Thursday, December 31, 2009

අබා සමඟ ලබන විරුවන්ගේ වසර??....

8 මිතුරු නවාතැන

ලංකාවේ චිත්‍රපටි ගැන කතා කළොත්......ඒක දිගට දවස් ගනණාවක් කතා කරන්න පුළුවන්.....ඒත් ලංකාව තුළම 95%ක් නිර්මාණය වු 5% ක තාක්ෂණය පිටරටින් ලැබු....ඉතා දැවැන්ත නළු නිළි පිරිවරක් දායක කරගත් අබා ඉතා වේගයෙන් 2009 වසර තුළ ජනප්‍රිය වුණා....අබාට පක්ෂ විපක්ෂ මත බේද ඕනෙ තරම් තියෙනවා.....ඒත් කලා නිර්මාණයක් ලෙස අබා සාර්ථකයි....ඒක අපි අවිවාදයෙන් පිළිගත යුතුයි..එහි ඉතිහාසමය වශයෙන් වැරදි තියෙනවා කියලා බොහෝ දෙනා කිවුවත්....ඒවා එකක් වත් නිවැරදිවම වැරදි කියලා අපිට ඔප්පු කරන්න බෑ.....මොකද අපි කවුරුවත් ඒ කාලේ ඉඳල ආවෙ නෑ.....

අපිට මහාවංශය විතරක් කියවලා ඉතිහාසය ගැන නිගමන වලට එන්නත් බෑ....මහාවංශය වුණත් ලියවිලා තියෙන්නෙ...පහු කාලීනව....අනික අපිට ජන කතා අහක දමන්නත් බෑ......ජන සම්මතයේ ඇති විශ්වාස හා ඇදහිළි..කොටින්ම කීවොත් ජන කතා....ඉතා සරළයි....ඒත්..බොහෝ විට සත්‍ය මදක් හෝ ඒ සඳහා මුහු වෙලත් තියෙනවා......අබා චිත්‍රපටියෙ අබාගෙ පිය පාර්ශවය ගැන සංවාදයක් තියෙනවා.....දෙපාර්ශවයටම සාධක ලැබෙනවා.....තාම දීඝ ගාමිණී....ඒත් අනාගතේ එ චිත්ත රාජ වුණොත්....අපිට සතුටු වෙන්න පුළුවන්....ඒකට හේතුව.....පිතෘ ඝාතක සිංහ බාහු අපේ පිය පාර්ශවයෙන් ඉවත් වෙනව....අපිට රාවණාගේ පිය පාර්ශවය උරුම වෙනවා......
මේ ච්ත්‍රපටියෙ හබරා....නිර්මිත චරිතයක්....නමුත්..ඔහු ඒ දර්ශනය පුරා කරන මෙහෙය අපමණයි


මේ චිත්‍රපටිය අපි බොහෝ දෙනා නැරඹුව වෙන්න පුළුවන්.........ඒත් හින්දි බලනවට වඩා මේක බලන එක හොඳයි.....ඒ විතරක් නෙවෙයි........අපිට ආපහු මේ ගැන සංවාද කරන්න පුළුවන්.....මෙහි අදියුරු තුමාගේ ආගම හා ඔබේ ආගම නොගැලපේවි....එව්ට ඔබට හිතේවි.....චිත්ත රාජ..ජේසු තුමා වෙලා කියලා......ඔබේ පක්ෂය ඔහු මේ දිනවල අදහන පක්ෂ සංකල්ප හා නොගැලපේවි.....ඔහුගේ දේශපාලනය එක්ක මා එකඟ නෑ....නමුත්..ඒ කලා නිර්මාණය එක්ක මා එකඟයි....කලාව ඉතිහාසයට වඩා බොහෝ නිර්මාණශීලියි.....එය ඔහු නිතර කියන අදහස හිතේ තියාගෙනම අපි නරඹමු.....ඒත්..අවසානයේ ච්ත්‍ර පටියේ කියන දේ පිළිබඳව මට පොඩි ගැටළුවක් තියෙනව.....
උරුමය දිනන තුරු යුද වදිමි.....
ඒත් ඔහු එයට දැන් අකමැතියි වගේ......ඒකට මොකද?....අබා අපි නරඹමු.....හින්දි බලනවට වඩා සිංහල දේ අගය කරන එකයි...හොඳ......මම හරිද?

