මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

5/15/10

එන්න බද්ධරාව බලන්න

අපේ සඟරාව තමයි බද්ධරාව කියන්නේ....අද ඉඳන් එය සයිබරයට විවෘත වෙනවා..ඔයාලාටත් පුළුවනි ඒ සඟරාව කියවන්න.අද ඉඳන් හැම මාසෙකම ඒ සඟරාව නිකුත් වෙනවා.අප්‍රේල් කලාපයත්, මැයි කලාපයත් දෙකම..ඔබට බද්ධරාව බ්ලොග් අඩවියෙන් දැක ගන්න පුළුවනි...තව එකේ ලියන්න දේවල් ටිකක් තියෙනවා.අපේ විස්තර එහෙම....ගොඩක් ලියන්න තියෙනවා.ඒවා ‍හෙට ලියනවා.දැන් මම මනුසත් උයන බ්ලොග් එක හදන්න යන්න ඔනේ.... අපේ බිත්ති පුවත් පත ඔයාලාට සයිබරය හරහා කියවන්න දෙන්න මම හිතුවා... අපේ ළමයි.. බ්ලොග් ලියන්න ටිකක් කම්මැලියි..නැත්තම් එයාලාට මේවා තම තමන්ගෙ බ්ලොග්ස් වල දා ගන්න කියලා කියන්න තිබ්බා. ඒත් දැන් නම් මට ඒවා කියලා ඇති වෙලා...ඒ නිසා මම ම හඳනවා...කියලා තීරණයකළා..බද්ධරාව සඟරාවට ලිපිය පී.ඩී.එෆ් ෆෝමැට් එකෙන්ම දාන හැටි කියා දීපු...ඉන්දරේ අයියාටත් මේ අවස්ථාවේ ස්තූති කරන්ට ඔනේ.....ආ ආ මේ තව දෙයක්....කට්ටියම බ්ලොග් ලියන්න මතක ඇතුව....අපේ තමීර අයියාට කියවන්න. එයා මේ දවස් වල බ්ලොග් කියවනවා කියලා දැඩි තීරණයක් අරන්...හරබර දේ ලියන්න.. මොකද එයා ඔය පොඩි පොඩි දේවල් කියවන්න එහෙම කැමති නෑ කියලා මැරතන් දවසෙ මට බැනලාත් ලිව්වා...අදට නම් මගේ බ්ලොග් කෙරුවාව ඉවරයි..

3 comments:

  1. එළ එළ අක්කෙ..නියම වැඩක් !! ඔබට ජය..!

    ReplyDelete
  2. ඕන්න නෙරංජි මම පෝස්ට් එක කියෙව්වා. කොමෙන්ට් එක දාලම බද්ධරාව කියවන්න ඕන. බද්ධරාව කියන එකේ තේරුම මොකක්ද?

    අර විදියට මම බැනලා ලියපු එකෙන් අන්තිමට කොහොම හරි හොඳක් වුණා කියලයි හිතෙන්නෙ. නැද්ද?

    ReplyDelete
  3. බද්ධරාව කියන්නේ නොනැවතී ඇසෙන හඬට...ඒ විතරක් නෙවෙයි... මේක හරි විප්ලවීය හඬක්....මේ අපේ විද්‍යාලේ මාසික සඟරාව..

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.