Friday, January 29, 2010

ඍතුවේ ගීතය

5 මිතුරු නවාතැන




























හිම වැටෙන සීතයේ
ස්වේත පැහැ වු දියත
මත ගයමි ගීය මා
සතුට වෙනුවෙන් ඔබට......

වසන්තේ මල් වැස්ස
තෙමද්දී තණ පලස
එදින මා වෙර දරමි
එහි අරුත ගයන්නට.......

ගිම්හාන රිවි මඩල
දවයි මීදුම් පටල
ගේය පදවැල් අරුත
වැටහේවි ඇතැම් විට.....

සරත් සැඩ කුණාටුව
වැල්ල හා රඟන කළ
ලියන්නට එහි අරුම
ගන්න පන්හිඳ අතට......

Tuesday, January 26, 2010

අද දවස

6 මිතුරු නවාතැන
ශිලා යුගයේ සිට ඉලෙක්ට්‍රෝනික යුගය දක්වා යුගයෙන් යුගය සමතික්‍රමණය කරමින් පැමිණි ගමන් මග,මිනිසාට ලැබුණු වටිනාම දේ....තමන් පාලනය වන ක්‍රම වේදයට දායක විය හැකි....ප්‍රජාතන්ත්‍රවාදයයි...උපතේ සිට මරණය දක්වා එකිනෙකා සමග ගැටෙමින් සාමූහික සත්වයෙකු ලෙස ජීවත් වන මිනිසා ආර්ථිකය තුළ...ආර්ථික සත්වයෙකු ලෙසද, සමාජය තුළ සාමූහික සත්වයෙකු ලෙසද එමෙන්ම දේශපාලනය තුළ , දේශපාලන සත්වයකු ලෙසද ක්‍රියා කරයි!!..මිනිසා විසින් මිනිසුන් උදෙසා මිනිසාට ක්‍රියාත්මක වන මේ ප්‍රජාතන්ත්‍ර වාදයේ...පරමාධිපත්‍යයේ බලය සුළුවට තැකිය නොහැක...එය කොටුවක් මත කතිරයක් ගැසීමක් පමණක් නේදැයි..සමහරවිට ඔබ මගෙන් අසනු ඇත..නමුත් ඔබත් මමත් තවත් බොහෝ අයත් ගසන කතිර මත..ඔබේත් මගේත් අප රටේත් අනාගතය තීරණය වනු ඇත...ඔබ නිවැරදි පුද්ගලයකු සොයා වෙහෙසෙනු ඇත..ඔබේ කතිරය ගැසීමට සුදුස්සකු ඔබ සොයනවා විය හැක....ඔබට නිවැරදි පුද්ගලයකු සොයා ගත නොහැක..මන්ද, ඔබද මමද වැරදි කර ඇත්තෙමු!! ඒසේ නම් වෙනත් කෙනෙක් නිවැරදි වේ යැයි අපට සිතිය හැකිද? කළ හැක්කේ වැරදි අඩු පුද්ගලයෙකුට ඔබේ ඡන්දය භාවිතා කිරීම පමණි.ඔබේ ඡන්ද අයිතිය ඔබ භාවිතා කරන්න...රට වෙනුවෙන් ඔබ හොර ඡන්ද දමන්නන්ට ඉඩ නොදෙන්න...අද ශ්‍රී ලාංකිකයකු ලෙස ඡන්ද පොළට ගොස් ඔබේ ඡන්දය රටේ ජය උදෙසා නිවැරදිව භාවිතා කරන්න........


