වෙලාව හරියටම පාන්දර දෙකහමාරයි. මාව අන්දන අක්කා එන්නෙ පහට. බ්‍රයිස් මේට්ලා ටික අල්ලපු කාමරේ කෙළ පෙර පෙර නිදි. එයාලා මගෙ යාලුවො නෙවෙයි. මගෙ යාලුවො කවුරුත් මගෙ ස්කින් ටෝන් එකට හරියන්නෙ නැති නිසා, මේ අයව හයර් කළේ අන්දවන අක්කා. එයාට මිනිස්සුන්ගෙ සල්ලි කඩා ගන්න අලුත් අලුත් පොයින්ට් ගේන්න සහජ ඥාණයක් තියෙන්නෙ. ඔව්. මං තමා මනමාලි වෙන්න ඉන්න කෙනා. ඒත් එහෙම වෙනවාද නැද්ද කියලා තීරණයක් අරගන්නවා නම්, තව පැය දෙකහමාරක් ඉතිරියි. සෙනඟ පිරුණාම හුදකලා තීරණ ගන්න ටිකක් අමාරුයි. ඊටත් වඩා බරට ඇඳගත්තාට පස්සෙ හෙල්ලෙන්න වුණත් කාගෙ හරි අත් උදව්වක් ඕනෙ.
ආදරවන්තයා, ප්‍රේමවන්තයා, සෙනෙහෙවන්තයා කියන නාමපද වලින් හඳුන්වන්න පුළුවන් පිරිමි පරාණයක් ජනේලෙන් ඇවිත් තමන්ව සදාකල් ප්‍රාර්ථනා කළ ස්වර්ගීය ලෝකයට එක්ක යයි කියලා මේ වගේ අනපේක්ෂිත වෙලාවක ඕනෙම කෙල්ලෙකුට හිතෙනවා. විශේෂයෙන්ම වෙන්න යන කසාදෙ අකමැතිම ප්‍රපෝසල් එකක් වෙද්දි කොහොමත් එහෙම හිතෙනවා.
ප්‍රපෝසල් කියන්නෙ මම ජීවිතේ කවමදාවත් හතුරෙකුටවත් ප්‍රාර්ථනා නොකරනම දෙයක්. ඒක මෙලෝ රහක් නැති මිනිස් ගනුදෙනුවක්. කොටින්ම සංස්කෘතියට මුවා වෙලා ගෞරවණිය විදිහට කරන ආත්ම හොරකමක්. ඒත් මාව කසාද බැන්දීම ඥාති සනුහරේ සාමූහික වගකීමක් කියලා, උන්නාද මලාදවත් කියලා හොයලා නොබලන නෑයොත් වද වෙන නිසා, අන්තිමේ මට ගෙදරින් ගෙනාපු, මිනිහෙක්ට කැමති වෙන්න වුණා.
ඒක ටිකක් අමුතු කතාවක්. ඒත් ඒ කතාව මතක් කර කර තලුමරන්න තරම් වටින එකක් නෙවෙයි.
කොහොම වුණත් මොනම හේතුවක් නිසාවත් මාව අරගෙන යන්න ස්වර්ගීය කැඳවුම්කරුවෙක් තියා ලෝකල් පෙම්වතෙක්වත් එන්නෙ නෑ කියලා මේ මොහොත වෙද්දි මං හොඳටම දන්නවා. ඉතින් තීරණයක් ගන්නවා නම් ඒක ගන්න වෙන්නෙ තනියම. තනියම තීරණ ගන්න එක අමාරු වුණත්, ක්ෂණිකයි. ඒ වගේම වික්‍රමාන්විතයි. ඒත් පෙම්වතෙක් හිටියා නම් තමයි වඩා හොඳ.
