මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/13/10

එතෙරින් ආ පොඩි දුව

ස්වීඩන් යුවලගේ දරු කමට පත් වූ දියණියට වසර විසි හතරකට පසු ශ්‍රී ලාංකික මව හමුවෙයි.
 

_______පුවත්පත් වාර්තාවක්_______

අයියලා අක්කලා
නුඹෙ ඇකයේ නොමඳ
සුන්දර සිනා පා
හුරතල් වෙන කළට
මා නොරටක
දරු පල නැති යුවලකට
දුන් පින ඔබට
දෙව් ලොව
යන්නට ඇතිද?

දෙන්නට කිරි බිඳක්
දෙතනේ නැති වුණිද?
මා උන් හටම දෙන්නට
හිත ඇති වුණිද?
කහවනු කොපමණක
ගනුදෙනුවක් වීද?
මා ගිය දිනේ ඔබ
කෙතරම් හැඬුවාද?

ගං ඇළ වේල්ලේ

දුව පැන ඇවිදින්ට...
වෙල් එළි කමත් වල
කව් ගී මුමුනන්ට....
උණුසුම සිහිල රස
ඇති දෙස පහස මට
අහිමි කෙළේ අම්මද?
ඉපදුණු බිමද?

නදී , ජෙනී වී ජාතිය
මාරු වුණත්...
ඇඳුමින් පැළන්දුමින්
සංකර බව දැණුනත්
සුදු යුවලකට
අයිතිව වෙනතක විසුවත්
මම නුඹගේ පොඩි දුව
දුර ඈත ගියත්

උපන් ගමන් නොමරා
දිවි දුන්නාට
කොහේ හෝ හැදෙන්නට
සැලසෙව්වාට
එ පිනෙන් පතමි අම්මේ
ඔබ බුදු වෙන්ට
යන්නට අවසරයි
දෙවනුවටත් නොරට.......

12/6/10

ටෙම්ප්ලේට් නිසා නිතරම අවුල් යන රෝස වලාකුළු

මට හරියන්ම ටෙම්ප්ලේට් එකක් ලොව තිබේදැයි තවමත් සැක සහිතය....මට ගැළපෙන ටෙම්ප්ලේට් එකක් සෙවීමේ මෝඩ චාරිකාවට මම ප්‍රබල බ්ලොග් කරුවන් පවා ඇඳා ගත් බව මතකයේ ඇත...බ්ලොග් ටෙම්ප්ලේට් වෙනස් කිරීමට ගොස් නිරන්තරයෙන්  මුහුණ පාන්නට සිදුවූ ගැටළු බොහෝය..

විජට් අවුල් ඇති වීම.බ්ලොග් පෝස්ට් එකක් දෙවරක් බැගින් පෙන්වීමේ සිට,බ්ලොග් එක ඩිසේබල් වීම දක්වා සුන්දර අත්දැකීම් වලට මා මුහුණ පෑවෙමි...ඉන්දරේ අයියාගේ ෆේස් බුක් එකවුන්ට් එකටද,ශාකුන්තල අයියාගේ ගූගල් චැට් වලට ද පින් සිද්ධ වන්නට මා ඒ බොහෝ ගැටළු විසඳා ගත්තෙමි..මා හට බ්ලොග් සම්බන්ධයෙන් සමහර අවස්ථා වල පැන නැගපු ගැටළු ගූගල් ගෲප් එකට වත් දැමීමට සුදුසු නැතැයි, ඒ දුටු අන්තිමයා වරක් තරයේ කියා සිටිය..


කෙසේ වෙත්ත දැන් ටෙම්ප්ලේට් එකට මම කැමැතියි..නමුත් එය රෝස වලාකුළට කෙතරම් දුරට ගැළපේදැයි මම නොදනිමි...හොඳ ටෙම්ප්ලේට් තිබ්බොත් මට කියනු මැනවි..වර්තමාන ටෙම්ප්ලේට් එක සොයා ගත්තේ මගේ තරහකාරයෙකුගේ ලින්ක් එකක් මාර්ගයෙනි.ඔහු මේ බව දැන ගතහොත් ලොකු ගැටළුවක් සිදු වී මට පොලිස් සහය පැතීමට සිදු වනු ඇතැයි...අල්ලපු ගෙදර ඇන්ටි පැවසීය...