Sunday, January 24, 2010

හීන ලෝකයේ යතාර්ථය

14 මිතුරු නවාතැන
හැම වෙලාවෙම හැම මොහොතේදිම ලියන දේවල් ඇත්ත කියලා හිතන්න එපා..මම ලියන්නේ මට හිතෙන දේ....මගේ ලෝකෙ හිතන විදිහට....පුංචි කාලේ ඉඳන් තනියම හැදුණු කෙනෙක් මම....යාළුවො පවා මට ගොඩක් දුරයි....හැමෝම මං ලවා තම තමන්ගෙ වැඩ කරවගෙන එයාලාට ලකුණු දාගත්තා....එහෙම කරලා..මාව බැනලා පැත්තකට කලා...පල් කලා....මට බැරි පුංචි පුංචි දේ සිහි කරලා ඔච්චම් කලා...මට නැති දේ ගැන කියලා මාව දුකට පත් කලා....එකේ පංතියෙ ඉඳන් අද වෙනකන්...මම ලබන විධිමත් අධ්‍යාපනය තුළ මට මේ මේ දේවල් අනන්ත සිද්ද උනා...මම අනුන්ගේ වැරදි වලට කොයි තරම් බැනුම් අහලා තියෙනවාද?මේ ලෝකෙ මොකක් හරි බලයක් සොබා දහමට ඇත්තටම තියෙනවා නම්...කවදා හරි..මට සැනසීමක් ලැබෙයි!!!.ඒ වගේ කැත බියකරු ලෝකෙක ජීවත් වෙලා එපා වෙන්නෙ නැද්ද?ඒකයි..මම හීන ලෝකෙ ජීවත් වෙන්නෙ!ඒ ලෝකෙ කවුරුත් නරක නෑ...හැමෝම මට ආදරෙයි...ඒ අය මට මගේ ආසාවලට ආදරෙයි...ම්ට මොනස් හරි බැරි නම් කියා දෙනවා...මට අඬන්න දෙන්නෙ නෑ..මට දුක හිතෙනා දේවල් කරන අයට ගිහින් එයාලා ගහලා එනවා....මට හැමදාමට එහාට වෙලා ඉන්න හිතෙනවා....මම කාගෙන් වත් කිසිම දෙයක් අහන් නැතිව...පේන විදිහට ඉගෙන ගන්න තීරණය කලා...අපේ නොදන්න කම කාටවත් ප්‍රශ්නයක් වෙන්න ඕනෙ නැනෙ!!!මම මට පුරුදු විදිහට මේකෙම ඉන්නව.....අළුත් ඒව ඕනේ නෑ....පරණ දේවල්ම ටික ටික අළුත් කරනවා...

Saturday, January 23, 2010

විඳින්නට වඩිනු මැන ජීවිතය

10 මිතුරු නවාතැන









වඩින්නට අවසරයි
සුළං රැල්ලක් වගේ

නීනුගේ නිශාවේ
තරු එක්ක පිපෙනා
රෝස පැහැසර
වලාකුළු වල
ආදරය සොයනා

ඔබෙන් ඉපදෙන
සිනා කඳුලින් ජීවිතය දකිනා
සදා කාලික සිහින සිතිජය
අසල මල් නෙලනා
මතක පොදි බඳිනා

ගතවෙනා අතීතේ
කඳුලු හා බැදුණූ
ජීවිතෙන් සොයාගෙත්
සතුට මත රැකුණූ
නේක අවමන් විඳ දරා
මිනිසත් බවින් තැනුණූ

මම සදාදර නීනු

Monday, January 18, 2010

නීනුගේ නිශාව

8 මිතුරු නවාතැන


සීත ඝන කළුවර මකා
අඳුරු තුරු සෙවණැලි වසා
නිහඬ ගං තෙර
එළිය කෙරුවෙමි
සඳක් සේ පායා....

නිම් වළල්ලෙන් පැන නැගී
මද පවන ගෙන එන හැඟුම්
පවුරු බැඳ වලකමි කෙසේ
සිතට පිවිසෙන්නට නොදී
සැණෙකින්...............

දිලෙන තරුවෙන් මග අසා
පවන් පොදකට දැවටිලා
ජීවිතය මගෙ එනතුරා
හිඳින්නෙමි මම මග බලා.....


Saturday, January 16, 2010

පන්සලේ චූටි සාදු

9 මිතුරු නවාතැන


අවුල් වියවුල් පිරුණු සිත් මග
කළු දුමාරය පෙරාලන්නට
ගන්න වෙර වීරිය දුටිමි මම
පන්සලේ බෝ මළුව අභියස

වල ගොඩැලි බිම් සම කරන්නට
රටා මවමින් ඉදල ගෙන යන
ඔබේ සිතටත් රටා දා දෝ?
පිරිත් පුස් කොළ පොත් වහන්සේ...

වදාරනු මැන එක් වරක් වත්
පුංචි දඟදැමු බසක් හුරතල්
යන්න පෙර අපි මේ කඳුලු ලන
ලෝකයට නොපහන්, සමිඳුනේ පින්වත්




Tuesday, January 12, 2010

චේ ගෙන් ඇමතුමක්......!!