ඔබට අබා ගැන තොරතුරු දැන ගන්න.....යන්න.....
http://www.aba.lk/index.htm





අවසානයට පෙර

4 මිතුරු නවාතැන
2009 වසර මහා උත්සව මැද්දෙන් අද රෑට අවසන් ගමන් යද්දි....
.2010 ලස්සනට හෙට ඉර පායනකොට උපදීවි...
මොනා කරන්නද?
අනිත්‍ය ගැන අපි ඉගෙන ගෙන තියෙනවනෙ.....
ඒත් හිතලා බලන්න ..
අපි 2009 හොඳින් ගත කළාද කියල....
තමන් හොදින් ගත කළා කියලා කීයෙන් කීදෙනාටද හෘද සාක්ෂියට එකඟව කියන්න පුලුවන්............
අපි 2010 හොදින් ගත කරන්න උත්සාහ කරමු!!!........
අලුත් අවුරුද්දෙ අපි අලුත් වෙමු......
අපි අපි වෙමු......
අපිව හොයා ගමු!!!

කළු කපුටා සුදු වෙනතුරු, මෝල් ගහේ දළු එනතුරු

අපෙ කුස්සියෙ කළු ලිග්ගල ලියලාලා මල් එනතුරු

එකසිය විස්සට එක්දහස් විස්සක් හැමෝටම ආවඩා ආයිබෝ...



Wednesday, December 30, 2009

අපේ සිංහල පන්තිය

6 මිතුරු නවාතැන


පොළට ඉහළින් වලේ පන්තිය
අකීකරු දරුවන් සිටිය ඒ
මකුළු වියමන් මිහිරි කළ බිම
අපේ සිංහල පන්තියයි මේ.........

හිරු කිරණ හිස තවන මොහොතක
තහඩු වහලය පෙරා ඇවිදින්
හීතලට තොල් පට ගැටෙන කළ
අහස් වැහි හිරිකඩ දුමාරෙන්...........

ලියු රචනා,කෙරූ වියරණ,
ගැයූ කවි පද කොයි තරම්
උදේ සිට ගොම්මන් වැටෙන තුරු
සිනසී සිත් ඉස්තරම්......

හෝඩියේ සිට ඉගෙන ගත් බස
රස සොයන්නට එළිය කොට ගෙන
මුළු ලොවක දුක නිවලන්නට
අහස තරමට ආදරය ගෙන....

රිද්මයක් නැති ලෝකයක් අස
තාලයක් මැවු පන්තියයි අපි
කටු අකුල් උඩ ඇවිද යන්නට
කියා දුන් යහ පරපුරයි අපි.....

දහස් අයිරා දිලෙන අසිපත්
අරන් සිරිලක් අම්මා ඉන්නේ
තොසින් යන්මන් කියන් ගිරවුනි
මන් බියයි අද වන් මෙ අරණේ....

ඉගෙනගන්නට ආස "මැණිකා"
කොළඹ ඉස්කොලෙට යවන්නට....
'සුගුණවතියට' මගුල් මුදුවක්
පළදවා හැඩ වැඩ බලන්නට......

"කියත් කොට "නිශ්ශබ්දතාවය"
ව්ඩිනවා අපි අනාගතයට
"අතීරණ" ලොව තනන්නට නොව
නැවුම් යුගයක් ගොඩ නගන්නට...

යුගාරම්භය අරුණ සොයනා
පැරණි ලොව අවසන් පුරුක් වෙමු...
සිත ඉතිරි කර 'මතක වස්තුව'
ගිහින් එන්නම් කියා කියනෙමු.

පුංචි නංගියෙ,පුංචි මල්ලියෙ
වාඩි වෙන මේ අසුන් මත්තේ...
චමරි, මාලින්, අරවින්දලා

සිටී තනියට ඔබ දෙපැත්තේ..


සිටී තනියට ඔබ දෙපැත්තේ..




Monday, December 28, 2009

සඳ අහපන්නේ.........

2 මිතුරු නවාතැන
මේ උජාරුවට ඉන්න හඳට මෙන්න මෙහෙම අපි කියමු...

ඈත එපිට දුර අහසේ
හා පැටියෙක් තුරුළු කරන්
හරි ලස්සන සුදු පාටට
හැඩට දිලෙන්නේ....

වටා රැඳුණ රැස් මාලෙන්
නිල් අහසට සළු පොරවා
තරු මාලා පැළඳ සිටින
සඳ අහපන්නේ...

