මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/31/09

අබා සමඟ ලබන විරුවන්ගේ වසර??....


ලංකාවේ චිත්‍රපටි ගැන කතා කළොත්......ඒක දිගට දවස් ගනණාවක් කතා කරන්න පුළුවන්.....ඒත් ලංකාව තුළම 95%ක් නිර්මාණය වු 5% ක තාක්ෂණය පිටරටින් ලැබු....ඉතා දැවැන්ත නළු නිළි පිරිවරක් දායක කරගත් අබා ඉතා වේගයෙන් 2009 වසර තුළ ජනප්‍රිය වුණා....අබාට පක්ෂ විපක්ෂ මත බේද ඕනෙ තරම් තියෙනවා.....ඒත් කලා නිර්මාණයක් ලෙස අබා සාර්ථකයි....ඒක අපි අවිවාදයෙන් පිළිගත යුතුයි..එහි ඉතිහාසමය වශයෙන් වැරදි තියෙනවා කියලා බොහෝ දෙනා කිවුවත්....ඒවා එකක් වත් නිවැරදිවම වැරදි කියලා අපිට ඔප්පු කරන්න බෑ.....මොකද අපි කවුරුවත් ඒ කාලේ ඉඳල ආවෙ නෑ.....

අපිට මහාවංශය විතරක් කියවලා ඉතිහාසය ගැන නිගමන වලට එන්නත් බෑ....මහාවංශය වුණත් ලියවිලා තියෙන්නෙ...පහු කාලීනව....අනික අපිට ජන කතා අහක දමන්නත් බෑ......ජන සම්මතයේ ඇති විශ්වාස හා ඇදහිළි..කොටින්ම කීවොත් ජන කතා....ඉතා සරළයි....ඒත්..බොහෝ විට සත්‍ය මදක් හෝ ඒ සඳහා මුහු වෙලත් තියෙනවා......අබා චිත්‍රපටියෙ අබාගෙ පිය පාර්ශවය ගැන සංවාදයක් තියෙනවා.....දෙපාර්ශවයටම සාධක ලැබෙනවා.....තාම දීඝ ගාමිණී....ඒත් අනාගතේ එ චිත්ත රාජ වුණොත්....අපිට සතුටු වෙන්න පුළුවන්....ඒකට හේතුව.....පිතෘ ඝාතක සිංහ බාහු අපේ පිය පාර්ශවයෙන් ඉවත් වෙනව....අපිට රාවණාගේ පිය පාර්ශවය උරුම වෙනවා......
මේ ච්ත්‍රපටියෙ හබරා....නිර්මිත චරිතයක්....නමුත්..ඔහු ඒ දර්ශනය පුරා කරන මෙහෙය අපමණයි

මේ චිත්‍රපටිය අපි බොහෝ දෙනා නැරඹුව වෙන්න පුළුවන්.........ඒත් හින්දි බලනවට වඩා මේක බලන එක හොඳයි.....ඒ විතරක් නෙවෙයි........අපිට ආපහු මේ ගැන සංවාද කරන්න පුළුවන්.....මෙහි අදියුරු තුමාගේ ආගම හා ඔබේ ආගම නොගැලපේවි....එව්ට ඔබට හිතේවි.....චිත්ත රාජ..ජේසු තුමා වෙලා කියලා......ඔබේ පක්ෂය ඔහු මේ දිනවල අදහන පක්ෂ සංකල්ප හා නොගැලපේවි.....ඔහුගේ දේශපාලනය එක්ක මා එකඟ නෑ....නමුත්..ඒ කලා නිර්මාණය එක්ක මා එකඟයි....කලාව ඉතිහාසයට වඩා බොහෝ නිර්මාණශීලියි.....එය ඔහු නිතර කියන අදහස හිතේ තියාගෙනම අපි නරඹමු.....ඒත්..අවසානයේ ච්ත්‍ර පටියේ කියන දේ පිළිබඳව මට පොඩි ගැටළුවක් තියෙනව.....
උරුමය දිනන තුරු යුද වදිමි.....
ඒත් ඔහු එයට දැන් අකමැතියි වගේ......ඒකට මොකද?....අබා අපි නරඹමු.....හින්දි බලනවට වඩා සිංහල දේ අගය කරන එකයි...හොඳ......මම හරිද?
ඔබට අබා ගැන තොරතුරු දැන ගන්න.....යන්න.....
http://www.aba.lk/index.htm




