3/19/11

ෆාර්ම්ස් අත්තේ වික්‍රමය | අනූ නවයෙන් බේරුණු අනූ නව වන ලිපිය


පාසල කියන්නෙ කාටවත් අමතක කරන්න බැරි මතකයන් ගොඩ ගැහුණු තැනක්...තාමත් මාගේ පාසල් කාලය ඉවර වෙලා වසර තුනක් ගතවෙලා නැහැ.මම පාසලෙන් සමු ගත්තෙ 2009 දි.ඒත් පාසල් කාලෙ වෙච්චි දේවල් මතක් වෙද්දි තවමත් හිනා යනවා.

අනූ නවයෙන් බේරුණු කතාවක් ගැනයි මේ කියන්නෙ..

මම කොළඹ ගෝතමි බාලිකාවෙ..නොයෙක් අනවර්ථ නාම තිබ්බත් අපේ ඉස්කෝලෙට අවට අයගෙ හොඳ ගරුත්වයක් තිබුණා..අපේ ඉස්කෝලෙ මතක් වෙනකොට ඒත් එක්කම මතක් වෙන්නෙ ආනන්දියන්ස්ල සහ නාලන්දියන්ස්ලා ...ඉස්සරහ gate එකෙන් යද්දි ආනන්දෙ ...පිටිපස්සෙ gale එකෙන් ගියොත් නාලන්දෙ ...

පාසලේ සුන්දරම කාලෙ තමයි උසස් පෙළ පන්තිය.ඒක කවුරුත් කියනවානෙ..මේ සිද්ධිය උසස්පෙළ කාලෙ වුණේ...මේකට පුරුෂ කවුරුත් සම්බන්ධ නැහැ..අපේ කෙල්ලො සෙට් එකේ වැඩක් ....

හැම බාලිකාවකටම ශිෂ්‍ය නායිකාවො ඉන්නවා..අපේ බාලිකාවෙත් එහෙම ටිකක් හිටියා..මාත් අන්න එයින් එක්කෙනෙක්...ශිෂ්‍ය නායිකාවක් වෙන්න පදක්කමක් දෙනවානෙ.ඔන්න අපේ ඉස්කෝලෙත් ඕකට චාම් කියලා ලොකු උත්සවයක් ගන්නවා.

ඒක මතක් වෙද්දිත් ආසයි. හරිම ලස්සනයි..කවුරුත් දන්නවද දන්නෙ නැහැ.. ටැම්
පිට බුදුමැදුරක් තියෙනවා අපේ ඉස්කෝලෙ.ඒක මම හිතන්නෙ ලංකාවෙ පාසලක පළවෙනියාට හදලා තියෙන්නෙ අපේ ඉස්කෝලෙ.ඉස්සෙල්ලාම කඨින පින්කමක් කරපු පාසලත් අපි නේ...

ශිෂ්‍ය නායිකාවක් වෙනවා කියන්නෙ ටිකක් අමාරු වැඩක්..තෝරලා තෝරලා තමයි දෙන්නෙ.ශිෂ්‍ය නායිකාවක් වෙන්න ඉතින් හැම අතින් ම හොඳ වෙන්න ඕනේ. ( වහෙන් ඔරෝ කීවෙ මමත් හොඳයි කියලා තමයි ).



ඉතින් මේ තෝර ගත්ත අයට පදක්කම් දෙන්නෙත් එක විදිහකට..සියලුම ශිෂ්‍යනායිකාවෝ ආර්ය සිංහල යුවතියන්ගෙ ඇඳුම වන ළමා සාරියෙන් සැරසෙනවා. කොණ්ඩ කරල් දෙකට සුදු රිබන් ගැට ගැහුවාම තියෙන අපූරුව දහම් පාසල් ගිය අයට මතකයිනෙ.මේ අපූරුවට මල් මැදි කරපු පහනකුත් අතට ලැබෙනවා.ශිෂ්‍ය නායිකාවො දෙන්න දෙන්නා...මුළින් විදුහල්පති මැණියන් දල්වපු චිරාගතව පැවතෙන පොල් තෙල් පහනෙන් තමන්ගෙ පහන් පත්තු කරගෙන නිල ලාංඡනය ලබා ගෙන පිළිවෙළින් ටැම්පිට මැදුරට ගිහින් බුදු ගුණ සිහිපත් කරලා...නැවත මළුවට එනවා...මළුවේදි සියලු දෙනා අඩ කවයට සිට ගන්නවා..සියලු දෙනා නිල ලාංඡන පැළඳවූ පසු ප්‍රතිඥාවක් දෙනවා..ඒ සාම්ප්‍රදායික උත්සවය .ඉන් පසුව තියෙන්නෙ ප්‍රධාන ශාලාවෙ නිල උත්සවය.