11 මිතුරු නවාතැන
ඉඩ දෙන්න...
පිබිදෙන්න
තරු රැසින්
ආයෙමත්
එකම එක
වාරයක්
දකින්නට
කියන්නට
මග යළිත්
පැටළිලා....
අමන වූ
ලෝකයට
වඩින්නට
ආයෙමත්
අවසරද???


Sunday, January 10, 2010

උතුම් වූ විදු මවුනි සුපෙම්බර

2 මිතුරු නවාතැන


පුංචි පා පොඩි වලට
කියා දී හරි පාර
සිය දහස් කුල කතුන්
බිහි කළා සැට වසක්

යුක්තියේ මිණි කිකිණි
නින්නාද කරවන්න
මෙත් මුදිත කරුණාව
දිගත පතුරාලන්න....

කියා දුන්නේ ඔබයි!!!

මෙ පින් බිම පාගනා
වැලි කැටය වුව ඔබේ...
දියමන්තියක් විලස
රුවා ගන්නෙමු සිරස

කෝටියක් දැරියනට
කල්පයක් පුරාවට
දෙනු මැනවි විදු දැනුම
ලැබේවා පින් මහිම

සුදිලේවි ඇහැළ මල්
උතුම් වූ ඔබ නමට......

ගෝතමි බාලිකා විදුහලේ...60 වන සංවත්සරය වෙනුවෙන්...2006 දී..සංවත්සර ප්‍රකාශය සඳහා රචනා කළ මෙය...11 වසරෙන් 12 වසරට සමත් වූ අවදියේ ලියූවකි.......දැනට 63 වසරක් සමරන ගෝතමි මවට..සදා දිගාසිරි!

Saturday, January 9, 2010

සත්සරේ සිත්තරී

8 මිතුරු නවාතැන


දෙසවන් පිනන
සත්සර නදට
හඬ මුසු කරන
කිඳුරිය ඔබයි...

ජීවන මඟට
රිද්මය ගෙනෙන
ගීයට උපත දුන්
මව ඔබයි....

අහසක් තරම්
නවනළු රසින්
හඳ පොබ කරන
මිතුරිය ඔබයි......

හඳ ළඟ රැදී
තනියට හිඳින
සොහොයුරියක වන් වූ
ළඳ ඔබයි....



අම්මා...

4 මිතුරු නවාතැන



ගගනත දිලිහෙන මනරම් සඳවත
පරදී ඔබ රූ දුටු සැණෙකින්
හදවත පිරි ලතැවුල් දියවී යයි
පුරා සවන් ඔබ මුදු වදනින්

අම්මා....

කඳුලක මියැදෙන මැලවුණු ලෝකය
සතපා හසරැළි සයුරු තෙරේ..
කතරක වල්මත් වියළි දෙතොල් පෙති
තෙමලා සිහිලෙන් කුළුණු දියේ

අම්මා...

බිළිඳු හඬක් දෙසවන පත් මොහොතේ
ගත රැඳි ලේ බිඳු
කිටට පෙරා.......
මන්දාරම බිඳ
හිරු ලෙස ආ සඳ
ලොවක සා පිපාසා නිවනා

අම්මා....
2 වන ස්ථානය (අනොතත්ත විල 2007)




Tuesday, January 5, 2010

මකුළුවා සහ මනුස්සයා

4 මිතුරු නවාතැන


වියනවා වියනවා
අපි මෙන්ම
සාදනා ඔබද
නිම නොදකිනා
කටේ කෙළ හිඳෙන තුරු
වියනවා වියනවා

මේ තරම් වෙහෙස වී
ලස්සනට හැඩ මවා
වියන දැල් මාළිගේ

එකම කොසු පහරකින්
බිමට ඇද දමනවා...
ඔබත් බිම වැටෙනවා...

මිනිස්සුත් ඔබ වගේ...
අහස් මාළිගාවෙන්
බොහෝ විට
බිම ඇදන් වැටෙනවා

ඔවුන් යළි නැගිටින්න හදනවා
ආයෙමත් පෙළක් අය වැටෙනවා...
වැටුණු කළ නැගිටින්න
බොහෝ වෙර දරන මුත්
ඔබ වෙහෙස නොදරාම
වියනවා...

නිමක් නොදකිනා දැල
වියනවා....
යළි යළිත් යළි යළිත්
වියනවා.....
බිච්චියේ කොනක හිඳ
වියනවා.....