Monday, May 24, 2010

හිතට දැනුනු වැරැද්ද හා නිවැරැද්ද

5 මිතුරු නවාතැන
කිසිම විටෙක කිසිම අයෙකුට මම මට කළ හැකි යමක් වෙනුවෙන් කරදර කර නැත.මා අනික් සියලු අයද එසේ විය යුතු බවට කිසි දිනක නොසිතුවෙමි.මම බොහෝ විට මට හැකි අනුන්ගේ හැම වැඩක්ම කර දීමෙන් තෘප්තිමත් වුණෙමි.මම වැඩ කර දුන් සඟරා දෙකේම මට කිසි වගකීමක් නොතිබිණි.මගේ කැපවීම සැලකූ අයියලා මගේ නම එයට ඇතුළත් කළා මිසක මම ඒ නිලධාරී මණ්ඩලයේ වත් නොසිටියෙමි.මම බිත්ති පුවත්පතක් නිරන්තරයෙන් හදමි.මා එය බිම දමාගෙන හදන විට,"උඹ හදනවාද?" යැයි අසමින් එතන පසු කර යන කිසිවෙක් අඩුම තරමේ තම නිර්මාණය ටයිප් කර දීමට වත් ඉදිරි පත් වූයේ නැත.ඔවුන් බොහෝ දෙනා ෆේස් බුක් මත ඇස් යොමා සිටිද්දී මා පින්තූර සෙවුවේ...ටයිප් කෙරුවේ...මා වෙනුවෙන් නොවේ.එවායේ ගෞරවය මට වුවමනාද නැත.

මට මේ සියලු දෙයින් උවමනා කළේ යහළුවෝ පමණි.එයට එකම හේතුවත් නිවස තුළ මා තනි වූ දරුවකු වීමයි.මා කියනා දේ අසන්නට සහෝදරයෙක් සහෝදරියක් සිටියා නම් මට යහළුවෝ නැතුවාට කමක් නැතැයි සිතිය හැකිය.එසේ සිතුන වාර ද අනන්තය .මා මේ වනතෙක් මිතුරන් සම්බන්ධව කළකිරී සිට්යේ...ඔවුන් ගැන ඔවුන්ගේ පුහු ජීවිත ගැන දුක් සිතුණු බැවින් පමණකි.මේ වනවිට මම මිත්‍රත්වය ගැන ද දුක් වී සිටිමි.ඇය ගැන මම ඔබට කියමි.ඔබ බලන්න වැරැද්ද හා නිවැරැද්ද...

ඇගේ හොඳම යහළුවා ඒ තරගයට තෝරා ගත්තා.නමුත් ඒ යහළුවා එම තරගයට යන්න නොහැකියි කියලා ඇයව ඇය නැති වෙලාවෙ යෝජනා කළා.ගුරුවරයාත් තීන්දු කළා. ඊට පැයකට පස්සෙ ඇය ආවාම අපි හැමෝම ඇයට ඒක කිව්වා.ඇයත් අකමැති නම් ගුරුවරයාට කියා එය නීත්‍යානූකූලව මාරු කර ගත් යුතුයි. ඇය මට විවාදයට ඉන්න කිය කියා බල කළා. බොහෝ විට කෙනෙක් නැත්තම් ඒ වගේ දේකට මාව දාන්නට ඔවුන් පුරුදු වී සිටියා.ඇගේ නම දැමූ යහළුවාව නෙවෙයි ඇය ඒ සදහා යොදා ගත්තෙ .මට මොකක් වුණත් මොකෝ කියලා හිතන්න ඇති.ඒකට මොකද? ඒත්..පොඩි ගැටළුවක් තිබ්බා.කළින් විවාදෙට හිටපු අයට මේ පාර ඉන්න එපා කිව්වා.මම ඇයට එය පැහැදිළි කළා.අනික ඇයට එය කළ හැකියි.ඇයට සූදානම් වීමට දින දෙකක් තිබ්බා.අද ඇය පමා වුණා.ඇය හිතුවෙ උදේ තියාවි කියලා.නමුත් තිබ්බේ හවස.ඇයගෙන් ඇහුවාම ගුරුවරුන්ට කිව්වෙ ඇය මේ ගැන දන්නේ නෑ කියලා..ගුරුවරු අපෙන් අහන්නෙ කිව්වෙ නැත්තෙ ඇයි කියලා.