මම මේ කියන කතාව අදාළ වෙන්නෙ මෙන්න මේකට...


ඕනැම උත්සවයකදි සැරසිලි වලට ප්‍රමුඛතාවයක් ලැබනවා නෙ..අපෙත් ලොකු තැනක් සැරසිලි සංග්‍රහ වලට ලැබෙනවා.. ඔන්න සැරසිලි කරන්න සොබා සෞන්දර්ය යොදා ගන්න අපි හිතුවා. අපේ ශිෂ්‍ය නායිකාවො අතර ශිෂ්‍ය භට මානවිකාවො තුන් හතර දෙනෙකුත් හිටියා...ඒ අයට තමයි..මේස වල පිළිවෙළ සහ අනෙකුත් කෙලින් එන්න ඕනේ වැඩ බාර....ඉතින් මේස සරසන්න පොල් ලෙලි එකතු කරලා ගැට ගහලා වාස් හැදුවා...ඒ වගේ වැඩ වලට ඔය හමුදා වැඩ නොකළාට නීනු හරි ආසයි...ඉතින් ඒ වාස් වලට නෙලුම් පොට්ටු රෝස හැඩයට කපලා දාලා තමයි සංග්‍රහ මේසෙ සැරසුවෙ..බිත්ති වලටත් ලස්සන පොල් ලෙලි පොල් අතු එක්ක ෆාර්ම්ස් අතු සැරසිල්ලක් තමයි කළේ...

ෆාර්ම්ස් හොයන්න ටිකක් වෙහෙස කරයි...සාපේක්ෂව විනාශයත් වැඩියි. ගෙනාපු ටික අපිට හොඳටම මදි වුණා..අන්තිමට අපි එකා වන්ව තීරණය කළා ඉස්කෝලෙ ෆාර්ම්ස් ගස් වලින් අත්ත අත්ත කප්පාදු කරන්න...ඒත් ඉතින් කප්පාදු කරන්නෙ හොඳ අමු අතු නිසා..ළමයි ඔක්කොම යනකං හිටියා..පෙනුමෙ හැටියට ගුරුවරුත් ගිහින්..අපි හෙමින් සීරුවෙ අතු ටිකත් කපලා කෝකටත් කියලා කපපු තැන් වල වැලිත් ගාලම අතු ටික ඇදගෙන ආවා...මෙන්න ඉස්සරහට එනකොටම අපේ මිස් කෙනෙක්... මේ මිස් ට අපි කොහොමත් බයයි...

පාසලේ ඉන්න ගුරුවරුන් කොටස් දෙකයි...අම්මලා වගේ ගුරුවරු, නැන්දම්මලා වගේ ගුරුවරු..නැන්දම්ම්ලා වගේ ගුරුවරු බාලිකාවන්ගෙ වැරදි තමයි හොයන්නෙ..ඒ හරිම ආදරෙන්.එදා ඒක තේරුනෙ නැතත් අද නම් තේරෙනව. ඉතින් ඔන්න මිස්ට අපිව සැකයි...

"කොහෙන්ද මෙච්චර ෆාර්ම්ස් අතු?"

"හොයා ගත්තා මිස්"

"ඉස්කෝලෙන් නේද කැපුවෙ?"

"ගෙදරින් ගෙනාපු ෆාර්ම්ස් අතු තියනවා මිස්"

"කෝ ඒවා?"

"මේන් හෝල් එකේ කට්ටිය සරසනවානෙ මිස්"


"එතකොට මේ ෆාර්ම්ස් අතු?"

"ඒ විදිහටම කපපුවා තමයි මිස්"


" කෝ බලමු ඉස්කෝලෙ ෆාර්ම්ස් ගස් ටික"

ඔන්න මිස් ෆාර්ම්ස් යායට ගියා...දැන් කට්ටියගෙම මුහුණු ජම නාරං වගේ...මිස් හැම අත්තක්ම සියුම් ව පරික්ෂා කළා.

"හොඳටම විශ්වාසද මේ වායෙන් කැපුවෙ නැහැ කියලා.."


"මේවාගෙන් කපන්න තහනම් නෙ මිස්"

"එහෙනම් මේ අතු වල පස් මොකද?"

