2/23/12
උෂාන් හෙවත් අන්තිමයා නම් ඔහු
උෂාන්ගේ 23 වන උපන්දිනය නිමිත්තෙන් ඔහුගේ හොඳම මිතුරිය විසින් ලියා ප්‍රස්දිධ කරන ලදි.
දයාබර යාළු/ ගෙම්බා/ඉබ්බා/මැට්ටා/අලයා/යෝධයා/ඩෙරික්/ උෂාන් වෙත,
මීට අවුරුදු පහක් ඉස්සර දි
එදත් අද වගෙ පෙනුණු දවසකදි
නුඹට මතකැයි කියා සිතනවා
අපෙ පුරුදු නෙස්කැෆේ වට රවුම.
උන් බොහෝ අය හදින් දුර ගොස්ය
නමුත් අපි දෙදෙන තවමත් මෙතැන
යන උන්ට හිනැහිහී සිටි අරුම
සංසාරෙ මිතු දමක බල මහිම..
හද සොහෙනේ ගල් පුරා වැඩී ඇති
පාලු මකනට සඳක් අරන් විත්
තබා තනියට ළඟින් දුර නොයා
මෙතක් කල් සිටි අයුරු අපූරුය..
අද වගේ තවත් අවුරුදු හැටක්
උදේ අද විලසින්ම නුඹ වෙතට
රැගෙන එන්නට පුංචි සුබ පැතුම
හැකි වුණොත් නුඹෙ පුංචි යෙහෙළියට
දාමු අපි ටිකක් ලොකු පාටියක්
හදමු අපි උඹ ආස බුල්සායි.
වෙනදා වාගෙම උගුරෙ හිරකරන්
නුඹ දෙඇස් හීන් කර කියාවී.
“කද්දි මම කලබලයි ඒ නමුත්
නුඹයි හැම දේකටම හදිස්සී..
මේ ලොවේ මෙතෙක් කල් පහල වූ
අපූරූම යෙහෙළි මම නොවේදැයි
එවිට මම හිනැහිහී අහද්දි
නුඹ බැරෑරුම් මුවින් කියනවා.
“මැස්සෙක් ගිය උඩ!“
මම යෙහෙළි/ගෙම්බි/ඉබ්බි/යෝධි/මැට්ටි/අලෝ/ගීෂා/නෙරංජි
2/21/12
හදවතේ කමෙන්ට් එක සොයා| සිතෙහි ඇලවෙන ඇඩ්
අද ලිපියක් ලියන බවට මම පොරොන්දු වුණානෙ. ඒ පොරොන්දුව තමයි මේ ඉටු කරන්නෙ. අද මම කතා කරන්නෙ පොදු ජන හිත සුව පිණිස කොහොමද මේ ප්‍රචාරක දැන්වීම් කලාව භාවිතා කරන්නෙ කියලා.නොයෙක් රටවල් ගැන කළ අධ්‍යනයකින් පසු ,මගේ රසයටදැනෙන පරිදී ජනතා මනස ක්ෂණිකව වැරෙන් ස්පර්ශ කර, නමුත් සියවසක් සිතන්නට දේ එකතු කරන ප්‍රචාරක දැන්වීම් කලාවක්
ඉන්දියාවෙ තියෙනවා. ඇත්තටම මම එම දැන්වීම් වලට බොහෝම ඉරිසියයි.
ඉන්දියාව අද ජනගහණයෙන් වැඩි නිසා සංවර්ධනය වියයුතු මට්ටමක හිටියත් සියලු ක්ෂේත්‍ර අතින් ඉහල තැනක ඉන්නෙ පොදු ජනතාව නිතර නිතර අදීන කරවමින් පිබිදිය යුතුය යන හැඟුමෙන් අවදි කරන පුදුම ජාති වාත්සල්‍යකින් යුතු ප්‍රචාරක දැන්වීම් පට නිසාදෝ කියලා මට හැඟෙනවා.
මේ ප්‍රචාරක පට කොටින්ම කෙටි සිතුවම් පටකට වඩා ප්‍රබලයි.