ඔයා එදා ආවා නේද කියලා මම ඇගෙන් ඇහුවා.එය පාවා දීමක් කියා එයා හිතනවා. මම ඒක දන්නවා.නමුත් රෙජිස්ටරෙන් බලලා ඒක අහුවෙනවාට වඩා , එයින් ලැජ්ජා වෙනවාට වඩා ..ඇත්ත පිළි අරන් තමන්ගෙ අකමැති බව කීවා නාම් ඉවරයිනෙ.ඇය හැම් වෙලාවෙම හැංඟුණා.අපේ අක්කා සිංහල මාධ්‍යයේ ලැජ්ජාව බේරුවා.මට මිතුරු යැයි සිතිය හැකි එකම කෙනා දැනට නම් ඒ අක්කා පමණයි.සැබවින්ම මම කලකිරී ඇත්තේ ඔවුන්ගේ හිතුවිල්ල ක්‍රියා කරන ආකාරය මතයි.ඇය මුළු පන්න්තියම පාවා දෙද්දී ( ඇයට අපි කිසිවෙක් කිසිම දෙයක් නොකියූ බව කියා ) මම ගත්තේ පන්තියේ පැත්ත පමණි.සත්‍යයේ හා අභියෝගයේ වටිනාකම ඇය හඳුනා ගත් දාට ඇය මට හෘද අභ්‍යාන්තරයෙන් සමාව දේවි.මා මෙය ලියා තබන්නේ...හදවතට මෙය තදින් දැනුණු නිසයි.මට අනුව මා වරදක් කර නැති නිසයි.


සහජයෙන් උරුම වූ කිසි දෙයක් මට නැත.මම සියල්ල උත්සාහය තුළින් ගොඩ නගා ගත්තෙමි.ඉතින් අනිත් අයට සහජ හැකියා තියෙද්දීත් ඒවා දියුණු කර ගන්නේ නැත්තේ ඇයි?වෙනස් විය යුත්තේ සිතුවිලිය.මා කුඩා කළ සිටම කතන්දර පොත් තුළ ජීවත් වූ නිසා මා කියනා දේ වැරදි වන්නට පුළුවන.නමුත් ඔබත් සිතන්න.ඔබේ වීරයා ඔබයි කියලා....මට හැම වෙලේම මගේ වීරයා විදිහට මාව පෙනුණා...මගේ ජීවිතේට ප්‍රබලම බලපෑමක් කරන්න පුළුවන් මට විතරයි කියලා මට හිතෙනවා.මම ඇයට ආරාධනා කරනවා.හැකියාව වලපල්ලට නොදා එළියට එන්න කියලා.එයාට විශ්වාසයක් නෑ. ඒකයි හැංගුනේ.අපේ බහුතරයෙකුගෙ වීරයා මැරිලා.හැබැයි මගේ වීරයා මම මැරෙනතුරු ජීවත් වෙනවා...ඔහේ ලියාගෙන ගියෙ කල කිරීම පහ වෙන්න.ස්තූතියි රෝස වළකුළට නීනුගේ අද දවසෙ කතාව ඇහුවාට...මම කාගෙවත් නම් ලියා නෑ .මේකත් කතාවක් කියලාම හිතන්න හොදද!

