මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

7/29/13

-220- පැහැසර හිරුවර




අපි ගුරු ගීතය පොතට ආදරය කරන්නෙ, එහි ගුරුවරයාගේ අපූර්වත්වයට. චිංගීස් ගෙන් පසුව, ලෝකය නිරන්තරයෙන් ගුරුවරයා කොහොම කෙනෙක් විය යුතුද? ගුරුවරයා ගේ ආකෘතිය කුමක් විය යුතුද යන්න කතා කළා. පාසල් සම්බන්ධව ගුරුවරු සම්බන්ධව යුරෝපීය රටවල් වල විසි වන සියවසේ සාහිත්‍යක් පවා බිහි වුණා. ඒත් අති බහුතරයක් ගුරුවරු, ගුරුවර රූපය නවකතාවටම සීමා කළා.

ලංකාව තුළත් බොහෝ ගුරුවරු නියම ගුරුවරයා කියන සංකල්පය හඳුනා ගත්තෙ, පැන්ෂන් යන දවසෙ කරන කතාවෙදි කියලායි මට නම් හිතෙන්නෙ. සමහරු එහෙමවත් හඳුන ගන්නෙ නෑ. හැබැයි අද මම කතා කරන්නෙත් ගුරුවරයෙක් ගැන. මේ වාර්තාමය වැඩසටහන හැදුවෙ මම. ජයවර්ධනපුර සරසවියේ ජනසන්නිවේදන විෂයෙහි, රූපවාහිනී විෂය වෙනුවෙන්.

මට මේකට එදා  උදව් කළා. උෂාන්, උමන්ද අයියා, තිෂාරා අක්කා, සහ තාරක අයියා. ඒ හැමෝටම බොහොම ස්තූතියි. මේ වීඩියෝව නිර්මාණය කළේ 2012 වසරෙ මුල් භාගයෙ. ඔබට පෙන්වන්නට කල් ගියෙ, ලකුණු ලැබෙන්න පමා වුණ නිසා. ඉතිං විශිෂ්ට ලෙස මෙයට ලකුණු ලැබුණා වාගේම, මේ සඳහා තිබුණ කථන පරීක්ෂණයටත්, මට විශිෂ්ට සාමාර්ථයක් ලැබුණු බව කියන්නෙ හරිම සතුටින්.

මේ වාර්තා වැඩසටහන ගැන තවත් විශේෂ දෙයක් තියෙනවා කියන්න. ඒ තමයි,  අද වන විට එදා මෙම වැඩසටහනේ  සිටින ගුරුවරයා, සසර කලකීරී පැවිදි දිවියටත් ගිහින්. වසරක් ඇතුළත හුඟක් දේවල් වෙනස් වෙලා. වුණත්, ඔහු කළ සේවය සදාකාලිකයි. ඔහුගෙන් පසුවත් මෙවන් තරුණ ගුරුවරු බිහි වේවා යන්න අපේ පැතුමයි. ගුරුවරයා යනු සදාකාලික නාමයක්. අදටත් මේ දරුවන්, ඔහුව හොයනවාලු. ඔවුන්ට ගුරුවරයෙක් අවශ්‍යයි. ඔහුට වඩා හොඳ ගුරුවරයෙක්.

පළමුවන කොටස


දෙවන කොටස


තෙවන කොටස




බලලා ඉවර වෙලාම කියන්න සාර්ථකද කියලා.

12 comments:

  1. මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ නෙරංජියෝ... දුකට වගේම සතුටටත් මිනිසුන්ට කදුළු උනනවාළු... මේ පින්කම් නිකමටම මනුස්සයෙක්ට පිහිටන්නෙ නෑ... සංසාරගත පුරුදු... ඒත් දැන් ඔවුන් තනිවෙලානම්.... අනේ මන්දා...

    අම්මෙක්ගෙ තාත්තෙක්ගෙ හිතේ තියෙන බර හෑල්ලු කරපු පුණ්‍ය කර්මයෙන් උන්නාන්සෙට සංසාරෙන් එතෙර වන්නට හැකිවේවායි පතමි....

    (ඔයාගෙ හැකියාවත් සුළුපටු නෑ දරුවො... සුභ පතනවා අවංකවම.. උපරිම ලකුණු නොලැබී කොහොමද මේකට?)

    ReplyDelete
  2. ස්තූතියි තනෝජා අක්කා. :D

    ReplyDelete
  3. ඔබේ දස්කම් ගැන සතුටුයි. මේ දර්ශන අද රැට තමා බලන්න වෙන්නේ දැන් කාලය මදි..

    ReplyDelete
  4. බොහොම සන්තෝසයි උඩින්ම ලකුණූ ගත්ත එකට. කරුමෙට මේවා බලන්න හැටියක් නෑ නෙව... ජය වේවා!

    ReplyDelete
  5. ස්තූතියි කලීන් අයියාටයි දේශකටයි

    ReplyDelete
  6. තවම පළමුවෙනි කොටස විතරයි බැලුවෙ නේරංජි. අනිත් කොටස් දෙකත් හැකි ඉක්මණින් බලලාම අදහස් කියන්නම්කො.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රජ රට අයියා

      Delete
  7. නෙරා මචං උඹේ ටැලන්ට් එක ගැන හැමදාම කියන්න ඕන නැහැනේ.. නෙරංජි ලියන බ්ලොග් එකකට දාන පළවැනි කොමෙන්ටුව... නෙරා.. මේ කොටස් තුනම එකදිගට බලන්න හිතුනා.. හොඳට කරලා තියෙනවා.. නියමයි.. මේ ගමන ඉදිරියට යන්න.. ඔබට ජය.. ඇත්තමයි...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දුලාන්

      Delete
  8. ඔබේ දක්ෂතා ඉහලින් අගයමි.නෙරංජි ඔබට ජය!!!!!!
    සුපුන්.....ඇයි ඔබ සසර මග කෙටි කරගන්න හිතුවේ?ඒ මඩ ගොහොරුව නම් කලකිරීමක්ම තමයි.අර අහිංසකයෝ ටික අතැර යන්න දුක හිතුන්නැද්ද?තව සුපුන්ලා කොහෙන් හොයන්නද?????

    ReplyDelete
  9. ඉහලින් ලකුණු ලැබුණු එකට සතුටුයි. ඒක එහෙමම වෙන්න ඕන ඕක හදන්න වෙච්ච මහන්සියට.
    ඒ වගේම අගයන්න ඕන ඔය වගේ දෙයක් ගැන කරපු එක.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.