අවසානයට පෙර

2009 වසර මහා උත්සව මැද්දෙන් අද රෑට අවසන් ගමන් යද්දි....
.2010 ලස්සනට හෙට ඉර පායනකොට උපදීවි...
මොනා කරන්නද?
අනිත්‍ය ගැන අපි ඉගෙන ගෙන තියෙනවනෙ.....
ඒත් හිතලා බලන්න ..
අපි 2009 හොඳින් ගත කළාද කියල....
තමන් හොදින් ගත කළා කියලා කීයෙන් කීදෙනාටද හෘද සාක්ෂියට එකඟව කියන්න පුලුවන්............
අපි 2010 හොදින් ගත කරන්න උත්සාහ කරමු!!!........
අලුත් අවුරුද්දෙ අපි අලුත් වෙමු......
අපි අපි වෙමු......
අපිව හොයා ගමු!!!

කළු කපුටා සුදු වෙනතුරු, මෝල් ගහේ දළු එනතුරු

අපෙ කුස්සියෙ කළු ලිග්ගල ලියලාලා මල් එනතුරු

එකසිය විස්සට එක්දහස් විස්සක් හැමෝටම ආවඩා ආයිබෝ...



12/30/09

අපේ සිංහල පන්තිය



පොළට ඉහළින් වලේ පන්තිය
අකීකරු දරුවන් සිටිය ඒ
මකුළු වියමන් මිහිරි කළ බිම
අපේ සිංහල පන්තියයි මේ.........

හිරු කිරණ හිස තවන මොහොතක
තහඩු වහලය පෙරා ඇවිදින්
හීතලට තොල් පට ගැටෙන කළ
අහස් වැහි හිරිකඩ දුමාරෙන්...........

ලියු රචනා,කෙරූ වියරණ,
ගැයූ කවි පද කොයි තරම්
උදේ සිට ගොම්මන් වැටෙන තුරු
සිනසී සිත් ඉස්තරම්......

හෝඩියේ සිට ඉගෙන ගත් බස
රස සොයන්නට එළිය කොට ගෙන
මුළු ලොවක දුක නිවලන්නට
අහස තරමට ආදරය ගෙන....

රිද්මයක් නැති ලෝකයක් අස
තාලයක් මැවු පන්තියයි අපි
කටු අකුල් උඩ ඇවිද යන්නට
කියා දුන් යහ පරපුරයි අපි.....

දහස් අයිරා දිලෙන අසිපත්
අරන් සිරිලක් අම්මා ඉන්නේ
තොසින් යන්මන් කියන් ගිරවුනි
මන් බියයි අද වන් මෙ අරණේ....

ඉගෙනගන්නට ආස "මැණිකා"
කොළඹ ඉස්කොලෙට යවන්නට....
'සුගුණවතියට' මගුල් මුදුවක්
පළදවා හැඩ වැඩ බලන්නට......

"කියත් කොට "නිශ්ශබ්දතාවය"
ව්ඩිනවා අපි අනාගතයට
"අතීරණ" ලොව තනන්නට නොව
නැවුම් යුගයක් ගොඩ නගන්නට...

යුගාරම්භය අරුණ සොයනා
පැරණි ලොව අවසන් පුරුක් වෙමු...
සිත ඉතිරි කර 'මතක වස්තුව'
ගිහින් එන්නම් කියා කියනෙමු.

පුංචි නංගියෙ,පුංචි මල්ලියෙ
වාඩි වෙන මේ අසුන් මත්තේ...
චමරි, මාලින්, අරවින්දලා


සිටී තනියට ඔබ දෙපැත්තේ..


සිටී තනියට ඔබ දෙපැත්තේ..




12/28/09

සඳ අහපන්නේ.........

මේ උජාරුවට ඉන්න හඳට මෙන්න මෙහෙම අපි කියමු...
ඈත එපිට දුර අහසේ
හා පැටියෙක් තුරුළු කරන්
හරි ලස්සන සුදු පාටට
හැඩට දිලෙන්නේ....
වටා රැඳුණ රැස් මාලෙන්
නිල් අහසට සළු පොරවා
තරු මාලා පැළඳ සිටින
සඳ අහපන්නේ...
උදේ පටන් ගොම්මන තුරු
මෙහෙ ඉටු කර, අවමන් ලැබ
හැන්දෑවට මුහුදෙ ගිලෙන
හිරු දෙවියන්ගේ
ලොවකම එළියෙන් බබළන
රැස් දහරින් හොරකම් කළ
බිඳුවක් නේදෝ අරගෙන
සිනා පාන්නේ...