Thursday, May 20, 2010

වීරයා සෙවීම

3 මිතුරු නවාතැන

ඔබට වීරයෙක් සිටීද?
සමහරක් විට ඔබ එයට "ඔව්" කියා පිළිතුරු දෙනු නියතය.
නමුත් එම වීරයා කවුද?
මහත්මා ගාන්ධි,චේ ගෙවාරා ,ලියනාඩෝ ඩාවින්චි,ඇල්බට් අයින්ස්ටයින් වැනි අයද ඔබගේ වීරයා...
එසේත් නැතිනම් හැරීපෝටර්,සුපෙර්මෑන්,හර්කියුලිස්,සෝරෝ,රොබින්සන් කෲසෝ.....
එහෙම කෙනෙක්ද? සමහරක් විට ෂාරුක් ඛාන්,රිතික් රෝෂන්,ශකීරා වගේ කෙනෙක්ද?
නැහැ ඔබ විදෙස් චරිත ප්‍රිය කෙනෙක් නෙවෙයි වෙන්න පුළුවන්.
රාවණා,ගැමුණු,විජයබා වගේ රජෙක් ද ඔබේ වීරයා.
ඔය කවුරුත් නොවන ඔය වර්ගීකරණයට අයත් නොවෙන කෙනෙක්ද?
.....ඇත්තටම ඔබ සොයා ගෙන වීරයා යැයි සිතා සිටින වීරයා නිවැරදිද?
ඔබ ඔහු හෝ ඇය ඔබේ වීරයා ලෙස තෝරා ගත්තේ කුමන පරමාර්ථයකින්ද?
ඔහු හෝ ඇයට ඔබ ජීවිතය තුළ කෙතරම් බලපෑමක් කළ හැකි වීද?
සොයා බලන්න. සිතා බලන්න.
ඒ වීරත්වය ගැන ඔබට හැඟෙන හැම දෙයක්ම කියන්න. අපි වීරයා හොයාගමු.

Sunday, May 16, 2010

පිනි මල් කඳුළක් (හත්වන කඳුළ )

4 මිතුරු නවාතැන
මම කඳුළු පිහි දම දමා එළියට ආවේ.....මිනිස්සුන්ටම ඇයි මෙහෙම වෙන්නෙ කියලා හිතාගෙන..හිත හරියට තෝන්තුවාවෙන් වගේ පාර දිහා බැලුවා. දෙවියනේ ස්වප්නා තාම අර බංකුව උඩ නේද කියලා එත්කොටයි සිහියට ආවේ!


"මොකද වුණේ?" මාව දැකපු ගමන් ස්වප්නා ඇහුවා."ඇයි මල් පෙති?" ස්වප්නා යළිත් හඬ අවදි කළේ මගේ නිහඬතාවය ඉවසගන්න බැරුවයි.


"ඔයාලාගේ අයියා ඇවිත් තියෙන්නේ අපේ අයියා ආදරේ කරපු කෙනාගේ මරණ වරෙන්තුව දැනුම් දෙන්න.අනේ මෙහෙම ගියොත් අපේ අයියා පිස්සෙක් වෙයි දෙයියනේ.දෙනෙත් අයියා හරි ඇති.එයා හදන්නේ අපේ අයියාගේ හිත හදන්න තමයි. මට ඒක තේරෙනවා.ඒත් මේ දේවල් වලින් වෙන්නේ අපේ අයියාගේ දුක තව තවත් වැඩි වෙන එක....." මම ඔහේ කියවන් ගියා.


"දෙනත් අයියා ඒවග නොදන්නව නෙවෙයි මලී.එයාට තේරෙනවා.ඒත් ඔයාලාගේ අයියාගේ ක්ලාස් වල පිස්සු කොල්ලො අයියාගේ සෙන්සිටිව් කමින් ආතල් අරගෙන...එයාව අඬවන්න හදනවා කියලා තමයි දෙනෙත් අයියා කියන්නේ. ඒ දෙයින් ඔයාගේ අයියාව බේරන්න තමයි.
හැමදෙයක්ම දැනගත්ත ගමන් ම ඇවිල්ලා කියන්න ඕනේයි කියලා අපේ දෙනත් අයියා තීරණය කළේ...කොටින්ම මේක....සමනළී වෙන කොල්ලෙක් එක්ක යාළු උනා කියන එකටත් වඩා ඔයාලාගේ අයියාගේ හිත පිස්සු වට්ටන කාරණයක් කියලා දෙනෙත් අයියාත් දන්නවා."