පාරේ ගසක්, කඩා වැටිලා.. පොලීසිය නිදි.මන්ත්‍රී වාහනයක් ගෙන්වා ගසට උඩින් පැන පාර්ලිමේන්තුවට. දැන් මහ වැස්සක්. සියල්ලෝ තම තම වැඩ වල. කුඩා දරුවා පාසල් බෑගය පසෙක දමා තනිව ගස ඉවත් කිරීමේ ප්‍රයත්නයක. නායකයෙකු ලැබූ කුඩා දරුවෝ ඔහු ගේ සහයට. දැන් වැඩිහිටියන්ට බලා සිටිය හැකිද? නැත. සියල්ලෝම එක්වෙති. ගස පෙරලති. කුඩා දරුවා වටා කෙතරම් ජනකායක් එක්වන බව ඔබට හැඟුනාද? ඒ එක් වූයේ කුඩා දරුවා වටා නොව
පොදු හිත සුව පිණිස පෙර ගමන් කරන්නා වූ පුරෝගාමියා පසු පස නොවේද? මෙය වෙළඳ දැන්වීමක් නොවේ. ඉන්දියා ටයිම්ස් පුවත් පත පුරෝගාමීන් සොයනා ඉන්දියාවට එරෙහි ඉන්දියාව යන වැඩසටහනේ පෙර දැනුම් පටයක්.. එය රියැලිටි වැඩසටහනක්. අපි ගීත රියැලිටි ටිකක් බදන්
හිටියාට ඔවුන් අපිව දමලා දුර ගිහින්. අපි ගන්නෙ නරක විතරයි. ඇයි මේ වගේ පෙරටුගාමී අදහස් අපි නොගන්නෙ.
කොපි කරන්න නම් කවදාවත්ම ඕනෙ නෑ. මීට වඩා හොඳ නිමිති සිය දහසක් මේ පොළවෙ තියනවා.. ඔබගෙ ඇස් මේ දැන්වීමටත් යොමු කරනවා. එය ත් හැදුවෙ ඉන්දියාවෙ
මේ දැන්වීම හදවතින්ම බැලුවා නම් ඔබට බොහෝ දේ සිතේවි... ඒවා වෙළඳ දැන්වීම් නොවන වගත් ඔබට හැඟේවි. ලංකාවේ මීට වඩා වෙනස් කෝණයකින් ඉතාම සංවේදී ප්‍රචාරක පටයක් මෙම තේමාව ඔස්සේම නිර්මාණය කළා. අන්ධ බව කියන්නෙ අද ටෙලි නාට්‍ය තුළ බොහොම විකිණෙන දෙයක්.නමුත් ඒ දෙස අපි බලන්න ඕනෙ ධනාත්මකව.
අන්ධ අයට තමන්ගෙම ජීවිතයක් දකින්න ඇස් දෙන විදිහට අනෙක් අයගෙ හිත හදන්න අපට ප්‍රචාරක පටයකින් පුළුවන් නම් හරිම අගෙයි නේද? බලන්න. ඔබට හිතෙන දේ.මම මුකුත් නොකියන්නෙ ඔබට හිතන්න දෙයක් ඉතිරි කරන්න. ලංකාව කියන රටට යමක් කළ හැකි වග පෙන්වන්න. මෙය කොපියක් නෙවෙයි. පෙර පටයෙ අභාසය දැනුණත් ඒ ගැන තැකීමක් කළ යුතු නෑ. මේ වෙනස් කතාවක් නිසා.
මේ ඉහත අපි බලපු ලංකාවෙ වෙළඳ දැන්වීමෙන් පස්සෙ ඉන්දියාවෙ ව්‍යාප්තිවාදයට ඔබ අකමැති වුණත් දැනුවත් වීම උදෙසාම මේ දැන්වීම් බලන්න කියලා කියන්න සිද්ධ වෙනවා. මේ දැන්වීම් වල තියෙන ජවය අපේ රටට ආදේශ කරගෙන මීට වඩා හොඳ නිර්මාණ කරන්න පුළුවන්.අපි හැමදාම එකතැන පල්වෙන ජාතියක් වීම සිදුවීමට අපේ මාධ්‍ය භාවිතය වග කිව යුතු වග ඔබට දැන් හැඟෙනවා නේද?
