1/31/11

අන්තිමට අපි ඔක්කොමල්ලා කියන දේ අහගෙන ඉඳලා ඉලංදාරියා හිනා වුණා.... ( අපේ සිහිනය )

මම පෙරේදා හදිස්සියෙම මගේ gmail එකට ගියා...එතකොට මම දැක්ක ගෙහාන් අයියා මට email එකක් එවලා තියෙනවා.... මම ඒකෙ තියෙන link එකට ගියා ... මම එදාමයි ඉලංදාරියාව දැක්කෙ...ඒත් පෝස්ට් එක කියවන්න මට වෙලාවක් තිබුණෙ නැහැ....බස් බ්ලොග් සතියට වත් enter වෙන්න මට බැරි වෙලා හිටියෙ වැඩ වැඩි නිසනේ....
ඔන්න මම ඊයේ face book  ආවාම මම ආපහු ඉලංදාරියාගෙ පින්තූරෙ links දැක්කා.. මෙතන මොකක් හරි ලොකු සීන් කෝන් එකක් තියනවා කියලා තේරිලා එයාගෙ blog එකට ගියා...

මළ කෙලියයි...මම අත ඇරලා තියෙන්නෙ අපේ කස්ටියගෙ දැවෙන ප්‍රශ්නයක්නේ....එකෙක් බ්ලොග් ලියන එක නැවැත්තුවත් දෙක වෙන්න  අපි කෑ ගහනවා..එකෙක් අසනීප වෙනවා කියන්නෙ අපිට ජාතික ප්‍රශ්නයක්... ඇරත් කොල්ලෙක්...අවුරුදු විසිපහයි... කිරි කිරි වයසනේ...

ඉතින් ඔන්න වහාම ක්‍රියාත්මක වන පරිදී මමත් වැඩේට බැස්සා..graphics දෙකක්ම හැඩුවා.. එකක් tag කරලා fb album යවන්න... අනික බ්ලොග්ස් වල side bars වලට use කරන්න....ඒත් මෙන්න දැන් ටිකකට කලින් එකෙක් massage එකක් එවලා animation එකක් දාමු කියලා... මම මේ එහෙම එකක් හදන්න try කරන ගමන්....

ඉතින් ඔන්න කට්ටියගෙම වැඩ ඉවර වෙන්නෙ දිලුම් අයියාට අපේ කචු කුචුව ඇහිච්ච දාට.....මතකයිනෙ....අපි ඔක්කොම ගීත් අයියා කිව්වා වගේ එක පවුලක්.... දුකා අයියා කිව්වා වගේ අපේ අයට අපි නැතුව කවුරු උදව් කරන්නද?..........


මම දැක්ක facebook එකේ Neranji Sulakkana කියලා girl කෙනෙක් දාපු කවියක්....


උඹෙ දුක කියන්නට කටවල් ගොඩක් ඇතී..
නුඹෙ සුවයක් දකින්නට නෙත් බලා සිටී
හීනයක් නොවේ අසපන් මගේ සකී
කන් දහසක් උඹ වෙනුවෙන් අසා සිටී.....................
 

ඒකත් එක්කම ඔන්න මම මේ ලිපිය නිමා කරනවා....

ඉලංදාරියා අයියාගේ ලිපියට
දුකා අයියාගෙගේ ලිපියට
ගීත් අයියාගෙ ලිපියට

මේ සබැඳි වලින් යන්න පුලුවන්...ඒ එක්කම ඔබ ලියපු ලිපිත් comments  විදිහට මේකට links දෙන්න.....

අපේ වැඩ පිළිවෙල වේගයෙන් යාවත්කාලින වෙන්නෙ සිංහ‍ලෙන් කිව්වොත් update වෙන්නෙ fb group එකේ නිසා මේ සබැදියෙන් එහි සාමාජිකයෙක් වෙන්න...



අපි ඉලංදාරියාට අස්සවමු... 

1/22/11

Bus Ethics සහ සදාචාරය

මම යන්නෙ ටිකක් වෙනස් විදිහෙ කතාවක් කියන්න... ඊයේ 163 බස් එකේ ගෙදර එනකොට වෙච්චි සිදු වීමක් මේ...
අම්ම කෙනෙක් වයස අවුරුදු දහයක විතර දියණියක් එක්ක බස් එකට නැග්ගා... ඉතුරුවෙලා තිබ්බ පූජ්‍ය පක්ෂයට වෙන් කළ අසුනෙ ඒ දෙදෙනා ඉඳ ගත්තා...
එන්න එන්න බස් රථයට සෙනග පිරුණා...පිට කෝට්ටෙ දිහාට එනකොට බස් රථයට හාමුදුරු නමක් නැග්ගා.....ඒ හාමුදුරුවො තරුණ වියේ පසු වුණේ...

