මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

9/19/10

පාඨකයන් දෙදෙනාගේ කතාව

මම තීරණය කළා, මේ ලිපිය අදම දාන්න ඕනේ කියලා.අනගාරික ධර්මපාල තුමාගේ දිනය වෙනුවෙන් මම හදාපු වොයිස් කට් එකත් නියමිත දවසට අප්ලෝඩ් කරගන්නත් බැරි වෙචිචි එකේ මේකවත් වෙලාවට කරන්න එපායැයි..

ඔන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඊයේ බණ්ඩාරනායක අනුස්මරණ ශාලා පරිශ්‍රයේදී ඇරඹුණා.හැමෝම දන්නවානේ මේ දවස් වල ඒක හදනවා..ඉතින් සිරිමාවෝ පරිශ්‍රයෙයි එලියේ ටෙන්ට් කූඩු ඇතුලෙයි තමයි පොත් තියෙන්නේ...

තද බදයත් වැඩියි ටිකක්..වෙනදාට වඩා..

ඔන්න කලින් කතා කරගත්ත විදිහට අන්තිමයි මමයි පොත් ගන්න ගියා කියමුකෝ!!...අන්තිමයා මගේ නෑ කෙනෙක්..අන්තිමයා සෞන්දර්යෙ කියලාත් කියමුකො ...එයාට ඕනේ කරන්නේ නාට්‍ය ගැන තියෙන පොත්.....ඒවා හොයන අස්සෙ සිංහලයෙන් සිංහල බලන ශබ්ද කෝෂයක් හොයන්නත් රට පෙරළුවා.. මම ඉතින් ජන සන්නිවේදනය කරනවයි කියමුකෝ....ඔන්න මමත් සාහිත්‍ය,දේශපාලන පොත් ටිකක් හොය හොය ඉස්සරහට ගියා...ඔහොම යනකොට තියෙනවා ලොකූ ශාලාවක් ඇතුළ හොඳටම හීතලයි...ඔක්කොම වට කරලා...හරියට මෝචරියක් වගේ....අපි දෙන්නත් ඇතුළට ගියා...ඉතින් ඔක්කොම මහා විසාල ඉංග්‍රීසි පොත්..අන්තිමයගෙයි මගෙයි දෙන්නාගෙම ඉංග්‍රීසි දැනුමෙ අඩු පාඩු කම් තිබ්බාට කඩ්ඩ කෙටීම බැරිකමක්මත් නෑ.. ඒත් ඒ පොත් නම් දෙන්නාටම ටිකක් බර වැඩියි....

ඔය අස්සෙ රාක්කෙක තිබ්බා.. පොත් වගයක් ඒකේ නම "බ්ලොග් මේකින්ග්"..අන්තිමයා ගිහින් ටග්ගාලා පොත් ගොඩෙන් පොතක් අරගත්තා...
අරගෙන එක පාරටම ඒ පොත රාකෙට දැම්මා...
මම ඉතින් ඇහුවා ඇයි ඒ කියලා?
එතකොට අන්තිමයා කිව්වා.... එයාට ඒ පොතේ තියෙන හැම දෙයක්ම වගේ පුළුවන් ලු....එයාගේ භාෂාවෙන් කිව්වොත් "ආ...ඕවත් පොත් ද?" කියලා කිව්වා...
අනේ ඉතින් මට පුදුම හිතුණා.. මමත් ඒ පොත අතට ගත්තා... අපි බ්ලොග් හැදුවාට මොකද ...ඒකේ තියන ඩේවල් බෑලූ බැල්මට නම් අප්‍රභංශ වගේ....ඒත් මට පුළුවන්ද? අන්තිමයාට පරාද වෙන්න...මමත් කිව්වා ඒ පාර "ඕවත් පොත් ද?"..කියලා... ඒ පාර එක පාරටම අන්තිමයා අහනවා.. ඔයාට ඇත්තටම ඒ පොතේ ඔක්කොම පුළුවන්ද කියලා...එතකොටයි නීනුට කරණාව තේරුණේ...අන්තිමයාටත් ඒ පොතේ කිසි දෙයක් තේරිලා නෑ....


අන්තිමයා ඕක විශ්ව විද්‍යාල නාට්‍යයකටත් කරයි මගේ හිතේ....කොහොම වුණත් එයා ගත්තු ශබ්ද කෝෂේ නම් වටිනවා... නොදන්න වචන අහගන්න පුළුවන් දැන් එයාගෙන් ඔනේ කෙනෙක්ට...වචනෙට රුපියලයි...මම මේ පණිවිඩේ ඔයාලාට කිවුවම, එයාගෙන් ඔයාලා අහන වචන දහයකට රුපියල ගානේ මට අන්තිමයා ගෙවනවා කිව්වා....අන්තිමයාට මේක ඇහුණානම් ඉතාම උපේක්ෂා සහ ගතව මෙන්න මෙහෙම කියාවි

"මැස්සෙක් ගිය උඩ?"

4 comments:

  1. හා හා හා
    කොච්චරක්ද උස..?

    ReplyDelete
  2. ඔන්න ඉතින් එහෙමත් උනාන්........ මොනවා වුනත් දෙන්නත් එක්ක හොද පොත් ටිකක් නම් ගත්තා ...... මමත් ඉතින් ශබ්ද කෝෂයත් ගත්තා..... නීනු කියපු කතාව වගේ ගොඩ දේවල් එහේ උනා.......

    ReplyDelete
  3. ඒකත් එහෙමද...

    ReplyDelete
  4. මක්කාට ඔව්වා කියාවාලා ඔලුව කොර කර ගන්නවද මම නම් දන්නේ නෑ නෙව............

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.