මට පොඩි කාලේ ඉඳන් හතිය තියෙනවා..හීතල හුළඟ ජනේලය තිර අස්සෙන් පපුව විනිවිද යද්දි මට අමාරුයි...අයියා ඒක දන්නවා..ඒ නිසා එයා ඉස්සෙල්ලාම ගිහින් ජනේලය වැහැවුවා."මට ඔයාට බොරු කියන්න බෑ"අයියා මගෙ ඔලුව අත ගෑවා....ඒත් මට පොරොන්දු වෙන්න ඕනේ..අම්මටවත්, පොඩි අයියාටවත් මුකුත් කියන්නේ නෑ කියලා.."අයියා කියන්න හදන්නේ භයානක කතාවක්ද?...ඇයි මේ කාටවත් කියන්න එපා කියන්නේ.. මට ඇත්තටම පුදුම හිතුණා.
"කාටවත් කියන්නේ නෑ..කියන්නකො දැන්වත්"මම කිව්වෙ ඇත්තටම මට ඒක දැනගන්න තිබිච්ච හදිස්සිය නිසාමයි...ඒත් මට තියෙන හදිස්සිය අයියාට නෑ.
"මම කෙල්ලෙකුට ආදරේ කළා..එයා මගේ යාළුවා එක්ක යාළු වෙලා..."
අයියා හිටියෙ දුකින්..මට ඇත්තටම හිතුණා අපේ අයියාට ඔහොම දෙයක් වෙයි කියලා ..කවදාවත් කාටවත් මුකුත් කියන්නේ නැතුව...හිතේ තියාගෙන ඉන්නවට හොඳ වැඩේ..කියලා හිතුණත්..මොහොතකින් අයියා ගැන ලොකු දුකක් වේදනාවක් ඇති උනා. මම අයියා දිහා මොහොතක් බලා උන්නා.. "ලෝකෙ ඉන්නේ එක කෙල්ලද? අයියා වෙන ලස්සන කෙල්ලෙක් එක්ක යාලුවෙන්න.. එතකොට හරි...මම අයියාට කිව්වා.. "ඒත් මම ආදරේ කළේ එයාටයි නංගෝ!! එයා ගිය තැන පාළුවට තව කෙනෙක් මට එපා..." අයියා මේ කියන්නේ මොකද්ද...මේ අපේ ලොකු අයියාට පිස්සුවක් හැදිලාවත් ද කියලා මට හිතුනා හීනෙක හිටපු කෙල්ලක් වෙනුවෙන් අපේ අයියා අනගාරික වෙයි කියලා මට නිකමට වත් හිතුනේ නෑ.
"ඔයා ඔය තරම් ආදරේ කරපු එයාගේ නම මොකද්ද?"
මම අහැව්වා.....
එයා ලස්සන කෙල්ලක්.....පුංචි සුරංගනාවියක් වගේ.."එයගේ නම...................
සමනළී.......
මගේ ලෝකෙම පාළු කරලා ගියා.......පාලු කනත්තක් කරලා ගියා......මට දුකයි පැටියො....ඔයාට මේව තේරෙන්නේ නෑ......" අයියා කියවගෙන ගියා.....කාමරේ දොර රෙද්ද වළලු සද්දෙකින් සර සර ගානාවා වගේ හැඟීමක් දැනුණු නිසා මම දොර දිහාව බැලුවා.......හරි....අම්මා දොර ළඟ..දැන් ඉතින්...බත් වලට කලින් අයියාට හොඳ කල්කයක රහ බලන්න පුළුවන් වෙයි කියලා නිකමට මට හිතුණා..මම හිතලා ඉවර වෙන මොහොතේම අම්මා අයියාට කතා කළාඅ......අයියා පුස් පැටියෙක් වගේ අම්මා පස්සෙන් ගියා..මමත් ගියා...අයියාගේ සහයට...මේක බොහෝ දුරට ශ්‍රේෂ්ඨාදිකරණයට අද හවස් වෙද්දි යනවා.ඒ කියන්නේ තාත්තාට....ඒ නඩුවලට පැමිණිළි කිරීමේ හැකියාව විතරයි..කොටින්ම අම්මාට තියෙන්නේත්..අම්මා ගොඩක් නඩු තාත්තාට දානවා...මගේ නඩු නම් හැම වෙලේම නිදොස් ඒවා...අයියලාට උණත් ඇපෑල් දාන්න හැකියාව තියෙන්නේ මට විතරයි.....ඒ තත්තා මට ආදරේ නිසා....ඉතින් අපේ අයියාට ඉන්න ලොකුම හයිය මම තමයි..කියලායි ම්ට හිතුණේ..ඒ නිසාම අම්මා පස්සෙන් අයියා කුස්සියට යද්දි මමත් කුස්සියට ගියා... ඒ අතරේ අපේ අයියා නිතර කියන දෙයක් මට මතක් වෙලා හිනා යන්නත් ආවා.
"නථ්ථි මේ සරණං අඥ්ඥං
නංගෝ මේ සරණං වරං"
ඒත් අද තියෙන්නේ පොඩි පොඩි දෙයක් නෙවෙයි..ලව් පලහිලව් වක් නිසා මන් උණත් ටිකක් බයේ උන්නේ.....අම්මා....මේක තාත්තට දැම්මොත් නම් මට වුණත් අයියාගේ පැත්ත ගන්න අමාරු වෙයි කියලා නිකමට හිතුණා..
ඉතිරියට ඊලඟ මොහොත ඉඩදෙන්න..
හිනාවක ආයේ පැටළිලා
වඩිනවා නම් සමනළී
මල් කිණිති අතරින්
සිනා මීදුම් සළු අරන්
සිහිල දෙන්නෙමි
සන්තොසින්.....