12/4/10

ඇස් වහ+ Blog එක


ඔය නිනූ නිනූ කියලා කිව්වට මොකද මගේ නම නෙරංජි...නෙරංජි සුලක්ඛනා...ඕ ලෙවල් කාලෙ ඉඳන් මගේ සමහර යාලුවෝ ර යන්න සද්ද කරන්න බෑ කියලා..මහප්‍රාණ කියන්න බෑ කියලා වදේ ගහන්න ගත්තා... එයාලා මට දාපු නමක් ඕක...බ්ලොග් ලියන්නත්
මම දිගටම ඒ නම තමා භාවිතා කළේ....ඒත් දැන් ළඟදී අපේ බ්ලොග් උත්සවයත් තියෙන එකේ...ඔය නිකම් එහෙ මෙහෙ තියෙන නම් කෑලි අයින් කරලා ඇත්ත නම භාවිතා කරන්ට පටන් ගන්න ඕනේ කියලා හිතුණා...

මම ඉතින් අයි ඩී එක හංගලා මහලොකුවට දේශපාලන කතා ලියන්නෙත් නැහැනෙ....ඔන්න මම නෙරංජි...ඕනේ නමකින් කතා කලාට කිසි කේස් එකක් නැහැ...

බ්ලොග් එක දියුණු කරලා ගන්න ඕනේ....මේකට කොමෙන්ට් වැටෙනවා මදි........දැන් බලන්න අපේ තමීර අයියා...මැයි මාසෙට පස්සෙ මේ ඊයෙ පෙරදා ලියලාත්  කොමෙන්ට් තියෙනවා...

මම හිතන්නෙ කවුරුහරි මගෙ බ්ලොග් එකට ගුලි අඹරලා...වෙන එකෙක් නෙවෙයි..තමීරයියා ම තමයි....මං ගාව සාක්කි තියෙනවා..

දැන් ඔක්කොම තියලා මගේ බ්ලොග් එකට ඇස් වහ පුච්චන්න ඕනේ.... හික් හික්

12/2/10

දවසක මුතු වැල් ගෙනෙනව ගෙනත් නුඹට පළදවනවා|21 + වැස්සි පැටියා

තව දවස් අටකින් අපේ විද්‍යාලේ බ්ලොග් අඩවි වලට ලකුනු දෙනවා..මම නම් ගොඩාක් ඒකට ලිව්වෙ නැහැ..එහෙමයි කියලා ලියන්න දේකුත් නැහැ....ඒත් මුකුත් නොලියත් බැහැ....ඒකට පුළුවන් තරම් හොඳ පෝස්ට් ටිකක් දමන්න ඕනේ....අපේ අනික් කට්ටිය ගෙ බ්ලොග් ගැන බලන්න ඕනේ....මට මගේ යාළුවො ටික ගැන බලන්න බැරි වුණා... එයාලාටත් ලකුණු ගන්න පොඩ්ඩක් හරි උදව්වක් වෙන්න ඕනේ...සමහරක් අයට තාම බ්ලොග් කෙරුවාව මංඥ්ඥං නිසා....ආ මට කියන්න අමතක වුණානේ..නීනුගේ විසි එක් වෙනි උපන්දිනේ ට නීනුගේ අප්පච්චි..එළදෙන පැටියෙක් නිදහස් කළා...අප්පච්චි ඒ වෙනුවෙන් දෙමට ගොඩ ගවඝාතකාගාරෙට ගිහින්...අප්පච්චි කියනවා සංසාරේ එපා වුණාලු......නීනු නම් ඉතින් මස් කන්නෙ නෑ...ඒ නිසා ප්‍රශ්නයක් නෑ...මාළුත් ආසාවෙන් කන්නෙ නෑ..ඒත් ඩොක්ටර් අන්කල් නම් කියන්නෙ නීනුට ඇග තිබ්බට හයිය හත්තිය නැහැ කියලා....කොහොම වුණත් නිතරම ඉස්පිරිතාලෙ ඉන්න එක විනොදාංශෙ නිසා නීනුට දොස්තර අයියලා අක්කලාත්,අන්කල්ල ඇන්ටිලත්  හරි ආදරෙයි...මේ ඉන්නෙ නීනු නිදහස් කරපු වැස්සි චුට්ටා... එයා හදන්නෙ අල්ලපු ගෙදර සීයා...ඒ සීයා ළඟ තව වස්සො ගොඩාක් ඉන්නවා...ළඟදීම ඒ වස්සකුට වැස්සි පැටියාව බන්දලා දෙන්න අදහසක් තියෙනවා කියලා ඒ සීයා නීනුට කිව්වා...