"වහිද්දි උඩ තියෙන මඩ පහල ගස් වල තැවරෙනවා ඇති මිස්"
මිස් ටික වෙලාවක් බලං ඉඳලා අමුතු බැල්මක් දාලා යන්න ගියා.. ඒත් අපිව ගැහෙනවා..මේකත් ඇති නියාමක බැජ් එක ගලවලා දාන්න.අද නියාමක බැජ් එක ගැලෙව්වොත් හෙට ශිෂ්‍ය නායකයො වීම සුන්...

උප සම්පදා වෙන්න කලින් සාමණේර ඉන්නවා වගේ මාස තුන හතරක් හැමෝම නියාමක ඉන්නවා.නියාමක කාලෙ අන්තිම දවසෙ වෙච්චි මේ දෙය තැති ගැනීමක් වුණත්, පොඩ්ඩක් යට ගියා...


පරිසර බට කණ්ඩායමේ ගුරුවරියක් නිසාම අපි ටිකක් නෙවෙයි හුඟාක් බිය වෙලා හිටියෙ. සංග්‍රහය වෙලාවෙත් මිස් සැරසිලි දිහා ගොඩාක් බැලුවා.ඒත් මුකුත් කිව්වෙ නැහැ...මිස් දන්නවා අපේ හොරේ... මිස් හිතින් අපිට සමාව දෙන්න ඇති.අපිත් දහස් වාරයක් මිස්ගෙන් සමාව ගත්තා හිතින්.

3/14/11

නයි ගොඩක් සමඟ නීනුගේ ඉන්ටර්වීව්


තමීර අයියාගෙ බ්ලොග් එකට මඩ චුට්ටක් ගහලා මගේ එකට ආවමයි දන්නේ..මමත් සෑහෙන කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් ලියලා නැහැ...
ඒ නිසාම මම හිතුවා මම ලියන දේකට වඩා වෙන කෙනෙක් ලියන දේට ඔයාලා කැමති වෙයි කියලා...මේ මං ගැන සුප්‍රසිද්ද පත්තරේක ලබන ඉරිදා පළ වෙන ඉන්ටව් එකක්...කාටවත් කියන්නෙපා.. හොරෙන් බලන්න...



" අද අපිත් එක්ක බ්ලොග් චරිත පිටුවට එකතු වෙන්නෙ බ්ලොග් කාරිණියක්.වසර දෙකකට සෑහෙන්න කාලයක් බ්ලොග් ලෝකයේ රැඳී සිටි ඇය.. මේ වන විට පෝස්ට් 100කට කිට්ටු ප්‍රමාණයක් ලියා තිබෙනවා..ඉතින් නෙරංජි හෙවත් අපි නික් නේම් විදිහට නීනු කියන ඇයගෙන් රසිකයන් අපෙන්
අහන ප්‍රශ්න කිහිපයක් ඇගෙන් අහන්න සූදානම් කළා...

වසර දෙකකට ආසන්න කාලයක් බ්ලොග් ක්ෂේත්‍රයේ රැඳී සිටීම ගැන ඔබ මොකද හිතන්නෙ?..

ඉන්ටර් නෙටුයි..එතකොට කොම්පියුටරය
කුයි තියෙනවා නම් බ්ලොග් කරණය කියන්නෙ මහ ලොකු දෙයක් නෙවෙයි.ඒත් මේ අනික් ක්ෂේත්‍රයන් වගේම වගකීමෙන් කළොත් මේකෙත් හොඳ අනාගතයක් තියෙනවා.

බ්ලොග් කරණයට කාන්තා දායකත්වය අඩුයි නේද?..

මීට වසර දෙකකට කලින් මම එද්දි, ඇත්තට හුඟක් කාන්තා නියෝජනය අඩුයි..ඇත්තටම මේ ෆී
ල්ඩ් එකේ කාන්තාවන් බොහොම ප්‍රවේසමෙන් ඉන්න ඕනේ..ඕනේම වෙලා වක දරුණු තත්ව ඇති වෙන්න පුළුවන්.ගොඩාක් වෙලාට කොල්ලම තමයි කෙල්ලගෙ බ්ලොග් එකත් ලියන්නෙ..බ්ලොග් වල වුණත් මේ සිදුවන කාන්තා ප්‍රචණ්ඩකාරීත්වයට එරෙහිව පාර්ලිමේන්තුවත් ඉදිරියේදි කතා කරාවි.පබා ඉන්නවානේ

ඔබ ගැනත් නොයෙක් කට කතා පැතිරෙනවා නේද?ඔබ පසුගිය බ්ලොග් මැරතන් එක
දි සෑහෙන්න මඩ වලට මුහුණ දුන්න කියා රාවයක් තිබෙනවා..