ඔබට හැකි නම් මේ ලින්ක් ඔස්සේ යන්න... මම තවත් විග්‍රහ නොකර ඉන්නම් ඒ ගැන . බලන්න වෙන රටක දෙයක් වුණත් ඔබට මේ අනුසාරයෙන් අපේ රට ගැන හිතන්න පුළුවන්. මේ දැන්වීම එහෙම පිටින්ම වගේ 2011 වසරෙ නිදහසේදී අපේ රට කොපි කලා.දවස් දෙකක් වත් එය ප්‍රචාරය වුණේ නෑ.අපරාදෙ ඒ වෙනුවෙන් වියදම් කළ මුදල්. අනුකරණය නොකර වටනා යමක් කරන්න තිබ්බා කියන දේත් මෙය නරඹන්න ඔබට ලින්ක් එක දෙන ගමන් නිර්මාණකරුවන්ට සිහිගන්වනවා.
මෙන්න ඉන්දියාවේ ඔරිජිනල් නිර්මාණය මට ලංකාවෙ කොපිය හොයාගන්න බැරිවුණා. මං හිතන්නෙ එය යූටියුබ් දමලාවත් නැහැ.
අපි යූටියුබ් ගියත් බහුතරයක් වෙලාට බලන්නෙ අනවශ්‍ය දේ. මේ වගේ බුද්ධියට දැනුමට එක්වෙන අල්ත් යමක් හැමවෙලේම බලන්න අපි පුරුදු වෙන්න ඕනෙ.මම හිතන්නෙ මම ඒ කියපු දේ හරි.
හෙට ඔබට තවත් අලුත් දෙයක් මේ ඔස්සේම දෙන්නම... දුන්න පිටු වලට ගියාම පසෙක තියෙන වීඩියෝ අතුරින් තවත් හොඳ ප්‍රචාරක දැන්වීම් ඔබට හමුවේවි.ඒවාත් නරඹන්න.ඔබ මෙතන දමන කමෙන්ට් එක නෙවී වැදගත් හදවතට ඔබ දමාගන්න කමෙන්ට් එක..
නව නිර්මාණකරුවන් බිහි කරන්න ලංකාවට ඕනෙ වෙලාවක්.. පොදු ජන හිත සුව පිණිස ජන මතය ගොඩනංන්න දැන්වීම් කලාවක් පටන්ගන්න පුරෝගාමීන් වෙන්න ඕනෙ..නව පරපුරෙ අපි. ඔබ ලෑස්තිද?
2/20/12
හිතට ඇඩ් වෙන ඇඩ් කලාව
නිතරම රූපවාහිනී යන්ත්‍රය ළඟට වෙලා අපි ටෙලි නාට්‍ය නරඹනවා. මේ අතරෙ යන ඇඩ් නම් වෙලාවකට ඇත්තටම ලොකු කරදරයක් වග තමයි, අහන දකින හැමෝම කියන්නෙ. ඒ නිසාම අද මම මගේ ලිවිල්ලට තේමා කරගන්නෙ ඇඩ්.
ඇඩ් වලට සිංහල බසින් කියන්නේ ප්‍රචාරක දැන්වීම් කියලා. ප්‍රචාරක දැන්වීම් කියලා කීවාට අද වනවිට හැමෝම ඇඩ් වලට සිංහලයෙන් කියන්නෙ වෙළඳ දැන්වීම් කියලා. ඒත් ප්‍රචාරක දැන්වීමක් හැදිය හැක්කේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් විකිණීමේ පරමාර්ථයෙන් පමණක්මද?
නැහැ. ප්‍රචාරක දැන්වීම්කරණයට නිර්වචනයක් තියෙනවා. මම ඒකම කියන්නම් ඔයාලා කාගෙත් දැනුමට.
ප්‍රචාරක දැන්වීම්, වෙළඳ දැන්වීම්, යනුවෙන් හඳුන්වන්නේ හුදු භාණ්ඩ හා සේවා ආදී පාරිභෝගික භාණ්ඩ අලවිය සඳහා උපකාර කරගන්නක් ම නොව පොදු ජන හිත සුව පිණිස යොදා ගැනීමට හැකි,දැනටමත් යොදා ගනිමින් පවතින මාධ්‍යකි. ඒහෙයින් ප්‍රචාරක දැන්වීම් සඳහා සැපයිය හැකි හොඳම නිර්වචනය නම්, මහජන මතය ගොඩ නැගීමේ ශිල්පය යන්නයි.