"වෙන්න ඇති" ස්වප්නාගේ හැල්ලට මම කිව්වෙ එච්චරයි.මට මතක් වුණේ පස්සෙයි ස්වප්නා මට මුලින්ම කියපු දේ.."ඔයා කිව්වෙ ඇයි එහෙනම් මම ගැන යෝජනාවක් කරනවා කියලා කතාවක්..මම කියන්නේ අර මුලින්ම ඔයා කිව්වෙ..ඇයි ඒ? විහිලුවටද?"මම ඇහුවා.


"නෑ ..පිස්සුද? අපේ අයියා එහෙම කතාවක් කිව්වා. මගේ මෝඩකමට මම ඒක ඔයාට කලින් කිව්වනේ. අයියා මේක ඔයාට කියන්න උනේ ඔයාලාගේ අයියාගේ කරදර පොඩ්ඩක් ඉවර වුනාම.


"මේවා ඉවර වෙන්නෙ නෑ ස්වප්නා.මට බය මෙහෙම ගියොත් අයියා මේ පාරත් විභාගේ ඇණගනීවි කියලා......හරි විභාගෙට ඔනේ දෙයක් වෙද්දෙන්..අයියාට ඔලුව විකාර වුණොත්..."


මගේ හිත සනසන්න වගේ හුළඟත් හැමුවෙ...මහා හිස් බවක් දැනුණ...ස්වප්නා ළඟ උන්නත්...හුළඟ ටික ටික තද කළා....දෙනෙත් එළියට ආවා.

"අපි යමු" ඔහු ස්වප්නාට කතා කළා...මගේ ඇස් ළඟ දිළිහෙන කඳුළු දිහා බලාගෙන ටිකක් වෙලා හිටියා....ස්වප්නා සෙරෙප්පු දෙකා දාගන්න සාලයට ගිය නිසා මොහොතකට අපි මිදුලේ තනි වුණා.


"මට යන්න හිතක් නෑ.මට මහ අමුත්තක් දැනෙනවා.ඔයාලා ළඟ ඉන්න ඕනේ කියලා හිතෙනවා.මේ දවස් මහ කරුමක්කාරයි කියලා මට හිතෙනවා.පිස්සු වගේ..මට මේ දේවල් නොවුණත් මට අහන්න හම්බෙන්නෙ මහ දරුණු දේවල්...එක අතට පුදුම වෙන්න දෙයක් නෑ. ලෝකේ තියෙන්නෙ හමුවීම් සහ වෙන්වීම්...
ඉක්මනට ගිය තරමට ඉක්මනින් එන්න පුළුවන්ලුනෙ...මම ඉක්මනට ගිහින් එන්නම්...මට හිතෙනවා.අදම මට එන්න වෙයි කියලා...
මොනා වුණත් මම මේ ආත්මේ ඔයාගෙ අයියාව තනි කරන්නේ නෑ.ඒ ඔයා ඔයාගේඅයියාට මේ තරම් ආදරේ හින්දා.ගිහින් එන්නම්!!!"

ඒ කතාව්ට දෙන්න පිළිතුරක් හොයා ගන්න මට අමතක වුණා....ඒ හැමදේට පුංචිම පුංචි උත්තරයක් විදිහට...ඇස් පිල්ලමට රඳවාලා තියාගෙන ඉඳලා වෙහෙසට පත් වෙච්චි කඳුළු බිඳුවක්...කම්බුලේ යාන්තමින් ගෑවිලා හදිස්සියෙන් ගවුම් කොලරයට වැටුණා.


