මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

9/30/09

මගේ ගීය




ගී දහක්
තනන්නට,
රිද්මයක්
සොයන්නට
සිත
හුදකලාවෙම
ගව් සියක්
දුර ඇවිද්දා....
කඳු මුදුනකට
නගිනා
පවන් රැල්..
හෙලේ නලියන
මිහිදුම් පටල ඉරා..
මට තාලයක් කිවුවා....

මල් යායෙ...
විසිරුණු
පුංචි මල් පෙති
වදන් ලෙස පෙරැළී..,
පදවැලක් වුවා...
මං ගහ වැලට
ඒ තාල මුහු වුනු
සත්සරය ගැයුවා...

ගඟ රැළි දමා ඇඳි,
දුහුල් සළු ලෙලවා....
මගේ ගීයේ රිද්මයට නැටුවා..




4 comments:

  1. රෝස වළාවක සුන්දරත්වය
    කියන්නේ කොහොම, පුංචි පැංචියේ?
    චමත්කරය අනන්තයි, අගෙයි
    ඉන්නම් සයිබර් නුබ ගැබට යොමා නෙතු
    රෝස වළා අතර
    වියමන් වන ඔබේ නිමැවුම්
    ස්පර්ෂ කරන්නට සිතින්

    ReplyDelete
  2. write write and write.... we wanna see more and more female creative writers as bloggers .
    best wishes :)

    TMG

    ReplyDelete
  3. ෂා........මේකනම් මල් 7 යි අහ්.........

    www.geethge.blogspot.com

    ReplyDelete
  4. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.