මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

5/16/11

ඔක්කොම 650 යි  | අම්මා සහ රූප කොලය


හෙට වෙසක් පෝය.2600 සම්බුද්ධත්ව ජයන්තිය.වෙනදාට වඩා මේ වෙසක් පෝය ටිකක් සරු පාටයි..බත්තරමුල්ලෙත් වෙසක් කලාපයක්.මම මේ පෝස්ට් එක ලියන්න හිතුවෙ වෙසක් පෝය එක්ක මතක් වුණු කාරණයක් නිසයි.වෙසක් පෝයට මේ කාරණය සම්බන්ධ නැතත් බුදු හාමුදුරුවො මේ කතාවට ගෑ වෙනවා.

මේ දවස් වල ඉස්කෝල වල හරියට බුදු ගුණ වැඩ සටහන්, බැති ගී, කූඩු තරඟ, චිත්‍ර තරඟ පැවැත්වෙනවා.එක වසරෙ ඉඳන්ම මේවා පැවැත්වෙනවා. 2 වසරෙ පන්තියෙ පුංචි පුතෙකුට බුදූ හාමුදුරුවන්ගේ පින්තූරයක් වුවමණා වෙලා.උපත පිරිනිවණ සහ බුදු වීම ඇතුළු සත් සතිය. බුදු සිරිතේ ප්‍රධාන සිද්ධි තමයි දැන් හොයන්න ඕනේ. ඉස්කෝලෙම ළමයි අරන් කඩේ රූප කොළ ඉවරයි.

ඔන්න එහා පැත්තෙ තියෙන්නෙ සන්නිවේදන් ආයතනයක් සමඟ අන්තර්ජාල සැපයීම් හලක්. කවුරුත් දන්න නෙට් කැෆේ එකක්.අම්මයි පුතයි ආවා කොමියුනිකේෂන් එකට.. ඔන්න මම දානවා දෙබස.

දරුවාගේ මව-: අයියේ මට බුද්ධ චරිතෙ සිද්දි ටික පින්තූර වලට ගන්න පුළුවන්ද?

කො‍මියුනිකේෂන් කරු- කොච්චර ලොකු ඒවාද?

දරුවාගේ මව - රූප කොළේ විදිහට

කොමියුනිකේෂන් කරු- ඒ කියන්නෙ හාෆ් ශීට් එකකට 4 යි.කලර් ගහන ඔනේ නේද? කීයක් ඕනේද?

දරුවාගේ මව - පින්තූර 12 ක් විටර තියෙනවා

කොමියුනිකේෂන් කරු- කෝ පින්තූර ටික දෙන්න 240 කට කරලා දෙන්නම්.

දරුවාගේ මව - පින්තූර නැහැ. කොම්පුටර් එකෙන් අර ගන්න පුළුවන්ද?..ඒකෙන් හොයන්න පුළුවන් නෙඩ?..

කොමියුනිකේෂන් - බ්‍රවුසර් වල හොයන එක ලේසි නැහැ. නෙට් එකේ ගූගල් වලින් හොයද්දි පිස්සු හැදෙනවා. කමක් නැහැ. කරලා දෙන්නම්. හැබැයි ටිකක් ගාණ යයි.

දරුවාගේ මව - කීයක් විතරද?

කොමියුනිකේෂන් කරු- ඔක්කොම 650 යි.

එහිදී මට කරන්න හිතුණු දේ සහ කළ දේ මෙහි නොදැක්වූයෙමි.නොදන්නා කමට විකෙණෙන අහිංසක පාරිභෝගික මාතාව ගැන යළි වරක් මතක් වූ නිසා මෙය ලිව්වෙමි.ඔහුගේ දරුවා වත් නව තාක්ෂණය ඉගෙන ගෙන ඉන්යහපත් මෙහෙවරක් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි. ඕනෙම ප්‍රතිචාරයකට විවෘතයි. මගේ අදහස සහ සත්‍ය කතාව පමණක් කීවේ ඔබට කියවීම ට සහ කල්පනා කිරීම පිණිසයි.




7 comments:

  1. රැවටීම නැති තැනක් කොහෙද තියෙන්නෙ?

    ReplyDelete
  2. අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු

    ReplyDelete
  3. මුන්ට ගහන්න ඕනෙ මඩු වලිගෙන්.

    ReplyDelete
  4. ඔයවගේ දේවල් කොච්චරවත් වෙනව,නොදන්න මිනිස්සුන්ව අන්දල කීයක් හරි කඩාගන්න තමා ගොඩක් අය බලන්නෙ.

    ReplyDelete
  5. ඔව් ඒ මිනිසුන් රවටන්න හදන එක පවක්

    ReplyDelete
  6. ඒ කතාව බැළුවා දැන් කෝ ඒ වෙලාවේ අපේ සූර වීර නීනුවා කරපු වීරක්‍රියාව..?

    ReplyDelete
  7. අහ් මම ඒ අක්කාට කතා කළා.පස්සෙ එතනම පැයට 40 යි නෙට් යන්න. මම රූප ටික අරන් මගේ පෙන් එකට දාලා අර කොමියුනිකේෂන් කාරයා ලව්වා ප්‍රින්ට් කරා. 400ක් ඉතුරුයිනෙ.මට 40ක් පාඩුයි. ඒකට මොකද?

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.