ස්වප්නා ආවා...ඒ දෙන්න යන දිහා මම බලන් හිටියා...අහස වලාකුළු බර වුණා..වැහි බීරිමක්..හුළඟත් සැරයි..අම්මලා එනකන් අපි තනි වුණා...පොඩි අයියා වත් නෑ..මහා පාලුවක් දැනුණා....


මම ගේ ඇතුළට යන්න හදද්දිම අන්ධකාරය මැද්දෙන් විදුලි වේගෙන් අප්පු මොටෙර් බයිසිකලයක් මාවත් පහු කරන් ගිහින් නිවස ඉදිරියෙ නැවැත්තුවා...මම පිච්චිච්ච කඩදාසියක් වාගේ ඇකිළිලා ගියා..මොකක්ද වෙන්නෙ කියලා හිතා ගන්න බැරි වුන නිසා...අයියාත් ආවේ ඉස්සරහට බයිසිකලේ සද්දෙට...


"කලබල වෙන්න එපා...සංදේශ්ට ටිකක් අමාරුයි.එයා බයිසිකලේ ගියා අපේ මල්ලි එක්ක පංසලට ..දානේ වැඩකට.. එද්දි..අපේ මල්ලි කඩේට ගිහින් බඩු අරන්..මේ මල්ලිගෙ අත් දෙකෙම බඩු තිබිලා තියෙන්නෙ.. බයිසිකලේ එනකොට කොන්ට්‍රෝල් නැතිවෙලා..ඉස්සරහට ටිපර් එකක් ඇවිත්..අපේ මල්ලි හරවද්දි ..සංදේශ් බයිසිකලෙන් වැටිලා............"


මට මතක ඇහුණේ එච්චරයි...තලා දාපු ඔලුවකට හදිස්සියෙ කුළුගෙඩියකින් ගැහුවා වගේ හැඟීමක් ඇති වුණා.. සංදේශ් කියන්නේ මගේ දෙවනි අයියා...අනේ මේ මොකද වෙන්නේ?....මට හිතුණේ එච්චරයි..


මගේ ළඟ ඉඳන් අප්පච්චි...වතුර ඉහිනවා දැනුනා. වතුරත් එක්ක කඳුළුත් මගේ මූණ උඩට වැටුණාමයි..මට දැනුණේ මම ඉන්නෙ මළ ගෙදරක කියලා...


තාම පොඩි අයියාව පෙට්ටියකින් ගෙනත් නෑ....ඒත් වෙන කෙනෙක් ඇවිත් හිටියා....

ඉතිරියට ඊළඟ මොහොත ඉඩ දෙන්න.......


කොයිම කවදා හෝ
ආයේ අපෙ නිවසේ
ඔබේ නෙතු කැලුමෙන්
පිරී යා නම්
ඔවේ කට හඬ
නැවත රැව් දේ නම්....
ඒ දිනය ලබනා තුරා
හිදින්නෙමු දෑසම අයා..