තමන්ගෙ පරාජය ඉවසගන්න බැරි වෙච්චි අය තමයි ඔය වගේ කතා පතුරන්නෙ.මට මඩ පහරවල් එල්ල වුණත් මගේ නොසැලෙන දිරියෙන් මම ඒවා ජය ගත්තා..මගේ පෝ
ස්ට් වල අන්තර්ගතය තුළ හර බර දේ නැහැයි කියලා පුද්ගලයෙක් ප්‍රසිද්ධියේ කිව්වා.මල බද්ධයේදී ඔහොම දේවල් වෙනවා..බර මයි හොයන්නේ.

මෙවර බ්ලොග් මැරතන් එකක් පැවැත්වෙනවාද?

ඇත්තටම මට නම් තාම ආරංචි වෙලා නැහැ.බ්ලොග් මැරතන් පටන් ගත්තෙ යු
නිකෝඩ් අලුත් කාලෙ..දැන් එය හුඟාක් පුරුදු දෙයක් නිසා මම හිතන්නෙ ඇඩ්මින් වරු මෙවර මැරතන් එක ගැන දෙවරක් හිතාවි...ඒ වගේම මෙවර අවුරුදු උත්සවයක් තියෙනවානෙ...

ඔබ ඔබේ බ්ලොග් මිතුරන් ගැන මොකද හිතන්නෙ?
ඇත්තටම අජ සවුත්තුයි.මුන් කවදාවත් වැදගත් දේකට කොමෙන්ට් කරන්නෙ නෑ.කමෙන්
ට් ගන්න ඕනේ නම් නයි අරින්නම ඕනේ.ඒත් හිත නම් හරි හොඳයි..කිසිම වරදක් මතක තියා ගන්නෙ නැහැ...මේ තරම් දිගු ගමනක් එන්න ඔවුන් තමයි රුකුලක් වුණේ..අවුරුදු 2ට පෝස්ට් අනූ අටක් කියන්නෙ සෙල්ලමක් නෙවෙයි...අනෙක් අය අවුරුද්දකටම ලියන්නෙත් 250ක් විතර ප්‍රමාණයක්නෙ....
ඔබේ හොඳම බ්ලොග් මිතුරා තමීර කියලා කියන්නෙ ඇත්තද?

ඔව් මැරතන් එකේදි තමයි මම ඔහුව අඳුන ගත්තෙ. කවදාවත් බ්ලොග් ලෝකයේදි මාව
අපහසුතාවයට පත් කරපු නැති හොඳ මිත්‍රයෙක්..ඒ නිසාම ඉදිරියටත් ඔහුගේ ලිපි සඳහා හොඳම ප්‍රතිචාරය මගෙන් ලැබේවි..මේ වගේ තවත් මිතුරන් ඇති කර ගැනීමයි මාගේ අරමුණ.

ඔබේ අනාගත බලාපොරොත්තුව කුමක්ද?
බ්ලොග් ක්ෂේත්‍රයට එන ආධුනිකයන්ට මේ කෙරුවාව
එපා වෙනවා දවස දෙකෙන්.අපි ඒක නැති කරන්න ඇත්තටම උත්සාහ කරනවා..ඒ සඳහා ව්‍යපෘතියක් විදිහට ඔවුන්ව දිරිමත් කරන්න...මුහුණු පොත හරහා බ්ලොග් මිතුරන් ක්‍රියාත්මකයි...

එහෙත්
ඔබට තීම් එකක් වත් දාගන්න බැහැ කියලා ඔබේ මිත්‍රයෙක් ප්‍රසිද්ධියේ කියලා තියෙනවා කියලා ඔබ දන්නවාද?

අපොයි ඔව් ..ඒක ඇත්ත.. මට තීම් දාන එක කාලයක් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා.ඒත් දැන් නම්
නැහැ.මම දැන් පාවිච්චි කරන්නෙ නැනෝවික් ආයතනයේ මාධව හබරකඩ මහතා හදා දුන් ටෙම්ප්ලේට් එකක්...

සියවෙනි ලිපියෙන් පසුව ඔබේ බ්ලොග් එකට කුමක් සිදු වෙයිද?

මාස තුනක් යන්න ඉස්සර මම එකසිය එක් වෙනි ලිපිය ලියයි...

අවසානයේ ඔබ බ්ලොග් ලෝකයට දෙන පණිවිඩය කුමක්ද?
හොඳ හිතින් මගේ බ්ලොග් එකට එන හැමෝටම මම කියන්නෙ ක
මෙන්ට් එකක් දාලා..ෆලෝ පාරක් දාලා යන්න කියලා...