අනගාරික ධර්මපාලතුමා මෙන්න මෙහෙම කියලා තියෙනවා.එතුමා ගේ අප්‍රකට ලිපිවල, "කවදාහරි සුද්දො මේ රට දාලා යනවා.හැබැයි උන් යන්නේ ඒ වගේම කළු සුද්දො පිරිසක් මේ රටේ බෝ කලාට පස්සෙයි කියලා."මීට අවුරුදු හැට දෙකකට මත්තෙන් අපිට නිදහස ලැබුණා.එදා හැමෝම හුඟක් සතුටු වුණා සදාතනික නිදහස ලක් මාතාවට ලැබුණා කියලා.ඒත් අද එහෙම වෙලාතියෙනවා කියලා ඔබට හිතෙනවාද? අපේ අම්ම මට උගන්නලා තියෙනවා..අම්ම පුංචි කාලේ ඉගෙන ගත්ත ගීයක්!
"විසි දෙවසරකට පෙර ලැබූ
නිදහස් සුව වළඳවා
ලංකා මව සැනැහේ
තොල් පෙති මත
හසරැල් මවා....."
ඒ විසි දෙක...අද හැට දෙක!!1948 අවුරුද්දෙදි අපි නීත්‍යානුකූල නිදහසක් ලැබුවා වුණත් අපි ආධ්‍යාත්මික නිදහසක් ලබා තියේද?නැහැ නේද?1948 වසරේ ඉඳන් 1983 වනතුරු අපේ නීත්‍යානුකූල නිදහසවත් තිබ්බ...ගිය අවුරුදු තිහටම ඒකත් නැති වුණා වගේ වුණා නේද? කාටවත් හිතූ විදියෙන් නිදහසේ රට පුරා යන්නවත් බැරි වුණා.ත්‍රස්තවාදයෙන් රට මිදුණා.නීත්‍යානුකූලව නම් අපි දැන් ඕනාවටත් වඩා නිදහස්!!ඒත් තවමත් අපේ පරාදීන කම එතනමයි!! ටිබෙට් ජාතික ඇස් මහින්ද හාමුදුරුවන්ගෙ කවියක් නවය වසර පොතේ මෙන්න මෙහෙම තිබ්බ.
සාදු සිරිත් සිය දේසෙ
ඇතත් කැත වානරයන්ගෙ විලාසෙන්
මූදු තෙරින් එන නීච භයංකර
සංකර වූ හැම දේවල්
සාදු නදින් පිළි ගත්ත නිසා වුණු
ජාතික හානිය අයියෝ
මීදුමකින් කඳු සේ අප ආරිය
සැම සිරිත් යටපත් වී...
මෙ කවිය එදාට වඩා අදට වලංගුයි!!මම වැරදිද?අපිට තියෙන්නේ අපේ දේ අගයනවා අඩු සමාජයක්!පෙරහැරටයි,ඉස්කෝලෙටයි විතරක් දේශියත්වය සීමා නොකර අපි අපේ රටේ අය වෙමු!අල්මාරියේ රෙදි ගොඩෙන් නිදහස් දවසට ඇදලා ගන්න ජාතික කොඩිය, රෙද්දක් වැලේ වනන්නැහේ ගේට්ටු ඉස්සරහ එල්ලල දාපු පළියට අපිට ශ්‍රී ලංකිකයො වෙන්න පුලුවන්ද? ඔබම හිතා බලන්න.අපි තාමත් ප්‍රමාද නෑ...ස්‍රි ලංකාවේ නිශ්පාදිතයක් ගන්න...ශ්‍රී ලංකාවේ කෙනෙක් කියල කියන්න ලැජ්ජා වෙන අය අපි කොයි තරම් දැකලා තියේද?අපි ලැජ්ජ වෙන්න ඕනෙ අපි ගැන. පරාදීන ගති වලින් ඉක්මනනින් නොමිදුණොත්
අපි කවදා හරි අවසානෙට නිදියන මේ මව් බිමේ හතර රියනට අපි ණයයි!!
අන්න ඒක හොදින් මතක තියා ගන්න.
ලක් අම්මට සිනා ගෙනෙන
ලක් අම්මා ඉහල තබන
ලක් අම්මට ආල වඩන
දරු පැටියෝ හොයා දියව්!
පිට දෙස්සගෙ බසට යටව
ලක් අම්මට කඳුළු නොදෙන
ලක් අම්මා අගේ කරන
දැරියක් ම්ට හොයා දියව්!
ලක් අම්මගෙ කුසේ ඉපිද
ඇගෙන් දිරිය නුවණ ලබා
පිට දෙස්සගෙ රට නොපතන
දරුවෙකු මට හොයා දියව්!
ලොවේම නැණ විරිය එඩිය
ලක් අම්මා තුළට හොවා
ඈ තුරුළෙම සැනැහිය හැකි
දරු දැරියනි ඉපිද වරෙව්!