Saturday, May 15, 2010

එන්න බද්ධරාව බලන්න

3 මිතුරු නවාතැන
අපේ සඟරාව තමයි බද්ධරාව කියන්නේ....අද ඉඳන් එය සයිබරයට විවෘත වෙනවා..ඔයාලාටත් පුළුවනි ඒ සඟරාව කියවන්න.අද ඉඳන් හැම මාසෙකම ඒ සඟරාව නිකුත් වෙනවා.අප්‍රේල් කලාපයත්, මැයි කලාපයත් දෙකම..ඔබට බද්ධරාව බ්ලොග් අඩවියෙන් දැක ගන්න පුළුවනි...තව එකේ ලියන්න දේවල් ටිකක් තියෙනවා.අපේ විස්තර එහෙම....ගොඩක් ලියන්න තියෙනවා.ඒවා ‍හෙට ලියනවා.දැන් මම මනුසත් උයන බ්ලොග් එක හදන්න යන්න ඔනේ.... අපේ බිත්ති පුවත් පත ඔයාලාට සයිබරය හරහා කියවන්න දෙන්න මම හිතුවා... අපේ ළමයි.. බ්ලොග් ලියන්න ටිකක් කම්මැලියි..නැත්තම් එයාලාට මේවා තම තමන්ගෙ බ්ලොග්ස් වල දා ගන්න කියලා කියන්න තිබ්බා. ඒත් දැන් නම් මට ඒවා කියලා ඇති වෙලා...ඒ නිසා මම ම හඳනවා...කියලා තීරණයකළා..බද්ධරාව සඟරාවට ලිපිය පී.ඩී.එෆ් ෆෝමැට් එකෙන්ම දාන හැටි කියා දීපු...ඉන්දරේ අයියාටත් මේ අවස්ථාවේ ස්තූති කරන්ට ඔනේ.....ආ ආ මේ තව දෙයක්....කට්ටියම බ්ලොග් ලියන්න මතක ඇතුව....අපේ තමීර අයියාට කියවන්න. එයා මේ දවස් වල බ්ලොග් කියවනවා කියලා දැඩි තීරණයක් අරන්...හරබර දේ ලියන්න.. මොකද එයා ඔය පොඩි පොඩි දේවල් කියවන්න එහෙම කැමති නෑ කියලා මැරතන් දවසෙ මට බැනලාත් ලිව්වා...අදට නම් මගේ බ්ලොග් කෙරුවාව ඉවරයි..

පිනි මල් කඳුළක් (‍හය වන කඳුල )

3 මිතුරු නවාතැන
මාව සීතල වෙලා ගියා.මම හිතුවෙ නෑ.එයාට කෙල්ලෙක් ඇති කියලා.කවදාවත්ම හිතුවෙ නෑ.ඒත් මම ඒ ගැන වැඩි දුර නොහිතා දෙන්නාවම ඒ තරම් ගණන් නොගෙන ඉස්සරහට ගියා.


"කොහොමද මල් පෙති?"
දෙනෙත් අයියා මගෙන් ඇහුවා.
මම ඒ ගෑණු ළමය එක්ක හිනාවෙලා....දෙනෙත් දිහා බලලා " අයියා ඉන්නවා. ඉන්න කතා කරන්නම්" කියලා කිව්වා.ඒත් එයාගෙන් ඇස් අහකට ගන්න මට තාමත් බැරි වුණා.මට එයා ගැන "මහ හොරෙක් "කියලා මහා තරහක් හිතුණා.
"මල් පෙති මේ ඉන්නේ මගේ පුංචිගේ දුව.. ස්වප්නා.එයා ආසයි කිව්වා ඔයා එක්ක කතා කරන්න. ඒ නිසා මම එක්කකරන් ආවා.ඔයා යන ඩාන්සින් ක්ලාස් තියෙනවා නම් මෙයාටත් කියන්න. මෙයා නැටුම් ඉගෙන ගන්න හරිම ආසයි."


දෙනෙත් කියාගෙන ගියා.ඒ වෙලාවෙ මට පුදුම සතුටක් දැණුනා.එයාට කෙල්ලෙක් නැහැයි කිව්වාම මට එහෙම සතුටක් දැනෙන්නෙ ඇයි? මටත් පිස්සුනේ...


අපේ සද්දෙට ලොකු අයියාට නිකම්ම පණිවිඩේ ගිහින් වගේ කාමරයෙන් එළියට ආවා.


"මම නිකම් ආවේ බන්.... උඹව බලන්නත් එක්ක" ඒ දෙන්නා කතා කර කරම කාමරේ ඇතුළට ගියා.


ස්වප්නා එක්ක මම එළියේ බංකුව යටට ගියා.