උදේ පටන් ගොම්මන තුරු
මෙහෙ ඉටු කර, අවමන් ලැබ
හැන්දෑවට මුහුදෙ ගිලෙන
හිරු දෙවියන්ගේ

ලොවකම එළියෙන් බබළන
රැස් දහරින් හොරකම් කළ
බිඳුවක් නේදෝ අරගෙන
සිනා පාන්නේ...

Thursday, December 24, 2009

හදවතේ නත්තලක්

6 මිතුරු නවාතැන














මුළු කොළඹම....පුදුමාකාර ලස්සනයි.......සුදු පාට,රතු පාට,කොළ පාට නත්තල් ගස් හැම තැනම....හැම කඩයක්ම සාප්පුවක්ම ලස්සනට සරසලා තිබ්බා....මිනිස්සු නත්තල, ලබන අළුත් අවුරුද්ද සමරන්න හිතන්....බඩු ගන්න එනවා...කඩ සාප්පු පිරිලා.නත්තල් සීයලා කඩ ඉස්සරහ.....හිටගෙන ඉන්නවා....ඒත් මෙ හැම කතාවක්ම තමන්ගෙ වෙන්නෙ මධ්‍යම පාන්තික මිනිස්සුන්ට විතරයි....ගව ලෙනක් තරම් වත් හෙවනක් නැතිව පාරෙ අගු පිල් වල නිදා ගන්නා මිනිස්සු කොයි තරම්ද?කඩ ඉස්සරහ අරුමෝසම් ඇඳුම් ඇදන් විකිණෙන නත්තල් සීයලා.....ඒ දරුවන්ට තෑගි දෙයි කියල හිතෙනවද?අපි නත්තල සමරමු......ඒත් ජේසු තුමාගෙ පැලැන්තිය මතක තියා ගමු....ලොකු ලොකු පාටි දාන අතරතුරේ..දුප්පත් මිනිස්සුන්ට කන්න ටිකක් දෙමු.....නත්තලක ලස්සන පාරේ තොටේ නෙවෙයි...හදවතේ මවා ගමු....ඒ හිතේ සතුට මේ රටට දුන්නොත්....අපෙ රට එක දවසකට හරි බෙත්ලෙහෙමක් වෙයි..

කඳුලු ලන
මිනිස් හදකින්
සොරා ගත්
සතුට
යළි පුදා
සදහටම
එකම මොහොතක්
අසදි
හද මඬල
හිනා වෙන
නත්තලක්
කරනු මැන
ඔබ උපන් බව
යළිත් පවසලා
ලෝකයට
ආදරණීය
දෙවු පුතුනි





Thursday, December 17, 2009

තව ගීයක්.....(හීන අහුරු )....

4 මිතුරු නවාතැන
මේ ගීතයට මං කැමතියි.....මේ ගීයත් එක් යුගයක හුඟක් මිනිස් සිත වැළඳ ගත්තා...කොටින්ම කීවොත් තරුණ හිත.....මේ ගීතයත්...ජනප්‍රිය වෙද්දි මම නව යොවුන් වියට පා තිබ්බ විතරයි.....මේ ගීය හරිම අරුමැසි වාදී....ඒ නිසා මම මේ ගීතය ප්‍රිය කරනවා.....මේ ගීතයට වේග රිද්මයක් තියෙනවා...ඒක තාරුණ්‍ය එක්ක බද්ධයි.....සොබා දහම එක්ක තරුණ අදහස් සමීප කිරීමක් කියල හිතෙනවා....ඒත්...ඒ ගීයෙ තියෙන සියලු වටිනාකම්...රූප රචනය විසින් විනාශ කරල තියෙනව..කියන හැඟීමත් මට තියෙනවා......මේ ගීතය ගුවන් විදුලියෙන් අහද්දි මට මැවෙන චිත්ත රූප එකක් වත්....මේ ගීය නරඹනකොට මට දැනෙන්නෙ නෑ.....කොහොම වුණත් මේ ගීයෙ වචන ටිකට වගේම තනුවට මං කැමතියි.....මේ ගීය අදාළ නාට්‍ය ලියා තියෙන්නෙ..සන්නස්ගල සර්...තනුව....නවරත්න ගමගේ මහතාගෙ!!!