මට පෙම්වතෙක් හිටියෙ නෑමයි කියලා කියන්නත් අමාරුයි. ඒක ටිකක් සංකීර්ණ තත්වයක්. එයා හුඟක් බිසී. ඒත් ඇත්තටම එයා බිසී ද කියලා කවුරුවත් දන්නෙ නෑ. උදේ වෙන, රෑ වෙන, කන බොන හැම වෙලේම කතා කරන තොරතුරු කියන විදිහෙ පෙම්වතෙක් නෙවෙයි එයා. මොකද ඒවා හරි බොළඳයි කියන නිසා එයා ඒවා කළේම නෑ. හැබැයි ඒ හින්දා අවුරුදු ගණනකින් එයා කාපු බීපු කරපු කියපු කිසිම දෙයක් හරියටම කියන්න මම දන්නෙත් නෑ.. අඩුම එයා යන්නෙ එන්නෙ කොහෙද, ආස්සරේ කරන්නෙ කාවද වගේ දෙයක් වත් මම දැනං උන්නෙ නෑ. පම්පෝරිය සහ උජාරුව එයාට නොවඩුවම තිබ්බ නිසා ඒවා ගැන කතා බහ කරලා ඉවර වෙන තැනදි එයා ආයෙම බිසී වුණා.
හදිසියෙ එයාටම හිතුණොත් සතියකට දෙසැරයක් විතර මට කෝල් කරනවා. සමහර වෙලාවට ඒක සති දෙකකට සැරයක් වගේ කෝල් එන වෙලාවලුත් තියෙනවා. කොහොම වුණත් කතා කළාට පස්සෙ ඉතාම සුමුදුවට කතා කරලා, අලුතෙන්ම සම්බන්ධයක් ආරම්භ කරන ආකාරෙට "ඔයාට කොහොමද? " කියලා අහන්න එයාට තිබ්බ දක්ෂ කම නිසාම අපේ සම්බන්ධෙ ඇල් මැරි මැරී වුණත් එකම තැන පැවතුණා.. බිඳෙන්නෙත් නෑ. හැබැයි පහුගිය කාලෙටම දළු දැම්මෙත් නෑ.
අපි හමුවීමක් ගැන කතා කරන හැම වෙලාවෙම ඒ හමුවීම අවලංගු වෙන්න හැකි තරමෙ සාධාරණ බාධක එන එක පස්සෙ පස්සෙ එයාගෙත් මගෙත් ජීවිතේම කොටසක් වුණා. මේ නිසාම අපි අතරෙ හමුවීම් ඉතාම අඩු වුණා. අවුරුදු තුන හතරකටම කිහිපවතාවක්, පැය කිහිපයක් විතර අපි මුණ ගැහිලා තියෙනවා. ඒ හුඟක් වෙලාවල් වලදිත්, ඔහුට ඉතා දිග දුරකථන ඇමතුම් ආවා. නැත්තම් සෑහෙන කාලෙකින් මුණ නොගැහුණු යාලුවො පෝළිමට හමුවුණා.. ඉතිරි කාලෙ මඟ ඇරුණ ඕප දූප වලට වෙන් වුණා. ඒ අස්සෙ පම්පෝරිත් වැඩියෙන් තිබුණා.ඒ නිසා අපි අපි ගැන පුද්ගලයන් දෙදෙනෙක් වශයෙන් දන්න ප්‍රමාණෙ ඉතාම අල්පයි.
කොටින්ම එයා හදිසියෙ මැරුණොත්, පශ්චාත් මරණ පරීක්ෂණයට මගෙන් කටඋත්තරයක් ගන්න එක කිසිම තේරුමක් නැති ගාණට, අපේ සම්බන්ධෙ අසම්බන්ධිතයි. කොහොම වුණත් අන්තිමේදි මේ කරුණු ඔක්කොම සලකා බලලා එයා එක දවසක් ඉතාම වැදගත් තීරණයක් ගත්තා. "මට ඔයාව බඳින්න බෑ..අපි යාළුවො වගේ ඉමු.. හැබැයි ඔයා විශේෂ යාළුවෙක්"
විශේෂ යහලුවෙක් කියන්නෙ බඳින්නෙ නැතිව විනෝදයට ආශ්‍රය කරන කෙල්ලක් කියලා සමාජය කියන නාමපද වලින් ගෑණු පරාණෙ හිත නොරිද්දන්න, පිරිමියා විසින් අවස්ථානුකූලව නිර්මාණය කරපු කපටි වචනයක්. ඒත් අපේ සම්බන්ධෙ බිඳෙන්න ඒ වචනෙ කවදාවත් බලපෑවෙ නෑ. හැබැයි ටික ටික මට තේරෙන්න ගත්තෙ මං එයාට විශේෂ යහලුවෙක් තියා සාමාන්‍ය යහලුවෙක්වත් නොවෙන පිටස්තර කෙනෙක් විත්තිය
ඉතිං මාව අන්දන අක්කා එන්න ඉස්සරින් අරන් යන්න කෙනෙක් එන්නෙ නෑ කියලා සම්පූර්ණෙන් පැහැදිළි වෙන්න මේ හේතු ටික හොඳටම මදිද? ඒ නිසා මම තීරණයක් ගන්න තීරණේ කළා.