"ඔයා දන්නවාද අපේ අයියා මාව එක්කරන් ආවේ ඇයි කියලා? ඔයාගේ අයියාට ඔයා ගැන යෝජනාවක්
කරනවා කියලා


අනේ දෙවියනේ........මට එක පාරටම බය හිතුණා....එහෙම කරන්න එපා කියන්න කියලා හිතා ගෙන මම ගෙට දිව්වා......ගේ ඇතුළින් අයියා අඬනවා ඇහුණා.


මම දොර රෙද්දට මුවා වෙලා අයියා අඬන්න හේතුව හෙව්වා.
"උඹ ඔවා ගනන් ගන්න එපා. දැන් එයා උඹේ කෙල්ල නෙවෙයි...මට උඹේ දුක තෙරෙනවා.ඒත් මෝඩයෙක් වෙන්න එපා. ප්‍රශ්න ඇති කර ගන්නත් එපා.තේරුණාද?"


මට දෙනෙත්ගෙ හඬ ඇහුණේ....දෙනෙත් ඉන්පස්සෙ හැරෙද්දි මම එතන ඉන්න විත්තිය දෙනෙත්දැක්කා."පුළුවන්නම් අදත් බනින්න.මම ඇවිත් මුගෙ ඔලුව අවුල් කරනවා කියලා..මම හදන්නෙ අනික් එවුන් තාර බරත් එකතුකරලා ඒ දුක මෙයාට ගිල්ලවන්න කලින් මුගෙ හිත හදන්න.තේරුණාද?"
......මට ඒක කිව්වෙ නෝක්කාඩුවට වගේ...


"මොකක්ද වෙලා තියෙන්නෙ අයියා ? "


මම ඇහුවා. "අනේ නංගි...සමනළීට පිළිකාවක්ලු" ....අපේ අයියා අඬනවා.මට උහුලගන්න බැරි වුණා. මට දැනුනේ පුදුමාකාර හිස් බවක්....අයියා ට සමනළී ව නැති වුණත් අයියා සමනළීට ආදරේ කළා. හුඟක් ..මට ඒක දැනුනා. අනේ මෙහෙම දේවල් උනොත් අයියාට පිස්සු හැදෙයි කියලාමයි මට හිතුණේ.


සමනළීට අනතුරක් වෙන එකක් නෑ කියලා මට හිතුණා..දෙනෙත් උනත් එහෙම කිව්වා. ඒත් දෙනෙත් කිව්වෙ කලබල වෙලා වැඩ අවුල් කරගන්න එපා කියලයි. නැත්තම් අයියාගේ ආදරේ මේ වෙලාවෙදි ඔක්කොටම කලින් එළියට පැනලා නැති ප්‍රශ්න ඇති වෙන්න ඉඩ ඇති කියලාම තමයි.දෙනෙත් හිතුවෙ..මොකද අපේ අයියා හරිම හැඟීම් බරයි.විශේශයෙන්ම ආදරෙදි...මේ වෙලාවෙ අම්මල තාත්තලා ගෙදර නැති එක හොඳයි කියලා මට හිතුණා.පොඩි අයියාත් යාළුවෙක්ගෙ තාත්තා කෙනෙක්ගෙ දානෙට බඩු ගේන්න උදව්වට ගිහින්.


ඒත් ඒ මොහොතේම අයියාගේ විරහා වූ ආදරය ගෙන ආ සමනළී වගේම පිළිකාවත් අපිට අමතක වෙන තරම් ලොකු බරක් තියෙන වේදන්නවක් මහා කුණාටුවක වගයෙන් නිවස දෙසට හමාගෙන එමින් තිබ්බා...ඒ වේදනාව තාමත් අපේ හිත් තුළින් මැකිලා ගිහින් නෑ.

ඉතිරියට ඊළඟ මොහොත ඉඩ දෙන්න................