ඒත් සමස්තයක් වශයෙන් ගත්තොත් අද වැඩිපුරම මේ ප්‍රචාරක කලා මාධ්‍ය භාවිතා වෙන්නෙ අලෙවිය උදෙසා කීවොත් නිවැරදියි. මොනවාද වැඩියෙන්ම අලෙවි වෙන්නෙ? භාණ්ඩ හා සේවා. වැඩියෙන්ම අලෙවි වෙන සේවාව දේශපාලනය කියලත් මතක තියා ගන්න.
සාමාන්‍ය වෙළඳ දැන්වීම් ක්‍රමයෙදි බලන්නෙ එම භාණ්ඩයේ හෝ සේවාවෙ විකිණිය හැකි දේ මොකද්ද කියලා. ඒ කියන්නෙ හැම දේකම සුවිශේෂි අලෙවි ලක්ෂණයක් තියෙනවා. බොහොම සරළ උදාහරණයක් තමා සන්ලයිට් සහ ලක්ස්. සන්ලයිට් වලින් ලක්ස් කොහොමද වෙනස් වෙන්නෙ. , ලක්ස් සුවඳයි. එහි කෝස්ටික් අඩුයි. එහෙනම් ඇඟට හොඳයි. එහි තියෙන්නෙ සුමුදු බවක්..එහෙනම් එය කාන්කාවන්ට සුදුසුයි. ඔන්න ලක්ස් වල අලෙවි ලක්ෂණය. මේ ආකාරයෙන් බහුතරයක් භෘණ්ඩ වල සේවා වල අලෙවි ලක්ෂණයක් තියෙනවා... නැති භාණ්ඩයකට එවැන්නක් නිර්මාණය කරන්නත් නිර්මාණකරුට පුළුවන්. ඒ නිසා තමා අද අවංක දේශපාලඥයන්ගෙන් රට ඉතිරිලා තියෙන්නෙ.
සෑම පාරිභෝගික භාණ්ඩයක්ම ඒවායේ අලෙවි ලක්ෂණය මත ඉලක්ක කණ්ඩායමක් ලැබෙනවා. ඒ අයට තමයි මේ ප්‍රචාරණය සිදු කරන්නේ.ඉතින් මේ සංකල්ප ඉලක්ක කණ්ඩායම් වල මතයක් බවට පත් කරන්න මෙම ප්‍රචාරණ සැලසුම් හරියට නිර්මාණ කරුවා ස්ථානගත කරනවා. අද වෙන කොට ප්‍රවේශ කිහිපයකින් මේ දැන්වීම් ක්‍රමය භාවිතා කරනවා.එය මෙහෙම වර්ග කරන්න පුළුවනි.
භාවපූර්ණ ප්‍රවේශය
හේතුසාධක ප්‍රවේශය
ශෘංගාරාත්මක ප්‍රවේශය
සාඩම්බර ප්‍රවේශය
රුචිකත්ව ප්‍රවේශය
දැන් කට්ටියම බලනවා ඇති මොනාද මේ කියලා... ඉස්සෙල්ලා පොඩ්ඩක් කියලා පස්සෙ උදාහරණ දෙන්නම්.
සමහර දේවල් කියන්න ඕනෙ විදියක් තියෙනවා.ඔළුවට වඩා යමක් පපුවට දැනුණොත් එහි අගය වැඩිවෙනවා නම්,එහෙමත් නැති නම් අපි ඉලක්ක කරගත් කණ්ඩායම යම් කිසි ආකාරයේ සංවේදනාත්මක යමක් එම භාණ්ඩය තුළින් බලාපොරොත්තු වෙනවා නම් අපි එම අයිතමයට වෙළද ප්‍රචාරක පටයක් සෑදීමට පිවිසිය යුත්තේ භාව පූර්ණ ප්‍රවේශයෙන්.
