මේ තත්වය කාලයක් ඉඳන් කරගෙන ආපු ක්‍රියාවලියල ප්‍රතිඵල වෙන්නත් පුලුවන්. මේ වගේ කුණු රහට ඇහැ කන දිව හුරු වුනු මිනිස්සු රෑනක් ඉන්නකොට පාලකයන්ට වුනත් රට පාලනය කරන්න ලේසියිනේ . . ඕන ජරාවක් මාර රහයි කියලා ආතල් ගන්නවනේ . .. උඹලා ඔක්කෝමල්ලා හෙට එල්ලනවා කියලා නිතී ගෙනාවත් ෂාහ් එල්ලිලා ඉන්න එක මාර ෆන් කියනවනේ එතකොට . . පහුගිය කාලේ වුනු දේවල් ඒකට හොඳම උදාහරන නේද නගේ . .

    කොහොමින් හරි හිත හදාගමු කවි වලට පෙම් කරන අයට මේ නිසා අඩු මුදලට සේකරගේ කවි පොත් වල හිමිකරුවෝ වෙන්න පුලුවන් වුනා කියලා . .

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.