අර අම්මා දුවත් එක්ක එම අසුනුන් නැගිටින්න අපහසුවෙන් හිටියෙ...අම්මාගේ ඇඟ උඩ බඩු ගොඩයි... මමයි මගේ එහා පස හිටපු අනික් ගැහැණු ළමයයි එකතු වෙලා ඉක්මනින් ඒ බඩු ටික අම්මා අතින් අරගත්තා... අම්ම නැගිට්ටා... දුව ආසනයේ මෙහාට වුණා විතරයි.. හාමුදුරුවො ගිහින් ඒ ආසනයේ ජනේලය ළඟ පැත්තේ ඉඳ ගත්තා...

බස් රථයේ උතුරන්න සෙනග. හැමෝම අර අම්මයි දුවයි දිහා අමුතු විදිහට බලන්න ගත්තා... මම ඒ අම්මාට කිව්වා.. දුවව මගේ අසුන දෙමු කියලා..
ඒත් දරුවා නැගිටින්නෙ නැහැ... බැලින්නම් ඒ ළමයා කනවා..

පස්සෙ අපි හෙමිහිට දරුවව මගේ ආසනේට ගත්තා...

කතාව ඕකයි....

තෙරුන් වහන්සේ නමක් ඉඳ ගත් ආසනයේ සාමාන්‍යයෙන් කාන්තාවො ඉඳ ගන්නෙ නැහැනේ ..ඒක සම්ප්‍රදායක් නේ..ඒත් මේ වගේ අපහසුතා සමාජයේ කොතෙකුත් වෙනවානේ...හාමුදුරුවන්ට පළවෙනි ආසනේම දෙන්න ඕනේ තමයි... ඒත් මේ වගේ හදිසි අවස්ථාවන්ට ගත හැකි  වෙනත්
ක්‍රියා මාර්ගයක් නැද්ද?...ඒක ධර්මයට විරුද්ධද?.

මට ප්‍රශ්න ගොඩාක් පැණ නැගුණා.. කොහොම වුණත් මේ වගේ දේකට ආචාරධර්ම දන්න කෙනෙක්ට හැකිනම්  පැහැදිළි කිරීමක් කරන්න.. මම හිතන්නේ ඒක හරිම වටිනවා..මේක කාටවත් කරන අපහාසයක් නම් නෙවෙයි...  



.....................................................................

1/4/11

Wish You The Same | අළුත් අවුරුද්දේ පළවන ලිපිය

ගින්දර,රෝදය,මෝටරය , උපත් පාලන පෙත්ත , අන්තර්ජාලය ...මේ ලෝකය වෙනස් කළ ප්‍රධානම හැරවුම් ලක්ෂ.ලෝකයට අද වෙනකොට මේ මට්ටමට ලඟා වෙන්න තිබුණු බාධාවන් ගණනාවකට මේ පහ විසින් විසඳුම් ලබා දී තිබෙනවා..


මේ වසරේ පළවෙනි පෝස්ට් එක ලෙස මම ලියන්න හිතාගෙන ඉන්නෙ අත්දැකීම් ආශ්‍රය කරගත්ත දෙයක්...මේ අත්දැකීම ඔයාලා කාටත් ඇති...


අපේ ගෙවල් වලට ඉස්සර සුබ පැතුම් පත් කොයිතරම් එනවාද?අද එහෙම එන්නෙ නැහැ.අපි යවන්නෙත් නැහැ...ඊට වඩා ලාභදායීව දුරකථනය හරහා අන්තර්ජාලය හරහා අපට තව කෙනෙකුට සුබ පතන්න පුළුවන්..


ඒත් ඒ සුබ පැතුම් තුළ දැන් සුබ පැතුම නැති වෙලා ගිහින් කියලා මට හිතෙනවා...අපි බොහෝදෙනෙක්  එකම මැසේජය හැමෝටම ෆෝවර්ඩ් කළා නේද?සමහර වෙලාට අපි යැව්වෙ කාටද යැව්වෙ නැත්තෙ කාටද කියලාවත් මතක නැහැ...ඇයි ' සමහරු සෙන්ඩ් ටු මෙනි ' දා ගෙන ඔහේ ඉන්නවානේ..


ජීවිතේට සැපක් දුකක් අහන්නෙවත් නැති ..සමහර යාලුවො අවුරුද්දට විතරක් විෂ් කරන්නෙ ඇයි කියලා නැවතිල්ලෙ කල්පනා කරද්දි තමයි..මතක් වුණේ එය  'සෙන්ඩ් ටු මෙනි' ප්‍රත්ඵලයක් බව...


අනේ එහෙම එකම මැසේජ් එක හැමෝටම ෆෝවඩ් නොකරපු අය නොහිටියාම නොවෙයි.....ඒ අය බහුතරයක් කිසි වග විභාහයක් නැතිව 'විශ් යූ ද සේම්' කියලා එවලා තිබ්බ අය ..ඉතින් සමහර අයට සුබ පැතුමක් යවන්නෙ නැතුවම  විශ් යූ ද සේම් කියලත් එවලා තිබ්බා...
අනේ මන්දා!!!..කොහොම වුණත් එකක් කියන්න පුලුවන් .ඒ අපි හරි දියුණුයි..