යමක් ගැන වැඩියෙන් දත්ත දක්වන්න අවැසි නම් එයට හේතු සාධක ප්‍රවේශය අනිවාර්යයෙන් යොදා ගන්නවා.. යම් භාණ්ඩයක් සේවාවක් සඳහා කෙනෙක්ට ශෘංගාරය යොදා ගන්න පුළුවන්.. එහිදි ඉලක්ක කණ්ඩායම,භාණ්ඩයේ අලවි ලක්ෂණය ගැන එහෙම හොඳින් හිතන්න ඕනේ. සාඩම්බර ප්‍රවේශය කියන්නෙ එයත් කන්නෙ ඒවා... ඒ නිසා ඔබත් කන්න කියනවා වගේ දෙයක්. ඒ කියන්නෙ යම් පුද්ගලයෙකුගේ කීර්ති නාමය භාවිතා කරලා වෙළඳ අයිතමයට සාඩම්බර බවක් ලබා දීම. රුචිකත්වයේ ප්‍රවේශය බලපාන්නේ ගොඩක්දුරට ආහාර ගැන වෙළඳ දැන්වීම් කරන විට...කවුරු හරි කනවා දුටුවාම අපේ කටටත් නිකන්ම කෙළ උනලා කාලා බලන්න හිතෙනවා වගේ දෙයක් තමයි කියලා කියන්න පුළුවන්.
දැන් මම මේ හඳුන්වපු දේවල් කවලම් කරලා හෝ කලවම් නොකර හෝ අඩු වැඩියෙන් භාවිතා කරලා තමයි අද ඔබ දකින හැම වෙළඳ දැන්වීමක්ම හදලා තියෙන්නෙ..
අතීත ලංකාවෙ වෙළඳ දැන්වීම් කලාවෙ ඉඳන් අපි උදාහරණ ගම්මු...
![]() |
| ගැමුණු ඡායාරූප දැන්වීම |
මේක සම්පූර්ණයෙන්ම හේතු සාධක දැන්වීමක්.. මුල් කාලීන නිසාම, කිසිම ලස්සනක් නෑ කියලා කියන්න පුළුවනි...හිතෙන්න පුළුවනි..හිනා යන්නත් පුළුවනි... අතීත වෙළඳ දැන්වීම් වල ඇත්තටම බහුතරයක් තිබුණෙ හේතූ පමණයි...පත්තර බැලුවෙ උගත්තු විතරක් වීම එය ට හේතුවක් වෙන්න ඇති.ශෘංගාරාත්මක ප්‍රවේශයට පා නගන්නත් උත්සාහ අරන් තියෙන වග අපට කියන්න බැරි කමක් නෑ...මෙන්න මේ වගේ දෙයක් දැක්කාම..
![]() |
| පන්ජෝ ගෝල්ඩ් දැලි පිහි |
අතීතයේ පටන් සාඩම්බර ප්‍රවේශයට ගිය බවට කරුණුත් නැතිවාම නෙවී.. අද තරම්ම නැතිවාට එහි ආරම්භය මෙය වෙන්නට ඇති...බලන්න මේ දැන්වීම දිහා.
![]() |
| ලැක්ටොජන් |
පියෙක් තම දරුවාට ලැක්ටොජන් දී ඇති බවට කරන ප්‍රකාශයක් හා එම ලිපිය පෙන්වා අනෙක් දරුවන්ටද එය නිර්දේශ කරන අයුරු මේ දැන්වීමෙන් පෙනේ.... එදා එතරම් ප්‍රාථමික මට්ටමේ තිබූ වෙළඳ දැන්වීම් කලාව අද බොහොම ඉස්සරහට ඇවිත්..
පරණ ඒවා කීපයක් බලලා අධ්‍යනය කරන්න කැමතිද? මෙතනින් යන්න.
රූපවාහිනී යන්ත්‍රයේ ආගමනය එක්ක හුඟාක් දේ වෙළඳ දැන්වීම් කලාවට එක් වුණා.කොටින්ම අද එය කෙටි සිතුවම්පටයක් වෙලා අවසන්...
එම වෙළඳ දැන්වීම් බලන්න.. ඒවාගේ ප්‍රවේශ කිහිපයක් තියෙනවා.. හැකි නම් ඔබට ඒවා හඳුනා ගන්න උත්සාහ කරන්න. මේවාගෙ හොඳ නරක..වෙන වෙනම සාකච්චා කරන්න තරම් දිග මාතෘකා ඒ නිසා මම පුළුවන් වෙලාට මේවා විග්‍රහ කරන්න උත්සාහ ගන්නම්.
ලිපිය දිග වැඩියි.... තව විස්තර ඊළඟ පෝස්ට් එකෙන් දෙන්නම්. අපි මේ වෙළඳ දැන්වීම් ගැන තව තව විග්‍රහ කරමු. මේ සබ්ජෙක්ට් එක මගේ ෆීල්ඩ් එක..ඔයාලාට කොයිල්ද ?? ඒකත් කියන්නකො..