Monday, December 14, 2009

මා ආසම ගීතය

14 මිතුරු නවාතැන
"ඉවාන් පවුලූෂා" කියන මේ ගීතයට මං ගොඩක් ආසයි.....මන් දන්න කාලෙ ඉදන්ම.....මේ ගීයෙ....ආදරය, මනුස්සකම,වේදනාව,බලාපොරොත්තුව, ජීවිතය,සොබා දහම හා බද්ධ වූ මිනිස් ජීවිත වල සුසුම, කලාව,දේශපාලනය,කියන හැම දෙයම තියෙනවා.......මේ ගීය මෙතෙනට දා ගන්න උදවු වූ දුකා අයියට පින්....

"ඉවාන් පවුලූෂා" කියන්නෙ.....මට මතක විදිහට කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණයක ප්‍රතිඵලයක්....මේ ගීතය මුලින්ම අහන කාලෙ..මට අවුරුදු 10ක් විතර.....පාවෙල් කියන නමට පවුලූෂා කියල හුරතල් නාමයක් තියෙනවා කියන එක ඇත්තයි....මක්සිම් ගෝර්කි ගේ "අම්මා" කෘතියෙ වගේම නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ගේ "වානේ පන්නරය ලැබූ හැටි" කියන කෘතියෙත් ප්‍රධාන චරිතය "පාවෙල්" කියන නම ඇත්තෙක්....ඒත් මේ ගීයේ ඉන්න ඉවාන් පවුලූෂා එක චරිතයකට විතරක් අදාළ නෑ....."ඉවාන්" කියන නමත් රුසියානු පොත පතේ නිතර යෙදෙන නමක්....මේ ගීය එක යුගයක ජනප්‍රියම ගීත දර්ෂකයෙ තිබිලා තියෙනවා....ඒකට හේතුව....මේ ගීය සමස්ත වශයෙන්...මනුෂ්‍යත්වය නිරූපණය කිරීම වෙන්න ඇති...







Monday, December 7, 2009

හඳේ කතාව

7 මිතුරු නවාතැන
මං මේ දැන් සහෘදයා වෙබ් අඩවියට ගියා...එයත් හඳට ගිහින්...රෑ නින්දෙදි...ඔව් අපූරු අත්දැකීමක්...මේ ලොකේ, ඒ කියන්නෙ අපි ජීවත් වෙන පෘතුවිය තරම් හඳ පරණද, නැද්ද කියලා මම දන්නෙ නෑ....එයා විද්‍යානූකූලව නම් උප ග්‍රහයෙක්....අපිට එක හඳයි.එත් සමහර ග්‍රහලෝක වල ට ගොඩක් හඳවල් තියෙනව....ඒ කියන්නෙ රෑ වෙද්දි හෙවනැළි ගොඩයි....පැටලෙනවත් ඇති....එත් එවා පටල ගන්න කවුරුත් එහෙ නෑලු....කොහොම කොහොම හරි....පෙනෙන විදියට හඳ කියන්නෙ....පුදුමාකාර දෙයක්...හඳ එකිනෙකාට බල පාන හැටි වෙනස්... අපි එකින් එක පුලුවන් තරම් කතා කරමු.... පොඩි දරුවෙක්...හඳට හරිම ආසයි..."අනේ හඳ හාමි කිරි පැණි ගෙනත් දියෝ" කියල අහස දිහා බලන් කෑ මොර දේවි.ශිෂ්‍යයෙක්...හඳ දැකපු ගමන් ඊයෙ ගුරුතුමිය දීපු හඳ සහ වඩදිය බාදිය පිළිබඳ විද්‍යාත්මක ප්‍රශ්නයට පිළිතුරු ලියන්න ඕනෙ කියල මතක් වේවි..කවියෙක්.. හඳ දැක්කොත්...කාන්තවගෙ මුහුණට සමාන කරලා කවියක් ගොතාවි.පෙම්වතෙකුට ..හඳ දැක්කොත්....තමන්ගෙ පෙම්වතිය අනිවාර්යයෙන් මතක් වේවි..මුහුණෙ ආවාට තිබ්බත් ,නැතත්...එහෙම නේද?....හඳ හැමදාම යෞවනය එක්කයි....කියලා කවුරුත් දන්නවා.අත්තම්මා හඳ දිහා බලන් හිනා වෙන්නෙ...පෝය කිට්ටු නම් හෙට අනිද්දා දිහාට සිල් ගන්න ගිහින් පරණ යෙහෙළියො ටික එක්ක එක්කහු වෙලා කයියක් දාන ආකාරය මතක් වෙලා.ඒත් හොරාට නම් හඳ පෙන්නන්න බෑ..ඇයි..කොහොමද කෙහෙල් කැනක්වත් කපන්න වත්තකට පනින්නෙ..කුරහන් මෝරන්නෙ හඳ එළියෙ..එත් කුරහන් බොන්න හඳ පාන දිගේ තුන් පත් රෑන කොයි වෙලාවෙ පාත් වෙයිද දන්නෙ නැ කියලා.....ගොවියා ඉන්නෙ බයෙන්...අද මුහුදු යන්න හොඳද නැද්ද කියල ධීවරයො හඳ දිහා බලන්නෙ..මහ සැකෙන්..නීල් ආම්ස්ට්‍රෝන් හඳ දිහා බලන්නෙ, මං ඒ හඳට පය ගැහුවා කියන ආඩම්බරෙන්... බලාගෙන ගියාම ඒකෙත් හැටි..............