ටෙලිනාට්‍යක වගේ අල්මාරිය ඇරලා අතට අහුවෙන ඇඳුම් පුරවගෙන පුරවගෙන ගිහිං රහසෙම පිට වෙන එක, රොමැන්ටික් වුණාට, ප්‍රායෝගික නෑ. හැබැයි දහයාමාරට පෝරුවට නැග්ගාට පස්සෙ ලැබෙන ජීවිතේ ඒ තරම්වත් ප්‍රායෝගික නෑ කියලා දැනෙද්දි පළවෙනි විකල්පෙ ආවස්ථික පිරිවැය සෑහෙන්න අඩුයි.
ඒ නිසා මාව අන්දන අක්කා හා අනෙක් අය ඔක්කොම ඇන්දෙන්න ඉඩ ඇරලා ඕනෙම කරන දේවල් ටික පුංචි මල්ලක හිර අරන් මං බැල්කනියට කකුල තියලා.. ජනේල් පොලු වල එල්ලිලා වහලෙට නැග්ගා. හෙමින් සීරුවෙ වහලෙ දිගේ බඩ ගාගෙන වැහි පිලී අද්දරින් මුනින් තලා වෙලා මං පහළින් පෙනෙන අපේ ගෙදර දිහා බලාගෙන හිටියා. ඒ අය මගෙ කසාදෙට ලෑස්ති වෙනවා. ටෙන්ට් අදිනවා. පුටු ගෙනියනවා. මල් ගේනවා. වාහන වල දොරවල් අරිනවා වහනවා. දැන්මම සාද සභාව පටන් ගත්ත ගාණට පහළ සද්ද බද්ද වහලෙන් ඉහළටත් ඇහෙනවා. මං එහෙම්ම වහලෙට පිට දීලා ඉහළ බැලුවා.
එන්නම ඕනෙ කියලා හැමදාම හිතුවත් කවදාවත් මං මීට කලින් අපේ වහළෙ උඩට ඇවිල්ලා තිබ්බෙ නෑ. වහලෙ උඩ කපුටු බෙටිත්, වවුල් බෙටිත් දියසෙවෙලත් එකතු වෙච්ච විසාල ගඳක් තිබුණෙ.
අද වැහි අන්ධකාරෙ නිසා තරු වැහිලා ගිහින්. මං හෙමින් සීරුවෙ උලු උඩ හිට ගත්තා. වහලය ටිකක් ලිස්සන්න ගත්තත් අපේ ගෙදර වහලෙට ආසන්නෙම තිබ්බ අල්ලපු ගෙදර වහලෙ ට මං බැහැලා... එතනින් ඒ තාප්පෙටත්, තාප්පෙන් බිමටත් පැන්න... මං මම දැනං හිටපු ජීවිතෙන් පැනලා දුවන්න පටන් ගත්තෙ අන්න ඒ විදිහට.

මේ පැත්තෙ ආවමද කොහෙද? ඇත්තටම වහලෙට නැග්ගා වගේ දැනුනා..ඊලග කොටස එනකම් බලන ඉන්නවා
ReplyDeleteඅනේ පව් අක්කී.. දෙමව්පියන්ගෙ පැත්තෙන් පව්. වෙඩින් එකක් කියන්නෙ දහ අතේ නය වෙලා කරන එකක්.. ඒ සේරම ලෑස්ති කරනකන් ඉදලා මේ යුවතිය පලා යන එක හොද නැහැනෙ.. අන්තිමේ ඒ දෙමව්පියන්ට අතේ තිබුන මුදලුත් නෑ.. මගුලදා මනමාලි පැනලා ගිහින් කියලා සමාජයෙන් කථාත් අහන්න වෙනවා.. සමහර විට ප්‍රපෝසල් මනමාලයා යුවතිය ගැන නොහිතන නමුත් ඈ මෙලෙස මතකය අවධි කරන තරුණයාට වඩා හොද කෙනෙකුත් විය හැකියිනෙ..
ReplyDelete