Saturday, November 20, 2010
චැපල් වාට්ටුවේ පෙම්වතා.....
හිරකරුවෙක්ය
මුලු සිරුරම....
එහෙත් සිත සොයා එයි
තුන් වරුව....
ඔබ ..
අමතකව ඇති බව
දනිමි අපගේ මතකය...
ඔබට සහ ලෝකයට....
නැවත පැමිනෙණ
දිනය දනිමි මම...
නමුත් ඒ දිනය
දුර ඈතය....
වෙසක් පෝයට..
නත්තලට
නිදහස් දිනයට
අඩු කළත් කාලය...
ඒ දිනය දුර ඈතය...
යළිත් ඔබ හමු වේවි
මා නැවත එන දිනයට...
එහෙත් ඔබ මට අහිමි
මතකයකි....කඳුළැල්ලක...
එදින නිදහස්ය
මුලු සිරුරම...
එහෙත් සිත සිරගතය...
සදහට..
Friday, November 12, 2010
ප්‍රාර්ථනාවක කේන්ද්‍රයේ දී.....
මම ජේ වී පී කාරයෙක් නෙවෙයි....අපේ රට තුළ හරි සමාජවාදයක් නෑ...ඒක ක්‍රියාත්මක කරන අයත් නැහැ...මම බය නැතිව කියනවා....ඒත් මම ඔවුන්ට ආදරෙයි....ඒ ඔවුන් හරි කියා හිතා ගත් අරමුණක් වෙනුවෙන් ජීවිතය පූජා කරපු නිසා...මගේ උපතටයි ඔවුන්ගෙ විපතටයි එකම වයස.... හැම ඉල් මහටම මට වයස පිරෙනවා වගේ...ඔවුන්ගේ මරණයත් අතීතයට එක්වෙනවා...ඔව් විසි එකක් කියන්නෙ ලොකු කාලයක්...දශක දෙකයි ...තවත් අවුරුද්දක් ....1989 අවුරුද්දෙ අළු වලින් වැහුණු නොවැම්බරය මතක් වෙද්දි තවමත් කඳුළු උණනවා කියලා... කෙනෙක් කියාවි......
ඔවුන් සටන් කළේ ආසවටද? ඔවුන්ට වෙන කරන්න විකල්පයක් තිබ්බද? ඔවුන්ට තිබූ ගැටළු වලට සියලු විසඳුම් ආණ්ඩුව සතුව තිබුණාද? අද මේ වගේ ගැටළු නැද්ද?..තියෙනව නම් ඇයි අපි සටන් නොකරන්නේ?...සටන් කළොත් බන්දේසියේ තියලා හම්බ වේවිද?...එහෙනම් මොකද්ද කරන්නනේ.....දත නියවීමද?මේ හැම ගැටළුවක්ම අද දවසේ අපේ තාරුණ්‍යයේ ඉදිරිපස තියෙනවා.....මිය ගිය වුන්ට ශාන්තියක් ලැබෙන්නට නම් මේ සියල්ල අපි විසඳ ගත යුතු නොවේද?........විසි එක් වෙනි ඉල් විරු සමරුව වෙනුවෙන් මේ ගැනත් එක් වරක් සිතන්න......
කාලයෙන් අන්ධකාරෙන්
වසා අඟුරු කළ
මතකයන් හිතේ ඉකි ගසනවා....
පාර තොට පිච්චිච්ච
ටයර් කොට කැබලි ළඟ
තවම රතු පාට මල් පිපෙනවා....
අහිංසක ආරාමේ
කුරුටු ගී විලාපෙට
අදත් අළු අහස් කුස හඬනවා...
වසර විසි එකක් කල්
හැංගිච්ච හීනයක්
රටක් වැහි කඳුළුයෙන් තෙමනවා...
(වසර දහ අටකට පසු 2010.11.11 ඇදහැළුණු විශාල වර්ෂාවෙන්...දියවන්නාව අසල විරු තරුණයන් වෙනුවෙන් සාදන ලද අහිංසකාරාමය නැමති කුරුටු ගී ස්මාරකය යට වී ගිය අයුරු දැක ලියවිණි...)
Tuesday, November 2, 2010
විසි එක | 21
Subscribe to:
Posts (Atom)