Sunday, December 6, 2009

පෙරළියක ලියමන

5 මිතුරු නවාතැන


වැඩ වසම් ක්‍රමය
මිය ගියා.........

"අනුලා" ලොකු ආච්චි සමඟ

ධනෙශ්වරයට
ඈඳුනා........
"නන්දා" අපෙ ආච්චි
එක්ක

ගසා ගෙන ගිහින්

ඒ රැල්ලේ
"පියල්" සීයා

එක්කම

පියෙන් පිය
තබා ඉහළටම
තලා පෙලා උපයා

දුගීන් ගේ රුහිරු බී

"සවිමන්"නැමති
අපෙ තත්තා සමඟ...
.....
නිමා කර යුග දෙකක්........ ........
.......
දුගීන්ගෙන් නැගී
උගත් කමින් සැදී

විකිණෙන්නට
වෙර දරන..

නමුත්

සමානතාවයට
හිස නමන

"අරවින්ද"ට තුරුළුව,
සොයන්නෙමි.....ඔබ,....

ආදර මගේ සොයුර,

සමාජ වාදය සහ
"මාලින් කබලාන"

........................

මෙයට

චමරි..(නැගණිය )


Saturday, December 5, 2009

නුරා සිත්තම

4 මිතුරු නවාතැන


ලොවක්ම නොදකින
ලොවක් දකින්නට
අප පින් කර ඇත
හැමට වඩා.....

පිරිය වඩන
හැමදෙයම
දකින්නට
පින් කර ඇත
අප ඊට වඩා....

සිතෙන් සිතෙන
හැම විටම
දකින්නට
හැකි වීමද
අරුමයකි ඉතා.......

අනුන් දකින දේ
දකින්න බැරිකම
එකතු කළද දුක
සිතට කුඩා...

එක මොහොතක හද
මනරම් කරවන
වෙන කිසිවක් නැත
මෙයට වඩා......

අඳුරෙහි දිළිහෙන
හිරු ලඟ හිනැහෙන
"සිහිනය"ඔබ
සිත්තමකි නුරා!!!



Friday, December 4, 2009

ආදර කුමාරයාට,

2 මිතුරු නවාතැන


පාළුවෙ හමන

සුලඟින් සැලී.......

මම ගයමී ඉතින්

යළි යළී..........

හිනැහෙන

නීලදෑසේ වෙළී.......

මා ඔබගේම

මල් සමනළී.........

Wednesday, December 2, 2009

වෙසඟනගේ නිර්මල දියණියට,

4 මිතුරු නවාතැන


ලොවේ ඇති සොඳුරුතම


ආදරය තුරුළු කොට


නීතියෙන් අවමාන කන්දරාවක් ලබා


නමුදු ඒ පිහිටෙන්ම


හුස්ම පොදරැක වැරෙන්...


ලොවේ ඇති දරුණුතම


වියරුවෙන් පණ ලබා


සදාතනිකව ලබන නින්දාව


පසෙක ලා


සියලු දෙන යනෙන මඟ


වැටී ඇති කහල කැටි


උරුමයෙන් අයිති සේ


ගිජු ලෙසින් ගිල දමා


අනික් හැමටම ඉහල


ජීවිතය හොයා ගත්


සියල් සක්වල තලේ


දියණියේ!!!!නාඬන්න........


නුඹට ඇත නුඹ වගේ


අක්කලා .......


නුඹට ඇත නුඹ වගේ


නංගිලා .....