Monday, May 10, 2010

කොහෙන් පටන් ගන්නද මන්දා!!

3 මිතුරු නවාතැන
බ්ලොග් මැරතන් එක එහෙම්මම අපි කාටත් අමතක වෙලා ගියා...මටත් එහෙම්මමයි.ඒත් නිකමට වගේ මම මැරතන් එක උදෙසාම නිර්මාණය කළ මගේ බ්ලොග් එකට ගියා. දෙවියනේ..පෝස්ට් එකසිය දෙකක්ම තියෙනවනෙ...ඒවා නිදිමතේ..ඕනාවට එපාවට ලියපුවා. නමුත් ඒ අතර බොහොම ලස්සන දේවලුත් ලියවිලා තියෙනවා..කියල නිකමට හිතුණ හින්දා මම තීරණය කළා නෙරංජිගේ සයිබර් සැරිය ට ලින්ක් එකක් දෙන්න.අත පසුවුණු දේවල් කිහිපයක් තියෙනවා.
1.පිනි මල් කඳුළක් නවකතාව ලියන්න පටන් ගන්න ඔනේ....( ඒක කියවන්න බලා හිටපු කෙනෙක් ගෙන් ඊයෙත් බැනුම් අහන්න වුණාට පස්සෙයි ඒක මතක් වුණේ)


2.මනුසත් උයන ට වෙසක් කලාපෙට ලිපි 10ක් වත් එකතු කරන්න ඔනේ...( ඒක මේ සුමානේ ඇතුළත කරන්න ඔනේ)


3. in design මෘදුකාංගය පරිගණකයට දාන්න ඕනේ..
( හම්බෙලා තියෙන එකෙත් data මදි....කඩ වලත් හෙව්වට හම්බුනේ නෑ...හොයා ගන්න ඕනේ)


4.බද්ධරාව 3 වන කලාපයට සැරසෙන්න තියනවනේ!!!

Wednesday, May 5, 2010

එපා කරපු ළමයි

3 මිතුරු නවාතැන
මම මේ දිනවල සිටින්නේ ඇත්ත වශයෙන්ම කලකිරීමෙනි.මට වැඩ කිරීමට විශාල අවශ්‍යතාවක් ඇත.ඒවා සිදු කිරීමේදී ගැටළු මතු වුවත් නැතත් මට අවශ්‍ය ඒවා කිරීමටය.නමුත් කොලේජියේ එක් පිරිසක් එයට උනන්දු නොවීම සැබවින්ම මගේ දුකට හේතු වේ.අපේ ගුරුතුමා නිතර පවසන පරිදී වැරදි කිරීමෙන් අපට ඉගෙන ගත හැක.නමුත් ඉගෙන ගැනීමට වැරදි වැරදී හෝ ඇගයීම් හා අපට දෙන වැඩ නිමා කළ යුතුය.ෆේස් බුක් නිසා කාලය නාස්ති කරන මොවුන් ගැන සැබැවින්ම මට කළකිරීමක් ඇත.ඔවුන්ගේ මවුපියෝ දුක් මහන්සිවී උපයන මුදල් ඔවුහූ නිකරුණේ අපතේ යවති.මා දන්නා පරදී, ඒ උනන්දු නොවන පිරිසට වගකීම්ද වැඩිය.මා මෙන් පවුලේ එකම දරුවා නොවෙයි ඒ අය.ඉතින් මවු පියන් ගැන ඇති වන්නේ දුකකි.මට විබාග වලින් ලකුණු නැති විය හැක.නමුත් මම වරද වරදා හෝ ඉගෙන ගන්නට උත්සාහ කරමි.මට උවමනා වී ඇත්තේ සියලු දෙනා දක්ෂයන් වීමයි..නමුත් අපේ කම්මැලි සිහල කොල්ලන් හා කෙල්ලන් ඊට උදව්වක් නොදෙන හෙයින්...මම කම්පා වී සිටිමි...