පල්ලෙහා ඉඩ ඒකට..
ඔබට මේ ලිපිය කොහොම වෙතත් ඊළඟ ලිපියෙදි නම් බොහෝ දේ කියන්න තියේවී... හෙට රෑට ඒක කියවන්න..ආරාධනා කරනවා මේ ගමන්ම..
2/14/12
ප්‍රේමය නම් කිමැයි කියා
අද පෙබරවාරි 14 වෙනිදා.ආදරවන්තයින්ගේ දවස. අපි ආදරය කරන්න දන්නවාද? අපි ඒ ගැන කල්පනා කරන්න ඕනෙ.අපි ආදරය කියන්නෙ මොකටද? එය කායික බැඳීමක්ද? ආධ්‍යාත්මික බැඳීමක්ද? කායික බැඳීමකින් විනිර්මුක්ත අධ්‍යාත්මික බැඳීම් වල ප්‍රේමවන්තයන් සිටිද?අධ්‍යාත්මික බැඳීම් වලින් විනිර්මුක්ත කායික බැඳීම් තුළ ප්‍රේමය ගොඩ නැගේද?
මම සොයා ගත් කරුණු අනුව ආදරය නම් සොබාදහම විසින් වාර්ගික ප්‍රජනනය උදෙසා නිර්මාණය කළ ලිංගික කර්තව්‍යන් සඳහා පොළඹවා ගැනීමට කෙරෙන අන්‍යෝන්‍ය ආකර්ෂණයකි.සියලු සත්වයන් අතර ආදරය පවතී.නමුත් අවශ්‍ය සිද්ධියෙන් අනතුරුව එම ආදරය දිගුකාලීනව පවත්වා ගැනීමට තරම් මානසික ශක්තියක් සෙසු සත්වයින්ට නැත.
බුදුරජාණන් වහන්සේ ට අනුව බුද්ධ භාෂිතයට ළඟාවිය හැකි එකම සත්වයා වූ හෙයින්ද, බයිබලයට අනුව උප්පත්ති කතාවේදී දෙවියන් වහන්සේ විසින් දේව ස්වරූපය දී මවන ලද්දා වූ සියල්ලේ භාරකාර අපූර්ව සත්වයා වූ හෙයින්ද, අද දින විද්‍යාව නිර්මාණය කර එයින් තම වර්ගය පිළිබඳව කළ පරීක්ෂණ අනුව ලද්දා වූ නිගමන තුළින්ද,මානසික ශක්තියෙන් පිරිපුන්ම සත්වයා.එනම් මනසින් උසස් සත්වයා මිනිසාය.
දිගුකාලීනව මතකය පවත්වා ගැනීමට ඇති හැකියාව හා සාමූහික ජීවනය ට පුරුදු වීම තුළින් වෙනත් සත්වයින්ගේ ප්‍රධාන ම අංගය වූ ආහාර ගැනීම හා ලිංගික ක්‍රියාවලිය මිනිසාට අනු අංග පමණක් විය. පරිණාමය අනුව ලිංගිකත්වයට සංස්කෘතික මුහුණුවරක් ලබා දීම හා අධ්‍යාත්මික හැඩයක් ලබා දීම නිසා, ආදරය බිහිවන්නට ඇතැයි සිතිය හැක. එය සිදුවුනේ හෝමෝ නියැන්ඩතාර් යුගයේ විය හැකියැයි අනුමාන කළ හැක..
කෙසේ නමුත් ආදරය පුදුමාකාරය. එය නොපෙනෙන දෙවියන්ගෙන් ලැබුණු මානසික තිළිණයක් විය හැකිය.එය ඉතා ප්‍රිය ජනක බව ඔබ දන්නවා ඇත. ආදරය සාහිත්‍යට හේතු භූත වූයේ..නාට්‍යකරණයට ලක්වූයේ සියවස් ගණනකට එපිට සිටය. ආදරය ගැන ලංකා සිනමාවේ ලියවුණු වටිනාම ගී කිහිපයක්..ඔබට තිළිණ කරන්නේ මේ ආදරවන්තයින්ගේ දිනය ට සුභාවිත රසවින්දනයක්ද එක් කරනු කැමැත්තෙනි. විචාරයක් නොව රසවින්දනයක්ම පමණි.
Subscribe to:
Posts (Atom)






